සදාචාරය පුද්ගලිකය. එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගය වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි. අන් අයගේ සදාචාරාත්මකභාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන්නන් සියල්ලම පාහේ සැළකිලිමත්වන්නේ තම තමන්ගේ සදාචාරත්මකභාවය ගැන නොවේ. තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ “හැදියාව” ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට ලැබී ඇත්තේ අප රටේ වෙසෙන්නන්ගේ ස්වභාවික මානසික පීඩනය සහ ලිංගික අසහනය “ජාතික ව්‍යාපාරය” නමැති කිණිහිරය මත තැලුම් කන විටය.
Read more
http://srilankanatheists.wordpress.com/2013/07/18/සදාචාරය/
Read more
http://srilankanatheists.wordpress.com/2013/07/18/සදාචාරය/