




ඔන්න එක දවසක අපේ හිතවත් මිත්රයෙක් තමන්ගෙ අදරවන්තියෙගෙ නිවසට ගියා. ඔය වෙලාවෙ නැන්දම්මත් ගෙදර හිටුයලු.
ඉතින් තේකක් එහෙම බීලා ඉවර වෙලා අපේ බුවත් තමන්ගෙ ආදරවන්තියත් එක්ක සාලෙ ඉඳන් කැරට් කන්න (පෙම්බස් දොඩන්න) පටන් ගත්තා.
මේ දෙන්නගෙ කැරට් පාත්තියට උදැල්ල දාන්නෙ මොකටද කියල නැන්දත් කාමරෙට වෙල හිටියා.
ඔන්න දෙන්නා දාගෙන කිචි බිචි ගගා පෙම්බස් දොඩනවා.
නමුත් මෙ පෙම්බස් අස්සෙ නැන්දත් ඔන්න දෙතුන් පාරක් සාලෙට ඇවිත් දෙන්න දිහා බලලා කතා නැතුව් ආයෙත් කාමරෙට ගියා.
පෙම්වතියට මේක අල්ලුවෙ නැ. ඊලග සැරෙ නැන්දම්මා සාලෙට ආවම
“ඇයි අම්මෙ අපි දෙන්නගෙ සද්දෙ වැඩිද?”
“නෑ නෑ ළමයිනෙ සද්දෙන් මට ඇති කරදරයක් නෑ… එත් සද්දෙ එක පාරටම නවතින එකයි හිතට බය”
උපුටාගැනීමකි..............

