සත්වයින්ගේ වෙනස්කම් වලට හේතු

Kalyanamitta

Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    සුභ නම් තරුණයා ඇසූ ප්‍ර‍ශ්න 14 හා පිළිතුරු දෙසුම

    පින්වතුනි! දිනක් සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14 ක් අසා සිටියා. එහිදී මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එය පහදා වදාළා.

    1) සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ.

    2) සතුන් නො මැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ.

    3) සතුන්ට හිංසා පීඩා කිරීම හේතුවෙන් මතු ජීවිතවලදී නිතර ලෙඩ දුක් වලින් පෙලෙන්නන් වේ.

    4) සතුන්ට හිංසා පීඩා නො කිරීමෙන් නිරෝගී ජීවිත ලැබේ.

    5) ක්‍රෝධ කරන අය අවලස්සන වී උපදින්නා හ.

    6) ක්‍රෝධ නො කරන අය ලස්සන වී උපදින්නා හ.

    7) ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන් අප්‍රසිද්ධ ජීවිත ලැබේ.

    8) ඊර්ෂ්‍යා නො කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ වී ඉපදේ.

    9) දන් නො දීම හේතුවෙන් දිළින්දන් වී උපදිත්.

    10) දන්දීම හේතුවෙන් පොහොසත් තැන්වල උපදිත්.

    11) මානය හේතුවෙන් පහත් කුලවල ඉපදේ, බොහෝ මානය ඇති අය සුනඛයන් වේ, තරමක මානය ඇති අය වඳුරන් වී ඉපදේ.

    12) ධර්මය දැන කියා නො ගෙන ජීවත් වන්නා අනුවණ වී ඉපදේ.

    13) ධර්මය දැන කියා ගෙන ජීවත් වෙන අය නුවණැත්තන් වී ඉපදේ.

    14) නිහතමානී අය උසස් කුලවල ඉපදේ.

    (චුල්ලකම්ම විභංග සුත්‍රය)

    https://tipitaka.lk/library/517/download#_Toc495610521
    https://tipitaka.lk/library/517/download
     

    CharIatan

    Member
    Nov 15, 2022
    26
    37
    3
    හැබැයි අයියා ඔය පව් සමා කරගත්තොත් හරි නේද? දැන් අයියා පව පින තීරණය වෙන්නේ චෙතනයෙන් නේ? නැතුව සක්කරයා පොතක් තියාගෙන අපි කරන ඒවා ලියාගන්නේ නැහැනේ. එතකොට අයියා අපි ආදරෙන් මනුෂ්‍යයෙක් මැරුවොත් ඒක පවක් වෙන්නේ නෑ.(කරන්න පුළුවන් කියන්නේ නැහැ උදාහරණයක් විතරයි) වයිරයෙන් මිනිහෙක් මැරුවොත් තමා පව.
     

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    හැබැයි අයියා ඔය පව් සමා කරගත්තොත් හරි නේද? දැන් අයියා පව පින තීරණය වෙන්නේ චෙතනයෙන් නේ? නැතුව සක්කරයා පොතක් තියාගෙන අපි කරන ඒවා ලියාගන්නේ නැහැනේ. එතකොට අයියා අපි ආදරෙන් මනුෂ්‍යයෙක් මැරුවොත් ඒක පවක් වෙන්නේ නෑ.(කරන්න පුළුවන් කියන්නේ නැහැ උදාහරණයක් විතරයි) වයිරයෙන් මිනිහෙක් මැරුවොත් තමා පව.

    ප්‍රාණඝාතයක් වීමට සම්පූර්ණ විය යුතු කරුණු

    1. පණ ඇති සතෙකු වීම,
    2. ඒ ප්‍රාණියාට පණ ඇති බව මරණ පුද්ගලයා දැන සිටීම,
    3. මරණ චේතනාව,
    4. මරනු පිණිස උපක්‍රම භාවිතා කිරීම
    5. එම උපක්‍රම හේතු කොට ගෙන ප්‍රාණියා මරණයට පත්වීම

    තමන් කරන ක්‍රියාවෙන් අදාළ ප්‍රාණියා මරණයට පත්වන බව දැන සිටීම වුවද මරණ චේතනාව ඇති බවට සැලකිය හැකි විය යුතුය (https://www.budusarana.lk/budusarana/2017/03/20/tmp.asp?ID=vision02)

    තවද සමාව ගත් පමණින් විපාක මග හැරිය හැකියැයි සිතිය නොහැක
    (https://tipitaka.lk/library/517/download#_Toc495610430)
     
    • Like
    Reactions: Cypress