සන්නස්ගල අංගවිකල ළමයා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සන්නගේ ඉතිහාසය හොයද්දි හම්බුන ලිපියක් මේ සයිට් එකේ පින්තූර එක්කම තියෙනවා හිතුවේ නැ මේ වගේ පොරක් කියලා
    http://www.sathhanda.com/2015/07/upul-shantha-sannasgala.html?m=0#



    ශාන්ත සන්නස්ගලගේ දූෂිත ඉතිහාසය සාක්ෂි සහිතව ගෙන හැර දක්වමින් වත්මන් අගමැතිවරයා වෙත යවන ලද ලිපියක පිටපතක් අප වෙත ලැබී තිබේ. එම ලිපිය ලියා ඇත්තේ රනිල්ගේ යහපාලනය අනුමත කරන මහත්මයකු විසින් බව ලිපියේ එන අදහස් දෙස බැලීමේදී පෙනී යයි. එම ලිපියේ සන්නස්ගල අතින් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ගේ නම් ගම් දුරකතන අංක ආදියද සටහන්ව තිබූ අතර අදාල අංකවලට ඇමතීමෙන් මෙම ලිපියේ එන කාරණා සත්‍යය බව තහවුරු කර ගැනීමට අපට හැකියාව ලැබිණි. එසේ වුවද මෙම ලිපිය ප්‍රසිද්ධ මාධ්‍යයක පළකිරීමේදී සදාචාරමය කාරණා මත සහ එයින් අදාල පුද්ගලයන්ට ඇතිවිය හැකි අපහසුතා සලකා බලා එම සමහර නම් ගම් සහ දුරකතන අංක ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට අපට සිදුවූ බව කිව යුතුය. සන්නස්ගල අතින් රැවටීමට හා දූෂණයට ලක්වූ කාන්තාවන් ගැන ලිවීමේදී මේ කාරණය වෙසෙසින් සැලකිල්ලට ගැනීමට සිදුවිය. සන්නස්ගලගේ තිරිසන් කාම තෘෂ්ණාවේ ප්‍රතිපලයක් ලෙස පිළිසිදගත් සහ සන්නස්ගලගේ ගබ්සා බෙහෙත් නිසා සදාකාලික අංගවිකල භාවයට පත්ව මෙලොවට බිහිවූ දැරියක් තවමත් මේ රටේ ජීවත්වන බව අප කිසිවිටකත් අමතක කළ යුතු නැත. මේ රට ගැන උතුරා හැලෙන වෛරයකින් යුතුව මතවාද සකසන්නන්ගේ සැබෑ ඇතුළාන්තය කුමක්දැයි හදුනා ගැනීම සදහා මේ ලේඛණය එක් කුඩා නිදසුනක් පමණි. අනෙක් අතින් එය විශාල සැරසිලි වර්ණනා සහිතව රට හමුවේ ගෙන හැර තබන ලද යහපාලනය නැමති මහා දේශපාලන වංචාවේ සැබෑ තුච්ඡ මුහුණුවර අපට නැවතත් සිහි පත් කර දෙන්නක්ද වෙයි. සන්නස්ගල නැමති සාපරාධී පුද්ගලයාට පමණක් නොව මේ දක්වා ඔහුව වීරයෙක් බවට පත් කරගෙන සිටි ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය වැනි ඊනියා වමේ පක්ෂවලටත්, අද ඔහුට නාම යෝජනා ලබාදී මන්ත්‍රීවරයෙකු කිරීමට සැරසෙන දූෂිත එක්සත් ජාතික පක්ෂයටත් මේ ලිපිය උපහාරයක්ම වේවා.




    එච්.ඒ කුමාර පත්බේරිය
    112, සුනේත්‍රාදේවී මාවත
    කොහුවල
    නුගේගොඩ
    2015.06.27

    රනිල් වික්‍රමසිංහ මහතා
    ගරු අග්‍රාමාත්‍ය
    එ.ජා.ප මූලස්ථානය
    සිරිකොත මන්දිරය
    පිටකෝට්ටේ

    ගරු මහත්මයාණනි,

    උපුල් ශාන්ත සන්නස්ගලගේ බරපතල දූෂණ සම්බන්ධවයි

    පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය පරදවා නව ප්‍රජාතන්ත්‍රවාදී පිරිසිදු රටක් නිර්මාණය කිරීම සදහා දූෂිතයන් පිටු දකින ප්‍රතිපත්තිය ජනතාව මෙම තීරණාත්මක ඡන්ද විමසුමේදී ඉහළින්ම අගය කරන බව අවධාරණය කරමි. නමුත් ඇතැම් සටකපට දූෂිතයන් ඉතා සූක්ෂම ලෙස එක්සත් ජාතික පක්ෂය සමග සැලසුම් සහගතව දිගුකාලීන සම්බන්ධතා ගොඩනගා ගනිමින් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට මේ වනවිටත් සමත් වී සිටින බව පෙනේ. මෙවන් එක් පුද්ගලයෙක් වන්නේ දැනටමත් එළැඹෙන එක්සත් ජාතික පක්ෂ නව රජය යටතේ තමා අධ්‍යාපන ඇමති වන බවට ප්‍රචාරය කරමින් (ඇමුණුම 1) එක්සත් ජාතික පක්ෂය හා එහි අලියා ලකුණ යටතේ මිලියන ගණන් වැය කොට අති දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින උපුල් ශාන්ත සන්නස්ගල නැමැත්තාය.

    දූෂණයට එරෙහි යහපාලන දේශපාලනයට සහමුලින්ම පටහැනි දූෂිත පුද්ගලයකු වන මොහු එම ප්‍රතිරූපය වසා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය මත යැපෙමින් බලවත් වීම ඉදිරියේදී මහත් ඛේදවාචකයක් වනු නියතය. එබදු දූෂිත පුද්ගලයෙකුගේ දූෂණ වංචා චෝදනා මෙන්ම ඔහුට එරෙහිව ක්‍රියාත්මක නීතිමය කටයුතු පිළිබදවද පක්ෂය දැනුවත් කිරීම මෙම යහපාලන දේශපාලනය අනුමත කරන අපගේ පරම වගකීමකි.
    විභාග වංචාව හා උපාධි තහනම

    උපුල් ශාන්ත සන්නස්ගල යනු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි සමයේදී විභාගය වංචා කොට තම උපාධිය පවා තහනම් කරගත්තෙකි. ඒ බව සේපාල් අමරසිංහ 2008 දී පළකළ සන්නස්ගලගේ ප්‍රශ්න පත්‍ර හොරකම නමැති ග්‍රන්ථයේ සහ දිනකර පුවත්පතේ (2003.5.25) සදහන් වෙයි. මෙම ප්‍රසිද්ධ කිරීම්වලට කිසිදු විරෝධයක් එල්ල වී නැත. අවශ්‍ය නම් මේ බව කොළඹ විශ්ව විද්‍යාලයේ විභාග අංශයෙන් තවදුරටත් තහවුරු කරගත හැක. (ඇමුණූම 2 සහ 3)
    උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හොරකම

    ජනප්‍රිය හා ධනවත් ගුරුවරයෙකු ලෙස ප්‍රකට මොහු 2003 දී රජයේ ප්‍රශ්න පත්‍ර හොරකම් කළ බවට චෝදනා ලැබීය. මේ බව සාක්ෂි සහිතවම ලක්බිම 2003.06.01 පුවත්පතෙහි පළවිය. විභාග දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියකු රු. ලක්ෂ දෙකක මුදලකට එම ප්‍රශ්න පත්‍රය විකුණා ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශය එකල හෙළි කර ගත් බව ලක්බිම 2003.05.22 පුවත් පතෙහි පළ විය. රජයේ ප්‍රශ්න පත්‍රයට 100%ක් අති සමාන ලෙස සැකසූ දූෂිත සන්නස්ගලගේ එම අනුමාන ප්‍රශ්න පත්‍රය තම පුද්ගලික පන්තිවල සිසු සිසුවියන්ට බෙදා දෙමින් මෙම දූෂිත ගුරුවරයා එකල පවසා ඇත්තේ සල්ලිවලින් කරන්න බැරි දෙයක් නෑ. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විභාගයට නාවොත් තමා මහණ වන බවයි. (ලක්බිම 2003-5-23) මෙම ප්‍රකාශය ගැනද එකල පරීක්ෂණ පැවැත්විණි. මෙම ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බව සනාථ කළ හැකි තොරතුරු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත්වී ඇති බව ලංකා 2003-5-25 පුවත්පත කියා ඇත. රජයේ ප්‍රශ්න පත්‍රය මෙසේ සොරකම් කළ බවට එකල චෝදනා ලැබූ මෙම දූෂිතයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු බවත්, මෙම වංචාව සම්බන්ධව රහස් පොලීසිය මගින් සිදු කරනු ලබන පරීක්ෂණවලට දේශපාලන බලපෑමක් එල්ල වන බවත් දිනකර 2003-5-25 පුවත්පත හෙළිකර ඇත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් එකළ මෙම පරීක්ෂණ නවතා දැමීමට බලපෑම් කොට ඇති බව මාධ්‍යවල පළවිය. (ඇමුණුම 4 සහ 5)
    මහාචාර්ය එදිරිවීර සරත්චන්දගේ ඓතිහාසික නිර්මාණ සොරකම් කිරීම

    මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ මනමේ කෘතිය අනවසරයෙන් අච්චු ගසා ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය විසින් බස්නාහිර පළාත්බද අධිකරණයෙහි ගොනු කළ නඩු අංක 05/2004(3) යටතේ උපුල් ශාන්ත සන්නස්ගල වරදකරු ලෙස තීන්දු විය. ලලිතා සරත්චන්ද්‍රට ලක්ෂ 5ක් දී නඩුව සමථයකට පත් කර ගත්තේය. මෙසේ කුඩා මුදලක් ගෙවීමට සරත්චන්ද්‍ර මහත්මිය එකග කරවා ගැනුනේ දූෂිත සන්නස්ගල මෙම බුද්ධිමය මංකොල්ලයට වැරදිකරු බව පිළිගත් නිසා සහ අධිකරණමය තීන්දුවට අනුව විශාල වන්දි මුදලක් ගෙවීමෙන් වැලකී සිටීම සදහාය. (ඇමුණුම 6 සහ 7)
    පියසේන කහදගමගේ පර්යේෂණ ග්‍රන්ථ හොරකම් කිරීම

    පියසේන කහදගමගේ ලියූ ප්‍රාදේශීය ව්‍යවහාර නමැති ජනශ්‍රැති පර්යේෂණ ග්‍රන්ථයේ අඩංගු තොරතුරු ඔහුගේ කිසිදු අවසරයකින් තොරව වංචනික ලෙස සොරාගෙන උපුල් ශාන්ත සන්නස්ගලගේ නමින් ප්‍රකාශයට පත්කොට මුදල් ඉපැයීය. මෙය මහා බුද්ධිමය මංකොල්ලයක් බව හෙළි කරමින් පියසේන කහදගමගේ මහතා රාවය 2001.09.16 පුවත්පත මගින හෙළි කළේය. මේ පිළිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා පියසේන කහදගමගේ මහතාගේ පුත් ප්‍රබෝධ කහදගමගේ මහතාගෙන් …………….. (දුරකතන අංකය ඉවත් කොට ඇත) විස්තර දැනගත හැක.
    මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ ශාස්ත්‍රීය පොත් කොල්ලකෑම

    මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිගේ පොත් හයක් එළිදක්වා වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තුරු සතපහක්වත් ඒ මහාචාර්යවරයාට දී නැත. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා මහාචාරය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතාගෙන් (දුරකතන අංකය ඉවත් කොට ඇත) විස්තර දැනගත හැක.


    මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝශය ඇතුළු පොත්වලින් මුදල් ගසාකෑම

    මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ මහා ශබ්දකෝෂය ඇතුළු පොත් ඔහුට මුදල් නොදී කොල්ල කා සල්ලි උපයයි. මේ වනවිටත් ගම්ලත් මහත්මිය අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන එන්තරවාසි කීපයක් යවා ඇතත් දූෂිත සන්නස්ගල අධිකරණයට නොපැමිණ දේශපාලන හා මුදල් බලතල යටතේ කට්ටි පනිමින් සිටී. මේ පිළිබද තවදුරටත් තහවුරු කරගැනීම සදහා ගම්ලත් මහත්මිය (දුරකතන අංකය ඉවත් කොට ඇත) ඇමතිය හැක.


    කූට ලේඛණ සකසා මුදල් වංචා කිරීම පිළිබද නඩුව

    2008 වසරේදී ව්‍යාජ ලෙස කූට ලේඛණ සකසා හොර අත්සන් යොදා මහනුවර සෝමලාල් බණ්ඩාර විජේසුන්දර නැමැත්තකුගෙන් මුදල් වංචා කළ බවට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් තැන විසින් නීතිපති උපදෙස් තකා යොමු කළ නඩුවක් ඇත. මේ පිළිබද පරීක්ෂණ පැවැත්වූ මහනුවර පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිගෙන් (081 222222) විමසිය හැක. ලංකාදීප 2008-6-28 මෙම දූෂණය වාර්තා කොට ඇත. (නඩු අංකය 94525- නීතිපති යොමු අංකය CM2/47/2007) (ඇමුණුම 9)


    සන්නස්ගල නම්වූ අප්‍රකට ස්ත්‍රී දූෂකයා

    උසස් පෙළ සිසුවකුව සිටියදී සන්නස්ගලව කොළඹ තර්ස්ටන් විදුහලට ඇතුළත් කොට ඔහුට තම නිවසේම නවාතැන් දී, කුස පුරවා, උගන්වා සරසවි වරම් විවර කොට මග පාදා දුන් ගුරු පියා වනුයේ …………………….. (නම ඉවත් කර ඇත) මහතාය. කොළඹ සරසවියේ 2 වසර සිසුවකුව සිටියදී දූෂිත සන්නස්ගල තමාගේ කුස පුරවා ඇස් කන් පෑදූ මේ උතුම් මිනිසාට කළගුණ සලකන ලද්දේ ඔහුගේ බිරිදව බියගන්වා තර්ජනය කොට ඇය සමග යහන්ගත වීමෙනි……………….. (නම ඉවත් කර ඇත) නම්වූ එම කාන්තාව මෙම දූෂකයාගෙන් තම නව යොවුන් දියණිය බේරාගැනීම උදෙසාම ඔහුට අවනත වී සිය පවුලම විනාශ කර ගත්තා පමණක් නොව මෙම දූෂිත සන්නස්ගල ඇගේ කුසට දුන් දරුවාද සමග මෙලොව තනිවිය. සන්නස්ගල නැමති සරසවි සිසුවා නිසා ගැබිණියක වී සිය නිවසින් පන්නා දමන ලද …………. (නම ඉවත් කර ඇත) නමැති දෙදරු මාතාවට මෙම දූෂකයා විසින් පොවන ලද ගබ්සා බෙහෙත්වල ආනුභාවයෙන් ………….. (නම ඉවත් කර ඇත) නම් වූ එම දියණිය අදටත් ආබාධිතය. දූෂිත සන්නස්ගල තම දේශපාලන හා මුදල් බලය යොදවා ……………… (නම ඉවත් කර ඇත) එම ගුරුමහතාව නිශ්ශබ්ද කොට ඇත. යහපාලක සන්නස්ගල අභියෝග කරන්නේ නම් හෝ අගතියට පත් පාර්ශවයන්ට තර්ජනය කරන්නේ නම් හෝ ඉදිරියේදී මෙම අංගවිකල අවජාතක දැරිය සහ ස්ත්‍රී දූෂක සන්නස්ගල ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කරවා සැබෑ පිය උරුමය පිළිබ්දව සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කෙරෙනු ඇත. ……………….ගෙන් ……………. (නම සහ දුරකතන අංක ඉවත් කර ඇත) මේ පිළිබද වැඩි දුරටත් තහවුරු කර ගත හැකිය. (ඇමුණූම 10)

    තම සිංහල පන්තියට පැමිණෙන ශිෂ්‍යාවන් හෝටල් කාමර වෙත රැගෙන යන දූෂිත ගුරුවරයෙකු ලෙසද ටියුෂන් ක්ෂේත්‍රෙය් ගුරුවරු අතර සන්නස්ගල ප්‍රකටය. ……………….. සහ ……………….. (නම් දෙකක් ඉවත් කර ඇත.) වැනි ශිෂ්‍යාවන් තම කන්‍යාභාවය මෙම ගුරු දේවයාට පූජා කර ඇත. ඔවුන් දැන් යහපත් පවුල් ජීවිත ගත කරන බැවින් දූෂිත සන්නස්ගලට තව ස්වල්ප කාලයක් යහපාලන වෙස්මුහුණු පැළද සිටිය හැකිය.



    ගරු මහත්මයාණනි, ශිෂ්‍ය අවධියේ සිටම ස්ත්‍රී දූෂකයකු වූ සන්නස්ගල ගුරුවරයෙකු ලෙස ඊටත් වඩා වංචනික සොරකු ලෙස සිදුවීම් ගණනාවකටම චෝදනා ලැබ ඇත. එකී බරපතල චෝදනා සිය මුදල් බලයෙන් හා දේශපාලන බලතල යොදා යටපත් කොට තම මාධ්‍ය භාවිතයෙන් හා කථිකත්වයෙන් ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන සිටින මෙවන් දූෂිතයෙකු එළැඹෙන නව යහපත් දේශපාලන සංස්කෘතියට පෑහෙන්නේ කෙසේද? එක්සත් ජාතික පක්ෂයට හා නුදුරු දිනකදී මෙබිමෙහි ගොඩනැංවෙන නව දේශපාලන සංස්කෘතිය ඉතසිතින්ම අනුමත කරන අප විසින් ඔබතුමාගෙන් විමසා සිටින ප්‍රශ්නය එයයි. උක්ත කාරණා පිළිබද අපක්ෂපාතීව සොයා බලා මෙබදු දූෂිතයන්ගෙන් පිවිතුරු එක්සත් ජාතික පක්ෂය කිලිටි නොවීම සදහා සුදුසු පියවර ගනු ඇතැයි අපේක්ෂා කරමු.



    ස්තුතියි !

    මෙයට
    එච්.ඒ. කුමාර පත්බේරිය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඌ ඕව කරන්නත් ඇති සමහර විට නැති වෙන්නත් පුළුවන් ඒත් ඒකෙන් මොකද්ද වෙන වෙනස.
     
    • Haha
    Reactions: jay-shan

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඕකා මේ ලඟදි specialist doctors ලට කියනව ඌ ඒ වගේ මිනිස්සුන්ට කියන්නෙ බාග මිනිස්සු ලු. උන් ඇඟේ හැම දේ ගැනම දන්නෙ නෑ ලු. පුදුම හීන මානයක් තියෙන්නෙ.
    Bio, maths කරපු උන් එක්ක, ගුරුවරු එක්ක හෙන හීන මානෙකින් ඉන්නෙ මූ. එහෙව් උන් කරේ තියන් යන ජාතියක් අපි 😎
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Oya dushana gana nam danne naha
    habayi porage youtube eke nam
    wena ayage content godak yanawa
    namak wath kiyanne nathiwa.

    eka nisa oya Intelectual katha nam atta wenna puluwan.
     
    • Like
    Reactions: ComradeR

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    e mona channel eke da bn
    uge channel godak thiyenawane.
    mama u oya kiyana samahara ewa
    FB eke kalin dakala thiyenawa , wena aya dana
    godak ara meme dha mokakda eke ussapu ewa danne.

    ara sendilge katawa gana meke thread ekakuth giye
    eka nam tani kebarakne.
     
    • Like
    Reactions: Stimulus mind

    Similar threads