පාසල් සිසුවියන්ට සුබ පණිවුඩයක්

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,681
    3,056
    113
    පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වුණි.

    පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණදෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමත් මෙමඟින් අපේක්ෂිත ය.

    ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත.

    ඒ අනුව එක් සිසුවියකට රු. 1,200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබේ.

    මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මඟින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය.

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිසුවියන්ගේ වගකීමකි.

    සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය.

    එය රු. 600.00ක වටිනාකමින් යුත් 'A' හා 'B' ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි 'A'කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 - 2024.07.10 දක්වා වේ.

    අනෙක් 'B'කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 - 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදුකළ යුතු වේ.


    source: https://sinhala.adaderana.lk/news/197456
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,079
    4,635
    113
    හොඳ වැඩ! වෙන්න ඕනේ දේවල්! හැබැයි චන්දෙ නම් දෙන්නේ නැ!
    no one needs to fund sanitary towels of women with public money. it should be the parents responsibility to provide for their kids. This is just popular politics. we have given a lot of things free and what has happened?
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    ඕවා දෙන්න ඕන නගරයේ පෝසත් පාසල් වලට නෙමේ. ගමේ දුප්පත් පාසල් වලට. මුන් ඕක හරියට කරයි කියල හිතන්න අමාරුයි. හැබැයි අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    no one needs to fund sanitary towels of women with public money. it should be the parents responsibility to provide for their kids. This is just popular politics. we have given a lot of things free and what has happened?
    Stop it mate. There are so many parents in Srilanka who can't afford these.

    This is good initiative but ponna Ranil used election time to conveniently introduce these measures.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,681
    3,056
    113
    koti ganan winasa karana eke ohoma hari dunnama mokada wenne, wathu wala ehema innawa pad ekak wath ganna salli nathi lamai, me kathawa chande gana kiyanna kalin Susil premajayanth gen awa yojanawak danna widihata
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    2IuZ6nj.gif

    ඔසප් චක්‍රය පක්ෂ උන්නතියට ‍යොදාගත් අවස්ථාවක්...!!

    ZAs8TWX.png

    මේ රෙද්දවල් ආණ්ඩුවෙන් බෙදන්න ඕන නෑ. මිඩ්වයිෆ්ලා පස්සෙ ගිහින් පුංචි එවුන් ඕක ගන්න එක නෙවෙයි,
    හැම දෙමව්පියෙක්ටම තමන්ගෙ දරුවට ඕවා අරගෙන දෙන්න පුළුවන් තත්ත්වයකුයි හදන්න ඕන...
    පඩියෙන් බාගෙකට කෙලලා අර් ථසාධකේටත් කෙලලා... ලබ්බටත් බදු ගහලා... පෑඩ් එකක් දීලා
    පම්පෝරි ත්‍රෙඩ් එකකුත් දාලා... අනේ අනිච්චං.... ගරිල්ලා මාර්.කටිං....

    හික්.. හික්.. හික්...
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕවා දෙන්න ඕන නගරයේ පෝසත් පාසල් වලට නෙමේ. ගමේ දුප්පත් පාසල් වලට. මුන් ඕක හරියට කරයි කියල හිතන්න අමාරුයි. හැබැයි අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්
    එතකොට බේබදු තාත්තලා ඔය කූපන් එක විකුනලත් බොයි
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,681
    3,056
    113
    2IuZ6nj.gif

    ඔසප් චක්‍රය පක්ෂ උන්නතියට ‍යොදාගත් අවස්ථාවක්...!!

    ZAs8TWX.png

    මේ රෙද්දවල් ආණ්ඩුවෙන් බෙදන්න ඕන නෑ. මිඩ්වයිෆ්ලා පස්සෙ ගිහින් පුංචි එවුන් ඕක ගන්න එක නෙවෙයි,
    හැම දෙමව්පියෙක්ටම තමන්ගෙ දරුවට ඕවා අරගෙන දෙන්න පුළුවන් තත්ත්වයකුයි හදන්න ඕන...
    පඩියෙන් බාගෙකට කෙලලා අර් ථසාධකේටත් කෙලලා... ලබ්බටත් බදු ගහලා... පෑඩ් එකක් දීලා
    පම්පෝරි ත්‍රෙඩ් එකකුත් දාලා... අනේ අනිච්චං.... ගරිල්ලා මාර්.කටිං....


    හික්.. හික්.. හික්...
    "හැම දෙමව්පියෙක්ටම තමන්ගෙ දරුවට ඕවා අරගෙන දෙන්න පුළුවන් තත්ත්වයකුයි හදන්න ඕන" dan ehema situation ekak tiyenawada? nane ehema kiyala pad nathiwa inna kiyalada uba kiyanne
     
    • Like
    Reactions: Tharaka25