සනත් පොලිසියට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ආන්දෝලනාත්මක වීඩියෝව නිසා සනත් පොලිසියට - ළඟ තිබ්බොත් වැඩ වරදී !


    [FONT=&quot]සනත් ජයසූරිය සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. [/FONT][FONT=&quot]ඒ,ඔහු විසින් පෙරේදා පස්වරුවේ කරන ලද පැමිණිල්ලකට අනුවයි.

    [/FONT]
    [FONT=&quot]මෙම වීඩියෝව නිකුත් කළ පුද්ගලයන් මෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. [/FONT][FONT=&quot]මෙම වීඩියෝව සමාජ ජාල ඔස්සේ ඇතැමුන් බෙදාහැරී බවට ද වාර්තා පළවෙමින් තිබෙනවා.

    [/FONT]
    [FONT=&quot]අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

    [/FONT]
    [FONT=&quot]මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

    Source
    [/FONT]
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    නිරුවත් වීඩියෝ නඩුව පොලිසියට විසඳන්න බෑ - නඩුව මහේස්ත්‍රාත් අධිකරණයකදී




    [FONT=&quot]අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙනවා.

    [/FONT]
    [FONT=&quot]පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබූ අතර අද වනවිටද එවැනි බරපතල සිදුවීමක් වාර්තා වනවා.

    [/FONT]
    [FONT=&quot]අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය කේ. කරුණාතිලක සඳහන් කර තිබුණා.
    [/FONT]
    [FONT=&quot]
    කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

    [/FONT]
    [FONT=&quot]මේ අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

    [/FONT]
    [FONT=&quot]මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

    [/FONT]
    [FONT=&quot]ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

    [/FONT]
    [FONT=&quot]එමෙන්ම 1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

    [/FONT]
    [FONT=&quot]2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ඔස්සේත් අන්තර්ජාලය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරනා මෙකී නිරුවත් ඡායාරූපයන් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරිය හැකියි.

    [/FONT]
    [FONT=&quot]1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරද යන චෝදනාව යටතේ පොලීසියට අදාළ සැකකරුවන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අතර එවන් පැමිණිල්ලක් පොලීසිය තුළදී සමතයකට පත්කිරීම සිදුකළ නොහැකි බවයි නීතිවේදීන් පවසන්නේ.

    [/FONT]
    [FONT=&quot]එවන් පැමිණිල්ලක් පැමිණි විටකදී අදාළ චූදියතන්ව අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩු පැවරිය යුතු අතර එම වරද ඔප්පුවුවහොත් අදාළ චූදිතයාව අවුරුදු 5ක් දක්වා බන්ධනාගාර ගතකරන්නට මහේස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙනවා.

    [/FONT]
    [FONT=&quot]එම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් කාන්තාවට වන්දි මුදලකුත් ලබාගත හැකි අතර තමන්ට සිදුවූ හානියේ ප්‍රමාණය අනුව මේ වන්දි මුදල තීරණය වනවා.

    [/FONT]
    [FONT=&quot]මෙය රුපියල් මිලියන කීපයක වන්දියක් වීමට ද පුළුවන.[/FONT]
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඇයි සනත් විතරද රටේ මනුස්සයෙක් වෙන්නේ. ඇයි අර බැංකු අක්කා. ඇයි එයාගේ ඒවා ගැන පොලිසිය මුකුත් කරන්නේ නැත්තේ. මුලින්ම හොයන්න ඕනේ මේක ලීක් උනේ කොහෙන්ද කියලා. සනත්ගෙන්ම තම ප්‍රශ්න කරන්න ඕනේ මේ ගැන.

    යකෝ අහවල් එකත් ලග තියාගන්න බැහැ කියල කියයිනේ තව කල් යනකොට.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    ආන්දෝලනාත්මක වීඩියෝව නිසා සනත් පොලිසියට - ළඟ තිබ්බොත් වැඩ වරදී !


    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

    Source

    bitch please :lol::lol:
     

    Similar threads