සත්ව ලෝකයේ රහස් 🌎😲😑 (Secrets Of The Animal World)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සත්ව ලෝකයේ රහස් 🌎😲😑 (Secrets Of The Animal World) - Your Choice Way
    01 සියදිවි නසාගන්නා සත්තු.
    සියදිවි නසාගන්නා මිනිසුන් පිලිබඳව ඔබ ඕනෑතරම් අසා ඇති.එහෙත් සියදිවි නසාගන්නා සතුන් පිලිබඳව ඔබ අසා තිබෙනවාද?හිම කදු ඇති ප්‍රදේශ වල ජීවත් වන ලෙමින් නැමැති සත්වයා සිය ජීවිතය නැති කරගන්නා සතෙකි.කුඩා මීයෙකුගේ ප්‍රමානයේ ශරීරයක් ඇති මේ සතා දිවි හානිකරගන්නා අන්දම පුදුම සහගතය.මෙම සත්වයා අවුරුදු 4 කට හෝ 5 කට සැරයක් මුහුදට පැන සියදිවි නසාගනී.එක් වරම මෙම සතුන් අරමුණක් නැතිව මෙන් දහස් ගණනක් එකතු වී දුවන්නට පටන්ගනී.නමුත් ඔවුන්ගේ අරමුණ දන්නේ ඔවුන්මය.ඔවුන් මෙලෙස දුවන්නේ මුහුද හමුවන තෙක්ය.මුහුද හමුවු පසු රංචු පිටින් මුහුදට පැන සියදිවි නසාගනී.ලෙමින් සතුන් මෙලෙස ඉතා ගුප්ත ලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් සත්ව විද්‍යඤයින් සොයාගෙන නැත.

    02 කනාමැදිරියාගේ එළිය.
    කනාමැදිරියා ලයිට් දාන්නෙ කොහොමද? කනාමැදිරියාගේ ශරීරයේ ඇති ලුසිපෙරින් නම් ද්‍රව්‍යය උගේ ශරීරයේ ඇති ඇඩිනෝයස්ටිරයි පොස්පේට් සමග එකතු වීමෙන් ලුසිපෙලින් නැමැති සංයෝගය ඇතිවේ.මෙම සංයෝගයට ඔක්සිජන් ලැබෙන වෙලාවට එන්සයිමයක් මෙයට එකතු වී ආලෝකය නිපදවයි.දහවල් කාලෙට මෙම ආලෝකය අපට පේන්නෙ නැතුවට කනාමැදිරියා සෑම වේලාවකදීම ආලෝකය නිකුත් කරයි.

    03 කකුලෙන් රහ බලන පොකිරිස්සා.
    සාගරයේ ජීවත්වන පොකිරිස්සා අමුතුම වැඩ කරන සතෙකි.පොකිරිස්සා කෑමක රස බලන්නේ කකුල්වල අඩි වලිනි.ඌගේ දත් පිහිටා ඇත්තේ බඩේය.වකුගඩු පිහිටා ඇත්තේ නළලට පිටුපසිනි.ශබ්ද තරංග ප්‍රතිග්‍රහනය කර ගන්නේ කකුල් වලිනි.

    04 කැන්ගරුවාගේ ලමයි.
    අඩි 9 ක් පමණ දිග කැන්ගරුවාගේ පැටවා උපදින විට සෙන්ටිමීටර් කීපයකට වඩා විශාල නොවේ.මවගේ කුසෙන් බිහිවන සෑම කැන්ගරු පැටවෙකුටම ජීවත් වීමේ අවස්ථාව නොලැබේ.පැටවුන්ගෙන් කීප දෙනෙක් මවගේ පටවුන් රැගෙන යාමට ඇති මල්ලට රිංගා ගනී.ඉතිරි පැටවුන් ඉපදුනු දිනයේදීම මරණයට පත්වේ.ඉතිරි පැටවුන් මවගෙන් කිරි උරා බොමින් මාස 4 පමණ මල්ල තුල ගතකරයි.

    05 හිටගෙන නිදියන අශ්වයා.
    මම හෝ ඇඳක වැතිරිලා නිදාගන්න ඔබට පුලුවන්.එහෙත් ඔබට හිටගෙන නිදියෙන්න පුලුවන්ද? ඒත් බිම වැතිරිලා නිදාගන්නවට වඩා හොඳින් හිටගෙන නිදියන සතෙක් ගැනයි මේ කියන්න යන්න ඒ සතා තමා අශ්වයා.අශ්වයාට ආතල් එකට නින්ද යන්නෙ හිටගෙන නිදියෙන කොට.මේ විදිහට නින්ද ගිහාම කිසිම විටෙක අශ්වයා බිම වැටෙන්නෙ නැහැ.


    06 බෙල්ල දිග ජීරාෆ්.
    සතුන්ගේ ලෝකයේ ගොලුවා ලෙස සලකන්නේ ජිරාෆ්ය.ඒ වගේම සතුන් අතරින් දිගම බෙල්ලක් ඇත්තේද ජිරාෆ්ටය.මීට අමතරව ජිරාෆ්ගෙ සිරුරෙ විශේෂ ලක්ෂණයක් තිබෙනව.ඒ තමයි ජිරාෆ්ගෙ ශරීරයෙ රුධිර පීඩනය මිනිසෙකුට වඩා දෙගුනයක් තුන්ගුනයක් පමන වැඩි බව.ඒ වගේම සත්ව ලෝකයේ වැඩිම රුධිර පීඩනයක් ඇති සතා ජිරාෆ් විය හැකි බවට සත්ව විද්වතුන් අනුමාන කරනව.ඊට හේතුව තමයි මෙම සත්වයාගෙ බෙල්ල දල වශයෙන් අඩි 10 ක් 12 ක් පමණ දිගුවීම.මේ නිසා ජිරාෆ්ගෙ හිසට රුධිරය පොම්ප කිරීමට විශාල බලයක් අවශ්‍යය වෙනව.ඒ වගේම ජිරාෆ්ගෙ හෘදය අඩි 2 ක් පමණ දිග රාත්තල් 25 ක් පමණ බර අවයවයක්.

    07 නහයක් නැති ගැඩවිලා.
    මිනිසුන් වන අප හුස්මගන්නේ නාසයෙනි. නමුත් එසේ නොවන සතුන්ද සිටී.ගැඩවිල් පණුවා ස්වසනය කරන්නේ උගේ මුලු ශරීරයෙන්මය.උගේ සම ඉතා සියුම්ය. එහි ඇති කුඩා සිදුරු ඒ සඳහා උපකාරී වේ.

    08 ඇටිකුකුලාගේ මියුසික්.
    ඇටිකුකුලො කෑගහනව ඔබ ඕනෑ තරම් අසා ඇති.ඇටිකුකුලාගේ එම ශබ්දය ගොලුබෙල්ලන්ට ඉතාමත් අමිහිරි සංගීතයකි.මේ නිසා ඇටිකුකුලාගේ ශබ්දය ඇහිල කොල රොඩු තරෙන් එලියට එන ගොලුබෙල්ලො ඇටිකුකුලාට හොඳ ආහාරයක් වෙනව.

    (චායාරූපය මනංකල්පිතයි 😁😁😹)

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

    Original Article Click Here