1996 වසරේ ඉන්දියාවේ කොල්කටා නගරයේ සිදුවූ මෙම සිදුවීම, මිනිස් කරුණාවට එහා ගිය සත්ව කරුණාව පිළිබඳව කදිම සාක්ෂියක්.
1996 මැයි 23 වන දින, කොල්කටාවේ බර්ටොල්ලා පොලිස් ස්ථානය අසල හාර්ටොකිබගන් පටුමගෙහි පිහිටි කසළ බඳුනක අලුත උපන් ගැහැණු දරුවෙකු අත්හැර දමා තිබුණා. ප්‍රදේශවාසීන්ට මුලින් සිතී ඇත්තේ වීදි සුනඛයන් තුන් දෙනෙකු රෙදි කැබැල්ලක් සමඟ සෙල්ලම් කරන බවයි. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ, එම සුනඛයන් දරුවා අවට රොක් වී දින දෙකක් පුරා ඇයව ආරක්ෂා කිරීමයි. ඔවුන් දරුවාට කෑම දීමට පවා උත්සාහ කර තිබෙනවා.
පසුදා උදෑසන, යතුරුපැදියකින් රැකියාවට යමින් සිටි පුද්ගලයෙකුට මේ සුනඛයන්ගේ අසාමාන්‍ය හැසිරීම සැකයක් ඇති කළා. ඔහු ඒ පිළිබඳව සොයා බැලීමේදී, රෙදි කැබැල්ලක් තුළ සිටි අලුත උපන් දරුවා සොයාගෙන තිබෙනවා. වහාම බලධාරීන්ට දැනුම් දුන් අතර, පොලීසිය පැමිණ දරුවා රෝහලට රැගෙන ගියා.
පොලීසිය දරුවා බේරාගෙන වාහනයට දමාගෙන යන විට පවා, මේ පක්ෂපාතී සුනඛයන් තුන් දෙනා වාහනය පසුපස හඹා ගියා. ඔවුන් පොලිස් ස්ථානය ඉදිරිපිට දරුවා එනතුරු බලා සිටි බවට වාර්තා පළ වුණා. දරුවා අනාථ නිවාසයකට රැගෙන යන තුරුම ඔවුන් පොලිස් ස්ථානය අවට රැඳී සිටියා. මෙම සිදුවීම එකල බෙංගාලි පුවත්පත්වල පවා ප්‍රසිද්ධියට පත් වුණා.
දරුවා රෝහලට ඇතුළත් කළ පසු, ඇය කහ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළත්, වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර නිසා සුවය ලබා තිබෙනවා.
ඇතැම් අවස්තා වල සතුන් තුළ ඇති පක්ෂපාතිත්වය, කරුණාව සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම මිනිසුන්ට වඩා බෙහෙවින්ම සංවේදීයි. මෙය නිර්මල සත්ව ප්‍රේමය පිළිබඳව ලෝකයටම ලබා දුන් විශිෂ්ට උදාහරණයක්.
copied from FB
ඇත්තට ම මේ වගේ දේවල් උඹලට වෙලා තියෙනවද? සත්ව දරුවො ගැන අපි සංවේදී උණාට බල්ලො වගේ සත්තු මිනිස් දරුවො හදුනනවා කියන එක මට ටිකක් විශ්වාස කරන්න අමාරුයි.