සත්තු මරමුද සින්හලු !

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සත්තු මරමුද සින්හලු !

    [FONT=&quot]බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී චුන්දසූකර නමැති ඌරන් මරන්නා ද විසුවේ ආසන්නයෙනි. ඔහු සූකරයන් මැරුවේද විවිධ වධ දෙමින් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. කෙසේ වෙතත් බුදුන් වහන්සේ චුන්දසූකර කෙරේ වෛරීව නොබැලූබව හෝ සූකරඝාතකයා නැවැත්වීමට කිසිදු උත්සාහයක් ගත් බවක් මා හට මතක නැත. බුදුරජාණන් වහන්සේට ඔහුගේ ක්‍රියාව නැවැත්විමට අවශ්‍ය වූයේ නම් ක්ෂණයකින් රජුට දන්වා අතුරුදහන් කරවීමට හෝ අත් පා සිඳ වීමට හැකියාව තිබුණි. එහෙත් මහා කාරුණිකයාණන් වහන්සේ උපවාසයක් හෝ සිරුරට ගිනි තබා ගන්නා බවට තර්ජනයක් හෝ වෙනත් වැලැක්වීමේ ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. ගව ‍හෝ සූකර ඝාතනය වැලැක්වීමට රාජ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ාවක් නිකුත් කරව ගැනීමට හෝ අවශ්‍ය නොවීය. එනම් ඔවුන් වපුරන දේ අස්වැන්නද ඔවුනටද බව බුදු දහමෙන් ඉගැන්වෙන බැවිණි. [/FONT]
    [FONT=&quot]දෙව්දත් තෙරුන් පංච තපස් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මතය විමසු අවස්ථාවේදී ඒවා කැමති අය පිලිපදින ලෙසත් අකමැති අය කැමැත්තක් කරන ලෙසත් දැන්වූ සේක.[/FONT]

    1. [FONT=&quot]that monks should dwell all their lives in the forest,[/FONT]
    2. [FONT=&quot]that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,[/FONT]
    3. [FONT=&quot]that they should wear only robes made of discarded rags and accept no robes from the laity,[/FONT]
    4. [FONT=&quot]that they should dwell at the foot of a tree and not under a roof,[/FONT]
    5. [FONT=&quot]that they should abstain completely from fish and flesh[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]http://en.wikipedia.org/wiki/Devadatta[/FONT][FONT=&quot])[/FONT]
    [FONT=&quot]මෙතැනදී හෝ මස් මාංශ වලින් වලකින ලෙස බුදුරජාණන් වහන්සේ නියම කර නැත. එහෙත් ඇතැම් මාංශ වලින් වලකින ලෙස දක්වා ඇත. උදා- මිනිස් මාංශ[/FONT][FONT=&quot]‚[/FONT][FONT=&quot] සිංහ[/FONT][FONT=&quot]‚[/FONT][FONT=&quot]කොටි[/FONT][FONT=&quot]‚[/FONT][FONT=&quot]අලි හා අශ්ව වැනි. බුදුන් දවස සුප්‍රියා නම් උපාසිකාව තම කලවයෙන් කපා ගත් මස් (මිනීමස්) රෝගී වූ භික්ෂූන් වහන්සේ නමකට පූජා කිරීමෙන් එම භික්ෂුව සුවපත් වූ බවද සාහිත්‍යයේ සඳහන් වේ. [/FONT]
    [FONT=&quot]මස් අනුභ කරන භික්ෂුවකට හෝ භික්ෂූන් වහන්සේ නමකට මස් පූජා කලහොත් උන්වහන්සේ එය තවත් එක් ව්‍යාංජනයක් සේ සලකා වළඳනු ඇත. එහෙත් යමෙක් මස් හෝ මාංශ පසුපස එලවමින් සිටී නම් ඔහු ඒ පිළිබඳ දැඩි ඇල්මක් ඇත්තෙකු වේ. ඔහු ආහාරය සඳහා ජීවත් වෙන්නෙකු මිස ජීවත්වීම සඳහා ආහාර ගන්නෙකු නොවිය හැක. [/FONT]

    [FONT=&quot]මම මෙතෙක් අටුවා ටිකා ගෙනහැර උදාහරණ ලබා දුන්නේ ගව ඝාතනය පිළිබඳව රටේ ඇතිව ඇති ආන්දෝලනය පිළිබඳව ඔබේ අවධානය යොමු කර වීමටයි. මව්කිරි හැරුණු කොට බිව් කිරක් වේ නම් ඒ එළකිරි වන හෙයින් මුලු මහත් ජාතියම ගවයින්ට අභය ලැබේ නම් සතුටු වනු ඇත. එහෙත් මෙම තත්ත්වය ආගමික ඇසකට වඩා ප්‍රායෝගික වශයෙන් බැලිම වැදගත් වනු ඇතැයි මට සිතුණු නිසයි.[/FONT]
    [FONT=&quot]අපි සතුන්ට අභය දානය දෙන්න උත්සාහ ගැනීම වටිනා දෙයක් ...ඒත් ඒ සත්ත්වයා උගේ කර්ම ප්‍රතිඵල ලබන්නා සේම ඝාතකයින්ද එහි ප්‍රතිඵල ලබනු ඇත. අපි ජීවිත වැය කරමින් ඒ සඳහා වෛරය වපුරන්නේ නම් ඇති ප්‍රතිපලයක් ඇත්දැයි සිතිය යුතුය. මේක කොහෙන්වත් උස්සපු එකක් නොවන අතර මගේ බෞද්ධ සාතිත්‍යය පිළිබඳව ඇති දැනුම සීමිත නිසා වැරදි ඇතොත් නොසලකා හරින්න නැතහොත් නිවැරදි කරන්න.[/FONT]
    [FONT=&quot]මෙම ලිපිය හින්ද ඇතැමුන්මගේ රෙප් කපයි...ඒ කපන අය තම නම් සමගම දමන්නේ නම් වඩා සතුටු වෙමි....ඒ වගේම විවිධ අවලාද නගාවි ...ඒත් මම මේ දෙන්නේ හිතන්න දෙයක් .... [/FONT]
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    වෛරය වපුරවන්න ඕන නෑ ජනතාව එකතු වෙලා ආණ්ඩුවට බලකාර නම් ඕක නවත්වන්න තිබුනා.