අපේ සිත සෑම විටම බාහිර ලොව සමඟ බැඳී වෙළී ගැට ගැසී පවතී. ඇසින් දකින, දුටු දෙයක් ගැන හෝ, ඇසූ, අසෙන දෙයක් ගැන හෝ, විඳින, විඳි දෙයක් ගැන හෝ ආදී ලෙසින් සෑම විටම පාහේ මේ කය සහ සිත ඇසුරු කරගෙන පිට ලෝකයෙන් ලැබූ අරමුණක් කෙරෙහි ඇලෙමින් හෝ ගැටෙමින් පවතී. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හයෙන් , මුල් කී පහෙන්ම විඳීමක් ලැබෙන්නේ මේ මොහොතේ පමණි. ඒවා එතනම එතනම නිරුද්ධ වී යයි. නමුත් මනස එසේ නොවේ. අනෙක් ආයතන පහෙන් සහ මනසෙන් විඳින ලද අරමුණු නැවත නැවත මෙනෙහි කරමින් විඳින්නට මනායතනයට හැකියාව ඇත.
ඔබ ඊයේ රාජකාරී ස්ථානයේදී වූ සිදුවීමක් සිතන්න. කෙනෙක් ඔබට බැන්නා යැයි සිතන්න. ඒ මොහොතේ ඒ බැනුම එතනම ඉවර විය. නමුත් අදත් ඔබ එය මතක් කරමින් දුක් වෙන්නේ, ඔබේ කනට නැවත එම ශබ්දය ඇසෙන නිසා නොවේ. මනස මගින් ඒ සිදුවීම නැවත නැවත මෙනෙහි කරමින් නැවත නැවත විඳීම් සකස් කරවයි. මෙලෙසින් සිතා බැලුවහොත් ඇස ,කන , නාසය, දිව, ශරීරය යන කයට සම්බන්ධ ආයතන පහ මඟින් අපව අතීතයට හෝ අනාගතයට ගෙන යන්නේ නැත. නමුත් මනස නම් වු ආයතනය මඟින් ඔබව අතීතයට, අනාගතයට මහත් වූ දුරක් ගෙන යා හැක.දැනට අවුරුදු 40-50 කට පමණ වූ දුරක් වුවද එයට යා හැක.
මෙසේ වූ අති ධාවන සිතද මේ මොහොත තුළ පමණක් රඳවා ගන්නට හැකි නම්...!
එය කරන්නට ඉතාමත් අපහසුය. නමුත් කළ හැක. එය ක්‍රමානුකූලව කළ යුතුය. එහා මෙහා දුව පනින දඟකාර කුඩා ළමයකු එක තැන නතර කරන්නට එක් වරම බැරි අයුරිනි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයම යනු සිත එලෙසින් හික්මවා ගෙන සිත අවබෝධ කරගෙන, එයින් නිදහස් වීමය. මන්දයත් මුළු සංසාරයම ගොඩ නැඟෙන්නේ සිත පෙරටු කරගෙනය.
සිත එසේ දමනය කර ගන්නට නම්, පළමුව හොද උවමනාවක් තිබිය යුතුමය. කවුරුත් කීවාට නොව, තමන්ගේම හදවත තුළින් එන සැබෑ උවමනාවක් තිබිය යුතුය. එක් එක් අරමුණු ඔස්සේ අතීතයට , අනාගතයට දුවමින් නොයෙකුත් කෙලෙස් සිතිවිලි ඇති කරගනිමින් සසර දිගු කරවන සිත හික්මවා ගන්නට ඔබ තුළින්ම උනන්දුවක් ආ යුතුමය.
සතිය යනු මේ මොහොතේ ඔබ තුළ වන දෑ පිළිබඳව සවිඥාණික බවයි. සරලව සිහිය ලෙසින්ද යොදාගත හැක. ඇතැම් විට අප කරන, කියන, සිතන දේවල් ගැන අපට දැනීමක් ඇතිවන්නේ එහි විපාකය එද්දීය. "මම මෙහෙම කරාද, කිව්වද, සිතුවද" ආදී ලෙසින් අප පසුතැවෙයි. ඇතැම් විට ඔබ සිතුවේ, කිව්වේ, කරේ ඔබට ඕනෑ දේවල් නොවේ. "ඇයි මම එහෙම කිව්වේ, අපරාදේ" ලෙසින් අප පසුතැවෙයි.
බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම සරල ලෙසින් සතිය පවත්වා ගත යුතු අයුරු පෙන්වා දී ඇත .
අප විසින් අපගේ කය පිළිබඳව සතිය පවත්වා ගත යුතුය. මේ මොහොතේ කයේ පවතින ඉරියව්ව ගැන සිහියෙන් සිටිය යුතුය. ඇවිදින විට ඇවිදිනවා ලෙසින් ඔබ දැන සිටිය යුතුය. කෑම කන විට, නාන විට, වාඩිවී සිටින විට ආදී ලෙසිනි. ඔබ දැන් කල්පනා කර බලන්න. ඔබ ස්නානය කරන විට සිත පවතින්නේ ඒ මොහොතේ කය පිළිබඳවද.? බොහෝ විට එසේ නොවේ. ඔබ සිතින් මෙනෙහි කරන්නේ පෙරදා නැරඹූ නාට්ටියක් ගැන විය හැක. මේ අයුරින් එකින් එක මෙනෙහි කර බලන්න. අප බොහෝ කාර්යයන් කරද, සිත එතන පවත්වා ගෙන නැත. මෙසේ කය ගැන සතිය පවත්වා ගැනීම සරල ලෙසින් ආරම්භ කර ගැඹුරින් වුවද කළ හැක. පළමුව කරන කාර්යයන් ගැන සිහිය පවත්වා ගන්නට උත්සාහ කරන්න. මෙය ඔබ සාමාන්‍ය ජීවීතයේදී කළ යුතු දෙයකි. ඒ ඒ වෙලාවට කයේ පවත්නා ඉරියව් ගැන සිහිය පවත්වා ගැනීමයි.
ඉන් පසු මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන යන්න. එනම් කයේ සිදුවන චලනයන් ගැනද සිහිය පවත්වා ගන්න. කෑම කන විට, අනන බව, ඇනූ බත් පිඩ මුවෙහි දා ගැනීම, හැපීම, ගිලීම ආදී ලෙසින් කයේ ක්‍රියාව කොටස් වලට කඩමින් සිහියෙන් බලන්නට පුරුදු වන්න. මේවා කිරීම මුලදී ඉතාමත්ම අපහසුය. නමුත් පුරුදු වූ විට අපහසු නැත. සිත එක එක අරමුණු ඔස්සේ ගොස් විඩාවට පත් නොවී ඔබේ කයේ ක්‍රියාවන් පිළිබඳ සතියෙන් සිටී නම් එය සිතට සැනසුමකි.
අප මෙසේ සිත පුරුදු කරන්නේ සැමදා කය දෙස බලා සිටීමට නොව, සිත මේ මොහොත තුළ රඳවන්නට පුරුදු කිරීමටය. මෙසේ සතිය පුරුදු කරන ඔබ අවසානයේ භාවනාවකට යොමු වූ විට හිත පිට නොයා ඒ භාවනා ආරම්මණයෙහි මනා ලෙස පිහිටයි. ඒ භාවනා අරමුණ තුළින්ද සිදුවන්නේ දසත විහිදෙන සිත එකම අරමුණක් තුළ රඳවා තබා ගැනීමය. එයද අවසානය නොවේ. එම අරමුණ මඟින් සමාධිමත් වන සිතින් අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දැක අවබෝධ කරගන්නටය. ඒවා පියවි ඇසට පෙනෙන දේවල් නොව, ප්‍රඥාවට දැනෙන දේවල්ය. ඒවා එසේ අවබෝධ කරගන්නට තියුණු වූ සතියක්, සමාධියක්, ප්‍රඥාවක් තිබිය යුතුමය. සරල ලෙසින් ආරම්භ කරන ගමනක අවසාන අග්‍ර ඵලය වූ නිවන අත්දකින්නට මෙසේ මූලික තැන සිට පටන් ගත යුතුය.
කය ගැන සිහිය පවත්වා ගැනීම ක්‍රමයෙන් ගැඹුරින් ගැඹුරට කළ හැක. සිත තුළ සතිය වැඩෙත්ම නිරායාසයෙන් ඔබව ඊළඟ පියවරවල් සඳහා යොමුවෙයි. ඇවිදින විට මුලින් ඇවිදිනවා යන්න පමණක් සතියෙන් සිටි ඔබට, එය පුහුණු වු පසු "වම් කකුල ඉදිරියට තැබුවා, දකුණු කකුල" ආදී ලෙසින් සතිය තවත් සියුම්ව පවත්වා ගැනීමට හැකි වනු ඇත. තවත් පියවරක් ඉදිරියට යමින් වම් කකුල ඔසවන විට ඔසවන බවත්, තබන විට තබන බවත් ආදී ලෙසින් අනු ක්‍රියාවන් පිළිබඳවද සිතට වැටහේ. පෙර ඇවිදින විට වෙනත් දේවල් හිතමින් ගිය සිත ඒ සියළු දෙයින් මිදී ඒ කරන ක්‍රියාව තුළ පමණක් පැවතීමෙන්ම ඔබ සිතට අත්වන සහනය ඔබට දැක ගත හැකිවනු ඇත.
අප විසින් සතිය පවත්වා ගත යුතු අනෙක් තුන නම්, වේදනාව, සිත, ධම්ම යන තුනයි.
අපේ කයට හා සිතට නොයෙක් සැප දුක් මැදහත් වේදනාවන් දැනෙයි. සියළු කායික වේදනාවන් විඳින්නේද මනසිනි. සිත නැත්නම් කිසිදු කායික වේදනාවන් දැන්නේ නැත. සිහි නැතිව ඉන්නා විට ශරීරයට කුමක් කළත් අපට ඒ වේදනාව නොදැනේ. කෙසේ වුව අප විසින් අපේ කයට දැනෙන විඳීම් කෙරෙහිත් සිතට දැනෙන විඳීම් කෙරෙහිත් සිහියෙන් සිටින්නට පුරුදු විය යුතුය. පිහියකට අත කැපුණු විට දැනෙන කායික දුක්ඛ වේදනාව කෙරෙහිත්, ඔබ හිස කැක්කුමකින් සිටින විට හිස සම්භාහනය කරන විට දැනෙන කායික සුඛ වේදනාවත්, කෙනෙක් ගැන ඔබට එන ඉරිසියාව නිසා දැනෙන මානසික දුක්ඛ වේදනාවත්, ඔබව කෙනෙක් ඇගයූ විට දැනෙන මානසික සුඛ වේදනාවත් ආදී ලෙසින් වේදනාව ගැන සිහියෙන් සිටිය යුතුය. මේ දෙකටම අයත් නොවන මැදහත් වේදනාවන් ගැනද මෙලෙසින්ම සිහිය පවත්වා ගත යුතුය. මෙයද කලින් දැක්වූ ලෙසින්ම,ආරම්භයේ සරලව පටන් ගෙන ක්‍රමයෙන් සියුම් ලෙසින් සිදු කරනට හැකි වේ. අවසානයේදී ඔබ භාවනාවකදී දැනෙන කායික සුඛ වේදනාවන් හා මානසික සුඛ වේදනාවන් සතියෙන් දකින්නටත් , ප්‍රඥාව තුළින් මේ සියලු සුඛ දුක් වේදනාවන් ජනිත කරවන වේදනා ස්කන්ධයේ යථා තත්වය අවබෝධ කරගන්නටත් මෙසේ පුහුණු වීම අත්‍යවශ්‍යයය.
අනෙක් සතිය පවත්වා ගත යුතු තැන නම්, සිතයි. අපේ සිතට එන යන අනන්ත අප්‍රමාණ වූ සිතිවිලි ගැන සිහියෙන් සිටිය යුතුය. බොහෝ විට තරහක් ඇවිත් අප විසින් දෙයක් කළ පසුවයි අපට සියල්ල පෙනෙන්නේ. මරණයන් සිදුකළ බොහෝ දෙනා පසුතැවෙයි. ඔවුන් ඒවා කරන්නට සිතා සිටියේ නැති බවත් හදිසියේ සිත පාලනය කරගත නොහැකිව දේවල් සිදුවූ බවත් ඔවුන් පවසයි. අපටද එදිනෙදා ජීවීතයේ අනන්තවත් මෙවැනි දේවල් වලට මුහුණ දීමට සිදුවෙයි. මදුරුවෙක් මැරීම යන ක්‍රියාව සිදුවන්නේද කය ගැනවත්, සිත ගැනවත් සතිය නොපවැත්වූ බැවිනි. අප සිතට තරහ ඇවිත් යම් යම් දැ කියවෙයි. දෝෂාරෝපණය කරයි. නමුත් අපට ඒවා ගැන හරි සිහිය එනවිට පමා වැඩිය. රාගයද එලෙසින්මය. හදිසියේ වැරදි ක්‍රියාවලට යොමුවෙයි. නමුත් පසුව ඒවා ගැන දුක්වෙයි. සිතට එද්දිම දෙයක් හඳුනා ගන්නට හැකියාව තිබේ නම් අපට ඒවා පාලනය කර ගැනීමට හැකි වේ. හරියට කෙනෙක් අපේ නිවසට එද්දිම ඔහු හොරෙක් බව දන්නේ නම් අපට පරෙස්සම් විය හැක. නමුත් නොදැන සිටියොත් අලාභ සිදුවේ. සිතත් මෙලෙසිනි. සිතේ ඇතිවන සියළු හොද නරක සිතිවිලි කෙරෙහි සතිය පවත්වා ගත යුතුය. මෙය එදිනෙදා ජීවීතය ඉතාමත් සාර්ථකව පවත්වා ගැනීමටද මහත් උපකාරී වේ. නමුත් මෙහි අග්‍ර ඵලය නම් සිතේ ජනිත වන සංඥාව, වේදනාව, සංස්කාර, විඥණ නම් නාම ස්කන්ධය සමාධිමත් සිතින් දක්නට, එහි උදයවය( ඇතිවීම් නැතිවීම්) දැකීම ආදී ලෙසටම දියුණු කර ගැනීමය.
අනෙක් සතිය පවත්වා ගත යුත්තේ ධර්මතාවයන් ගැනය. එනම් පංචස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම ස්වභාවය ආදී දේ පිළිබඳවද හේතුන් අනුව ඵලයන් ඇතිවෙන හැටි ආදී ලෙසින් සංස්කාර ලෝකය තුළ පවත්නා ධර්මතාවයන් ගැන සතියෙන් සිටීමය. කෙනෙක් දුටු විට ඒ කෙරෙහි ඇලීම, ගැටීම් ආදි දේ නොව, ඔහු ඇඳ පැළඳ සිටින දේ ගැන නොව,ඔහුගේ අඩුපාඩු , ලස්සන කැත ආදී දේවල් නොව අප සිතිය යුත්තේ. දෙතිස් කුණප ලෙසින්, මොහුත් අනිත්‍යයට යන අයුරු, ලෙඩ රෝග වලට ගොදුරු වන අයුරු, දුක් ගොඩක උරුමකරුවෙක් වන බව ආදී ලෙසින් ධර්මතාවයන් පිළිබඳව මෙනෙහි කළ යුතුය. මෙය විදර්ශනාවට බර වූ දෙයකි. මෙයි ලැබෙන අග්‍ර ඵලය නම් ඔබ සමාධිමත් සිතින් භාවනාවේ සිටින විට දක්නා සියුම් සංස්කාරයන්හි යථා ස්වරූපය අවබෝධ කරගැනීමට හැකිවීමයි. සංස්කාරයන්හි අනිත්‍ය බව,දුක් බව, අනාත්ම බව ආදිය දැකීමට ඔබේ සිත පුරුදු කර ඇති නිසා සමාධිය ඉක්මවා යමින් නිවනට සිත පත්වීමට මෙය ඉවහල් වේ.
සාමාන්‍ය ජීවිතයේදී අප මෙසේ සතිය පුහුණු කිරිම තුළින් භාවනාවද ඉතාමත් ඉක්මනින් සාර්ථක වේ. සතර සතිපට්ඨානය යනු මෙයයි. භාවනා ආරම්මණයකදී ද සිදුවන්නේ මෙයයි. ආනාපාන සතියේදි කයට හුස්ම රැල්ල එන යන විදිය දැකීමෙන් කායානුපස්සනාවත්, ඒ තුළින් කයට දැනෙන සියුම් සුඛ වේදනාව අවබෝධ කරගැනීම වේදනානුපස්සනාවත්, කය ඉක්මවා ගොස් නාමය පමණක් දැනෙන මොහොතේ චිත්තානුපස්සනාවත් එසේ නොමැතිනම් කය දැනෙන මොහොතේ වුව කයේ දැනීම් අත්දැක්කේ සිතින් බැවින් ඒ ආකාරයෙන් මෙනෙහි කරමින් චිත්තානුපස්සනාවත්, සියළු දැනීම් වල ධර්මතාවයන් හෙවත් අනිත්‍ය, දුක්, අනාත්ම, ආදීය දැකීම තුළින් ධම්මානුපස්සනාවත් ආදී ලෙසින් සතර සතිපට්ඨානයම වර්ධනය වේ. නිවන අවබෝධ කරගැනීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ඇයිද යන්න ඔබට අවබෝධ වන්නට ඇත.
ඔබ මේවා සිතට මහත් බරක් ගෙන කළ යුතු නොවේ. දැන් කායානුපස්සනාව, දැන් වේදනානුපස්සනාව ආදී ලෙසින් සිත වෙහෙස කල යුතු නොවේ. මේ මොහොතේ සිත පවත්වා ගැනීම පමණි ඔබ අවසානයේ කළ යුත්තේ. එයට යොමුවීම පිණිස එක් එක් සරල තැනින් ආරම්භ කළ හැක.
මෙසේ සතිය මැනවින් පුහුණු කිරීමෙන් සමාධිය වැඩීම අපහසු කරුණක් නොවන බව ඔබටම අත්දැකීමට හැකිවනු ඇත. නමුත් භාවනා කිරීමට නම් කාය විවේකයද අත්‍යවශ්‍යය. නාමයත් රූපයත් අනෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාරී වෙමින් ක්‍රියාත්මක වෙයි. දවස පුරා වෙහෙසී ඔබ භාවනාවට ඉදගත්විට කයේ වෙහෙස නිසා නිදිමත එන්නට හැකියාව වැඩිවේ. දවස පුරා බොහෝ කාර්යයන්හි නියැළී, බොහෝ පිරිස් ඇසුරුකර, ගමන් බිමන් ගොස්, ඔබට භාවනාව සාර්ථක කරගත නොහැක. එවිට සිත පිටයෑම පුදුමයක් නොවේ. ඒ කළ කී දෑ ගැන සිත දුවයි. ඔබ කිසිදා දැක නැති, අසා නැති ,විඳ නැති දෙයක් ගැන ඔබට සිතිවිලි ඇති කරගත හැකිද ? නොහැකිය. ඔබ එය දැක ඇති , අසා ඇති, දෙයක් හා යම්තමින් හෝ සමාන කරගනිමින් සිතිවිලි ඇති කරගයි. එසේ නම් අපට සිතිවිලි ඇතිවන්නේ අප ආයතන වලින් හසු කරගන්න දේවල් කෙරෙහිමය. ඒ අරමුණු වැඩි වන්නට වැඩි වන්නට අප සිත පිට යන්නට ආයුධ සපයනවාක් මෙනි. ඔබ අද දවල් රණ්ඩුවක් වුනා යැයි සිතන්න. ඔබ භාවනාවේදී එය මෙනෙහි වන්නට ඇති සම්භාවිතාවය වැඩිය. මේ අරමුණු කිසිවක්ම නැත්නම් හිත පිට යන්නේම නැත යන බවක් නොවේ මෙහි පවසන්නේ. සම්භාවිතාවය පිළිබඳවය. බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය ගත වීමට, ශුන්‍යාගාරගතවීමට, වෘක්ෂ මූලීක වීමට කීවේ ඇයිද යන්න ඔබටම අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. ඔබ දවසම උත්සවයක නටමින් දගලමින් සිට ඇවිත් භාවනාවට වාඩි වූ විට , අර ශබ්ද කනට ඇසෙන්නාක් මෙන් දැනේ. ඒ වේගය සිතේ පවතින්නක් මෙනි. නමුත් ඔබ බෝ මළුවක සෙමින් සක්මන් කරමින් සිට පැමිණ භාවනාවට වාඩිවෙන්න. වෙනස ඔබටම දැනෙනු ඇත.
ඔබේ සිතේ ශාන්තිය සුවය ඇති කරවාලන පරිදි අවට පරිසරයද පැවතේ නම් භාවනාවට එය රුකුලකි. බුදුරජාණන් වහන්සේ සේඛ පරිහාණි සූත්‍රයේදී භාවනා යෝගීන් පිරිහෙන කරුණු හතක් දක්වන ලදී. නව කර්මාන්ත ඇරබීම,පිරිස් ඇසුරේ වැඩියෙන් යෙදී සිටීම ආදී දේවල් උන් වහන්සේ දැක්වූයේ ඒවායින් වෙන අයහපත දන්නා නිසාය. එහෙයින් කායික විවේකය මෙන්ම මානසික විවේකයද භාවනාවට අවශ්‍යයය .