සත්‍ය දේශපාලනය අවබෝධ කරගන්න
මේ දිනවල වැඩි වශයෙන් කතාවට ලක්වන දේශපාලනය, දේශපාලනය යනු දැන් මා හට අප්‍රිය ජනක මාතෘකාවකි. මන්ද යත් මෑත කාලයේ දේශය පාලනය කරන්නන්නන්ට වඩා බිහිවී ඇත්තේ දේශ පාලුවන් වීමයි.
මෑත කාලීන දේශපාලන ඉතිහාසය අධ්‍යනය කිරීමත් සමග අප තේරුම් ගත යුත්තේ ඉතා අල්ප පිරිසක් හැරුනුකොට අන් සියල්ලන්ම පාහේ
• ජාතිකත්වය
• සිංහල ජාතිය, දෙමල ජාතිය,මුස්ලිම් ජාතිය
• යහපාලනය
• ආශ්චර්ය
යනාදී විවිධාකාරයේ පාඨ ඉදිරිපත් කරමින් ජනතාව ඉදිරියට පැමිණෙන්නේ රටට ජාතියට මව්බිමට ඇති නය පියවීමට ඇති සැබෑ අරමුණකින් නොව හුදෙක් බහුතරයක් ඔවුන්ගේ මඩිය තර කර ගැනීමේ අරමුණින් සහ තවත් පිරිසක් තමන්ගේ බලය වැඩි කරගැනීමට ඇති අසීමිත ආශාව සහ තවත් පිරිසක් අන්‍යන්ට යටත් නොවී සෑම තැනකම ඉදිරියෙන් සිටීමට ඇති ආශාව , පෞද්ගලික පලිගැනීම් , විකුර්ති මානසිකත්වය ආදී කරුණුය.
එයට උදහරන මට වඩා හොදට තමන්ගෙ ගම්වල ප්‍රාදේශීය දේශපානය කරුවන් , ප්‍රධාන ආධාර කරුවන් දෙස වඩා විමසිල්ලෙන් බැලු කල පැහැදිලි කරගත හැක.
කුමන ආකාරයේ දේශපාලන කරුවකුට වුවත් අත්‍යවශ්‍ය නැතුවම බැරි පිරිසක් ඇත. ඒ මහජන කැමැත්තයි. දේශපාලනය හුදෙක් කථිකත්වය ඇති තැනැත්තාට ප්රමුඛ තැනක් හිමිවන තැනක් බව මා අධ්‍යනය කල දේශපාලන ඉතිහාසය තුල ඇති කරුනු සමග මට හැගී යයි. මන්ද යත් ඇතැම් වැඩිහිටි තරුණ පිරිසට යම් කිසි කරුණක් නිසි ආකාරයෙන් මනා කථිකත්වයකින් ඔවුන්ගේ මනසට ඇතුලත් කල පසු ඒ මතය වෙනස් කිරීමට කිසිවකුට අපහසුය. මනොවද්ය වේදය ගැන අධ්‍යනය කරන අයකුට මට වඩා හොදට මෙය පැහැදිලි කල හැකි බව මාගේ විශ්වාසයයි.
මාගේ විශ්වාසය නම් බොහෝ පළාත් වල ඇති ස්ථාවර ජන්ද නිර්මාණය වී ඇත්තේ මේ ආකාරයටමය. එය හුදෙක්ම කතිකත්වයම පමණක් යයි මා පිලිනොගාමී. පෙර දේශපාලකයන් ඔවුන්ගේ පළාතට සිදු කල සේවය ඔවුන්ට පෞද්ගලිකව සලකු අකාරය ආදී බොහෝ කරුණුද එයට ඇතුලත්ය.
මෑත කාලීන ජන්ද ක්‍රමය සැලකීමට ගත් කල විමසීමෙන් අවධාරණය කරගත යුතු කරුණු කීපයක් ඇත.
• සෑම පුරවැසියෙක්ම රටේ සිදුවන සෑම ක්‍රියාවක්ම නොදන්නා බව.
• ඇතැමෙක් යහපත් ප්‍රයෝජනවත් ලෙස දකින දේ ඇතැමෙක්ට වැඩකට නැති යමක් විය හැකි බව.
• රටේ කුමන දේ සිදුවුවත් තමන් එල්බගන සිටින මතයෙන් මිදීමට අකමැති පිරිසක් සිටින බව
• රටට කුමන දේ සිදු වුවත් හිතට හැගෙන පාවෙන චන්දදයකයන් පිරිසක් ඇති බව.
• පාලකයන්ගේ සෑම ක්‍රියාවක් ගැනම අවධානයෙන් සිටින බුද්ධිමත් පිරිසක් ඇති බව සහ තමාත් එවැනි බුද්ධිමතෙක් යයි සිතා සිටින නමුත් අන්‍යන්ගේ සංවාද සාකච්චා දෙස බලා සිට බහුතර කැමැත්ත සහ වැඩියෙන්ම සාකච්චාවට බදුන් වන පුද්ගලයට චන්දය පාවිච්චි කරන පිරිසක්ද සිටින බව.
මැතිවරණ, අපේක්ෂකයන්, ප්‍රතිපත්ති ගැන සාකච්චා කරන මහා ලොකු විවාද කරන අන්‍යන්ගේ සංවාද අසා සිට ඒවගෙන් ඇසු දුටු දේ සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් රටේ දේශපානයට උපදේශකයන් වීමට උත්සහ දරන බොහෝ පිරිස ව්‍යවස්ථාව, ආණ්ඩුක්රමය, රටේ දේශපාලන ඉතිහාසය ගැන අබ මල් රේණුවක තරම්වත් දෙයක් නොදන්නා අයයි.
මෑත කාලීන පොස්ට් තෙඩ් දෙස බැලු කල මට දැනුන හැගුන දේ සරලව සහ ඉතා කෙටියෙන් පවසා ඇත. පවසා ඇති සම කරුණකටම පාහේ උදාහරණ සහ විචාර ඉදිරිපත් කල හැක.
දැන් රටට අවශ්‍ය වන්නේ ජතිවදින්වත් දේශප්‍රේමින්වත් යහපාලන බත් බැලයන්වත් නොව රටේ කුහක අවස්ථාවාදී දුෂිත දේශපාලනය ගැන වටහාගත් බුද්දිමත් පිරිසක්.
• ඔවුන් වෙනසක් කිරීමට යැයි රටේ අනන්‍යතාව පාවාදෙන්නන්වත්
• ජාතිවාදය ඉස්මතු කරමින් පවුල් පෝෂණය කරන්නන්වත් නොවිය යුතුය.
මාගේ අදහස් මිට වඩා පැහැදිලි ලෙස උදාහරණ ඉදිරිපත් කරමින් පැවසිය හැක, නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් කෙනෙකුට කඩේ යන පිරිසකට සහ අන්‍යන්ගේ මතයන්ට ගරු කිරීමට නොදත් පහත වචන කතා කරමින් තමන්ගේ මතයට විරුද්ධ මතයන් යට කිරීමට උත්සහ කරන විශාල පිරිසක් මැද අදහස් ප්‍රකාශ කිරීමට සිදු වී ඇති බැවින් මෙලෙස සංශිප්ත ලෙස ඉදිරිපත් කර ඇත.
• රැල්ලට යන දේශපාලනය වෙනුවට
• යටත්වාදී දේශපාලනයක් වෙනුවට
• රැල්ලට යන සැම දෙයක්ම විශ්වාස කරමින් තමන්ගේ දේශපාලන මතය සාදා ගත පිරිසක් වෙනුවට
• එක දෙයක් නිසා අන් සැම ක්‍රියාවක්ම අනුමත කරන පිරිසක් වෙනුවට
පැහැදිලි මතයක් ගොඩනගාගන්න. එම මතය අන්යන් සමග තර්කයෙන් පරාද විය හැක, එම මතය සනාථ කිරීමට දැනට සාදක නොමැති විය හැක, නමුත් එය අන්‍යන්ගේ මතයන්ගේ උකහා ගත එකක් බව විශ්වාස නම්, ඇසු දුටු කරුණු වෙනුවට තමා විසින් අධ්‍යනයෙන් වටහාගත් කරුණක් නම් සැබෑ විශ්ලේෂණයක් අවසානයේත් එය නිවැරදි මතය යයි හැගෙනම් පමණක් එය විශ්වාස කරන්න.
රැල්ලට යන දේශපාලනය දේශපාලන අදහස් වලින් මිදෙන්න.
ස්තුතියි.

Last edited: