ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කිරීමේ අරමුණ ඇතිව අන්තර්ජාතික වශයෙන් ගෙන ගිය සියලු කුමන්ත්‍රණ එකින් එක බිඳ වැටෙමින් පවතී. එල්.ටී.ටී.ඊ. ගැති පිරිස් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගොනු කරන ලද සියලු බොරු ප්‍රචාර එකින් එක පුස්සක් බවට පත්වෙමින් තිබේ. මානුෂීය මෙහෙයුමේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ බිම් මට්ටමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳ කිසිම අවබෝධයක් නැති එතෙර ජීවත් වන දෙමළ ඩයස් පෝරාවට තවදුරටත් දෙමළ ජනතාව මුලා කරන්නට නොහැකි වන සේ ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය හා රටේ ප්‍රතිරූපය ස්ථාපිත කෙරෙන ක්‍රියා මාර්ගය අතිශයින් ඵල දරා තිබේ.
ලෝකයේ විනයගරුක වූත්, මානව හිතවාදී වූත් එකම හමුදාව ලෙස කොටි මර්දනයකොට අවසන් මෙහෙයුමේදී ක්‍රියා කළ ආකාරය දිනෙන් දින තහවුරු වෙමින් තිබේ. කොටින්ගේ පාලනය යටතේ හිරවී සිටි සියලු පිරිස්වලට ආහාර හා බෙහෙත් යැවූ ආණ්ඩුව දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ. මර්දනයෙන් බේරා ගැනීමට කැප වූ ආකාරය තහවුරු කෙරෙන තවත් සාක්ෂියක් ලෙස අලුතින්ම කරුණු ඉදිරිපත් කර සිටින්නේ කොටි දේශපාලන අංශ ප්‍රධානී ලෙස පෙනී සිටි තමිල් සෙල්වම්ගේ බිරිඳ ශෂිරේඛා මහත්මියයි.
සති අන්ත ඉංගී්රසි පුවත්පතක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ඇය සුදු කොඩි කතාවත් හමුදා පාලන ප්‍රදේශයට පැමිණි සිවිල් ජනතාව මානව හිතවාදීත්වයෙන් පිළිගත් ආකාරයත් සියැසින් දුටු තවත් හොඳම සාක්ෂියක් වන්නේද තමිල් සෙල්වම්ගේ බිරිඳයි.
හමුදා පාලන ප්‍රදේශයට එමින් සිටි අහිංසක දෙමළ ජනතාව ආදරයෙන් පිළිගත් සැටිත්, කිසිවකු සුදු කොටි රැගෙන පැමිණියේ නැති බවත් තහවුරු කරන ශෂිරේඛා තමන්ට හා තම දරුවන්ට ආරක්ෂක හමුදාව සැලකූ ආකාරය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.
සුදු කොඩි රැගෙන කිසිවකු හමුදාව වෙත නොපැමිණි බව තහවුරු කරන ඇය නිදහස ලබා එන කිසිම දෙමළ සිවිල් වැසියකුට වෙඩි නොතැබූ බවද ඇය තහවුරු කර තිබේ. මුදල්වලට කෑදරකමින් මාතෘ භූමියට එරෙහි ව්‍යාජ චිත්‍රපටි හැදූ සුළු පිරිසත් බොරු ප්‍රචාර ජාත්‍යන්තරව ගෙන ගිය ශ්‍රී ලංකාවේ පිරිස දැන් ජාත්‍යන්තරය හමුවේ හෙළිදරව් වෙමින් පවතී.
සාර්ථක ලෙස අවසන් වූ මානුෂීය මෙහෙයුමෙන් පසු දෙමළ ජනතාව යළි පදිංචි කිරීමටත්, ඔවුන් හොඳ පුරවැසියන් සේ සමාජගත කිරීමටත් ගනු ලැබූ උතුරු වසන්තය සහ නැඟෙනහිර නවෝදය වැඩ පිළිවෙළත් ඒ සඳහා කෝටි ගණනින් මුදල් වැය කළ ආකාරයත් උතුරට ගිය විදේශික ප්‍රජාව සහතික කර තිබේ. මානුෂීය මෙහෙයුමකින් පසු සිවිල් ජනතාව මේ තරම් වේගයෙන් සහ ක්‍රමවත්ව යළි පදිංචි කළ වෙනත් රටක් ගැන වාර්තා වී නැත.
අද උතුරේ තත්ත්වය සියැසින් දැක ගැනීමට නම් කළ යුත්තේ එතෙරට වී අනුන්ගේ ලණු ගිලින්නේ නැතිව මෙතෙරට පැමිණ තත්ත්වය අවබෝධ කර ගැනීම බව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා අවස්ථා කීපයකදී එතෙර සිටින දෙමළ ඩයස් පෝරාවට ආරාධනා කර සිටියේ ය. එපමණක් නොව උතුරට පැමිණි අහිංසක දෙමළ ජනතාවට උදව් කරන ලෙසත් එතුමා ඉල්ලා සිටියේ ය.
දැනට ජාත්‍යන්තරය පෙළ ගැසෙමින් සිටින වාතාවරණයත් ශ්‍රී ලංකාව නියෝජනය කරන විදේශ දූතයන් ක්‍රියා කරන ආකාරයත් නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනගිය සියලු ප්‍රචාරයන් අසත්‍ය බොරු බේගල් බවට පත්වෙමින් තිබේ. කවදා හෝ සත්‍යය ජයගත යුතුය. ලෝක ප්‍රජාව හැමවිටම සත්‍යයට නැඹුරු විය යුතුය. එය කිසිදාක අසාර්ථක නොවනු ඇත.
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ඉතා කෙටි කාලයකදී මර්දනය කළ එකම රටත්, මානුෂීය මෙහෙයුමකින් ජනතාව සුවපත් කළ එකම ආණ්ඩුවත් ශ්‍රී ලංකාව බව ලෝකයට හඬගා කියන්නට අපට ශක්තිය තිබුණි. කිසිදාක ඔප්පු කළ නොහැකි යුද අපරාධ චෝදනා අඩංගු චැනල් 4 චිත්‍රපටියේ අමු ප්‍රෝඩාව කිසියම් කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බව ජාත්‍යන්තරයට ඔප්පු කරන්නට ආණ්ඩුවත් විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යංශයත් ගනු ලැබූ පියවර හමුවේ බොරුව ලෝකයට අනාවරණය වී තිබේ. සත්‍යය එකින් එක පියවරින් පියවර හෙළිවෙමින් තිබේ. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කළ බටහිර කුමන්ත්‍රණ සියල්ල බොරුවෙන් ආලේප කළ ව්‍යාජ චිත්‍රයක් බව ලෝකය හමුවේ සනාථ කරන්නට හැකි වී තිබේ.
බොරුවට ආයුෂ නැත. සත්‍යය කවදා හෝ ජයගනු ඇත. බොරුවෙන් රට මුලා කරන බොරුකාරයන්ගේ වෙස් මුහුණු ගැලවෙනු ඇත. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරන්නට කිසිවකුට ඉඩක් නැත.