සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභය.....
සද්ධම්මා පරම දුල්ලභො
“සද්ධර්මය නම් අතිශයින්ම දුර්ලභයයි” බුදු මුවින් ද දේශනා කොට වදාළ සේක. මහා කාරුණික ඒ බුදුරජාණන් වහන්සේ දන් වළඳා ගඳ කිළියට වැඩමවා පා සෝදා එහි පඩිය මත සිට එතැනට පැමිණෙන භික්ෂූන්ට දිනපතා මෙසේ අනුශාසනා කළ සේක. “අප‍්පමාදෙන භික‍්ඛවෙ, සම‍්පාදෙථ, දුල‍්ලභො බුද‍්ධුප‍්පාදො ලොකස‍්මිං, දුල‍්ලභො මනුස‍්සත‍්ත පටිලාභො, දුල‍්ලභා පබ‍්බජ‍්ජා, දුල‍්ලභා සද‍්ධා සම‍්පත‍්ති, දුල‍්ලභං සද‍්ධම‍්ම සවණං. මහණෙනි, අප්‍රමාදව ධ්‍යාන මාර්ග ඵල වඩව්, ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිසත් බව දුර්ලභය. ශ්‍රද්ධා සම්පත්තිය ද දුර්ලභය. ප්‍රව්‍රජ්‍යාව (පැවිද්ද) දුර්ලභය. ධර්ම ශ්‍රවණය දුර්ලභය” යනු එහි අදහසය.
මේ අනුශාසනාවේ ඇති වැදගත්කම නිසා දිනපතා දේශනා කළ සේක. ඒ පරම සත්‍ය වූ මිහිරි වූ බුද්ධානුශාසනාව පිළිගනිතොත් සාධු ජනයෙනි, කුමක් හෙයින් තණ අග පිණි බිඳක් සා අනිස්ථිර ජීවිතයක් ලැබ ගම් – බිම්, ගෙවල් දොරවල්, මිල – මුදල්, යාන – වාහන, අඹු - දරු, ගව මහීෂ හා දාසි - දාසාදී කාම වස්තූන් කෙරෙහි ඇලී බැඳී කා කොටා වැටෙමින් නඩු හබ කියා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ - මද - මානාදී කෙලෙස් වඩමින් කල් යවන්නහුද?
ක්ෂණ සම්පත්තිය පිලිබඳ කෙටි දේශනය
https://www.youtube.com/watch?v=pb6qblSPMsw
path to nirvana(f.b.)