කැමැති ද බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන්න?

hpalpola

Well-known member
  • කැමැති ද බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන්න? කැමැති අයට තමයි මේ ලියමන.

    දැනට කාලෙකට කලින් දඹදිව රජගහනුවර තණ්ඩුලපාල ද්වර නම් ගමේ හිටියා ධනංජානී කියලා බමුණෙක්. මේ බමුණා සැරියුත් හාමුදුරුවන්ගෙ හොඳ යහළුවෙක්. ඉතින් මේ බමුණා වයසට ගිහිල්ලා මරණ වේදනාව දැනෙද්දි සැරියුත් හාමුදුරුවන්ව මතක් වෙලා සේවකයෙක්ව විහාරෙට යවනවා සැරියුත් හාමුදුරුවන්ව එක්ක එන්න කියලා. සැරියුත් හාමුදුරුවොත් පණිවඩේ ලැබුනම ධනංජානි බමුණාගේ ගෙදරට වඩිනවා. ආගිය තොරතුරු කතා කරන සැරියුත් හාමුදුරුවන් බමුණාගෙන් අහනවා දැන් කොහොමද කියලා. බමුණා තමුන්ට දැනෙන වේදනාව හාමුදුරුවන්ට විස්තර කරනවා. ඒ වේදනාව අහන සැරියුත් හාමුදුරුවන්ට තේරෙනවා මේ බමුණා මේ විඳින වේදනාවත් එක්ක මියැදුනොත් උපදින්නෙ අපායෙ කියලා. උන්වහන්සේ කැමැති වුනේ නැහැ තමුන්ගේ යාළුව අපායේ උපදිනවා දකින්න. එනිසා කතාවෙන් යාළුවගේ හිතේ බ්‍රහ්ම ලෝකයේ උපදින්න ආශාව ඇති කලා. බමුණත් බ්‍රහ්ම ලෝකයේ උපදින්න කැමැති වුනාම සැරියුත් හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙ උපදින විදිය බමුණාට කියලා දුන්නා.

    ඒ ක්‍රමය තමයි හය දිශාවටම බ්‍රහ්ම විහාර ධර්ම පතුරුවන එක. බ්‍රහ්ම විහාර ධර්ම තමයි මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ෂා. හය දිශාව තමයි වම, දකුණ, ඉස්සරහ, පිටිපස්ස, උඩ හා යට. මේ ධර්ම පුහුණු කරන්න ඕනා. සාමාන්‍යයෙන් කියන්නෙ බ්‍රහ්මයාට මේ ගුණ තියෙනවා කියලා.

    ඉතින් ධනංජානී බමුණා තමුන්ට ජීවත්වෙන්න ලැබුන ඉතිරි වෙලාවේ මේ ධර්ම පුහුණු කරලා මියගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ උපදිනවා.

    මේ ක්‍රමයෙන් බ්‍රහ්ම ලෝකයේ උපදින්න කෙනෙක්ට පුළුවන්. හැබැයි බුදුරජාණන්වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වුනත් උප්පත්තිය වර්ණනා කරන්නෙ නැහැ. දැන් මේ සිදුවීමෙදි වුනත් විහාරයට වැඩම කළ සැරියුත් හාමුදුරුවන්ට බුදුරජාණන්වහන්සේ දොස් කියනවා ධනංජානී බමුණාට රහත් වෙන්න හැකියාව තියෙද්දි බ්‍රහ්ම ලෝකයේ උපදින්න සැලැස්සුවාට. ඉපැදීම මොන ලෝකයේ සිද්ධ වුනත් මරණය ඒ එක්කම බැඳිලා තියෙන නිසයි ඒ.

    හැබැයි ගිහි ජීවිතේ ගත කරද්දි බ්‍රහ්මයෙක් විදියට ජීවත්වීම බුදුරජාණන්වහන්සේ හෙලා දකින්නෙ නැහැ. ජීවත් වෙන්න කියන්නෙත් එහෙම. කරණීයමෙත්ත සූත්‍රය ඊට හොඳම නිදසුනක්. බ්‍රහ්මයෙක් විදියට ජීවත්වෙන්න නම් මේ බ්‍රහ්ම විහාර ධර්ම පුහුණු කරන්න ඕනා. ඉතින් බ්‍රහ්මයෙක් විදියට ජීවත් වෙන්න කැමැති කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්.

    ---- ධනංජානී සූත්‍රය ඇසුරෙන් ----
    pexels-pixabay-56866.jpg

     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,994
    113
    මේක කියෙව්වම මට හිතුනේ ඉන්න ටිකේ ආතල් එකෙ ඔක්කොම කරලා මැරෙන්න ලන් වෙද්දී මේකේ වගේ කලා නන් දිව්‍ය ලෝකේ ගිහිනුත් ආතල් එකේ ඉන්න පුලුවන් කියන එක jk
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මේක කියෙව්වම මට හිතුනේ ඉන්න ටිකේ ආතල් එකෙ ඔක්කොම කරලා මැරෙන්න ලන් වෙද්දී මේකේ වගේ කලා නන් දිව්‍ය ලෝකේ ගිහිනුත් ආතල් එකේ ඉන්න පුලුවන් කියන එක jk
    අඩො මම ඔය rep එක දාන්න යද්දි දැක්කෙ මේක 😂
     
    • Haha
    Reactions: StealthySeeker

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    දැන් මේ සිදුවීමෙදි වුනත් විහාරයට වැඩම කළ සැරියුත් හාමුදුරුවන්ට බුදුරජාණන්වහන්සේ දොස් කියනවා ධනංජානී බමුණාට රහත් වෙන්න හැකියාව තියෙද්දි බ්‍රහ්ම ලෝකයේ උපදින්න සැලැස්සුවාට. ඉපැදීම මොන ලෝකයේ සිද්ධ වුනත් මරණය ඒ එක්කම බැඳිලා තියෙන නිසයි ඒ.

    හැබැයි ගිහි ජීවිතේ ගත කරද්දි බ්‍රහ්මයෙක් විදියට ජීවත්වීම බුදුරජාණන්වහන්සේ හෙලා දකින්නෙ නැහැ. ජීවත් වෙන්න කියන්නෙත් එහෙම. කරණීයමෙත්ත සූත්‍රය ඊට හොඳම නිදසුනක්. බ්‍රහ්මයෙක් විදියට ජීවත්වෙන්න නම් මේ බ්‍රහ්ම විහාර ධර්ම පුහුණු කරන්න ඕනා. ඉතින් බ්‍රහ්මයෙක් විදියට ජීවත් වෙන්න කැමැති කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්.

    ---- ධනංජානී සූත්‍රය ඇසුරෙන් ----
    "දොස් කියනවා" ????????????????

    මොකද්ද ඒ කතාවේ තේරුම එපා කියන එක ,දොස් කියනවා කියන්නේ දෙකක් .



    හෙලා දකිනවා කියන්නේ මොකද්ද?
     
    Last edited: