සත්‍යයේ සැබෑ හඬ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සත්‍යයේ සැබෑ හඬ


    • උපත
    1869 ඔක්තෝම්බර් 02 වන දින
    • විපත
    1948 ජනවාරි 30 වන දින (වයස අවු : 78), ඉන්දියාවේ නව දිල්ලිහිදී
    • මරණයට හේතුව
    ඝාතනය කරන ලදී
    • ජාතිය
    ඉන්දියානු
    • වෙනත් නම්
    මහාත්මා ගාන්දි
    • අධ්‍යාපනය ලැබුවේ
    ලන්ඩන් විශ්ව විද්යාලය
    • ප්‍රසිද්ධියට පත්වූයේ
    ඉන්දියානු නිදහස් අරගලයේදී
    • දේශපාලන පක්ෂය
    ඉන්දියානු ජාතික කොංග්රසය
    • ආගම
    හින්දු
    • බිරිඳ
    කස්තුර්බා ගාන්ධි
    • දරුවන්
    හරිලාල්, මනිලාල්, රාම්දාස්, දේව්දාස්අත්සන



    869 උපත ලද ගාන්ධී තුමාගේ එකසිය හතළිස් එක් වන ජන්ම දින සැමරුම පසුගිය ඔක්තෝබර් මස 2 වන දිනට යෙදිණ. එතුමාගේ සම්පූර්ණ නම මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධී නම් විය.
    භාරතයට නිදහස ලබා ගැනීම වෙනුවෙනුත් හින්දි භාෂාව භාරතයේ ජාතික භාෂාව ලෙස නම් කිරීමටත් අවශ්‍ය පසුබිම සකසමින් භාරතය තුළ මහා ආන්දෝලනයක් ඇති කළ මෙතුමා ව භාරතීයන් හඳුන්වන්නේ ‘ජාතියේ පියා’ යන විරුදාවලියෙනි.
    සත්‍යවාදී ආකල්ප සහ අහිංසාවාදී හැසිරීමත් බුද්ධිමත් දේශපාලන දර්ශනයක් අනුගමනය කිරීමත් තුළ ගාන්ධීතුමා ලෝක පූජිත චරිතයක් බවට පත් විය.
    මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර තිබිය යුතු අන්‍යොන්‍ය අවබෝධය හා සහයෝගයත්, සමානාත්මතාව යන සංකල්පයත් පදනම් කොට ගෙන නිර්මාණය වූ එතුමාගේ දර්ශනය පූර්ණ ලෙසම නිර්මාණාත්මක, භාවාත්මක සහ විද්‍යාත්මක දර්ශනයකි. ප්‍රාසාංගික බවින් අනූන මෙම සත්‍යවාදී දර්ශනයේ උපයෝගීතාව සර්වකාලීන ය.
    මේ මහා යුග පුරුෂයාගේ මුඛ්‍ය පාඨය වූයේ ‘සත්‍ය’ යි. සත්‍යය ජය ගැනීම උදෙසා දැඩි උපවාසයන් හි යෙදෙමින් තම ශරීරය පවා කැප කළ එතුමා, සත්‍යවාදීව කටයුතු කරන්නා තමන්ගේ පරම දෙවියන් ලෙස පිළිගත්තේ ය.
    ar-14.jpg
    එමෙන් ම කිසිවෙකුට තමා අදහන දෙවියන් කිසියම් රූපයකින් හෝ මූර්තියකින් දැකිය නොහැකි බවත්, දෙවියන් දැකිය හැකි වන්නේ තමා සමාජයේ හැසිරෙන හා ක්‍රියා කරන ආකාරය අනුව බවත් එතුමාගේ විශ්වාසය විය. එනම් පුද්ගලයෙකුට තම පියවි ඇසට දෙවියන් දර්ශනය නොවන අතර, ඔහුට තමාගේ ශ්‍රද්ධාවන්ත බව තුළ දෙවියන් දර්ශනය වන බව එතුමාගේ ආකල්පය විය.

    දේශයේ ජනතාව තමාගේ ඇස්-කන් හා සමාන කොට සැලකූ එතුමා තම ජීවන දර්ශනය හා අරමුණ පිළිබඳ ව දැක්වූයේ මෙවැනි අදහසකි. “ජීවිත කෝටි ගණනක යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම මාගේ ජීවන දර්ශනයයි. එයින් බැහැරව කටයුතු කිරීමට මට ධෛර්යයක් නැත. මන්ද එයින් බැහැරව කටයුතු කිරීම මා සිතන්නේ මම මගේ ජීවිතයේ වගකීම් පැහැර හැරීමක් සහ මා පිළිගන්නා දෙවියන්, ම විසින් ම ප්‍රතික්ෂේප කිරීමක් ලෙස ය.”
    “කිසියම් කටයුත්තක දී හෝ අවස්ථාවක දී යම් පුද්ගලයෙක් තමාගේ යහපත් හැසිරීම පෙන්වයි නම්, ඔහු තුළ ගුණගරුක බව ඇත්නම් මම ඔහුව කිසිදා අමතක නොකරමි.” මනුෂ්‍යයා තුළ තිබිය යුතු විශ්වාසවන්තභාවය හා සත්භාවය එතුමා හඳුනාගත්තේ ඒ ආකාරයට ය.
    එමෙන් ම කිසිවෙකු පවසන දේ එතුමා විශ්වාස නොකළේ ය. තම බුද්ධිය මෙහෙයවා අපක්ෂපාතීව කටයුතු කළ මහා පුරුෂයකු ලෙස ගාන්ධී තුමා සමාජය වෙත ඉදිරිපත් කළේ මෙවැනි ආදර්ශයකි. “මම අනාවැකි කියන්නෙක් නොවෙමි. මට දිවැසින් බැලීමට ද වරම් නැත. සමාජයේ යම් සීමාවක් මා පියවි ඇසින් දකින්නේ ද, යම්
    ar-12.jpg
    දෙයක් මගේ දෙසවනට ශ්‍රවණය වන්නේ ද මා ග්‍රහණය කර ගන්නේ එපමණයි. මා තීරණ ගනු ලබන්නේ මගේ බුද්ධියෙන් මිස අන් අය පවසන දේ මත නොව.”

    ‘සත්‍ය’ ජය ගැනීමේ මාර්ගය ලෙස එතුමා පිළිගත්තේ අහිංසාකාරී හැසිරීම යි. එබැවින් ‘සත්‍ය’ සහ අහිංසාවාදී බව තමාගේ ජීවිතයෙන් වෙන් කළ නොහැකි දෙයක් බවට පත්කරගත් ගාන්ධී තුමා පැවසූයේ “මා තුළ සත්‍ය හැරුණු විට වෙනත් ධර්මයක් ද අහිංසාකාරීව හැසිරීම ට වඩා උතුම් ජයග්‍රහණයක් ද නැත” යන්නයි.
    ප්‍රජා පාලනය ගැන එතුමා දැක්වූයේ මෙවැනි නිහතමානී අදහසකි : “අවුරුදු දොළහක් වැනි ඉතා ලාබාල වයසකදී ප්‍රජා පාලනය යන පාඩම අවබෝධ කර ගත් මම මුළු ජීවිතය පුරා ම ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රියා කරමි.
    එහෙත් කිසියම් දිනක මට මිය යාමට සිදු වෙයි. මගේ ශරීරයේ අළු සුළඟට මුසු වන හෝ ‘ගංගා’ නම් නදියේ පාවෙන එදිනට, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැරූවන්ගෙන් ශ්‍රේෂ්ඨත ම පුද්ගලයා මම බව මුළු ලෝක ප්‍රජාවම පිළිගනි යි. මා මෙය පවසන්නේ ඉතා නිහතමානීව සහ සත්‍යයේ හඬ අවදි කිරීමක් ලෙස මිස මාගේ පුරාජේරුව දැක්වීමට නොව.” දෙවියන් විසින් ලබා දුන් බුද්ධිය ප්‍රයෝජනයට ගෙන ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීම එතුමාගේ එකම බලාපොරොත්තුව විය.
    දේශපාලන පසුබිම යටතේ ගාන්ධීතුමා අනේකවිධ හිංසන - පීඩන තත්ත්වයන්ට මුහුණ දුන්නේ ය. එවැනි හිංසන - පීඩන තත්ත්වයන් තවත් පුද්ගලයකුට අත් නොවෙත්වා! යන්න එතුමාගේ ප්‍රාර්ථනය විය. මන්ද යම් පුද්ගලයෙක් මනසින්, වචනයෙන්,
    ar-13.jpg
    ක්‍රියාවෙන් අහිංසාකාරී ව සහ සත්භාවයෙන් ජීවත් වෙයි ද, අවසානයේ ඔහුට සිදුවන්නේ තම ආත්මය පවා පරිත්‍යාග කිරීමට යි.

    “සත්‍ය තුළින් ජීවිතය පූර්ණත්වයට පත්කර ගැනීම කලාවයි. යම් කෙනෙක් උතුම් ලෙස තම ජීවිතය ගොඩනගාගන්නේ ද ඔහු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් වන්නේ ය. එමෙන් ම සියලු ම ජනයාට තේරුම් ගත හැකි සාහිත්‍යයකට සහ කලාවකට මම බෙහෙවින් ඇලුම් කරමි.” සාහිත්‍ය සහ කලාව පිළිබඳ ව ගාන්ධීතුමාගේ දැක්වූයේ එවැනි අදහසකි.
    ජනතාව අතරට ආදර්ශවාදී අදහස් රැගෙන යාමට තමාගේ මුළු ජීවිතය ම කැප කළ ගාන්ධීතුමා අතින්, යම් දෙයක් ලියවුනේ ද එය සත්‍යයේ සහ අහිංසාවාදයේ වර්ණනාවක් විය. ඇත්තෙන් ම එතුමා ආගම ප්‍රචාරය කිරීමේ ශාස්තෲවරයෙක් නොවී ය. විනය ගරුක සමාජ ශෝධකයෙක් විය. එක් අවස්ථාවක එතුමා පැවසූයේ “ඕනෑම මොහොතක මම මරණයට සූදානම්. මා මැරෙන මොහොතේත් මගේ මුඛයෙන් පිටවන්නේ ‘අහිංසාව‘ යන වචනය යි.
    මන්ද මගේ ශබ්ද කෝෂයේ ‘හිංසාව‘ යන වචනය ඇත්තේ ම නැත. එමෙන් ම ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට මා සතුව ඇති එකම ආයුධයත් ‘අහිංසාව‘ යි. මේ ලෝකයේ සත්‍යවාදීව ක්‍රියා කිරීම නිසා කිසියම් පුද්ගලයෙක් යම් අගෞරවයකට අවමානයකට පත්වන්නේ ද එම අවසාන පුද්ගලයා මම වෙමි.”
    1948 ජනවාරි 30 වන දින මුළු ලෝක ප්‍රජාව ම කම්පා වූ දිනයකි. සාහසිකයකුගේ වෙඩි පහරින් ගාන්ධීතුමා ඝාතනයට ලක්වූයේ එදින ය. භාරත මාතාව සිප ගනිමින් ඇගේ ඇකය මත අවසන් හුස්ම හෙළූ මේ යුග පුරුෂයාගේ අවසාන ප්‍රාර්ථනය වූයේ මෙය යි. අහෝ දෙවියනි! මගේ නොව ඔබවහන්සේගේ අණසක, බලමහිමය මේ ලොව තුළ පතුරවා සත්‍ය ජය ගැනීමට ඉඩ දෙන්න.”
    අමානි වික්‍රමආරච්චි



    UPUTA GANIMA
    http://www.silumina.lk/punkalasa/20101212/_art.asp?fn=ar10121219




     
    • Like
    Reactions: rx_storm_aight