සතියකට වරක්‌ හෝ දෙවරක්‌ නෑම බොහෝ විට ප්‍ර&#351

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සතියකට වරක්‌ හෝ දෙවරක්‌ නෑම බොහෝ විට ප්‍ර&#351

    [FONT=Malithi_Web]දිනපතා නෑම ශරීරයට අහිතකර බව බටහිර වෛද්‍යවරු පවසති - සතියකට වරක්‌ හෝ දෙවරක්‌ නෑම බොහෝ විට ප්‍රමාණවත්

    [/FONT]

    [FONT=Malithi_Web]fShare

    suwa4.jpg
    දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස්‌ පැලීම් සිදු වන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටින්නීය.

    බොහෝ දෙනා දිනපතා නෑමෙන් රෝග වැළඳීමේ අවදානම අඩුකරගත හැකි බව විශ්වාස කළද එසේ නෑම හරහා ශරීරයේ දුර්ගන්දය ඉවත් කිරීම පමණක්‌ සිදුවන බව ඇය සඳහන් කර ඇත. මෙම මතයට සිය අදහස්‌ එක්‌ කරන ඇමරිකා එක්‌සත් ජනපදයේ ජෝඡ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය සී.

    බ්‍රෙන්ඩන් මිචෙල්ට අනුව නිරතුරුව සම සේදීමට ලක්‌ කිරීමෙන් සමෙහි අඩංගු ස්‌වභාවික තෙල් ඉවත්කරන අතර එහිදී ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට හිතකර බැක්‌ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයටද එය බලපෑම් එල්ල කරනු ලබයි.

    "දිනපතා ජලය නෑම මේ නිසා අනවශ්‍යයි. සතියකට වරක්‌ හෝ දෙවරක්‌ නෑම බොහෝ විට ප්‍රමාණවත්' වෛද්‍ය මිචෙල් කියයි.

    බොහෝ දෙනා නොදන්නා කරුණක්‌ වනුයේ මිනිස්‌ සිරුර ස්‌වභාවිකවම තෙල් වලින් පරිපූර්ණ යන්ත්‍රයක්‌ බව යෑයිද බොහෝ දෙනා වැඩිපුර නෑමෙන් එම තත්ත්වය නැතිකර ගන්නා බව ඔහු සඳහන් කරයි.

    බටහිර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනුයේ නාන විටදී සිරුර පුරාම සබන් ගැලීමෙන් වැළකීම වැදගත් වන අතර කිහිල්ල හා පාද වැනි දුර්ගන්ධය හැමිය හැකි ස්‌ථානවල පමණක්‌ සබන් ගැල්වීම සිදුකළ යුතු බවයි.

    වියළි හිස කෙස්‌ පවතින අයෙකු සති කිහිපයකට වරක්‌ එය සේදීම ප්‍රමාණවත් බවත් ඉස්‌හොරි හා හිස කෙස්‌ ආශ්‍රිත ගැටලු පවතින අයට සතියකට කිහිප වරක්‌ ශැම්පු යොදා හිස කෙස්‌ සේදීම කළ හැකි බව ද ප්‍රකාශ වී තිබේ.

    අවශ්‍ය පමණට වඩා සම ජලයෙන් සේදීමෙන් ශරීරයේ ජීවත්වන ශරීරයට හිතකර බැක්‌ටීරියා වෛරසය හා අනිකුත් විෂබීජවලට හානි පැමිණෙන බව මෙයට පෙර අධ්‍යයනවලින් හෙළිවී තිබේ.

    දිනපතා නෑම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති වෛද්‍ය ලාසන්ට අනුව දිනපතා නිරතුරුව දෑත් සබන් යොදා හොඳින් සේදීම මෙන්ම රෙදි සේදීම කෙරෙහි හැමට වඩා ජනතාව අවධානය යොමු කළ යුතු වෙයි.

    මේ හරහා ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු වන බවට ඇය පවසන්නීය.

    වෛද්‍ය මිචෙල්

    [/FONT]
     
    • Like
    Reactions: ulta

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එක එක දොස්තරල ෆේමස් වෙන්න එක එක කතා කියනව බන්. අපේ සීය හැමදාම උදේ 7ට නානව. අවුරුදු 92න් මැරුනෙ. පැනඩෝල් පෙත්තක් බීල නෑ. ඒ පුරුද්ද මටත් ආව. හෙම්බිරිස්ස සෙම අමාරුවක් ආවත් බෙහෙත් බිබී නාන්න ඕනෙමයි හැමදාම. නෑවෙ නැත්තන් තමයි ඇගට අන්ෆිට්.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක එක දොස්තරල ෆේමස් වෙන්න එක එක කතා කියනව බන්. අපේ සීය හැමදාම උදේ 7ට නානව. අවුරුදු 92න් මැරුනෙ. පැනඩෝල් පෙත්තක් බීල නෑ. ඒ පුරුද්ද මටත් ආව. හෙම්බිරිස්ස සෙම අමාරුවක් ආවත් බෙහෙත් බිබී නාන්න ඕනෙමයි හැමදාම. නෑවෙ නැත්තන් තමයි ඇගට අන්ෆිට්.

    :yes::yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    mun thambinegen adara aragena oya parikshana samikshana karanne unta paksha widiyata. nanne nathuwa inne kohomada ban. balapan thabiyek lagin yanakota nahe thiyan inna ba. :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බටහිර ඉතාම හොඳ දේවල් තියෙනවා. හැබැයි එයාල කියන හැම දේම ඇහුවොත් අපිට වෙන්නේ විනාශයක්. අපි වගේ දූවිලි සහ තෙතමනය පිරුණු, බහුතරයක් Deodorant පාවිච්චි කරනවා තියා මොනවද කියලවත් නොදන්නා සමාජයක සතියක් නාන්නේ නැතුව හිටියොත් හොඳට තියෙයි. බලපන් හවසක බස් එකක යනකොට තියෙන ගන්දස්සාරේ. :no:

    හැමදේකම තියෙනවා Benefits over harm / risks කියල දෙයක්. මේ වගේ ඒවා promote කරන්නවත් එපා අපේ වගේ සමාජයක.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    එක එක දොස්තරල ෆේමස් වෙන්න එක එක කතා කියනව බන්. අපේ සීය හැමදාම උදේ 7ට නානව. අවුරුදු 92න් මැරුනෙ. පැනඩෝල් පෙත්තක් බීල නෑ. ඒ පුරුද්ද මටත් ආව. හෙම්බිරිස්ස සෙම අමාරුවක් ආවත් බෙහෙත් බිබී නාන්න ඕනෙමයි හැමදාම. නෑවෙ නැත්තන් තමයි ඇගට අන්ෆිට්.

    Sirawta ban, Ape Purudu Ekka Ape Body E widihata Hada gahenawa, Anuwarthanaya wenawa. :):yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    එක එක දොස්තරල ෆේමස් වෙන්න එක එක කතා කියනව බන්. අපේ සීය හැමදාම උදේ 7ට නානව. අවුරුදු 92න් මැරුනෙ. පැනඩෝල් පෙත්තක් බීල නෑ. ඒ පුරුද්ද මටත් ආව. හෙම්බිරිස්ස සෙම අමාරුවක් ආවත් බෙහෙත් බිබී නාන්න ඕනෙමයි හැමදාම. නෑවෙ නැත්තන් තමයි ඇගට අන්ෆිට්.

    :yes::yes::yes::yes:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    බටහිර ඉතාම හොඳ දේවල් තියෙනවා. හැබැයි එයාල කියන හැම දේම ඇහුවොත් අපිට වෙන්නේ විනාශයක්. අපි වගේ දූවිලි සහ තෙතමනය පිරුණු, බහුතරයක් Deodorant පාවිච්චි කරනවා තියා මොනවද කියලවත් නොදන්නා සමාජයක සතියක් නාන්නේ නැතුව හිටියොත් හොඳට තියෙයි. බලපන් හවසක බස් එකක යනකොට තියෙන ගන්දස්සාරේ. :no:

    හැමදේකම තියෙනවා Benefits over harm / risks කියල දෙයක්. මේ වගේ ඒවා promote කරන්නවත් එපා අපේ වගේ සමාජයක.

    office wala ac eke dawasama inna ewun hawasata dadiya dagena gadagahaha bus train yanwa

    ude idan hawas wenakan dadiya dagena wadakarana mechanics la baas la hawasata naaala sent powder gahan gedara yanwa

    :lol:
    deodarnat kiyanae thawa labbak
    agata hoda naha

    dinapatha nana age ushne nathi ewun gawa ohoma dadiya ganda naha

    dawasa ganae mas gilina thambili gediak wath bonne nathi ponnayo gawa nam malamini gadayi dadiya dapuwama :dull: