සදක්-සේ නැග එන්න හිත් අහස කළඹලා......
ඇස ලගම නොරැදුනත් මතකයක සැගවිලා....
හිත පුරා සැරිසරපු ඔබේ රුව සිහි වෙලා......
නිතර නොම පැමිණෙනා අදුරු මග සරසලා....
පැතුම් පහනක් දවා හිදින්නම් මග බලා......
කෙටි වදන් වැල් දිගට ඇදී ගිය කාලයේ...
දිනෙන් දින අප දෙඩූ මතක තවමත් තියේ....
අමුත්තක් නොවන සේ හිත ගත්ත තාලයේ....
පෙර සසර රැගෙන ආ සළකුණු ද යෙහෙලියේ...
මුතු දසන් පා හෙමින් මුව පිපුනු හිනාවට....
නිල් මිනිද පරදවන නෙත් යුගලෙ දිස්නයට...
සුරගනන් පරදවන ලැසිගමන් ලතාවට.....
සුරලොවෙන් වැඩියාද කියනු මැන මිහි පිටට....
සියුමැලිම හිත ගාව දුක් කථා කොදුරලා...
ගුප්ත මායා වැලක හිදී දෝ පැටලිලා......
හිනැහෙන්න එක් වරක් අතීතය දුරැරලා...
හෙට පටන් පිබිද එයි වසන්තය තටු සලා.....
උරණවී ගෙවුනු දින හද ගින්න ඇවිලිලා....
ආත්මය දවාලයි නෙත් කදුළු බොද වෙලා....
තවත් නෑ කෝප සිත හැර ගිහින් මා පෙලා...
සදවතිය බැබලෙන්න අම්බරය දිලිසිලා.....
සිටු මැදුරු රජ දහන් නොමැති ලොව ඇවිදලා..
කදුළු ගංගා ගලා ඇතත් නැත පැරදිලා......
දිනෙක ලොව ජයගන්න හිත සවිය පායලා...
සදාකල් ලග ඉන්න ඔබ එන්න හිනැහිලා....
සයනයේ අභියසට නිදි කුමරි පැමිනිලා...
කරන ඇරයුම පවා මටම අමතක වෙලා.....
තරු රටාවක් වෙන්න ඔබෙ ලගම හිනැහිලා....
සදක් සේ නැග එන්න හිත් අහස කළඹලා......
ඇස ලගම නොරැදුනත් මතකයක සැගවිලා....
හිත පුරා සැරිසරපු ඔබේ රුව සිහි වෙලා......
නිතර නොම පැමිණෙනා අදුරු මග සරසලා....
පැතුම් පහනක් දවා හිදින්නම් මග බලා......
කෙටි වදන් වැල් දිගට ඇදී ගිය කාලයේ...
දිනෙන් දින අප දෙඩූ මතක තවමත් තියේ....
අමුත්තක් නොවන සේ හිත ගත්ත තාලයේ....
පෙර සසර රැගෙන ආ සළකුණු ද යෙහෙලියේ...
මුතු දසන් පා හෙමින් මුව පිපුනු හිනාවට....
නිල් මිනිද පරදවන නෙත් යුගලෙ දිස්නයට...
සුරගනන් පරදවන ලැසිගමන් ලතාවට.....
සුරලොවෙන් වැඩියාද කියනු මැන මිහි පිටට....
සියුමැලිම හිත ගාව දුක් කථා කොදුරලා...
ගුප්ත මායා වැලක හිදී දෝ පැටලිලා......
හිනැහෙන්න එක් වරක් අතීතය දුරැරලා...
හෙට පටන් පිබිද එයි වසන්තය තටු සලා.....
උරණවී ගෙවුනු දින හද ගින්න ඇවිලිලා....
ආත්මය දවාලයි නෙත් කදුළු බොද වෙලා....
තවත් නෑ කෝප සිත හැර ගිහින් මා පෙලා...
සදවතිය බැබලෙන්න අම්බරය දිලිසිලා.....
සිටු මැදුරු රජ දහන් නොමැති ලොව ඇවිදලා..
කදුළු ගංගා ගලා ඇතත් නැත පැරදිලා......
දිනෙක ලොව ජයගන්න හිත සවිය පායලා...
සදාකල් ලග ඉන්න ඔබ එන්න හිනැහිලා....
සයනයේ අභියසට නිදි කුමරි පැමිනිලා...
කරන ඇරයුම පවා මටම අමතක වෙලා.....
තරු රටාවක් වෙන්න ඔබෙ ලගම හිනැහිලා....
සදක් සේ නැග එන්න හිත් අහස කළඹලා......
++

