සත්‍ය සිදුවීමක් - But very funny
වෙල්යාය මැදින් ගමට වැටී ඇති පාර වංගු සහිතය. තරමක වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් ගේට්ටුවෙන් ඇතුල් වෙනවා නන්දනී දුටුවාය. යතුරුපැදිකරු කඩවසම්ය. ඒ කඩවසම් බවට ගාම්භීරත්වය එක් කළේ කෙසෙල් දළුපාට කරපටියයි. ඔහු පිළිවෙළකට ඇඳ පැළඳ සිටියේය.
ඔහු අත තිබුණ ලිපිගොනුව රෝස පාටය. නන්දනී එක්දරු මවක්ය. ගමේ ගොඬේ හැදුන වැඩුන ගැහැනියක ලෙස ඇය කුලෑටිය. නූගත්ය. සමාජශීලී නැත. ලෝකයේ සිදුවන දේ ගැන අවබෝධයක් ඇයට නැත. සාමාන්‍ය දැනීම අල්පය. ඇය ළිඳේ ඉන්න ගෙම්බියක් වගේය.
පිරිපුන් අ`ගපස`ගින් හෙබි ඇය සත්තකින්ම ලස්සනයි. යතුරුපැදියෙන් පැමිණි මහත්තයා ඇයට සර් කෙනෙක්ය.
‘‘එන්න සර් ඇතුළට’’ ඇය ඔහු පිළිගත්තේ බොහොම ගරුසරු ඇතිවය.
‘‘මං සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්. ඔයාගේ නම කොහොමද?’’
‘‘නන්දනී වීරක්කොඩි’’ ඔහු සටහන් කර ගත්තේය.
‘‘ස්වාමි පුරුෂයාගේ නම’’
‘‘කාංචන වීරක්කොඩි’’
‘‘කොහෙද වැඩ කරන්නේ’’
‘එයා පොලීසියේ සාජන් කෙනෙක්. දැන් ඉන්නේ වව්නියාව පොලීසියේ’’
‘‘දුවගේ නම’’
‘‘නිසංසලා වීරක්කොඩි’’
‘‘කෝ දැන් එයා’’
‘‘නාලා කිරි බිලා හොඳට නිදි’’
‘‘බබාට ත්‍රිපෝෂ දෙනවනේ’’
‘‘ඔව් සර්’’
‘‘ත්‍රිපෝෂ ගන්නා අම්මලා ගැන මේ දවස්වල අපි පොඩි පරීක්ෂණයක් කරගෙන යනවා. මේ වැඬේ කෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඕනෑකමට. මට දනගන්න ඕනෑ ඔයාගේ කිහිලිවල ගැටිති වගේ මොනවා හරි තියෙනවාද? වයස කීයද දැන්’’
‘‘වයස නම් අවුරුදු විසි දෙකයි. කිහිලිවල ගැටිති නම් නෑ’’ ඇය කීවේ ලැජ්ජාවෙන් බිම බලාගෙනය.
‘‘හොඳයි අපි බලමු. ඔය ඇඳුමෙන් ඉන්න කොට අමාරුයි ඔයා නයිටිය දාගෙන එන්නකෝ’’
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලොකු සර්ට අවනත වූ ඇය නයිටියෙන් සැරසී ඉස්සරහා කාමරයට ආවාය.
‘‘දකුණු අත හොඳට උඩට උස්සන්නකෝ. මම කියන කල් අත පල්ලෙහාට දාන්න එපා’’
ඔහු කිහිල්ලේ සමීප පින්තූරයක් ගත්තේය. පින්තූරය ගත්තත් අත පහළට දාන්න යැයි ඔහු කීවේ නැත. තව චුට්ටක් උස්සාගෙන ඉන්න. මං කියන්නම් එතකොට පල්ලෙහාට දාන්න.
ඊළ`ගට වම් අතය. වම් කිහිල්ලේ සමීප ඡුායාරූපයද ‘‘ ඩිජිටල්’’ කැමරාවේය.
‘‘ආයේ එන්න වුණොත් එන්නම්’’ යැයි කියූ ඔහු යන්න ගියේය. යතුරුපැදිය ගේට්ටුවෙන් පිටවෙනවාත් සමගම ආවේ කඬේ ගිය නන්දනීගේ නැන්දම්මාය.
‘‘කවුද ළමයෝ ඒ මහත්තයා’’
‘‘සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සර් කෙනෙක්. ත්‍රිපෝෂ ගන්න අම්මලා ගැන පරීක්ෂණයක් කරනවා’’
‘‘ත්‍රිපෝෂ ගන්න ළමයි ගැන එපැයි පරීක්ෂා කරන්න. අම්මලාගේ මොනවද පරීක්ෂා කරන්න තියෙන්නේ’’
‘‘අම්මලාගේ කිහිලිවල ගැටිති තියනවාද කියලා බලනවා’’
‘‘ඒ මොන විකාරයක්ද? මම නම් මගේ ජීවිතේටම ඔය ඇහුවමයි. ඔය ළමයා මොනවටද කවදාකවත් දැකලා නැති මිනිහෙකුට කිහිලි පෙන්නන්න ගියේ. නැන්දම්මා කඬේ ගියා ඉක්මණට එයි ආවම මං කිහිලි පෙන්වන්නම් කියලා කියන්න තිබුණනේ’’
දින කිහිපයකට පසු නන්දනීගේ සැමියා ගෙදර ආවේය.
මව ත්‍රිපෝෂ කිහිලි ගැටිති කතාව පුතාට කීවාය.
‘‘නන්දනී මෙහෙ වරෙන්. උඹ මොකටද මේ එක එකාට උඹගේ කිහිලි පෙන්නන්න ගියේ. කොහෙද යන මානසික රෝගියෙක් වනචරයෙක් වෙන්න ඇති. ත්‍රිපෝෂ කන බබාගේ කිහිලි බැලූවා නම් ප්‍රශ්නයක් නෑ. මූ බලලා තියෙන්නේ ත්‍රිපෝෂ කන බබාගේ අම්මගේ කිහිලි දෙක. කිහිලි දෙකේ පොටොත් ගත්තලූ.
අම්මා මට මේ කිහිලි කතාව කියන කල් උඹ මට කීවේ නෑ. මේකේ මොකක් හරි දෙයක් තියෙනවා’’ ඔහු ඇයට පහර දෙක තුනක් ගැසුවේය.
‘‘මං පොලීසියේ සාජන් කෙනෙක්. මේ කතාව පොලීසියට කියන්න ලැජ්ජයි මට. ඒත් මං මේක පොලීසියට කියන්න ඕනෑ. ලෑස්ති වෙනවා පොලීසි යන්න’’
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ කාන්තා කාර්යංශ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය කිහිලි ගැටිති පැමිණිල්ල විභාග කළාය.
පොලීසිය - තමුන් මේ තරම් මෝඩද? මටත් ලැජ්ජා හිතෙනවා. තමුන් පොලීසියේ සාජන් මහත්තයකුගේ භාර්යාව. අද රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන තමුන් දන්නේ නැද්ද? පත්තර කියවන්නේ නැද්ද? ටීවී බලන්නේ නැද්ද? අනෙක් එක දෙයියනේ ත්‍රිපෝෂ කන බබාලගෙවත් කිහිලි බලනවද? නෑ ඒත් ඒ බබාලගේ අම්මලගේ කිහිලි බලනවා.
ඒ කඩප්පුලියා තමුන්ට කියලා තියෙනවා නයිටිය දාගෙන එන්න කියලා. තමුන්ට එතකොටවත් සැකයක් හිතුනේ නැද්ද? නයිටියට තවත් මොනවා හරි කරන්න කීවා නම් ඒකත් කරයි. කිහිල්ලේ ගැටිති තියනවද කියලා බලන්න. නයිටිය අඳින්න ඕනෑද? අත උඩට උස්සපුවාම ගැටිති නැති කිහිලි පෙනෙන්නේ නැද්ද? මොන මෝඩ ගහක්ද කියලා මට නම් හිතාගන්න බෑ. තමුන් මීට ඉස්සර වෙලා මේ මනුස්සයා දැකලා තියෙනවාද?
ඇය - නෑ මිස්.
පොලීසිය - හොඳට මතක් කරලා බලන්න. ත්‍රිපෝෂ ගන්න යන සායනයේ මේ මනුස්සයා ඉඳලා තියෙනවාද?
ඇය - නැහැ මට ඒ වගේ මතකයක් නැහැ.
පොලීසිය - තමුන් දරුවට ත්‍රිපෝෂ දෙන බව ඒ මනුස්සයා දැනගෙන ඉඳලා තියෙනවා. නැත්නම් එක පාරටම ත්‍රිපෝෂ ගැන අහන්නේ නෑ. තමුන්ට තිබුණනේ ඒ ‘‘බයික්’’ එකේ නොම්බරය ‘‘නෝට්’’ කරගන්න. එච්චර සිහියක් කොහෙද? කිහිලි පෙන්නන සිහිය මිසක් නේද?
මේ පුටුවේ ඉඳගෙනම මං පැමිණිලි දහස් ගණනක් විභාග කරලා තියෙනවා. මේ වගේ කිහිලි කතාවක් ගැන විභාග කරන මුල්ම සහ එකම දවස අද. සමහර විට ඔය මිනිහා මානසික රෝගියෙක් වෙන්න පුළුවන්. එක එක විදිහේ ලෙඞ්ඩු ඉන්නවනේ.
තමුන්ගේ කිහිලිවල පොටෝ දැන් බල බලා ඉන්නවා ඇති. ලෙඬේ උත්සන්න වෙලා ආයෙත් කිහිලි බලන්න එන්න පුළුවන්. එහෙම ආවොත් කොහොම හරි මිනිස්සුන්ට පණිවුඩය යවලා ගස් බඳින්න ඕනෑ. ජීප් එක ඇරලා අපි පොලීසියට කුදලගෙන එන්නම්.
‘‘හොඳයි මිස්’’
පොලීසිය - මොනවත්ම කරගන්න බැරි වුණොත් මිනිහා එන වාහනයේ නොම්මරය ලියාගන්න. අනේ ඇත්තට ගෑනි මේ තරම් මෝඩද? ගෑනියෙක් විදියට මටත් ලැජ්ජයි.
මෙත්සිරි. බි. හේරත්