සඳුදා රජයේ නිවාඩු දිනයක්
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
සම්බුදු තෙමඟුල සමරමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට ආගමික කටයුතුවල යෙදීමත් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රටපුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවස්ථාව ලබාදීමත් සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.
www.lankadeepa.lk