සත්‍ය~දැනගමු~මුලාවෙන්~මිදෙමු

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
සත්‍ය~දැනගමු~මුලාවෙන්~මිදෙමු

මෙය සත්‍ය දැනගැනීමට අවශ්‍ය මිතුරන් උදෙසා පමණක් බව කරුණාවෙන් සලකන්න.

එබැවින් සත්‍ය දිරවන්නේ නැති අය ඇතොත් මෙහි නිස්කාරනේ කාළය කාදැමීමෙන් වලකින්න.තවද මෙය රෙප් ගැනීමට හා ප්‍රසිද්ධ්ය උදෙස නොවන බවත් මාගේ මාතෘ භුමිය බොරුකාර වෙලෙඳන්ගෙන් මුදවාගැනීමට අවශතාවය නිසත් බව සලකන්න.


මිතුරනි ඔබගේ මිතුරන් හෝ ඥතීන් මෙම අන්ධ විශ්වාසයේ එල්බ ඇත්නම් කරුණකර කරුණු වටහා දී මේ උතුම් වු ගෞතම බුද්ධ රාජ්‍ය බේරා ගනිමු.

අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ වදාලවු ධර්මයෙ පිහිටමු.

ඔබ මෙම රූප රචනය බලා අනෙක් අයටද මිත්‍යාවෙන් මිදීම පිනිස අදහස සටහන් කර යන්න.
නුවණින් සිතා බලා තීරනය කර අන් අයවද මිත්‍යවෙන් ගලවීම උතුම් පුණ්‍යක් ක්‍රියවක් වග මතක තබා ගන්න.


බුදුසසුන බැබලේවා.සියලු සතුන් මිත්‍යදෘෂ්ඨියෙන් මිදි උතුම්වූ නිර්වාණ අවබෝධය සාක්ෂත් කිරීමට හේතු වාසනා ලැබේවා!!!

ඔබ සැමට තෙරුවණ් සරණයි!!!





ඔබගේ comment එක අන් අයටද සත්‍ය දැනගැනිමට හැකිවන බව මතක තබා ගන්න
 

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
බුදුසසුන බැබලේවා.සියලු සතුන් මිත්‍යදෘෂ්ඨියෙන් මිදි උතුම්වූ නිර්වාණ අවබෝධය සාක්ෂත් කිරීමට හේතු වාසනා ලැබේවා!!!
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පිංසිද්ද වෙන වැඩක් සහෝදරයා...............
ඇත්තටම මේ අනවබෝධය තිබුන සමහරුන්ට..........
මම නම් පුළුවන්තරම් අයව දැනුවත් කලා ඔය ගැන......
ද්න්නම් ඔය තත්වය ටිකක් අඩුවෙලා නේද.............
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයම කතාකරන thread එකක් නම් කොච්චර හොඳද යාළුවා!! මමත් එක පයින් නෙවෙයි හතර ගාතෙන්ම කැමතියි!! ඒත් මුළු හදවතින්ම, කටපුරා 'බුදුසසුන බැබලේවා' කියල කියන්නේ සත්‍ය දැකල අවබෝධකළ සීමිත පිරිසකුත්, අවබෝධකරගන්න මහන්සිගන්න ශ්‍රද්ධාවන්ත සීමිත පිරිසකුත් විතරයි නේද යාළුවා? යමක් තෙරුම්ගත්තු ආර්ය ශ්‍රාවකයෝ හැමෝම අනික් අයටත් අවබෝධය පිණිස උදව් කරන්න, උපකාර කරන්න අවංක උත්සාහයක් දරණවා... ඒක ධර්මයෙන්ම ශ්‍රාවකයන්ට ලැබෙන උතුම්, වටිනා ගුණාංගයක්. ඒත් සත්‍ය දකින්න, අවබෝධකරන්න තිබිය යුතු ගුණාංග වන ණුවනින් විමසීමේ හැකියාව, 'යෝනිසෝමනසිකාරය' තියන බුද්ධිමත්, පින්වත් පිරිස දැන් කාලේ හරිම අඩුයි. බුදුහාමුදුරුවෝ මේ කාලයට කිව්වේ කරමැටි සහිත නිසරු පසක්ය කියලනේ... දැන් ඉන්න තරමක් ඉන්නේ කඳයි, බඩයි, කටයි, අහවල් එකයි විතරක් තියන පිරිසක් තමයි. උන් අහුවෙන්නෙම බොරුවලට මයි! ඒක වෙනස් කරන්න අපි කොච්චර උත්සහ ගත්තත් සැහෙන අමාරුයි යාළුවා. අවාරෙට පොල් වැටෙනවා වගේ ලක්ෂ කොටි ගණනක් අතරෙන් එකයි දෙන්නයි තමයි ධර්මය හරියට අල්ලන්නේ. උන් අනිවාර්යයෙන් ගොඩ යනවා. ඒත් එහෙම අමාරුවෙන් අමාරුවෙන් හරි ගොඩ ගියපු, ප්‍රතිඵල ලබපු අයත් උපකාර කරනවා නම් නිසරු පසේ උනත් සැහෙන පලදාවක් ලබන්න බැරිවෙන එකක් නැහැ කියන එක තමයි මගේ නම් එකම විශ්වාසය. ප්‍රයෝජනවත් දෙයක් හැටියට මම දකින්නෙත් එච්චරම තමයි! ඒ වෙනුවෙන් කැපවෙන ඕනෙම කෙනෙකුට මාත් අවන්කවම සහයෝගය දෙනවා.