සනීපාරක්ෂක-තුවා

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    සනීපාරක්ෂක-තුවා

    5064171.jpeg

    සනීපාරක්ෂක තුවා ගැන දැනගත යුතුම කරුණු...

    සනීපාරක්ෂක තුවා ගැන දැනගත යුතුම කරුණු...

    තුවා කොපමණ අවශ්‍යද


    පරීක්ෂණයකට අනුව සොයාගෙන තිබෙන්නේ නාගරික කාන්තාවක් සිය ජීවිත කාලය පුරාවට සනීපාරක්ෂක තුවා 16,800ක් පමණ භාවිත කරන බවයි. සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවක් වුවත් ඇයගේ ඔසප් චක්‍රය අනුව මාසිකව පිටවන රුධිර ප්‍රමාණය එක් අයකුගෙන් අයකුට වෙනස්ය. එම නිසා මාසිකව කාන්තාවකට අවශ්‍ය විය හැකි සනීපාරක්ෂක තුවා ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් වෙනස්ය.


    ඉක්මනින් මාරුකරන්න
    එසේ වුවත් සෑම කාන්තාවක්ම ඔසප් සිදුවන කාලයේදී සනීපාරක්ෂක තුවායේ සනීපාරක්ෂාව පිළිබඳ උපරිම අවධානය යොමු කළ යුතුයි. නැති නම් ඔබ නොදැනුවත්වම වෙනත් රෝගවලට ගොදුරු විය හැකියි. ඒ නිසා වෛද්‍ය මතය අනුව නම් උපරිම පැය හතරකට වරක්වත් ඔබ සනීපාරක්ෂක තුවාය මාරු කළ යුතුය. වැඩි වේලාවක් එක සනීපාරක්ෂක තුවායක් ඇඳගෙන සිටීමෙන් බැක්ටීරියා වර්ධනය වී විවිධ ආසාදන තත්ත්වවලට ඔබ ගොදුරු විය හැකියි. තමන්ට පිටවන රුධිර ප්‍රමාණය අනුව පැය හතරත් හයත් අතර කාලය දක්වා එක් තුවායක් ඇඳගෙන සිටින කාලය වෙනස් කරගන්න පුළුවන්.


    ප්‍රමිතිය
    සනීපාරක්ෂක තුවායක් මිලදී ගැනීමේදී එම නිෂ්පාදනය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. එය සුළං නොවදින ලෙසත් ඇතුළත බැක්ටීරියා සහ පුස් නොබැඳෙන ලෙසත් අසුරා තිබීම අනිවාර්යයි. තත්ත්ව සහතික පිළිබඳත් ප්‍රමිතිය පිළිබඳත් නිෂ්පාදනයේ සඳහන් තිබිය යුතුයි.


    අඳින්න පහසුයිද

    ඊට අමතරව එම සනීපාරක්ෂක තුවාය ඔබට ඇඳ සිටීමට පහසු දිගකින් තිබීමත් වැදගත්. ඊට රුධිරය උරාගන්නා ආකාරයත් වැදගත්. විශේෂයෙන්ම පාසල් වයසේ දියණියන් ඔසප්වීමේදී ඇඳ සිටින ඇඳුමේ රුධිරය තැවරීමට ඉඩ තිබෙන බැවින් අම්මලා ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එහිදී රුධිරය හොඳින් උරාගන්නා ගනකමින් වැඩි තුවා භාවිත කිරීම අවශ්‍යයි. ඔසප් දිනයටත් වෙනත් සාමාන්‍ය දිනයක මෙන් පහසුවෙන් තම වැඩකටයුතු කරගැනීමට හැකි සහයෝගය ඔබේ සනීපාරක්ෂක තුවාය ඔබට ලබා දිය යුතුයි.


    නිතරම ළඟ තියා ගන්න
    ඊට අමතරව සෑම කාන්තාවක්ම විශේෂයෙන්ම පාසල් වයසේ දියණියන් සහ රැකියා කරන කාන්තාවන් තම බෑගයේ සනීපාරක්ෂක තුවායක් හෝ දෙකක් නිතරම තබා ගැනීම වැදගත්. දියණියගේ පාසල් බෑගයේ මෙන්ම ඇය අමතර පන්ති රැගෙන යන බෑගයේද සනීපාරක්ෂක තුවායක් තිබීම ගැන මවුවරු අවධානය යොමු කළ යුතුයි.
    බොහෝවිට මේ මාසයේ ඔසප් සිදුවූ පසුව හදිසි අවශ්‍යතාවකදී ඔබ එම සනීපාරක්ෂක තුවාය භාවිත කිරීමෙන් පසු නැවැත අලුත් තුවායක් බෑගයට එක්කර ගැනීමට මතක තබා ගැනීමත් වැදගත්. බොහෝ විට සිදුවන්නේ ඊළඟ මාසයේ ඔසප් සිදුවන තුරුත් ඔබට එය මඟහැරී තිබීමයි. සැෂේ පැකට් වශයෙන් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමටත් තිබෙන බැවින් ඔබට එය අපහසු කරුණක් නොවනු ඇත.


    ශාලිකා රංගනී සමරදිවාකර