සත්තු_මරන්නැතුව_ආරක්ෂිතව_ඉවත්_කරමු
සත්තුත් අපි වගේම ජීවත් වෙන්ඩ කැමතියි බං. උන්ටත් ගහන කොට, තලන කොට රිදෙනවා. එහෙම සත්තුන්ට දෙන වේදනාව අපිටත් දවසක විඳින්ඩ සිද්ධ වෙනවා කර්ම විපාකයක් විදිහට.
කරපු පව් ගැන ආපහු හිත හිතා, පසුතැවිතැවී ඉන්න කොට ඒකෙ විපාකය තවත් වර්ධනය වෙනවා. ඒ හින්දා කරපු පව් අතීතයට ගියාවෙ. ඒවා අත ඇරලා දාපන්. දැන් ඉඳන් ඒවා නවත්තපන්.
මීයා
ඇයි බං මරන්නෙ? මී කූඩ තියෙනවා රු. 400/- ට විතර. ඇතුළෙන් පොල් කෑල්ලක් එල්ලලා තිබ්බා නම් මීයා ඒක කන කොට කූඩුවෙ දොර වැහෙනවා. ඊට පස්සෙ කොහෙ හරි ඈතකට ගිහින් දාන්ඩයි තියෙන්නෙ. ඊට පස්සෙ ඒ කූඩුවම ආපහු තියලා අනිත් මීයන්වත් ඔහොම අල්ලලා ගිහින් දාන්ඩ තියෙන්නෙ.
ගෝනුස්සා
උඹලා ගෝනුස්සන්වත් මරනවද බං?
මෙහෙමයි හරිද. ඔන්න දැන් ගෝනුස්සෙක් ආවා කියලා හිතපන්කො.
1. කට ලොකු ප්ලාස්ටික් බෝතලයක් (ඔය ගෙවල් වල සීනි, පිටි එහෙම දාන විදිහෙ) අරගෙන ගෝනුස්සව ඒකෙන් වහපන්.
2. දැන් බෝතලේ කට තියෙන්නෙ යටට හැරිලා. ඊට පස්සෙ ටිකක් හයිය කාඩ්බෝඩ් එකක් අරගෙන යටින් යවපන්.
3. ඊට පස්සෙ කාඩ්බෝඩ් එකයි - බෝතලෙයි අත් දෙකෙන් අල්ලගෙන සටස් ගාලා අනිත් පැත්ත හරවපන් (ගෝනුස්සා බෝතලේ ඇතුළට වැටෙන විදිහට)
4. ඊට පස්සෙ මූඩිය වහලා අරන් යන්ඩනෙ තියෙන්නෙ. (ගෝනුස්සට හුස්ම ගන්ඩ පොඩි සිදුරකුත් හැදුවා නම් තමයි හොඳ)
Vinegaroon
මූට සිංහලෙන් කියන නම නං දන්නෑ. ගූගල් එකේ සර්ච් කරලා බලපන්කො. ගොඩක් අය ගෝනුස්සො ජාතියක් කියලා මරලා දානවා. අන්තර්ජාලයේ තිබුණ විදිහට නම් මුන් විස නෑ.
මුන්වත් අර ගෝනුස්සගෙ විදිහට අල්ලලා ගිහින් දාන්ඩ පුළුවන්.
පත්තෑයා
පත්තෑයා ටිකක් දැඟලිල වැඩියිනෙ.
1. මුලින්ම කොස්සකින් තද කරගන්න ඕනෙ එහෙ මෙහෙ යන්ඩ බැරි වෙන්ඩ.
2. ඊට පස්සෙ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන පත්තෑයගෙ ඔලුව බෝතලේ ඇතුළට යන විදිහට තියලා, කොස්ස ටිකක් බුරුල් කරපු ගමන් මූ බෝතලේ ඇතුළට යනවා.
3. ඊට පස්සෙ මූඩිය වහන්ඩ තියෙන්නෙ.
සර්පයින්
ඔන්න බය හිතෙන වැඩේ කරන්ඩ යන්නෙ. ඇත්තටම උඹලා සර්පයින්ව අඳුරනවා නම් ඔය තරම් බය වෙන්නෙත් නැති වෙයි. අඩියක් විතර දිග සර්පයෙක් ආවා කියලා හිතමුකො. ඔන්න එකෙක් කියනවා "ඔය කරවලා" කියලා. තව එකෙක් කියනවා "මාපිලා" කියලා. තව කවුරු හරි "පොළොං පැටියෙක්" කියනවා. "කුණකටුවා" කියනවා. අන්තිමටම "මොකා හරි කමක් නෑ, මරපන්" කියනවා.
අන්තිමට බලන කොට මරලා තියෙන්නෙ "රදනකයෙක්" (නිර්විශ).
ඈ...? රදනකයා? ඒ මොකාද?
අළු රදනකයා (නිර්විශ)
දාර රදනකයා (නිර්විශ)
ගැට රදනකයා (නිර්විශ)
රදනකයා සහ කරවලා පෙනුමෙන් ටිකක් සමානකමක් තියෙනවා. ඒ නිසා රදනකයා සහ කරවලා වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන් නම් උඹ විශිෂ්ටයෙක්.
රදනකයින් කරවලුන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම
ඉතින් ඔය කියන මොකා හරි ආවොත් මොකද කරන්නෙ?
1. එක් කෙළවරක් end cap එකකින් (හෝ මොකක් හරි දේකින්) හොඳින් වැසූ ප්ලාස්ටික් බටයක් ගන්න. නැත්තං සර්පයාගෙ ප්‍රමාණයට ගැළපෙන ප්ලාස්ටික් බෝතලයක් ගන්න.
2. බිම පිහින wiper එකක් (නැත්තන් මේ වැඩේට ගැළපෙන මොකක් හරි කලින් සකස් කරගත්ත දෙයක්) අරගෙන සර්පයාව තද කරගන්ඩ. (සර්පයාගෙ ඔලුව කිට්ටුවෙන් තියන එක තමයි වඩාත්ම ආරක්ෂිත. නැත්තං ඌ බෙල්ල දික් කරලා දෂ්ඨ කරන්ඩ පුළුවන්)
3. ඊට පස්සෙ අර බටය හෝ බෝතලය ඇතුළට උගේ ඔලුව රිංගවන්න. (ඉතාම ආරක්ෂිතව කළ යුතුයි. වැඩේට දෙන්නෙක් ඉන්නවා නම් වඩා හොඳයි.)
4. ඊට පස්සෙ ඇතුළට දාලා, වහලා අරන් යන්නයි තියෙන්නෙ.
කැරපොත්තා
කැරපොත්තව උඹ කරේ තියාගෙන ඉන්නෑනෙ. ඔන්න ඔහෙ හිටපුදෙන්. ඔය එක එක විස ජාති ස්ප්‍රේ කරන එක උඹේ සෞඛ්‍යටත් හොඳ නෑ.
පසුව ලියන ලදි. (suitcase ගේ comment එකකට අනුව)
කැරපොත්තන් සඳහා කපුරු බෝල තියන්න. ඒවගෙ සැරට උන් එන්නෑ.
මදුරුවා
උඹට දැන් වයස කීයද? සාමාන්‍යයෙන් දවසකට මදුරුවො කීදෙනෙක් වගේ මරනවාද? අද වෙනකොට ඔක්කොම මදුරුවො කීයක් විතර මරලා ඇතිද? මරලා මරලා දැන් ඉතින් මදුරුවො ඉවරයිද? නෑ නේද?
තැලිලා මැරෙන කොට මදුරුවාට කොහොම වේදනාවක් දැනෙනවා ඇතිද? උඹටත් එහෙම එකපාර තැලිලා මැරෙන්ඩ වුණොත්??? අම්මෝ....
මදුරුවන්ගෙන් ආරක්ෂා වීම ගැන විදුසර පුවත්පතේ තිබුණ ලිපියක්-
http://www.vidusara.com/2009/07/01/knowlege.html
පසුව ලියන ලදි...
මකුළුවන් ඉවත් කිරීම පිළිබඳව සාර්ථකම ක්‍රමය wikihow එකේ රූපසටහන්ද සහිත විස්තරය:
https://www.wikihow.com/Catch-a-Spider
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දීර්ඝායුෂ ලබත්වා!

Last edited:

උන් ගැන්සි පිටින් එන වෙලාවට ඇගේ වහනව. සමහර වෙලාවට නෙට් එක අස්සෙන් ඇදට රිංගනව. ආය වෙලාවකට පොත් අස්සෙ රිංගල එකපාට්ට එලියට එනව 