සදාකල් ජීවත්වෙන්න ක‍්‍රමයක්.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සදාකල් ජීවත්වෙන්න ක‍්‍රමයක්.

    නොමැරී සදාකල් ජීවත්වෙන්න ක‍්‍රමයක් දැන් පෑදෙන ලකුණු පහළ වෙමින් තියෙනවා. වයසට යන එක, මුහුණ රැලි වැටෙන එක, නවත්තන්න මිල අධික ආලේපන ගැල්වීම හෝ අමෘතය වැනි තිරිහන් වෙන බීම පාවිච්චිය අත් හරින්න. ළඟදීම ඒකට අවස්ථාව ඒවි.

    බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් හිතන විදියට අමරණීය වීමේ රහස සොයා ගන්නට ඔවුන්ට පොටක් පෑදිලා තියෙනවා. ඔවුන් සිතන්නේ අමරණීය වීමේ රහස සැඟවිලා තියෙන්නෙ පැතලි පණුවන් (flatworms) තුළ බවයි. මේ ඉතා කුඩා ප‍්‍රාණීන් විශේෂය ජීවත්වෙන්නේ විල්, වැව්, පොකුණු ආදියේයි. මුළු සිරුර ම අලූත්වැඩියා කර ගනිමින් ඉතා සාර්ථකව සදාකල් ම ඔවුන් ජීවත්වෙන බව දැන් සොයා ගෙන තියෙනවා.


    2.JPG



    මේ සතකු කොටස් දෙකකට කැපුවොත් හිස කොටසට පුළුවන් වල්ගා කොටස ඉක්මනින්ම වර්ධනය කර ගෙන සම්පූර්ණ සතකු බවට පත් වෙන්න. ඒ වගේ ම වල්ගය කොටසට පුළුවන් හිස කොටස ඉක්මනින් ම වර්ධනය කර ගන්න. හරි පුදුමයි නේද? ඒ විතරක් නෙවෙයි, කෑලි 20කට කැපුවොත් ඒ කෑලි 20න් ම සම්පූර්ණ සතුන් විසි දෙනෙක් හැදෙනවා.

    මේ බව හෙළි කර ගෙන ඇත්තේ එංගලන්තයේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්. ඔවුන් දැනටමත් මේ පර්යේෂණය සඳහා එක පැතැලි පණුවකු කැබලි කර පැතැලි පණුවන් 20,000ක ‘ජනපදයක්’ බිහි කරල තියෙනවා. මේ පැතලි පණුවන්ගේ සිරුරු හා අවයව වයසට යන්නේ නැහැ.

    විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ඒ තනි සතා බෙදා වෙන් නො කළා නම් සමහර විට ලෙඩක් නැත්නම් ආසාදනයක් ඇති වුණේ නැත්නම් සදාකල් ජීවත් වේවි කියලයි.

    මේ පර්යේෂක කණ්ඩායමේ එක් සාමාජිකයකු වූ ආචාර්ය අසීස් අබුබකර් කියන්නේ, ”මගේ මතය නම් ඔවුන් දැනටමත් අමරණීය වී ඇති බවයි” කියායි.

    ඒ අනුව ඔවුන් විශ්වාස කරනවා මේ පර්යේෂණය ඔවුන්ට උදවු වේවි කියලා මිනිසාටත් නිරෝගීව හා ශක්තිමත්ව ජීවත්වීමට අවශ්‍ය පිළියමක් නිර්මාණය කරන්නට ඉදිරියේදී.

    පැතලි පණුවාගේ හිසෙහි ඇත්තේ සරල මොළයක් හෙවත් ඒක රාශී වූ ස්නායු ල සමූහයක්. ඒවා ඕනෑම තැනක ඇති කඳ ෙසෙලවලින් අලූතින් නිර්මාණය කර ගන්න ඌට පුළුවන්. ඒ නිසයි දෙකඩ කළ විට මේ සතාට දෙදෙනකු බවට පත් වෙන්නෙ. ගැඩවිලකු නැත්නම් බිම් පණුවකු ඒ විදියට දෙකකට කැඩුණෙත් මිය යනවා.

    ‘ෂිමිඩියේ මෙඩිටරානේ’ (Schmidtea mediterranea) නම් වූ මේ ජලනාරි පැතලි පණුවකුගේ එක් මාදිලියකට ලිංගිකව එක්වීමක් නැතිව දෙකට බෙදී අංග සම්පූර්ණ දෙදෙනකු බවට පත් වෙන්න පුළුවන්. මෙහිදී ඔවුන් සම පමණක් නොව අලූත් පේශීන්, අන්ත‍්‍ර ආදී හැම එකක්ම වර්ධනය කර ගන්නවා. ඒ විතරක් නොවෙයි, අලූතින් මොළයකුත් තනා ගන්නවා.

    ඉක්මනින් ප‍්‍රතිඵල ලබා ගන්න මෙහිදී විද්‍යාඥයන් කළේ පැතලි පණුවකු බ්ලේඞ් තලයකින් කපා දැමීමයි.

    අදහන්නත් බැරි තරම්! මේ රූප පෙළෙන් දැක්වෙන්නේ ජලනාරී පැතලි පණුවකු අලූතින් වර්ධනය කර ගත් හිසෙහි සිය ඇස් මතු කර ගන්නා අයුරුයි

    මෙම අධ්‍යයනය සඳහා අරමුදල් කොටසක් සැපයූ ජෛව තාක්ෂණ හා ජෛව විද්‍යා පර්යේෂණ මණ්ඩලයේ විශේෂඥයකු වන ඩග්ලස් කෙල් කියන්නේ, ”මේ පර්යේෂණයේ වැදගත්ම දායකත්වය සිදු වන්නේ දැනට අප විසින් කර ගෙන යනු ලබන වයස් ගත වීමේ කි‍්‍රයාවලිය පිළිබඳව මූලික අධ්‍යයනයන්ටයි. මිනිසා ඇතුළු වෙනත් සතුන්ගේ වියපත් වීම වැළැක්වීමට හා සෞඛ්‍යය නංවාලීමට ගන්නා පියවරවලට ශක්තිමත් පසුබිමක් ලබාදීමට මෙයින් ලොකු ගැම්මක් ලැබෙනු ඇති” කියායි.
     
    • Like
    Reactions: prageeth119lk

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මේ විදියට ලොකු සතෙක් හැදුනොත් අපි ඔක්කොම කාවි. :sorry::sorry:

    ඒක නිසා දැන්මම post එක delete කරපන්.:shocked:
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මේ විදියට ලොකු සතෙක් හැදුනොත් අපි ඔක්කොම කාවි. :sorry::sorry:

    ඒක නිසා දැන්මම post එක delete කරපන්.:shocked:

    sathunta nevei Ban Minisuntai baya wenna One.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked:නිකන් හරි ඔකෙන් හදන බෙහෙත ගහලා මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා දෙකට කැදුනම පනුවට වෙච්ච දෙම උනොත්:nerd:
    ඔය ක්‍රමෙ හොයාගත්තත් එක මිල අදික වෙයි සල්ලිකාරයොන්ට හොදයි:oo:හැබැයි ඔකෙන් ගොඩක් ලෙඩ හොද කරන්න පුලුවන් වෙයි නෙ:cool: දැන් අමරනිය වෙන්න දැගැලුවට එහෙම උන කාලෙක මිනිස්සුන්ට එපා වෙයි සියදිවිනසගැනිම් % 10000කින් ඉහල යයි:dull:
    මට නම් මේ ඉන්න විදිය හොදයි:)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අස්ථීර ලොකේ ස්ථීර එකම දේ අස්ථීරත්වය..
    ඔය බුදුබණ සදාකාලිකයි..
    ඒ තනි සතා බෙදා වෙන් නො කළා නම් සමහර විට ලෙඩක් නැත්නම් ආසාදනයක් ඇති වුණේ නැත්නම්
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අස්ථීර ලොකේ ස්ථීර එකම දේ අස්ථීරත්වය..
    ඔය බුදුබණ සදාකාලිකයි..

    අස්ථීර ලොකේ ස්ථීර එකම දේ අස්ථීරත්වය..

    Kathawa nam atta Machan. e unata ubath oya wage behethak haduwoth gan nathuwa Innawada?
     

    Similar threads