සදහම් දැනුම ප්‍රශ්න සහ පිළිතුරු

සදහම් දැනුම ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය :-
පරමාර්ථ සත්‍යාධිගමය සඳහා ශ්‍රාවකයාගේ අභිමතය පරිදි තෝරාගත හැකි බෝධි තුනක් පෙල දහමෙහි සඳහන්ව ඇත. එම බෝධි තුන මොනවාද?
පිළිතුර :-
සාවක බෝධි - පච්චේක බෝධි සම්මා සම්බෝධි

ප්‍රශ්නය :-
සාවක බෝධි නමින් හැඳින්වෙන්නේ කුමක්ද?
පිළිතුර :-
බෞද්ධයෙකු ලබන අවසාන සත්‍යාවබෝධය සාවක බෝධියයි. එනම් අර්හත් ඵලාධිගමයයි.

ප්‍රශ්නය :-
බුදු දහමට අනුව ධන සම්පතෙහි හිමිකරුවෙකු වීමට අභීතව පිරිස්මැද සිටීමට මෙන්ම මරණයෙහි වුවද බියෙන් හෝ සැකයෙන් තොරව මුහුණ දීමටත් මරණින් මතු දෙව්ලොව උපතටත් හේතුවන පිළිවෙත කුමක්ද?
පිළිතුර :-
සිල්වත් ගුණවතෙක් වූ විට ඉහත සඳහන් සම්පත් වලට හිමිකාරයෙක් වේ.

ප්‍රශ්නය :-
අභයදානය බුදු දහමෙහි ඉගැන්වෙන උතුම් පරිත්‍යාගයකි. මෙහි ආනිශංස (ප්‍රතිඵල) සඳහන් කරන්න.
පිළිතුර :-
දීර්ඝායුෂ ලැබීමට සතුරු මිතුරු වීම, හේතුවන පින්කමකි.

ප්‍රශ්නය :-
කර්මය යනු කුමක්ද? ධර්මානුකූලව කෙටි පිළිතුරක් දෙන්න.
පිළිතුර
“(අං.නි.)චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි “ කර්මය නම් චේතනාවයි. සිතා මතා කරන ඕනෑම කායික වාචසික හෝ මානසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකිය. තුන්දොරින් කරන ක්‍රියා යන්නෙන් මේ සියල්ල ගැනේ.

ප්‍රශ්නය :-
ස්ථූපයක් (චෛත්‍යයක්) ආවරණය කරමින් එම ස්ථූපයෙහි ආරක්‍ෂාව සඳහා කරවන ලද ගොඩනැගිල්ල විශේෂ නාමයකින් හඳුන්වයි. ඒ නම කුමක්ද?
පිළිතුර :-
වටදාගෙය යි.

ප්‍රශ්නය :-
බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන මූලික ගුණාංග දෙකක් ඇත. ඒ මොනවාද?
පිළිතුර :-
මහා කරුණාව සහ මහා ප්‍රඥාවයි.

ප්‍රශ්නය :-
කය - වචනය සිත යන තිදොරින් සිදුවන අයහපත් පාපී ක්‍රියා (අකුසල) වලින් වැලකීම සීලයෙහි කුමන ප්‍රභේදය කට (කොටසකට) අයත් වේද?
පිළිතුර:-
වාරිත්‍ර සීලය

ප්‍රශ්නය :-
සියලු බුදුවරුන්ගේ පොදු අනුශාසනාව කුමක්ද?
පිළිතුර :-
පව් නොකිරීමද කුසල් වැඩීමද සිත නීවරණයන්ගෙන් පිරිසුදු කර ගැනීමද යන මේ කරුණ
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධාන සාසනං
සියලු බුදුවරයින්ගේ අනුශාසනාවයි

ප්‍රශ්නය :-
මනසා චෙ පදුට්ඨෙන භාසතිවා කරොතිවා
තතො නං දුක්ඛ මන්චේති
චක්කංව වහතොපදං
මනසා චෙ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතොනං සුඛ මන්වෙති ඡායාව අනපායිණී
ඉහත සඳහන් දේශනා පාඨ සරල බසින් පහදන්න.
පිළිතුර :-
යමකු නපුරු (දූෂිත) සිතින් කතා කළහොත් ක්‍රියා කළහොත් ගැල අදින ගවයා පසු පස එන රිය සක මෙන් දුක ඔහු පසු පස එයි. එසේම ප්‍රසන්න සිතින් කතාව ක්‍රියාව කළහොත් තමා අතනොහැර එන සෙවනැල්ල මෙන් සුවසෙත ඔහු පසු පස ම එයි.

ප්‍රශ්නය :-
මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා
මනො මයා - සරල අර්ථය පැහැදිලි කරන්න.
පිළිතුර :-
මිනිසා නමින් හඳුන්වනු ලබන සංකීර්ණ සංසිද්ධියෙහි ඉතාමත් වැදගත් අංගය සිතයි. යම් කිසිවෙකු පිරිසුදු වන්නේත් අපිරිසිදු වන්නේත් සිත මගිනි. තමාගේ හොඳම මිතුරා සහ පරම සතුරා වන්නේත් තම සිතමයි.

ප්‍රශ්නය :-
බුදුරජාණන් වහන්සේ “චක්ඛුමන්තු” යන සුවිශේෂ නාමයකින් බෞද්ධ පෙල පොත් වල හඳුන්වා ඇත. ඊට හේතු කාරණා පැහැදිලි කරන්න.
පිළිතුර :-
බුදුරජාණන් වහන්සේ මසැස , දිවැස , පැණැස, බුදු ඇස , සමතැස යන පසැසන් (ඇස් පහකින් ) යුක්තය. මෙයින් විනිවිද දක්නා වූ පස් පැහැයෙන් දිස්නා පියවි ඇස මසැස නම් වේ. චුතූපපාත යැයි කියූ ඇස මසැස නම් වේ. චුතූපපාත යැයි කියූ මැරෙණ උපදින සත්වයින් දක්නා දිබ්බ චක්ඛු ඤාණය “ දිවැස “ නම්වෙයි. කාලත්‍රය වූ සියලු ධර්මයන් දන්නා නුවණ පැණැස නම් වෙයි. ලොකු කුඩා ලෝවැසි සත්වයන් දක්නා නුවණ බුදු ඇස නම් වෙයි. සබ්බ භූත ඤාණය සමතැස නම් වෙයි.

ප්‍රශ්නය :-
බොදුනුවෙකු විසින් නිති රැකිය යුතු පිළිවෙත පහත සඳහන් ගාථා ධර්මයෙහි ඇතුලත්ව ඇත. ගාථා පාඨයන් වෙන් වෙන් වශයෙන් අරුත් ගෙන බොදුනු පිළිවෙත පහදන්න. ගාථාව ධ.වි.මග්ග වග්ග (06) ගාථාව
පිළිතුර :-
වාචානු රක්බී මනසා සුසංවුතො
කායෙන ච අකුසලං නකයිරා
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයේ මග්ගං ඉසිප්පවෙදිතන්ති
තමා විසින් සිත,කය, වචනය, රක්නා ලද්දේද අකුසල් නොකරන්නේද? මෙම ත්‍රිවිධ කර්ම පථය පිරිසුදු කරන්නේ ඍෂීන් විසින් වර්ණා කරන ලද ආර්ය මාර්ගයට පිළිපන්නේ වෙයි.

ප්‍රශ්නය :-
තෙරුවන් ගුණ මෙනෙහි කරන විට ශ්‍රාවක සංඝයාගේ ගුණ සමූහයද අනිවාර්යයෙන්ම මෙනෙහි කොට වන්දනා කිරීම පිළිවෙතයි. සංඝයාගේ ගුණයන් අතර සාමිචි පටිපන්න වුවද ශ්‍රාවක ගුණයකි පැහැදිලි කරන්න.
පිළිතුර :-
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ නම් ඒ ප්‍රතිපදාව සත්වයා සසර දුකින් මුදා හැරීමට පොහොසත් බැවින් සාමීචිය සත්වයා සසර දුකින් මුදා හැරීමට පොහොසත් ප්‍රතිපදා වට යොමු වු බැවින් ඒ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නය. පිළිවෙත් ගරුක වූ ඒ ශ්‍රාවක සංඝ රත්නය ශ්‍රද්ධාවත් ලෝකයා විසින් පුදනු ලැබීමට සුදුසු වෙත්ද එසේ පිළිපන් බැවින් සාමීචිපටි පන්න වන්නේය.

ප්‍රශ්නය :-
මෙම ධර්ම පාඨය නිශ්ශබ්දව කියවන්න.
“සංඛාරානං ඛයං ඤත්වා අකතඤ්ඤු අසි බ්‍රාහ්මණ බ්‍රාහ්මණය , සංස්කාරයන්ගේ විනාශය දැන අකෘතඥයෙක් වන්නෙහිය. මෙහි “අකෘතඥ” යන පාඨය ධර්මානුකූලව පහදන්න.
පිළිතුර :-
සංස්කාර නම් පංචස්ඛන්ධයයි. එහි විනාශය (නැසෙන බව ) විදර්ශනාඥානයෙන් දැන අකෘත (කිසිවෙකු විසින් නොකළ) නම් වූ නිවන අවබෝධයෙන් දැනීම හේතුවෙන් අකෘත නම් වන්නේය. නිවන සංස්කාර හේතුවෙන් හටගත්තක් නොවේ.එහෙයින් අකෘතය.

ප්‍රශ්නය :-
අනුරාධපුරයෙහි , පිහිටි පැරණිම දාගැබ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදී මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිවිය. මෙම දාගැබෙහි නම කුමක්ද? එහි නිධන් කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ කුමන ධාතූන් වහන්සේ නමක්ද?
පිළිතුර :-
අනුරාධපුර ථූපාරාම ස්ථූපය පැරැණිම දාගැබ වන අතර බුදුන් වහන්සේගේ අකු ධාතුව එහි නිදන් කොට ඇත.

වහුමුවේ විජයවංස නා හිමි


 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
තොත්තබබා;7553116 said:
ප්‍රශ්නය :-

ප්‍රශ්නය :-
සාවක බෝධි නමින් හැඳින්වෙන්නේ කුමක්ද?
පිළිතුර :-
බෞද්ධයෙකු ලබන අවසාන සත්‍යාවබෝධය සාවක බෝධියයි. එනම් අර්හත් ඵලාධිගමයයි.


මේ ගැන තවත් ටිකක් කල්පනා කරනවානම් හොඳයි. මට හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ට උගන්වන්න වත් වාද කරන්නවත් තරමට ධර්මය ගැන දැනුමක් නෑ. ඒත් මේ පිළිතුරේනම් අඩුපාඩුවක් ඇති බව මට පැහැදිලියි. කොයිකටත් කාලාම සූත්‍රයේදී බුදු හාමුදුරුවෝ දේශනා කලානේ තමන් වහන්සේ කියන දේ වුනත් එක හෙලා විශ්වාස කරන්න එපා කියලා. ඒ බව සිහියේ තියාගෙන මේ ගැන විමසන එක හොඳයි.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
තොත්තබබා;7553116 said:
ප්‍රශ්නය :-
ප්‍රශ්නය :-
සාවක බෝධි නමින් හැඳින්වෙන්නේ කුමක්ද?
පිළිතුර :-
බෞද්ධයෙකු ලබන අවසාන සත්‍යාවබෝධය සාවක බෝධියයි. එනම් අර්හත් ඵලාධිගමයයි.


ශ්‍රාවක බෝධිය යනු මුලින්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අසා ධර්මාවබොධය ලබා අරිහත්වයට පත්වීමයි. ඉන්පසු රහතන්වහන්සේලාගෙන් බණ අසා අරිහත්වයට පත්වීමද ගැනේ. ඉහත බෝධි තුනේම අවසාන සත්‍යාවබොධය අරිහත් ඵලයයි.
 
තොත්තබබා;7553116 said:
ප්‍රශ්නය :-

ප්‍රශ්නය :-
සාවක බෝධි නමින් හැඳින්වෙන්නේ කුමක්ද?
පිළිතුර :-
බෞද්ධයෙකු ලබන අවසාන සත්‍යාවබෝධය සාවක බෝධියයි. එනම් අර්හත් ඵලාධිගමයයි.


මේ ගැන තවත් ටිකක් කල්පනා කරනවානම් හොඳයි. මට හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ට උගන්වන්න වත් වාද කරන්නවත් තරමට ධර්මය ගැන දැනුමක් නෑ. ඒත් මේ පිළිතුරේනම් අඩුපාඩුවක් ඇති බව මට පැහැදිලියි. කොයිකටත් කාලාම සූත්‍රයේදී බුදු හාමුදුරුවෝ දේශනා කලානේ තමන් වහන්සේ කියන දේ වුනත් එක හෙලා විශ්වාස කරන්න එපා කියලා. ඒ බව සිහියේ තියාගෙන මේ ගැන විමසන එක හොඳයි.


ඒක වෙන්න පුළුවන්
මේ ගැන ඔබේ අදහස කුමක්ද?
 
මගේ අදහසනම් මෙතනදි අවසාන සත්‍යාවබෝධය යනුවෙන් අදහස් කරන්න ඇත්තේ පිලිවෙලින් සෝවාන් , සකෘදාගාමි ,අනාගාමි, අරිහත් යන මාර්ගයන් සැලකිල්ලට ගැනීමෙන් විය හැකිබවයි.
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ධාතූන් වහන්සේලා ගැන. ඇත්තටම ධාතූන් වහන්සේලාගෙන් බුදු රැස් විහිදෙනවා ද? මම ඔය ගැන විස්තර පුවත් පත් වල කියවලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් එසේ නොවේ කියනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් එය එසේ සිදුවනවා කියා කියනවා. ඉතිං විවිධ අය විවිධ දේ ඉදිරිපත් කරනවා. මේ ගැන ධර්මයේ සදහන් වෙන්නේ කෙසේද?

අනිත් ප්‍රශ්නය නම්, ධාතූන් වහන්සේලා අවසානයේදී රුවන්වැලි සෑය අසලදී එකතු වී බුද්ධ ‍රූපයක් මැවී ධර්ම දේශනාවක් පවත්වා ස්ථිරවම මෙලොවින් නැතිවී යන බව මා මෑතකදී ඇසුවා. මෙය සත්‍යක්ද? තවත් කරුණු දන්නවනම් අපි හැමෝටම දැනගන්න ඉදිරිපත් කරන්න.

කෙලෙස් පරිනිර්වානය
බුද්ධ පරිනිර්වානය
ධාතු පරිනිර්වානය යන දේවලුත් ඉහත මගේ ගැටලුවට සම්බන්ධ කර පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිනවා.

සමහර විට මගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරී‍මේදීත් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න. වැරදි ඇතොත් නිවැරදි කරන්න.


සැමට තෙරුවන් සරණයි!
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ධාතූන් වහන්සේලා ගැන. ඇත්තටම ධාතූන් වහන්සේලාගෙන් බුදු රැස් විහිදෙනවා ද? මම ඔය ගැන විස්තර පුවත් පත් වල කියවලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් එසේ නොවේ කියනවා. තවත් ස්වාමීන් වහන්සේ නමක් එය එසේ සිදුවනවා කියා කියනවා. ඉතිං විවිධ අය විවිධ දේ ඉදිරිපත් කරනවා. මේ ගැන ධර්මයේ සදහන් වෙන්නේ කෙසේද?

අනිත් ප්‍රශ්නය නම්, ධාතූන් වහන්සේලා අවසානයේදී රුවන්වැලි සෑය අසලදී එකතු වී බුද්ධ ‍රූපයක් මැවී ධර්ම දේශනාවක් පවත්වා ස්ථිරවම මෙලොවින් නැතිවී යන බව මා මෑතකදී ඇසුවා. මෙය සත්‍යක්ද? තවත් කරුණු දන්නවනම් අපි හැමෝටම දැනගන්න ඉදිරිපත් කරන්න.

කෙලෙස් පරිනිර්වානය
බුද්ධ පරිනිර්වානය
ධාතු පරිනිර්වානය යන දේවලුත් ඉහත මගේ ගැටලුවට සම්බන්ධ කර පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිනවා.

සමහර විට මගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරී‍මේදීත් වැරදි අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න. වැරදි ඇතොත් නිවැරදි කරන්න.


සැමට තෙරුවන් සරණයි!

බුදුරැස් විහිදුවන්න පුළුවන් බුදුවරයෙකුටම විතරයි . ධාතුන් වහන්සේලාගෙනුත් රැස් විහිදෙනවා තමයි . නමුත් බුදුරැස් විහිදෙනවා කියන්නේ ප්‍රතිහර්යක් . එක හැම විටම විහිදෙමින් තියන දෙයක් නෙමෙයි . බුදුන්වහන්සේ අදිෂ්ටන කරලා ධනයට සමවදිලා පෙන්වන ප්‍රතිහර්යක් .

අනිත් කරුණනම් ධාතුන් විතරක් නොවෙයි හටගත් සියලුම දේ කවදා හෝ දවසක නැති වී යනවා . එක තමයි බුදුධහමෙන් කියලාදෙන සත්‍ය . නමුත් ඔය කියන විදිහට ධාතුන් වහන්සේලා එකතුවෙලා බුද්දරුප මවනවා කියන එකනම් පිළිගන්න බැහැ. මේක මමනම් අහල තිබුනෙත් නෑ . නමුත් මගේ මතයේ හැටියට මේක වෙන්න බැරි දෙයක් . ඇතැම් අය බුදුදහමට නිගා කරන්නත් මේවගේ කතා හදල පතුරවනවා . ඊට පස්සේ ඒවා බොරු කියල ඒගොල්ලෝම පතුරවනවා . මතක තියාගන්න බුදුදහම කියන්නේ ප්‍රතිහර්යේ පෙන්වන්නවත් , සුරංගනා කතා කියන්නවත් නෙමෙයි . එක සත්‍ය දක්කන දහමක් . මතක ඇතිනේ ගගෙන් එගොඩ උන බමුණට බුදුන්වහන්සේ කියපු කතාව .