ඔබේ සති අන්තය සුන්දරව ගෙවා දමන්නේ කොහොමද
අධිෂ්ඨානයක් ඇති කර ගන්න
පළමුව ඔබ අධිෂ්ඨාන කර ගත යුතුයි ඔබේ සති අන්තය සතුටින් ගෙවනවා කියලා. ගෙදර සියලු දෙනාටත් කියන්න විවේකයෙන් ඉන්න එකේ වැදගත්කම. හැබැයි විවේකයෙන් ඉන්න නම් එදාට පෙර ඉවරකර ගත යුතු බොහෝ දේ තිබෙනවා. ගෙදර ඔහේ පිළිවෙලක් නැතුව, රෙදි කුණු ගොඩේ තියෙද්දී විවේකයෙන් ඉන්න කාටවත් බැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් හැමෝගෙම උදවු උපකාර වගේම සැලසුම් සහගතව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. ඔබ උදේ නැගිටලා තිබෙන දෙයක් කරන කාන්තාවක් ලෙස නොව, සියල්ල මනාව සැලසුම් කරලා කරන කෙනෙක් විය යුතුයි.
බඩු මිලට ගැනීම
සිකුරාදා අන්තිම දවසනේ. එදාට ඇවිත් සේරම තියෙද්දී රූපවාහිනිය බලලා නින්දට යන කෙනෙක් නම් වෙන්න එපා. ඒ වෙනුවට ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙක් ( ස්වාමිපුරුෂයා හෝ භාර්ය්‍යාව ) ගෙදර එද්දිම පොළට,සුපර් මාකට් එකට හෝ බඩු ගන්නා තැනකට ගිහින් ඊළඟ සතියට අවශ්‍ය දේවල් මිලට අරගෙන ගෙදරට එන්න.
පිරිසිදු කිරීම
ඉන් පස්සේ ගෙදර ඇවිත් දරුවොත් හවුල් කරගෙන ගෙවල් අතු ගෑම, මකුණු දැල් කදිම වගේ සේරම පිරිසිදු කිරීම් රාත්‍රියේම ඉවර කරන්න.
රෙදි සේදීම
සුද්ධ කිරීම් කරන අතරේ රෙදි හෝදන මැෂිමට රෙදි දමන්න. අතේ සොදනවානම් එත් එහෙමයි. කොහොම වුනත් සුද්ධ කිරීම් සේරම ඉවර වෙනකොට රෙදි ටිකත් රැක් වලට දා ගන්න ලැබේවි.
සුන්දර සෙනසුරාදා
වැඩ ටික ඉවර කරලා නිදහසේ නින්දට යද්දී රාත්‍රී කීය වුනත් ඔබට සහනයක් දැනේවි. මොකද හෙට සෙනසුරාදා. ඉන් පස්සේ පවුලේම කට්ටිය ඇවිදීම වගේ ව්‍යායාමයක යෙදෙන්න. එය ඇඟට වගේම හිතටත් හොඳයි. එන මග ඔබට ආහාර ගන්න පුළුවන්. එය ඔබට ලොකු මානසික සතුටක් ගෙන ඒවි. ගෙදර ඇවිත් ස්නානය කරන්න.
ඉන් පස්සේ පොතක් බලන්න. දරුවන්ගේ පොත පත බලන්න. ඔවුන් පාසලේදී උගත් කවි සින්දු අහන්න. සවස ඔබලාට උද්‍යානයකට, ආගමික ස්ථානයකට ගිහින් පවුලේම අය එකතු වෙලා බොහොම අර්ථවත්ව සතුටින් ගෙවා දමන්න පුළුවන්.
ඉරිදා ඉතුරු ටික
ඉරිදා දිනය වැදගත්. ඊළඟ සතියේ රේස් එක දුවන්න නම් ඉරිදා මනා සුදානමක් තිබිය යුතුයි. පවුලේම රෙදි සේරම එකවර මැදලා එල්ලුවා නම් ලයිට් බිල ගොඩාක් අඩු වෙනවා. ඒවගේම සතියේ දිනවලට ඉතාම ලේසියි. ඒවගේම මස් මාළු හොදාඅ දවසකට ගන්න පුළුවන් විදිහට අවශ්‍ය කැබලි ගැන දාලා වෙනම බෑග් වල අහුරලා ෆ්‍රිජ් එකට දැම්මොත් සතියේ දිනවලට මාළු, මස් සේරම එලියට අරගෙන වතුරේ දාගෙන දඟලන්න දෙයක් නෑ. ලේසියෙන්ම පැකට් එකක් ගත්තා අධි ශිතකරණයෙන් එලියට අරගෙන සාමාන්‍ය කොටසේ පහුවෙනිදා උදේ වෙනකම් දාලා තිබ්බා.අයිස් නැහැ ලේසියෙන්ම උයාගන්න පුළුවන්. ඒ වගේම කොළ වර්ග සේරම අරගෙන හෝදලා සුද්ධ කරලා තිබ්බොත් සතියේ දිනවල උදේට ලේසියෙන්ම කොළ සම්බෝලයක් හදාගන්න පුළුවන්.
ඉරිදා රාත්‍රියේ වේලාසන නිදාගන්න
නිසි නින්දක් ලැබීම සාර්ථක සතියකට අවශ්‍ය දෙයක්. රූපවාහිනිය අනවශ්‍ය විදිහට බලමින් කාලය ගෙවා දමන්න එපා. ඔබේ ලස්සන ඒ වගේම නිරෝගිකම රැකෙන්න නින්ද කියන්නේ අත්‍යාවශ්‍ය සාධකයක්. මේ නිසා ඉරිදා රාත්‍රියේ වේලාසනින් නින්දට යන්න.
මේ ආකාරයට සති අන්තය සැලසුමක් ඇතිව ගත කලොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. අනවශ්‍ය කලබලෙකුත් නෑ. ඔබේ සති අන්තයත් සුන්දරව ගෙවා දමන්න හැකි වේවි.
Source http://thewoman.lk/archives/6085