සතිෂ්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    523760_370524079666348_100001262764719_1193952_1133722658_n.jpg


    ජීවිතය.....

    නවාතැන් පලකි කතරෙහි අතර මඟ
    කියූ දිනට යා යුතුමය නොමැත වග
    එනවිට අප හඬන යන විට නිසල මඟ
    අන් අය වැලපෙතිය අපහට නොමැත වග........

    දිනූ කෙනෙකු නැත මරු හා පොර බදලා
    දමා යායුතුම ගමනකි හැම පෙරලා
    තබා යන්න හැකි 'නම' පමණය හිතලා
    ගමන් මඟට අරගමු බත් කද බැඳලා...

    බාලද තරුණ මහළුද නැත වගක් පලක්
    කැඳවුම් ලබන විට යායුතු එකම මඟක්
    නියත දහම ලඟ දැනුනද හිතට දුකක්
    නොතිර සසර යමු සොයමින් කතර නිමක්.....

    (අනූෂා නිලන්තිකා)



    සතිෂ් පෙරේරා කලාකරුවාණෙනි. ඔබට නිවන් සැප ලැබේවා.