සනෝජා_Lesbian film එක ගැන සිහිකරයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සනෝජා_Lesbian film එක ගැන සිහිකරයි

    වීණා ජයකොඩි සමග රඟපෑ සමලිංගික චරිතය ගැන සනෝජා සිහිකරයි


    එක් යුගයක ජනප්‍රිය රංගන ශිල්පිණියක් වූ සනෝජා බිබිලේ තරමක නිහැඬියාවකින් පසු නැවතත් සිනමා රංගනයට පා තබා තිබෙනවා.

    ඒ සනත් ගුණතිලකගේ චිත්‍රපටයක චරිතයක් සඳහා යි.

    මේ නිසාම ඇය පිළිබඳ මාධ්‍ය අවධානය යළිත් යොමුවෙලායි කිව්වොත් නිවැරදියි.

    ඇය සමග පසුගිය දිනක ජාතික පුවත්පතක් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා.

    චිත්‍රපටවල නිරුවත් ලිංගික දර්ශන පිළිබඳවත් එහි දී කතාබහට ලක් වුණා.

    එමෙන්ම පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩු දුන් නිරුවත් දර්ශන සහිත මියුසික් වීඩියෝ පිළිබඳවත් මෙහි දී සනෝජා කතා කර තිබුණා.

    එපමණක් නොව, තමන් විසින් රඟපෑ සමලිංගික චරිත පිළිබඳවත් සනෝජා සිහිපත් කිරීමට අමතක කළේ නැහැ.

    එම ලිපිය පහතින් > > >

    ලැබුණු චිත්‍රපට ආරාධනා ප්‍රතික්‍ෂේප කළත් සනත් ගුණතිලක කතා කළාම අලුත් චිත්‍රපටයට ගියාලු නේද?

    සනත් අයියගෙ වැඩකට කොහොමද බෑ කියන්නෙ. එයාගෙ ෆිල්ම් එකට මට චරිතයක් තියෙනවා කියලා දැනගත්තහම ලොකු සතුටක් දැනුණා. මේ මාසෙ රූගත කිරීම් ඇරඹෙනවා. ශි්‍රයන්ත, රවීන්ද්‍ර, ක්ලීටස්, සනත් ඉන්න චිත්‍රපට මිස් කරන්න කොහොමද.

    කාලයක් චිත්‍රපටවලට කතා කළාම බෑ කීවෙ ඇයි.

    සමහර චිත්‍රපටවලට කතා කරනව වුණත් ඒවා එච්චර වැඩක් නෑ. අනෙක නිරුවත් චරිත කරන්නෙත් නෑනෙ. එහෙම චිත්‍රපට දැන් හැදෙන්නෙ නෑ. මට කරන්න තියෙන එක සීන් එක හොඳයි නම් ඒක රඟපානවා.

    ඒ කියන්නෙ දැන් සිනමාවටත් හොඳ කාලයක් ලබලා.

    සිනමාව දියුණු වෙමින් පවතිනවා. හැබැයි දැන් ඇවිත් තියෙන ඇක්ෂන් චිත්‍රපට රැල්ල, රජකතා රැල්ල වගේ වුණොත් හරි අපරාධයක් සිද්ධවෙන්නෙ. චිත්‍රපට පෝලිමක් තියෙනවා. මේ ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න ගොඩක් විසදිලා නෑ. එදා චිත්‍රපට ක්‍ෂේත්‍රයට ගෙනාපු නිලවීර වාර්තාව අදට වලංගු නෑ. වෙනස් වෙන ලෝකෙ එක්ක ගියෙ නැත්නම් අපි ඉවරටම ඉවරයි.

    අද සිනමාවෙ අභියෝගාත්මක චරිත නිරූපණයක් නැති වුණත් අද එවන් චරිත මියුසික් වීඩියෝවල දකිනවා නේද?

    ඒක වැරැදියි. අපි චිත්‍රපටයක යම් කතාවකට අනුකූලව චරිතයක් විදියට හැසිරෙන්නෙ කතාවට අනුව නිරුවත් වෙනවද නැද්ද කියන එක ගොඩනැඟිලා තියෙන්නේ. මියුසික් වීඩියෝවල මුල ඉඳන්ම නිරුවත් වෙලා සමාජයට වැරැදි ප්‍රතිරූප ලබාදෙනව නම් මම වුණත් ඒක අනුමත කරන්නෙ නෑ.

    එහෙම කීවට ඔබ වීණා එක්ක සුරයහන ගිනිගනී චිත්‍රපටයෙ සමලිංගික දර්ශනයකුත් රඟපෑවා නේද.

    ඔව්. කළු සුදු චිත්‍රපටයක් විදියට හැදුණු සුරයහන ගිනි ගනී චිත්‍රපටයෙ තිබුණ ඒ දර්ශනය රඟපානකොට කිසිම ප්‍රශ්නයක් නොතිබුණත් චිත්‍රපටය තිරගත වෙද්දි යම් යම් අය එක එක කතා කීවා.

    සමලිංගික ජවනිකාව හින්දා අනෙක් චිත්‍රපට අධ්‍යක්‍ෂවරු එවන් චරිතවලටම කතා කළාද?

    ඔවුන් ඒ දේවල් තේරුම් අරගෙන වැඩ කරපු කොටසක්. එහෙම නැතිව එක වගේ චිත්‍රපට කරපු කොටසක් නෙවේ.

    ඔය විදියට ආන්දෝලනාත්මක චරිත රඟපෑව ඔබට සමාජයෙන් බලපෑම් වුණේ නැද්ද?

    ගැහැනියක් අඩනිරුවතින් රඟපෑවහම ඒක රඟපෑමක් විදියට භාරගන්න අය වගේම ඒ දිහා වැරැදි කෝණයකින් බලන අයත් එදා හිටියා. වරක් "මංගල තෑග්ග"චිත්‍රපටයේ වෙසඟනගේ චරිතය රඟපෑවට පස්සේ සමහරු මට විවිධ දේ කීවා. ඒ මම මුලින්ම ඒ වගෙ චරිතයකින් රංගනයට ආව හින්දා වෙන්න ඇති. පසුව මං රංගන ශිල්පිනියක් විදියට භාර ගත්තහම ඒ දේවල් ඔවුන්ට පුරුදු නිසා පුදුමත් නොවුණා වෙන්න ඇති. නදීෂාගේ සිපගැනීම් දර්ශනයටත් ගොඩක් අය බනිනවා. අපේ රටේ සුදු චරිත නෑ. ඒක කවුරුත් තේරුම් ගන්නෙත් නෑ.

    එච්.ඩී. ප්‍රේමරත්න සිනමාවේදීත්, ධර්මසිරි බණ්ඩාරනායක වේදිකාවේදීත් සමාජ ප්‍රශ්න කතා කළා. අද සමාජ ප්‍රශ්න කතා නොකරන තැනට ඇවිත් නේද?

    ඒකටත් හේතුව අද සමාජයම තමයි.

    ප්‍රවීණයෙක් සමාජ ප්‍රශ්නයක් කතා කළාමයි නවකයෙක් ඒ ප්‍රශ්නෙම නිර්මාණයකින් කතා කරන එකටයි ලැබෙන පිළිගැනීම වෙනස් වෙන්නෙ ඇයි?

    මේක ටිකක් සංකීර්ණයි. ලිංගිකත්වය කතා කරන්න ඩිග්රි ඕනෑ නෑ. සමාජයේ වැරැද්දත් ඕකම තමයි. ඕක අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක්.

    සනත්ගෙ චිත්‍රපටයට පස්සෙ සිදුවන රංගන කටයුතු ගැන කීවොත්?

    කාලෙකට පස්සෙ මම වේදිකා නාට්‍ය නිර්මාණයකට සම්බන්ධ වෙනවා. ඒ සුගත් සමරකෝන්ගෙ අලුත්ම වේදිකා නාට්‍යයේ චරිතයකටයි.