සඳතැන්නේ අසිරිය විඳින්න එන්න

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සඳතැන්නේ අසිරිය විඳින්න එන්න

    20160318Sandathanna3.jpg

    20160318Sandathanna4.jpg


    හෝර්ටන් තැන්න දෙස් විදෙස් කාගේත් ආකර්ෂණය ලද ඉතා සුන්දර භූමියකි. ජෛව විවිධත්වයෙන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද විශේෂිත, අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයක් මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ %මහ එළිය^ නමින් බව සඳහන් වෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200 – 3000 පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි උසම තැනිතලා භූමියද වන ලොව මවිත කළ හෝර්ටන් තැන්න වසර මුළුල්ලේම සංචාරකයන්ගෙන් පිරී පවතියි.
    නුවරඑළියට සංචාරය කරන ඔබ නොවරදවාම යන හෝර්ටන් තැන්නට නොදෙවෙනි, අසිරිමත්, ඉතා මනස්කාන්ත වූ ස්ථානයක් දැක බලාගැනීමට අපට පසුගියදා වාසනාව ලැබිණි. මෙතෙක් නුවරඑළියෙහි නොදුටු ආකර්ෂණීයම ස්ථානයක් ලෙස මෙය හැඳින්වීම නිවැරදියැයි හැඟෙයි.
    නුවරඑළියේ නගරයේ සිට කිලෝමීටර් 05 ක් වැනි ඉතා ආසන්නයේ දුරකින් මෙම ස්ථානය පිහිටා ඇත. සොබාදහමේ අපූරු නිර්මාණයක වන මෙය සඳතැන්නයි (Moon Plain). නුවරඑළිය, සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපොළ අතරින් තවත් කිලෝමීටර් 03 ක ගමනාන්තයෙන් අනතුරුව මේ අසිරිමත් ස්ථානය හමුවෙයි. එම ගමන අතරතුරකිලෝමීටර් 03 පුරාම ජෛව විවිධත්වයේ අපූර්වත්වය නරඹමින්, ඉමක් කොනක් නොදකින සොබාදහමේ විශ්මිත නිර්මාණය දැක බලාගනිමින් සංචාරය කළ හැකිය.

    20160318Sandathanna1.jpg



    20160318Sandathanna2.jpg

    සඳතැන්න සංචාරකයන්ට විවෘත කර ඇත්තේ මීට වසරකට පමණ පෙර සිටය. සීතා එළිය, බීජ අර්තාපල් කෘෂි ගොවිපොළ හා නුවරඑළිය මග නගර සභාව එක්ව මෙය සංචාරකයන්ට විවෘත කර තිබේ. මෙහිලා විශේෂයෙන්ම නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා විශාල කාර්යභාරයක් කර තිබීම සිහිපත් කළ යුතුය. වසර 20 ක පමණ කාලයක් පුරා දැරූ වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස සංචාරකයන්ට සඳතැන්න දැක බලාගැනීමේ වාසනාව උදාවී ඇත්තේය.
    සඳතැන්න මුහුදු මට්ටමේ සිට අඩි 6200 ක උසකින් යුක්ත වූ තැනිතලා භූමියකි. මෙහි යන ඔබට අවට ප්‍රදේශය 3600 ක් දර්ශනය වෙයි. අවට නෙත ගැටෙන කඳු අතර උසම කඳුදහයෙන්නවයක්ම දර්ශනය වීම මෙහි ඇති සුවිශේෂී බවයි. එම කඳු 09 අතර පිදුරංගල (අඩි 8281), සිංගල් ට්‍රී (අඩි 6890), කිකිලියාමාන (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), කොනිකල් හිල් (අඩි 7339), කිරිගල්පොත්ත (අඩි 7835) තොටුපල කන්ද (අඩි 7737) හග්ගල (7110), නමුණුකුල (අඩි 667) වෙයි.

    20160318Sandathanna12.jpg


    එසේම හග්ගල, පිදුරංගල හා හෝර්ටන් තැන්න මැදිකරගත් සඳතැන්න ජෛව විවිධත්වයෙන් හා පාරිසරික වටිනාකමින් යුක්ත වූ මනස්කාන්ත ස්ථානයක් ලෙසින් සැලකිය හැකිය. මෙහි සංචාරය කරන ඔබට ශ්‍රී පාදය මෙන්ම ඉර සේවය හොඳින්ම දර්ශනය වන තැනක්ද වෙයි. අගක් මුලක් නැති, ඉමක් කොනක් නොපෙනෙන සඳතැන්න ඔබ පුදුම කරවනු නොඅනුමානය.
    සදතැන්න යන ඔබට උදය හා සවස් කාලයේදී ගෝනුන් සිය ගණන් නැරඹීමට වාසනාව උදාවෙයි. එසේම, මුවන්, හාවුන්, කුළු හරකුන්, දිවියන්ද දැක බලාගත හැකි වෙයි. එපමණක් නොව නුවරඑළියට නුහුරු නුපුරුදු මොණරුන්ද සඳතැන්නේදී දැකගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. ඌව පළාත මෙහි එක් කොනකට සම්බන්ධ වීම නිසා මොණරුන් මෙහි සංක්‍රමණය වී ඇති බව සංචාරක මඟපෙන්වන්නෝ සඳහන් කරති.
    සඳතැන්න කුරුලු විශේෂ බොහෝමයකින් යුක්තය. එම ප්‍ර‘දේශයටම ආවේණික කුරුළු විශේෂ සිටින අතර, පැළෑටි, මල් වර්ගද එලෙසමය. බැලු බැලූ අත සුන්දර දසුන් නෙත ගැටෙන සඳතැන්න රැකගැනීම අප සතු වගකීමක්ද වෙයි. හෝර්ටන් තැන්නට නොදෙවෙනි වූ සඳතැන්න නුවරඑළියේ සංචාරය කරන ඔබට නැවුම් අත්දැකීමක් ලබාදෙනු ඇත.
    මෙහි සංචාරය කිරීමට යන ඔබට බීජ අර්තාපල් ගොවිපොළ අසළ සිට ජීප් රථවලින් සංචාරය කිරීමට සිදුවෙයි. එසේම මෙම ජීප් රථ ක්ලෝරීන්වලින් සෝදා ගොවිපළේභූමියට ඇතුළු කරන අතර, ජීප් රථවලින් ඉවත්වන දූවිලි තුළින් පරිසරයට කිසිදු හානියක් නොවීමට මෙම ක්‍රියාවලිය කරන බව අපට එහිදී දැකගත හැකි විය.
    රට සතු මහඟු සම්පතක් වන සඳතැන්න රැකගැනීමට නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා මෙන්ම බීජ අර්තාපල් ගොවිපොළෙහි නිලධාරීන් දරන උත්සාහයද විශේෂයෙන්ම මෙහිදී පැසැසීමට ලක්කළ යුතුමය.
    විමසීම් - 0523057042



    20160318Sandathanna8.jpg



    20160318Sandathanna9.jpg

    20160318Sandathanna10.jpg

    20160318Sandathanna11.jpg

    20160318Sandathanna13.jpg

    20160318Sandathanna15.jpg

    20160318Sandathanna16.jpg



    20160318Sandathanna17.jpg

    20160318Sandathanna19.jpg

    20160318Sandathanna20.jpg

    20160318Sandathanna21.jpg

    20160318Sandathanna22.jpg
     

    udayangaxp

    Junior member
  • Sep 15, 2006
    60
    4
    8
    Good post. But some information required correction.
    up to 3000m above sea level - WRONG - The highest place in Sri Lanka is Piduruthalagala which is 2524m above sea level.
    8281 ft Pidurangala - WRONG - Correct one is Piduruthalagala (Mount Pedro)
    Opened to visitors one year go - WRONG - At least 3 or 4 years ago