සදකඩ පහණක කැටයම් ඔපලා...................

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    සදකඩ පහණක කැටයම් ඔපලා...................

    සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.

    re-post nam sorry thama

    සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා



    to download click here
     

    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    boru danta epa yako.
    oka hena lassana song 1k.oke niyama theruma hoyala balapan.

    hari uba wena therumak danawanm dapn....LOL
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    සඳකඩ පහනක කැටයම් දේදුන්නක පාටින් වර්ණ ගැන්විලා හැඩ වෙනවා වගේ ඔපවත් ප්‍රේමයක් ගැන හීන මැවූ පෙම්වතෙක්. කැලතුණු දියක මතු වුනු පෙණ බුබුලක් වගේ, ඒ ප්‍රේමය බිඳී විසිරෙන හැටි බලා ඉන්නව.
    යුගයෙන් යුගය නොනැසෙන සදාතනික දහනක යුග ජීවිතයේ පදනම හැදෙන හැටි ඔහු සිහින මවනවා.


    එත් නොසිතූ ලෙස ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනව.මී මැස්සෝ තමන්ගේ වදය බඳින්න පැණි ගේන්න මොන තරම් දුක් විඳිනවද. දහසක් මල් වලට කොඳුරමින් තුඩින් ගෙනා ඒ පැණි බින්දු ගව්වක් ඉහළ තැනක බැඳුනු වදයක තැන්පත් කරනවා.

    ඒ මතු බලාපොරොත්තු ඇතිව.එත් අහස ගුගුරා වහින අකල් වැස්සෙන් ඒ පැණි වල තත්ත්වය බාල වෙනවා.
    මේ පරාජිත ප්‍රේමවන්තයාගේ ජීවිතයේ බිඳුණු සිහිනය වගේ.තමන් හැරදා වෙනකකු හා බැඳුනු පෙම්වතිය තම සිහිනය බොඳ කල හැටි. හදවත නම් විලේ උපන් කැකුළු මලක් අකාලයේම මිය පරලොව ගිහින්.

    ඒ වෙනුවෙන් උපන් කඳුලක් මුසු මුනේ මහා සාගරයට. මහා සයුරට මුහුවුණු කඳුල වෙන් කරලා අඳුන ගන්න බැහැ. ඒවගේම තමයි ඒකට වටිනා කමකුත් නැහැ.බිඳුණු ප්‍රේමයේ අයිතිකාරියට නම් කොහෙත්ම වටිනාකමක් නෑ.එත් මේ පරාජිත ප්‍රේමවන්තයා ඇය වෙනුවෙන් වෙන් වුණු හදවත, එක්ටැම් මැදුරක සිර කරගෙන බලා ඉන්නව කවද හරි ඇය නැවත එතැයි කියන බලාපොරොත්තුවෙන්