හෙමින් ද යන්නේ

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    හෙමින් ද යන්නේ

    ඉතා සෙමින් තමන්ගේ ගමන් බිමන් වල යෙදෙන සතුන්

    1. Garden Snail

    snail3.jpg

    ගාර්ඩන් ස්නේල් එහෙම නැත්තන් ගොළුබෙල්ලා අපිට නිතරම හමුවෙන සත්වයෙක්. ගොලුබෙල්ලෝ තමයි ලෝකයේ සෙමින්ම ගමන් කරන සත්ව විශේෂය. ගොඩබිම වෙසෙන ගොලුබෙල්ලාගේ උපරිම වේගය තත්පරයට සෙන්ටිමීටර 1.3ක් පමණ වෙයි. එහෙම නැත්තන් පැයට මීටර 47ක් වගේ. ගණන් හදල බැලුවොත් එක කිලෝමීටරයක් යන්න ගොලුබෙල්ලෙක්ට ගතවන කාලය පැය 21ක් ! ඊට වඩා ඉක්මනට ගහකොළ පවා හැදෙනවා කියලා ඔබට සිතෙයි.


    2. Sloth

    A-three-toed-tree-sloth-h-008.jpg

    ස්ලොත් යනු ලෝකයේ ඉතාම සුන්දර අහිංසක මන්දගාමි ම සත්වයා කිව්වොත් නිවැරදියි. ස්ලොත් යන ඉංග්‍රීසි පදයේ අර්ථය වන්නේද අලසකම යන්නයි. මෙයට කොහේ හරි යන්න ඕනේ කියල හිතුනොත් විනාඩියට මීටර 2ක වගේ උපරිම වේගයක් ගන්න පුළුවන්. පැයට මීටර 120ක් වගේ. එය එයාගේ පාඩුවේ ආපු දෙන් නේද ?


    3. Starfish

    Starfish.jpg

    පසැඟිල්ලා , හිතන්න අමාරුයි නේද ? මෙම විශේෂ 1500ක් පමණ ජීවත් වෙනවා. මේගොල්ලෝ ඉහත දෙවර්ගයට වඩා නම් වේගයෙන් එහා මෙහා යනවා. හැබැයි ඉතින් ගොඩක් විශේෂ හෙමින් තමයි යන්නේ. Leather Star කියන විශේෂය විනාඩියට සෙන්ටිමීටර 15ක් වගේ තමයි යන්නේ. එත් Sand Star කියන විශේෂය විනාඩියට මීටර 2.8ක් වගේ ඉහල වේගයකින් ගමන් කරනවා !


    4. Giant Tortoise

    paignton_zoo_aldabra_giant.jpg

    යෝධ ඉබ්බා ගැන අපි මීට පෙරත් කතා කරපු බව ඕගොල්ලොන්ට මතක ඇති. මෙයා ලෝකයේ වැඩිම ආයු කාලයක් ජීවත් වන සත්වයන් අතරේ හිටිය කියල මතක ඇති. ( අවු. 190ක් පමණ) මෙයා තමයි ලෝකයේ ඉතා සෙමින්ම ගමන් කරන උරඟ විශේෂය. කිලෝ 300ක් පමණ බර වූනොත් අපිටත් යන්න වෙන්න හෙමින් කියල ඕගොල්ලොන්ට තේරෙනවනේ.


    5. Koala Bear

    koala-bear.jpg

    කෝලා වලසා ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ. ස්ලොත්ලා වගේම මෙගොල්ලොත් අහිංසක ආදරණිය සත්ව වර්ගයක්. මෙගොල්ලොත් හෙමින් සීරුවේ තමයි වැඩ.


    6. Slug

    slug_killer_hybrid-437867.jpg

    හන්ගොල්ලා අපේ ගෙවත්තේ දී වුනත් දැකගන්න පුළුවන් නේ. ඕගොල්ලෝ දැකල ඇති නේ මෙගොල්ලොත් තමන්ගේ පාඩුවේ හෙමින් හෙමින් ඇදීගෙන යන හැටි. වාර්තා වෙලා තියන විදියට මෙගොල්ලොන්ගේ උපරිම වේගය පැයට කිලෝමීටර 0.3 ක්.


    7. Seahorse

    seahorse7.jpg

    මුහුදු අශ්ව විශේෂ 54ක් මේවන විට සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ ප්‍රමාණයත් අඟල් 0.6 සිට අඟල් 14 දක්වා වෙනවා. ඒගොල්ලෝ පිනන්නේ හිටගෙන කියල ඕගොල්ලෝ දැකල ඇති නේ. කොහොම පිනුවත් ඒගොල්ලෝ යන්නේ හෙමින්. එක හින්ද ඒගොල්ලෝ තමයි ලෝකයේ හෙමින්ම පීනන මාළු විශේෂය. උපරිම වේගය පැයට මීටර 1.5ක්.


    8. Gila Monster

    tumblr_njaxd2GJKb1rgid5jo1_1280.jpg

    මේගොල්ලෝ ඉතා විශාල හෙමින් ගමන් කරන කටුසු විශේෂයක්. අඩි දෙකක් පමණ ප්‍රමාණයෙන් විශාල වන මෙම සතෙකුගේ බර ග්‍රෑම් 350ත් 700ත් අතර වේ. ඇමෙරිකාවේ ජීවත් වන විෂ සහිත කටුසු දෙවර්ගයෙන් එක් වර්ගයකට අයත් මෙම සතුන් ඇමෙරිකාව නිජභූමිය කොටගෙන ජීවත් වෙයි. වෙලාවට මේගොල්ලෝ හෙමින් යන හින්ද මිනිස්සුන්ට මෙගොල්ලොන්ගෙන් ලොකු අනතුරක් නෑ.


    9. Manatee

    manateeb.jpg

    මේගොල්ලෝ මුහුදේ ජීවත් වන ක්ෂීරපායින් කොටසක්. මුහුදු හරක් කියලත් හඳුන්වනවා. (sea cows) වැඩුණු සත්වයෙක් අඩි 13ක් (4m) පමණ දිග වන අතරම කිලෝග්‍රෑම් 590ක් පමණ වේ. මේගොල්ලෝ මේ වීශාල ශරීරයත් අරන් එහා මෙහා යන්නේ ඒගොල්ලොන්ගේ අවල් පාද වලින්. (flippers)


    10. American Woodcock

    american-woodcock1.jpg

    මේ තමයි ලෝකයේ සෙමින්ම යන කුරුල්ලා. මෙම ලැයිස්තුවේ සඳහන් වී ඇති අනෙක් සතුන්ට වඩා වේගයෙන් මෙයා ගියත් කුරුල්ලෙකුගෙන් වාර්තා වන අවම පියාසර වේගය වන පැයට කිලෝමීටර 8ක වේගය වාර්තා වන්නේ මෙයාගෙන්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුන් මොක්කුද මං ගිය අවුරුද්දෙ ඕලෙවල් ලියන්න ඉස්කෝලෙ ගිය ස්පීඩ් එකේ හැටියට :lol: :lol:
    හැබැයි එනකොට නං මං චීටටත් වඩා ස්පීඩ් :D :D :D
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    A. සිරියා;18315392 said:
    anthimata uta karakavilla wage hadunada danne na :lol:


    ඔව් ඔව්. මේ ඉන්නෙ මූ trip එක ගිහිල්ල ඇවිල්ල දවස් ගානකට පසෙ වෙන්න ඕන. ඕසෙට කරකැවිල්ල හැදිල
     

    Similar threads