[FONT="]මන් ආදරේ කරන කෙනාට සතුටින් ඉන්න කිව්වාම එයා මගෙන් ඇහුවා ඔයා මට නිතරම සතුටින් ඉන්න කියන්නේ මන් දයා රෝහණ අතුකෝරල මහත්තයාගේ පොත් කියවන නිසාද කියලා. මන් කිව්වා නෑ කියලා. ඉතින් මට හිතුනා මේ පෝස්ට් එක දාන්න. [/FONT]
[FONT="]අද අපි අතරෙ බුද්ධ ධර්මය ගැන තියෙන දැනුම ටිකක් නෙමෙයි බොහොම මදි. බුද්ධ ධර්මය ගැන දැනුම කියන්නේ ආර්ය සත්‍යය ගැන තියෙන දැනුමම විතරක් නෙමෙයි, බුදු චරිතය ගැන, රහතුන්ගේ චරිතය ගැන වගේම සමාජීය පසුබිම ගැන තියෙන දැනුමත් ඊට ඇතුලත්. නමුත් අපි ඒ ගැන හිතන්නේ නෑ. අපි ධර්මය කියන්නේ නවාංග වූ බුද්ධ ශාසනේ තමයි වැඩි පණ්ඩිත කමට. කොහොමින් හරි නිවන් දකින්න අනිවාර්යෙන්ම ධර්මය ගැන දැනීමක් අවශ්‍යයි. [/FONT]
[FONT="]ඉතින් මාතෘකාව සතුටින් ඉන්න කියන වාක්යංගය. ඇයි අපි මෙහෙම කියන්නේ ? මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ප්‍රාර්ථනා කරලා ? ඇත්තටම කෙනෙක්ට සතුටින් ඉන්න කියන්නේ ඒ කෙනා සතුටින් ඉඳීවි කියන බලාපොරොත්තුවෙන් බව නැවත නැවත කිව යුතු නෑ. මන් මේ දේ ඉගෙන ගත්තෙ පුංචි කථාවක් ආශ්රයෙන්. නමුත් දැන් ඒක මගේ ජීවිතේට සම්බන්ධ වෙලා. ඉතින් ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න මන් හිතුවා. අපි කියවලා බලමු. මේකයි කථාව, [/FONT]
[FONT="]සැරියුත් හාමුදුරුවන්ගේ තාත්තගේ යාළුවෙක් වන මහාසේන නම් බමුණෙක් උන්නා. මේ බමුණා දුප්පත්. දවසක් සැරියුත් හාමුදුරුවො මේ බමුණාට උපකාරයක් වෙන්න අවශ්‍යයි කියලා හිතලා ඒ බමුණාගේ නිවසට පිණ්ඩපාතේ වැඩම කලා. සැරියුත් හාමුදුරුවන්ව බමුණා අඳුනනවා. නමුත් ඒ අවස්ථාවේ බමුණා ලඟ කිසිම දෙයක් තිබ්බේ නෑ දන් පිළිගන්වන්න. මේ නිසා බමුණා හැංගුනා. දැන් සැරියුත් හාමුදුරුවො ඇත්තටම වැඩම කලේ බමුණා ලඟට උන්දැට මෙලොව කෙසේ වෙතත් පරලොවින් වන යහපත දැකලා. ඉතින් එදා ආපසු වැඩම කල උන්වහන්සේ නැවතත් දිනක වැඩම කලා. එදත් බමුණා ලඟ මුකුත් නෑ, බමුණා හැංගුනා.. මේ විදියට දවස් ගතවුනා. [/FONT]
[FONT="]මේ අතරේ යාගයකට සම්බන්ධ වෙන්න ලැබුණ මේ බමුණාට අඳින රෙද්දකුත් කිරිබත් පිඟානකුත් ලැබුනා. බමුණා මේ වෙලේදි හිතුවා අනේ සැරියුත් හාමුදුරුවො වැඩම කලානම් කියලා. ධ්‍යාන සමාපත්තියට සමවැදී ඉන් නැගිට්ට සැරියුත් හාමුදුරුවො බමුණාගේ සිතුවිල්ල දැකලා අද බමුණා මට දන් දෙයි කියලා දැනගෙන නැවතත් බමුණාගේ ගෙදරට වැඩම කලා. ඉතින් බමුණා බොහොම ආදරෙන් සැරියුත් හාමුදුරුවන්ව ගෙට වඩමවලා තමුන්ට ලැබුණ කිරිබත් පූජා කරන්න යෙදුනා. මේ වෙලේදී සැරියුත් හාමුදුරුවො තමුන්ගේ පාත්‍රයට බමුණා කිරිබත් පිඟානෙන් භාගයක් බෙදද්දි අතින් වැහුවා බමුණාටත් වුවමනා නේද කියලා හිතලා. බමුණා ස්වාමිණී මේ බත් එක්කෙනෙක්ට නොසෑහේ. මෙලොවින් කරණ සංග්‍රහ මට අවශ්‍ය නෑ පරලොවින් වෙන සංග්‍රහයක් වේ නම් ඒ සඳහා මෙය පිළිගන්වමි කියලා ඒ ටිකත් පිළිගැන්වූවා. සැරියුත් හාමුදුරුවො බමුණාගේ හිත සතුටු කරවන්න බමුණාට පේන්න දන් වැළඳුවා. අවසානයේ බමුණා තමුන් ලද රෙද්දත් සැරියුත් හාමුදුරුවන්ට පූජා කරලා මට වෙනත් සම්පත් ඵලක් නෑ නිවන් සම්පත්ම වේවායි නිවන් සම්පත් ප්‍රාර්ථනා කලා. අනුමෙවැනි බණ දේශනා කල සැරියුත් හාමුදුරුවො ආපසු වැඩම කරන්නට යෙදුනා. [/FONT]
[FONT="]අපි දන්නවා දුප්පත්ව ඉඳන් කරන පින්කම් පෝසත්ව ඉඳන් කරන පින්කම් වලට වඩා මහත්ඵල බව. එතනදි සිත පිනවීම වැඩියි. බමුණාටත් ඒ දේ ඒ විදියටම වුනා. බොහොම සතුටු වුනා. අපර චේතනාත් බලවත් වුනා. බමුණා කම් පල පරිදි මියගොස් සැරියුත් හාමුදුරුවන්ට ඇති බලවත් සෙනෙහස නිසාවෙන්ම උන්වහන්සේ වැඩි සිටින සැවැත් නුවර උන්වහන්සේගේම උපාසකයෙකුගේ ගෙදරක උපාසිකාවගේ කුස පිළිසිඳගත්තා. ඉතින් පසුව මේ උපාසිකාවට අමුතු දොලක් ඇති වුනා.[/FONT]
[FONT="]ඒ කියන්නේ සැරියුත් හාමුදුරුවො ප්‍රධාන කොට ඇති භික්ෂු සංඝයා 500 නමකට ආරාධනාකොට වතුර මිශ්‍ර නොකර කිරියෙන් පමණක් සෑදූ කිරි බත් දන් පිළිගන්වා උපාසිකාවත් රන්වන් ඇඳුමක් ඇඳගෙන රන් තැටියක් ගෙන ඒ හාමුදුරුවන් වහන්සේලා අසුන් ගෙන සිටින අවසානයේ වාඩි වි උන්වහන්සේලා වළඳා ඉතිරිවූ ඉඳුල් බත් කෑමේ දොලක්. ඉතින් මේ විදියට ගෙදර ඇත්තො මුල් වෙලා කටයුතු කරලා මේ උපාසිකාවගේ දොල සන්සිඳුනා.
[/FONT]
[FONT="]මෙහෙම කල් ගත්වෙලා මාස දහයකින් පසු සුවසේ මේ උපාසිකාව කුමාරයෙක් මෙලොවට බිහිකලා. මේ කුමාරයගේ උපන් දිනේ වෙනුවෙන් කරන උත්සවය දවසේදී උදේ හොඳින් නාවලා ඒ කාලේ හැටියට ලක්ෂයක් වටිනා සිනිඳු රෙද්දක් උඩ ඇඳේ තියලා තිබුනා. මේ කුමාරයාට පෙර ජාති සිහිකරන්න පුළුවන් කර තිබ්බා. මේ සම්පත් ලද්දේ සැරියුත් ස්වාමීන් වහන්සේ නිසා බව දැකලා කුමාරයා තවත් සම්පත් ලබන්න යමක් පූජා කරන්න ඕනා කියලා අර තමුන්ව තියලා තිබ්බ ලක්ෂයක් වටින රෙද්ද හාමුදුරුවන්ට පූජා කරන්න හිතුවා. ඉතින් මේ දරුවගේ උපන් උත්සවයටත් ආරාධනා කරලා තිබ්බේ සැරියුත් හාමුදුරුවන්ට. සැරියුත් හාමුදුරුවන් ගාවට ළමයාව අරන් යද්දි ළමයා අර රෙද්ද අතේ පටලවගත්තා. වැඩිහිටියො රෙද්ද අතින් ගලවන්න හදද්දි ළමයා අඬනවා. මේ නිසා ඒ රෙද්දත් එක්කම ළමායාව සැරියුත් හාමුදුරුවො ළඟට අරන් ආවා. කුමාරයාට ස්වාමීන් වහන්සේ වන්දවන වෙලේදී අතෙන් ඒ රෙද්ද ස්වාමීන් වහන්සේගේ පාදමූලයට අතඇරියා. ඉතින් මේ දෙමව්පියෝ ඒ ලක්ෂයක් වටිනා රෙද්ද සැරියුත් හාමුදුරුවන්ටම පූජා කරන්න යෙදුනා. පස්සේ නම් තියද්දි සැරියුත් හාමුදුරුවන්ගේ ගිහි නම වන උපතිස්ස යන්නෙන් තිස්ස යන කොටස ගෙන තිස්ස කියලා නම් තිබ්බා. [/FONT]
[FONT="]කාලය ගතවෙලා මේ කුමාරයාට අවුරුදු හතේදී අම්මාට කිව්වා මට සැරියුත් හාමුදුරුවො ලඟ මහණ වෙන්න වුවමනායි කියලා. අම්මලා ඒකට විරුද්ධ වුනේ නෑ. ඒ අනුව දෙමව්පියෝ කුමාරයාව සැරියුත් හාමුදුරුවො ලඟ මහණ කරන්න යෙදුනා. කුමාරයාට ඉගැන්වූවේ තචපඤ්ඤකය විතරයි. [/FONT]
[FONT="]ඉතින් මහණ වෙලා දවස් හතකට පස්සේ අටවෙන දවසේ මේ සාමණේරයන් වහන්සේ අනෙක් හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ වඩින්න පිටත් වුනා. නගරෙ මිනිස්සු අද සාමණේරයෝ පිඬු සිඟා වඩිනවා අපි සංග්‍රහ කරන්න ඕනා කියලා රෙදි 500 ක් හා බත් පිඟන් 500 ක් ලෑස්ති කලා. පිඬු සිඟා වැඩියම ඒවා පූජා කලා. දෙවන දවසෙත් මෙහෙමම පූජා ලැබුණා. මේ වෙන දෙයක් නිසා නෙමෙයි, අර බමුණා කාලේදී කිරිබත් හා රෙද්ද පුජා කල පිණ නිසාවෙන්. මේ හාමුදුරුවන්ව මින් පස්සේ හැඳින්වූවා පිණ්ඩපාත දායක තිස්ස කියලා. [/FONT]
[FONT="]දවසක් මේ සාමණේරයො දැක්කා ශීත කාලෙදි බොහොම දුකසේ ගිණි පිඹිමින් ශීතල නිවා ගන්න උත්සහ කරන අනෙකුත් හාමුදුරුවන් වහන්සේලා. ඉතින් සාමණේරයෝ ගිහින් අහනවා ස්වාමිණී මොකෝ මේ බොහොම දුකින් ගිනි තපින්නේ කියලා. අර හාමුදුරුවො කියනවා ඔබ තාම ළපටි නිසා ශීතල උහුලන්න පුළුවන් ඒත් අපි දැන් මහළුයි මේ ශීතල උහුලන්න අමාරුයි කියලා. ඒ වෙලේදී සාමණේරයො අහනවා ඉතින් කම්බිලි තිබ්බා නම් හරි නේද කියලා. එතකොට අර වහන්දෑලා කියනවා ඔබ කම්බිලි ලබන්න පින් කරලා තිබ්බාට අපි එහෙම පින් කරලා නෑ ඒ නිසා ඒ ගැන හිතලා වැඩක් නෑ කියලා. එසේ නම් කම්බිලි වුවමනා ඇත්තෝ මා සමග වඩින්නැයි ආරාධනා කලාම හාමුදුරුවො දහසක් මේ සාමණේරයො සමග පිණ්ඩපාතේ වඩිනවා. මේ සාමණේරයන් වහන්සේගේ පිනෙන් උපාසකයන්ගෙන් කම්බිලි නොඉල්ලත් පිටත නුවරින් 500 ක් ලැබුනා. ඇතුළු නුවරිනුත් 500ක් ලැබුණා. මෙහෙම ලැබුණු කම්බිලි 1000 අර අනෙක් භික්ෂූන්ට පූජා කලා. මේ නිසා මේ තිස්ස සාමණේර කම්බිලි දායක තිස්ස විදියට නම් වුනා. [/FONT]
[FONT="]මෙහෙම කල් ගතවුනා. දැන් මේ සාමණේරයන් වැඩ සිටින්නේ ජේතවනාරාමයේ. නෑදෑයො එනවා උන්වහන්සේව බලන්න. ඇවිල්ලා කථා බහ කරනවා. මේ උන්වහන්සේට කරදරයක් විදියටයි හැඟුනේ. ඒ නිසා උන්වහන්සේ තීරණය කලා සැවැත් නුවරින් බැහැරට යන්න. ඒ අනුව බුදුහාමුදුරුවො බැහැ දැකලා රහත් වෙන්න තරම් කමටහන් ඉගෙන ගෙන ගුරු හාමුදුරුවන්ටත් කියලා අවසර අරන් සැවැත් නුවර ඉඳන් 480 ගව් දුරකට වැඩම කලා. [/FONT]
[FONT="]මෙහෙම යද්දි එක්තරා වයසක බමුණෙක් දැකලා හාමුදුරුවො අහනවා උපාසක, මේ පැත්තෙ හාමුදුරුවන්ට වැඩ සිටින්න පුළුවන් ආරාමයක් නැද්ද කියලා. උපාසකයාට මේ සාමණේරයන් දැක්ක ගමන් පුත්‍ර සෙනෙහස ඇති වෙලා ආරාමය තියෙන තැනටම එක්කන් ගිහිල්ල ඇරලුවා. ඒ ඇරලලා ගමේ මිනිස්සුන්ට කිව්වා වනවාසික තිස්ස නම් ස්වාමීන් වහන්සේ විහාරයට වැඩම කලා උන්වහන්සේට දන් සරසවන්න කියලා. [/FONT]
[FONT="]ඉතින් දෙවන දවසෙ උදේ සාමණේරයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරන්න යෙදුනා. ගමේ මිනිස්සු බත් පිළිගැන්වූවාම මේ හාමුදුරුවො සුවපත් වේවා, දුකින් මිදේවා යන්න පමණක් වදාළනවා, ඒ උන්වහන්සේ වැඩිය කථා නොකරන නිසා. මිනිස්සු කොයි තරම් බත් ගෙනාවත් ස්වාමීන් වහන්සේ පිළිගන්නේ තමුන්ගේ ප්‍රමාණයට විතරයි. ඒ ටික පිළිගෙන ආරාමයට වඩිනවා. මේ මිනිස්සු සාමණේරයන් වහන්සේට වස් වසන්න ආරාධනා කලාම උන්වහන්සේ ඒ පිළිගෙන එහි වස් විසුවා. මේ කාලෙදි පිණ්ඩ පාතේ වැඩම කලාට දන් දෙන අයට උන්වහන්සේගෙන් අහන්න ලැබෙන්නේ සුවපත් වේවා දුකින් මිදේවා කියන වචන විතරයි. කොහොම වුනත් වස් තුන් මාසෙ අවසානෙදි උන්වහන්සේ සිව්පිළිසිඹියා පන්ව මහරහත් බවට පත්වුනා. [/FONT]
අන්‍යාගමිකයන් අතරෙ නොහික්මුන සුලුතරයෙ උඹලට ඔච්චරයි උඹට කරන්න පුළුවන් මිත්‍රයා.