සත්තු වගේ ගහගමු

මොන ශෛලයටද වැඩිය

  • මකරා

    Votes: 34 23.1%
  • ව්‍යාඝ්‍රයා

    Votes: 22 15.0%
  • කොකා

    Votes: 8 5.4%
  • නාගයා

    Votes: 12 8.2%
  • දිවියා

    Votes: 10 6.8%
  • වන්දා

    Votes: 11 7.5%
  • වදුරා

    Votes: 4 2.7%
  • බිමත් වදුරා

    Votes: 46 31.3%

  • Total voters
    147

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    BumpBubbles.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සටන් ශෛලීන් ගේ ප්‍රභවය සහ පැවැත්ම

    චීන සටන් කලාවන් හි ප්‍රභවය සහ පැවැත්ම.

    චීන සටන් කලාවන් (සමස්තයක් ලෙස සලකනවා නම් වූෂු) ගේ ප්‍රභවය ලෙස පුරාවෘතවල කියැවෙන්නේ ඉන්දියාවේ කණිෂ්ක රජු ගේ 17 වැනි පුත්‍රයා වන බෝධිධර්ම හිමියන් විසින් ඉන්දියාවේ පැවති මුෂ්ඨි සටන් කලාව චීන ප්‍රෙද්ශවලට ධර්ම ප්‍රචාරයේ දී හදුන්වා දීමයි. උන්වහන්සේ මේ සටන් කලාව හදුන්වා දී ඇත්තේ එවකට චීන් ස්වාමින්වහන්සේ ලා ඉතාම අලස ලෙස පැවතිම නිසා භාවනාවන්ට සහ වඩා ගැඹුරු ධර්ම කරුණු තේරුම් ගැනීමට උන්වහන්සේලා දැකුවූ පසුගාමී ස්වභාවය නිසාය. පළමුව බොධිධර්ම හිමියන් ඉන්දියානු මුෂුඨි සටන් කලාව නොව ඒ හා බැදුණු ශාරීරික ව්‍යායාම් හදුන්වා දී ඇති අතර පසුව මුස්ඨි සටන් කලාවේ සමහර කොටස් පමණක් හදුන්වා දීම කර තිබෙනවා.

    bodhidharma.jpg

    බෝධිධර්ම හිමිපාණන් පැරණි චීන චිත්‍රයක සිත්තම් ව ඇති අයුරු

    පසුව චීනයේ ඇති වූ දුර්භික්ෂ අවස්ථාවන් වලදී මෙම සරල සටන් ක්‍රම චීන භික්ෂූන්වහන්සේ සිය ආරාම සොරුන් ගෙන් සහ මංපහරන්නන් ගෙන් රැක ගැනීමට යොදා ගනු ලැබූ අතර, විවිධ සතුන් ගේ ඉරියව් සහ සටන් වදින ආකාරයන් චීන සටන් කලාවන් තුලට එන්නේ මේ අවධියේ දීය.

    පසුව මේ සටන් ශෛලීන් වල මුල් ගුරුන් ගේ සහභාගීත්වය සහිත සමුළුවක දී මේ සියළු හිස් අත් සටන්කලාවන් ප්‍රධාන සටන් ප්‍රවාහයන් සතරකට ගොනු කරන ලදී.
    වින්-චූ- ආන් (දකුණු චීනයේ භාවිතා වූ සතුරාට අතිශය සමීපව පහර දීමේ ක්‍රමය)
    නැන්-චු-ආන් (උතුරු චීනයේ භාවිතා වූ සාමාන්‍ය සටන් ක්‍රමවල එකතුවක්)
    චැන්-චු-ආන් (පාද විහිදුවා ඇති කරන වේදිකාමය ආකෘතියක හිද කරන සටන් ශෛලිය)
    තායි-චී-චු-ආන් (මනස, සිරුර සහ සොබාදහම එකම පාරභෞතිකමය තත්ත්වයකට ගෙන ඒමේ ශ්වසන සහ භෞතික ව්‍යායාම් ක්‍රම)


    මින් අනතුරුව මේ සටන් ක්‍රමවල වෙනස්වීම් සිදුකර යම් යම් ගුරුන් විසින් නව සටන් ක්‍රමවේදයන් හදුන්වා දීම ද සිදු කරන ලද අතර ඒවා ද ඉහල පිළිගැනිමකට ලක් වී තිබේ.



    ඉහත දැක් වූ ක්‍රමවේද අතරින් ඉතා ම වේගවත් සහ දරුණු ප්‍රහාර වලින් සමන්විත් සටන් ක්‍රමය ලෙස සැළකෙන්නේ වින්-චු-ආන් සටන් ක්‍රමයයි. මෙය ක්‍රි.වර්ෂ 1600 ගනන් වලදී චීන් මෙහෙණින්වහන්සේ නමක් වන නාග් මු විසින් කොකකු නයෙක් හා සටන් වදින විලාශය අනුසාරයෙන් නිර්මාණය කරන ලද අතර, පරම්පරා කීපයකට පසුව එය මහ ගුරු (Grand Master) යිප් මෑන් (Ip Man) විසින් ලෝකයට හදුන්වා දෙන ලදී.

    WingChun%20Lineage.jpg

    නාග්-මුයි මෙහෙණින්වහන්සේ ගේ සිට ඉප්-මෑන් ගුරුතුමා ට පසුව වින්-ච්‍ර-ආන් පවුලේ මහ ගරු සටහන

    213.jpg

    මහ ගුරු ඉප් මෑන් ගුරුතුමන්

    මේ හා සබැදි සටන් පුහුණු උපකරණය වන වින්-චුන් වුඩ්න් ඩමි උපකරණය සටන් කලාවන් පුහුණුව සදහා එතෙක් මෙතෙක් නිර්මාණය කරන ලද විශිෂ්ඨතම සහ සරලම උපකරණය ලෙස හැදින්වේ.


    yip-man-dummy-kick.jpg


    wing-Chung Wooden dummy උපකරණය සහ එහි සටන් හුරු කරවන ඉප්-මෑන් මහ ගුරුතුමා


    හුයේ ඇරමුම සටහන් කෙරෙන සටහන බදු සාරවත් ලියැවිල්ලක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ප්‍රසාදය පලකරමි.
     
    • Like
    Reactions: been10 and mmaxx