සඳහිරු සෑය ඇත්ත කතාව

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සඳහිරු සෑය ඇත්ත කතාව

    %E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%2B%E0%B7%83%E0%B7%91%E0%B6%BA%2B%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%2B%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%2B%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%2B%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%2B%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94%2B%E0%B6%91%E0%B7%85%E0%B7%8F%E0%B6%BB%2B%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%9C%E0%B7%9A%2B%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2B%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%2B%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%94..jpg


    ඳහිරු සෑය තැනෙන බිම නිදන් කොට තිබුණු එළාර රජුගේ රත්තරන් කරත්තය අතුරුදන්ලු!


    සඳහිරු සෑය ඉදිවෙමින් ඇත්තේ අනුරාධපුර පූජා නගර සීමාව තුළ පිහිටි පැරණි කුරුණෑගල හන්දිය නම් ස්ථානයේය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන්ගේ නිර්දේශයේ සඳහන් අන්දමට එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්මාරක, නටබුන් කිසිවක් නැත.

    පුරාවිද්‍යාවෙන් එහෙම කිව්වට ඕක තමයි ඉස්සර එළාර රජ්ජුරුවන්ගේ රථගාල, එළාර රජ්ජුරුවෝ අශ්ව කරත්තයට වහු පැටියෙක් යට කරලා මරපු තමන්ගේ පුතාව ඒ කරත්තයටම යට කරලා මරවන්න නියම කරපු කතාව හැමෝම වගේ දන්නවනේ, අන්න ඒ කරත්තෙත් ගාල් කරලා තියෙන්නේ ඔතන, ඒ වගේම දුටුගැමුණු කුමාරයා අනුරාධපුරය ආක්‍රමණය කරන්න එන බව දැනගත්තු එළාර රජ්ජුරුවෝ තමන්ගේ ඔය රථගා‍ලේ ‍පොළොව යට කෝටි ප්‍රකෝටි ගාණක රත්තරන් මුතු මැණික් නිදන් කරලා තියනවය කියලත් ඉස්සර ඉඳලම කතා පැතිරිලා තිබුණා. කොහොම හරි ඔය ෙචෙත්‍යය හදන්න කලින් ඔතන වටේට කොටු කරගෙන අක්කර ගාණක් විශාලෙට මහා ලොකු වළක් කපපු හැටිත් මෙහේ මිනිස්සු හැමෝම වගේ හොඳට දන්නවා. ඒ වගේම අර කාරණේත් දන්න හින්ද ඒ වළ කැපුවෙ මොකටද කියන එකත් මෙහේ හුඟදෙනකුට රහසක් ‍නෙවෙයි. කොහොම හරි ඒ ‍පොළොව යට වළලලා තිබුණය කියන රත්තරන්, රිදී, මුතු, මැණික් ටොන් ගාණට මොනවද වුණේ කියන්න දෙයියොම තමයි දන්නේ. ඉතින් ඒ වගේ දේකදී දෙවිවරු වුණත් කෝප නොවී ඉඳීද?

    සඳහිරු සෑය මුල් කොට ගත් දේව කෝපයේ කතාව හඹා ගිය අපට අනුරාධපුර පූජා නගරයේ පදිංචි වියපත් ගැමියෙක් කීය.

    කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක නොමැති එළාර රජු පුතු මැරවූ කරත්තයේ කතාව කෙසේ වෙතත් 1956 වසරේ අනුරාධපුර පූජා නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමට පෙර සිටම මෙම පරණ කුරුණෑූගල හන්දිය අතිශය ජනාකීර්ණ ප්‍රදේශයකි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වර්තමාන කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කවලට අයත් පැරණි හත් කෝරළය හතර කෝරළය ආදී ප්‍රදේශවලින් අනුරාධපුරයට පැමිණෙන මගී සහ භාණ්ඩ ප්‍රවාහන කරත්ත සිය ගණනක් නිරතුරුවම මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගාල් කොට තිබූ බැවිනි. විශේෂයෙන් එම ප්‍රදේශවල සිට උතුරුකරය දක්වා ප්‍රවාහනය කෙරෙන ‍පොල් අතු ඇතුළු භාණ්ඩ හුවමාරු කරන ස්ථානයක් ලෙස අතීතයේ සිට මෙම පැරණි කුරුණෑගල හන්දිය ප්‍රසිද්ධියට පත් වී ඇත. දකුණේ සිට සහ උතුරේ සිට ගැල්වලින් පැමිණෙන අනේක විධ භාණ්ඩ හුවමාරු වී ඇත්තේ මෙම ස්ථානයේදීය. ඒ අනුව දැනට සඳහිරු සෑය ඉදිවන ස්ථානය සහ ඊට යාබද කච්චිවත්ත නම් ස්ථානයේ සැලකිය යුතු පුරාවිද්‍යාත්මක අගයක් නොතිබූ නිසා දෝ මෑතක් වනතුරුම එය මානව ජනාවාසයක් ලෙස ස්ථාපිත වී තිබේ.

    අනුරාධපුර පූජා නගර සංවර්ධන වැඩසටහන් සමග පූජා නගරයේ තිබූ මානව ජනාවාස ක්‍රමයෙන් ඉන් ඉවත් වී ඇතත් ආගමික සහ පුරාවිද්‍යාත්මක ස්මාරකවලට මැදි වූ මානව ජනාවාස යම් ප්‍රමාණයක් අදද පූජා නගරය තුළ දක්නට තිබේ. එම ප්‍රමාණය අටසියයකැයි කියනු ලැබේ. ඒවා ද නුදුරේදීම ඉවත් වී ඒවායේ පදිංචිකරුවන්ට අනුරාධපුර ලෝලුගස් හන්දිය ප්‍රදේශයේ ‍පොදු පහසුකම් සහිත නව වාසස්ථාන හිමි වනු ඇත. දැනට සඳහිරු සෑය ඉදිවෙමින් පවතින ස්ථානයේ පදිංචි පවුල් දෙසීයක් පමණ වන පදිංචිකරුවන් ඉන් ඉවත් කරවීම කෙරෙහි දිගු කලක සිට බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. එහෙත් කලින් කල පැවැති දේශපාලනික සහ වෙනයම් අත පෙවීම් නිසා එම කටයුත්ත සාර්ථකව සිදු කිරීමට හැකියාවක් ලැබි නැත.

    “මේ අය පහුගිය කා‍ලේ ‍පොළොව යට පරීක්ෂා කරන මැෂින්වලින් අනුරාධපුරේ හැම බිම් අඟලක්ම පරීක්ෂා කළා. එතකොට තමයි ඔතන ‍පොළොව යට මොකක් හරි විශේෂ දෙයක් දැකලා තියෙන්නේ. ඒත්, මේ අයට ඒ ‍පොළොව උඩ ගෙවල් තියන හින්දා කිසිම දෙයක් ගන්න බැරුවයි හිටියේ, නමුත් අන්තිමට මොකද කළේ හරියටම යුද්දේ දිනපු දවසට පහුවෙනිදා ඒ සේරම ගෙවල් දොරවල් බලහත්කාරෙන් කඩලා ඒවයේ පදිංචිකාරයන්ව නන්නත්තාර කරලා දැම්මා. ඊට පස්සේ තමයි ඔය දාගැබ හදන මුවාවෙන් වටේ කොටුකරගෙන මහා බරපතළ විදිහට ‍පොළොව හාරන්න පටන් ගත්තේ. මෙහේ සමහරු කියන විදිහට ඔතන ‍පොළොව යට තියන රත්තරන් පුරවපු එළාර රජ්ජුරුවන්ගේ කරත්තේ හොයන්න තමයි ඔය විදිහට ‍පොළොව හාරලා තියෙන්නේ. කොහොම හරි ඔතන තිබුණු රත්තරන් ටොන් ගණනක් කවුරු හරි කොළඹ ගෙනිච්ච කතාවකුත් තියනවා.”

    අනුරාධපුර සංචාරයේදී හමු වූ තවත් ගැමියෙක් කීය. එමෙන්ම මෙහිදී හමු වූ සෑම ගැමියකුම තම අදහස් පළකොට සිටියේ අනුරාධපුරයේ බොහෝ දෙනකු දන්නා හඳුනන මගේ සගයා වන මුතුබණ්ඩා දසනායක මහතා ඇපයට තබා ගනිමිනි. ඒ අනුව තමන් කිසිවක් තම නමින් පුවත්පතට එක්කර නොගන්නා බවට ඔව්හු මුතුබණ්ඩා මහතා ඉදිරියේ මා ‍පොරොන්දු කරවා ගත්හ. පසුව මම එම ගැමියා කී එම රසවත් කතා ප්‍රවෘත්තිය අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ නිිලධාරිනී නිරූපා ප්‍රියදර්ශනී මහත්මියට කීවෙමි. එවිට ඇය සිනා සී කීයේ තමන්ට ද එම කතාව එපරිද්දෙන්ම අසන්නට ලැබුණු බවය.

    පසුගිය යුද ජයග්‍රහණය නිමිති කර ගත් මෙම සඳහිරු සෑයට මුල්ගල තබා ඇත්තේ 2010 වසරේ නොවැම්බර් විසි එක්වන දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. එහෙත් අනුරාධපුර ප්‍රදේශයේ ගිහි පැවිදි බොහෝ දෙනකු මා හා කී අන්දමට ඉන්පසු මෙම සෑය තැනීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රජාවගෙන් සැලකිය යුතු සක්‍රිය දායකත්වයක් ලබාගෙන නැත.

    “සෑයේ වැඩ පටන් ගන්නවා කියලා ඔය ඉඩම තහඩු ගහලා වට කරගෙන රෑ දවල් දෙකේ පුදුම හෑරිල්ලක් තමයි හෑරුවේ. ඒ හාරන එකට මේ පළාත්වල ඉන්න උගත්, වැදගත්, බුද්ධිමත් කිසිම කෙනකුගෙන් උපදෙස් ගත්තේ නෑ විතර ‍නෙවෙයි. මේ පැත්තේ කිසිම කෙනකුට පැත්ත පළාතටවත් එන්න දුන්නේ නෑ. වැඩේ අවංක නම් මොකටද ඕවා හොර රහසේ හැංගිිලා කරන්නේ. මොකද දාගැබක් හදන එක වහංවෙලා කරන්න ඕනේ වැඩක්ද ? අනුරපුර ගැමියෙක් කීය.

    මේ චාරිකාවේ දී ම’විසින් සොයා ගත් කරුණුවලට අනුව මෙම ස්ථූපයේ නිර්මාණ සැලසුම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් නිම කරවා ඇත.

    එහි ඉදිකිරීම් භාරව කටයුතු කරනුයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නව වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවයි. ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව, කාලතුවක්කු බළකාය ද මෙම ඉදිකිරීම සඳහා දායකව සිටිති. ඊටත් අමතරව ජාතික ආරක්ෂක සේවා බලමුළුවේත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේත් ශ්‍රී ලංකා ‍පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේත් සහාය ඊට ලැබේ. මෙතරම් ආයතන ගණනක් එක්ව හා සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පිරිස්වල ඒකරාශිත්වයෙන් සිදුකෙරෙන කිනම් හෝ කැණීමක කෙලෙසකින් හෝ රහස්‍ය බවක් සුරැකී තිබිය හැකිද ? යන්න වෙනම විමැසිය යුතු පැනයකි.

    දැනට ඉදිකිරීම් සිදුව ඇති අන්දමට සෑයේ වැලිමළුවේ ප්‍රමාණය අක්කර හයයි රූඩ් තුනයි පර්චස් තිහකි. සලපතල මළුව අක්කර හතරයි රූඩ් දෙකකි. අක්කරයකුත් පර්චස් විස්සක වපසරියක් පුරා මෙම ස්ථූපයේ පාදම ඉදිවී ඇත.

    අනුරපුර ප්‍රදේශයේ ගැමියන් බොහෝ දෙනකුගේ සැකයටත් කුතුහලයටත් හේතු වී ඇත්තේ මෙම ස්ථූපයේ අත්තිවාරම ඉදිකිරීම සඳහා සිදුකොට ඇති දැවැන්ත පස් ඉවත් කිරීම බව පෙනේ. ස්ථූපය ඉදිකරන භූමියේ අක්කරයකුත් පර්චස් විස්සක ප්‍රමාණය තුළ එසේ හාරා පස් ඉවත් කොට ඇති කොටසේ ගැඹුර අඩි හතළිස් පහකි. ස්ථූපයේ පාදම අතිශයින් ශක්තිමත් විය යුතු නිසා පතුල් ගල් තලයේ සිටම එහි අන්තිවාරම යෙදීමට තීරණයට වූ බව එම ඉදිකිරීම් භාරව සිටි නිලධාරියකු මා හා කීය.

    එසේ දාගැබේ ස්ථූපය පතුල් ගල් තලය දක්වා ගැඹුරට හාරා ඒ මත අඟල් 6*9 ප්‍රමාණයේ කළුගල් කියුබ් හයදහස් හාරසිය පනහක් යොදා ඇත. ඒ එම ගල් අතර අඟල් 4*3 ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් කියුබ් හයසිය හතළිස් පහක් සහ කුඩා කළුගල් සහිත ඒබිසී මිශ්‍රණය කියුබ් පන්සිය හැත්තෑවක් යොදා ජලයෙන් පදම් කොට පතුල් ගල් තලය මත ‘කෘත්‍රිම කළු ගලක්’, නිර්මාණය කිරීම සඳහාය. ඊට හේතුව අතිවිශාල බරකින් හා ස්කන්ධයකින් යුතු මෙම ස්ථූපය කල්යාමේදී හෝ භූචලනයකදී දෙදරා යාමට ඇති අවදානම මුළුමනින් පිටුදැකීමට යැයි එම නිලධාරියා කීය.

    ලක් ඉතිහාසයේ අසම සම කෘතිය වන මහාවංශයේ එන අන්දමට ශ්‍රී ලංකාවේ අසම සම ස්ථූපය වන රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේ නව වාරයක්ම ගිලා බැස ඇත. වංශකතාවේ එන අන්දමට දුටුගැමුණු රජතුමා අසූහාර දහසක් මහා සංඝරත්නයෙන් ඊට හේතුව විමසා ඇත. එවිට රජතුමන්ට දැන ගැනීමට ලැබෙනුයේ එක්තරා අන්දමක විස්මිත පුවතකි. එනම් සෑයේ විරස්ථිතිය පිණිස ස්ථූපයේ පාදම සවිමත් කිරීම පිණිස එලෙස සෘද්ධිබල සම්පන්න භික්ෂූන් විසින් එසේ ස්ථූපය නව වරක් පෙළොවට ගිලා බැස්සවූ බවය. මහාවංශයේ තිස්වන පරිච්ජේදයේ 51-56 ගාථා පාඨයන්හි මෙම කදිම පුවත සඳහන්ය.

    ඒ කෙසේ හෝ මෙම සඳහිරු සෑය ඉදිකරන භූමියේ පදිංචි වී සිටි පවුල් දෙසීයකට ආසන්න පිරිස උතුරු නැගෙනහිර යුද්ධය දිනූ දාට පසු දිනම එනම් 2009 මැයි 19 දා ඉන් නෙරපා දැමීමට රජයට තිබූ තදියම කුමක්දැයි මම අනුරාධපුර නාගරික සංවර්ධන අධිකාරී කාර්යාලයෙන් විමසා සිටියෙමි. එවිට එහි ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා සිටියේ අනුරාධපුර පූජා නගරයට නොගැළපෙන එම මානව ජනාවාසය ඉවත් කිරීම ප්‍රදේශයේ ගිහි පැවිදි ප්‍රභූන්ගෙන් සමන්විත අනුරාධපුර ‘පූජා නගර කමිටුව’ මගින් කලකට පෙර කරන ලැබූ නිර්දේශයකට අනුව සිදුවූවක් බවය. එමෙන්ම මෙය තම අධිකාරියේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ගනු ලැබූ විධිමත් ක්‍රියා මාර්ගයක් මිස පූර්ව සැලසුමකට අනුව කල්යල් බලා සිදුකරන ලද්දක් නොවන බව ද හෙතෙම කීය. එහෙත් එහි විධිමත් බව කෙසේ වෙතත් එම ඉඩම්වල නිරවුල් ඔප්පු හිමියන්ට මේ දක්වා කිසිදු වන්දියක් ලබාදී නොමැති බව ද මෙම චාරිකාවේදී අපට දැන ගන්නට ලැබුණි.

    ‘අනුරාධපුරය වගේ ශුද්ධ භූමියක අටමස්ථාන අතරට නවමස්ථානයක් එක් කරනවා නම් ඒක බොහොම පිරිසිදු විදිහට කෙරෙන්න ඕනේ. අඩුම තරමින් ඔය ඉඩමේ මුල් ඔප්පු හිමියන්ට වන්දි නොදී ඔය වගේ කටයුත්තක් පටන් ගත්තු එක ගැන දෙවියෝ කෝප නොවුණොත් තමයි පුදුමේ” කලින් අනුරාධපුර නාගරික මන්ත්‍රී පදවියක් ද හෙබවූ සඳහිරු සෑය ස්ථූපය ඉදි කළ භූමියේ පාරම්පරික ඉඩම් හිමියෙක් අප හා එසේ කීය. ඒ කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගොඩගෙන අස්ථාන ගත වූ බව පැවැසෙන රජුගේ රත්‍රන් කරත්තය පිළිබඳව තවදුරටත් විමසා බැලීම අපගේ ඊළඟ අරමුණ විය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නිධන් හොරා මිනීමරුවා ඔය ඉන්නේ ඕකා ගිය තැනෙක මිනිහෙක් වත් ඉතුරු වෙන්නේ නැති එකේ රත්තරං අතුරුදහන් වෙන එක අහන්නත් දෙයක්ද බං
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :dull:මේ සීන් එක පත්තරේද තිබ්බේ බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සඳහිරු සෑය මුල් කොට ගත් දේව කෝපයේ කතාව හඹා ගිය අපට අනුරාධපුර පූජා නගරයේ පදිංචි වියපත් ගැමියෙක් කීය.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    නිධන් හොරා මිනීමරුවා ඔය ඉන්නේ ඕකා ගිය තැනෙක මිනිහෙක් වත් ඉතුරු වෙන්නේ නැති එකේ රත්තරං අතුරුදහන් වෙන එක අහන්නත් දෙයක්ද බං
    ඔය ගත්ත රත්තරන් වලින් හොරාකාපු සල්ලි වලින් ඌටත් උගේ පවුලටත් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නෑ.බලපන්කො මේ සැප්තම්බර් වෙන කොට මොකද වෙන්නේ කියලා.
    :lol:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඇයි යකෝ රන්ජන් අරලියගහ මන්දිරේ තිබිල වන වන හිටපු රත්තරන් කඩුව හදල තියන්යන ඔය කියන කරත්තෙ උණු කරලලු තව අර ඒසී කරපු ටොයිලට් එකේ කොමඩ්එක හදල තියන්නෙත් ඒ රත්තරන් වලින් කියනවනෙ.ඇයි ඒ වියපත් ගැමිය ඒ ගැන ක්ව්වෙ නැතැයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය ගත්ත රත්තරන් වලින් හොරාකාපු සල්ලි වලින් ඌටත් උගේ පවුලටත් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නෑ.බලපන්කො මේ සැප්තම්බර් වෙන කොට මොකද වෙන්නේ කියලා.
    :lol:

    නෑ බං ඕකා මළොත් ඕවා හොයනවා බොරු
    සල්ලි ඩුබායි වල හිරවෙනවා
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    නෑ බං ඕකා මළොත් ඕවා හොයනවා බොරු
    සල්ලි ඩුබායි වල හිරවෙනවා

    රනිලුයි මෛත්‍රියි දැන් නිශ්ශබ්දව ඉන්නේ ඕකව දැන්ම මැරුවොත් මහාමැතිවරනයට අවාසියක් වෙන නිසා.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    සොන්නකිරුළ තිබ්බ තැන්වල නම් නිධන් හෑරුවා

    ado lankawe politicians la ratata wadak karanne nathi eka ahanna deyak na ne bn. wadak karana manussayake charithe winasa karalama danawane. mokuth nokara thamange paduwe shape wela inna tharamata safe.

    Ape rate minissu hari wenas... lol sira ad eka
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ado lankawe politicians la ratata wadak karanne nathi eka ahanna deyak na ne bn. wadak karana manussayake charithe winasa karalama danawane. mokuth nokara thamange paduwe shape wela inna tharamata safe.

    Ape rate minissu hari wenas... lol sira ad eka

    රජපකසල නිධන් හෑරුවේ නැද්ද කියහන් ?
    unp කාලේ සජිත් නිධන් හෑරුවේ නැද්ද කියහන්
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    රජපකසල නිධන් හෑරුවේ නැද්ද කියහන් ?
    unp කාලේ සජිත් නිධන් හෑරුවේ නැද්ද කියහන්

    IDK. And to be honest I don't really care.

    mewa okkoma sakki nathi chodana witharai. eth lankawe raja kalen passe sandahiru saya wage project ekak karapu eka watinawa. eken symbolize karapu de (end of 30 year war) eeta wada watinawa.

    ohoma chodana karanna padanamak thynw nam legal actions ganna ekata badhawak dakinne na mama dan. eth wadak karapu minihekuta oppu wune nathi chodana dala e karapu wade baldu karana ekata mama wiruddhai.

    :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගොනා කරත්තෙ උස්සල තියෙන්නෙ ඇදගෙන යන්න වෙන්ටැ :P :P :P
    සාඨකේ නහය හරහ දාල රත්තරං කරත්තෙ බැඳල කරත්තෙට නග්ගන්න ඕනෙ ශිරන්තිව.. :rofl: :rofl:
    ඊට පස්සෙ තලන්න ඕනෙ වැලිවේරියෙ මිනිස්සුන්ට වෙඩි තිබ්බ තුවක්කු මිටවල් වලිං අදිනකං :baffled: :baffled: