සඳුනි (නොකියූ කතාව)

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ආදරය යනු වේදනාවකි, ඉතිරි වන්නේ දුක පමණයි..
ඇතැම් විට ආදරය ජිවිතයේ අසුන්දරම හැගිමක් යැයි මට සිතේ,
සැම වේදනාවකටම මුල ආදරය නොවේද.?
සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..
ආදරය විදින්නේ කෙටි කාලයයි, නමුත් සදාකාලයටම විදවනවා..
ආදරය නිසා හටගත් මතකයන් සුන්දර වුනත් සිහියට එද්දි දුකයි..
ආදරය කියන්නේ අපි අපම රවටා ගැනිමකි..
ආදරය කරන්න අසයි නමුත් වේදනාවට බයයි..
ආදරය නිසා වැඩියෙන්ම හට ගන්නේ සිනහවද? කදුළුද.?
සිහිනයන් අතරින් ඔබ සිහිවන විට මා කුමක් කරන්නද.?
සිනාසෙන්නද ලොවට හොරා හඩන්නද.?
ආදරය ඉදිරියේ මා අසරණයි..
ආදරය මා අසරණ කලා, දුකක් ඉතිරි කලා, සිතන්න යමක් ඉතිරි කලා, හැඩවුවා..
එ හැම දෙයකින්ම මම ආදරයේ අසුන්දරම පැත්ත දැක්කා..
එ දේ දකින්න තරම් ඔනැකමක් වත් ශක්තියක් වත් දැන් මට නැත..
මා මේ ලොවේ තනිවු විට යායුතු මග පෙන්වුයේ නුඹයි..
ආදරයේ නියම අර්ථය තේරැම් කර දුන් ඔබම අද මා අසරන කළා..
මා හට වේදනාවක් ගෙන දුන් ඔබ සතුටු වන විට මා කුමක් කරන්නද.?
මා හට ආදරය කරන්න මේ ලොවේ කවුරැන් හෝ සිටිද.?
සිටියත් එම ආදරයත් පෙරසේ දුකක් ගෙනදෙවිද.?
ආදරය නිසා පවතින මේ ලොවේ ආදරය නිසාම දුක් විදිනා අය කොතරම් සිටිද.?
මාත් එවැන්නෙක් නොවේද.? ආදරය යනු ප්‍රශ්න වැලකි..
කුරිරු ලෝකයේ ආදරය නිසා විදවන්න තරම් මා කළ පව කුමක්ද.?
පිවිතුරැ ආදරයට ලැබෙන දඩුවම වේදනාවද.?
ආදරය තුලින් සතුට ලැබිමට මා කළ යුත්තේ ආදරය නොකිරිමද.?
උදයට පිපී සුවද දෙන මලක් බදු මගේ ආදරය
හවසට පරව යන්නේ මාගේ දෙනෙතේ කදුළු ඉතිරි කරමිනි..
ආදරය ඔය තරම් දරැනු ඇයි දැයි මා නොදනිමි..
ආදරය කොතරම් සුන්දරද නමුත් එ සුන්දරත්වය දකින්න තරම් මා වාසනාවන්ත නැත..
ඇස ගැටෙන මානයේ කොතරම් අය සිටියත්
ඔබ කෙරේහි පමණක් සිත ඈදි ගියේ ඇයි දැයි මට නොවැටහේ..
දුක කදුළු උරැම මට එම උරුමයන් පිලිගන්න තරම් ශක්තියක් මට දෙන්නේ කවුද.?
මා ළග නුඹ නැති කළ මා සනනසන්නට කවුරැද සිටියේ.?
මා දුක් වන විට මාත් සමග දුක බෙදාගන්න සිටියේ කවුරැන්ද.?
ඔබ සිටිය යුතු තැන සිටියේ වෙන කෙනෙකි..
නමුත් හදවතේ ඔබට ඇති තැන වෙන කාට දිය හැකිද.?
මගේ හදවතේ ඔබට ඇති තැන ඔබ විසින්ම නැති කරගන්නේ ඇයි.?
කදුළු සුසුමන් මැද මා තනි වන විට මුවගට සිනාවක් ගෙන දුන් ඔබ කොහේ ගියාද.?
අද මා කදුළු සුසුමන් මැද තනි වන විට ඔබ මා ළග නැත..
මගේ ජිවිතයට ඔබ පිවිසෙන විට ඔබ කුමක් කියන්නේද.?
හැම ප්‍රශ්නයකටම මුල ආදරය නොවේද.?
හැගිම් අතර මා තනි වන විට ශක්තියක් වුනේ ඔබයි..
නෙතු පියාගත් කළ මගේ හදවතේ සැරිසරන්නේ කවුරැන්ද.?
සැම විටම මට ඔබ සිහි වන්නේ ඇයි දැයි මා නොදනි..
එ ආදරයද වේදනාවද කියා වෙන් කර ගැනිමට ශක්තියක් දෙන්නේ කවුරැන්ද.?
ආදරය විවිධාකාරයි නමුත් එයින් හට ගන්නා දුක එකාකාරීයි..
හදවත ආදරය අයදින විට මා කුමක් කරන්නද.? මට එය වටහා දෙන්නේ කවුරැද.?
කළ හැකි කිසිවක් නැත, කළ හැක්කේ නෙතු පියා ඉවසිම නොවේද.?
සැම විටම ශක්තියක් වු ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ කුමක්ද.?
ඔබ දුක් වන විට දුකකුත්, සතුටු වන විට සතුටකුත් දැනේන්නේ ඇයි දැය මා නොදනි..
මගේ ජිවිතයට ඔබ තරම් ළංවු වෙන කිසිවෙක් නැති බව ඔබ දන්නවා නොවේද.?
අනේ ඔබ මා හැර යන්න එපා..
ඔබත් මා හැර ගියොත් යා යුතු මග සොයාගැනීමට තරම් වත් මාගේ දැස් පැහැදිලි නොවේවි..
දැසින් වැටෙන හැම කදුළකම නුඹේ නම ලියවේවි..
ඔබේ මතකයන් මාගේ සිතින් ඉවත් කිරිමට තරම් ශක්තියක් මට නැත..
මට ඔබ සැමවිටම සිහි වුනත්, ඔබට මා....
ඔබ මට ළංවු තරම් මේ ලොවේ කිසිවෙකුත් මට ළංවුයේ නැත.. ආදරය කළේ නැත..
එසේ කළ නුඹ දුක් වන විට මම සතුටු වන්නේ කෙසේද.?
බිදුනු හසරැල්, බොදවු මතකයන් ඇති මගේ හදවතට නුඹ ලොකු ශක්තියකි..
ඔබ මා ළග නැති කළ මා නිසැකවම දුර්වල වනවා ඇත..
මා ඔබ කොතරම් විශ්වාස කරත්, ඔබට මා....
මා ඔබ වෙනුවෙන් හෙලන සුසම්, ඔබත් මා වෙනුවෙන් හෙලනවාද.?
අනේ ඔබ එසේ කරන්න එපා..
මාගේ අදහස්, හැගීම්, සිතුවිලි පවසන්නේ කා හටද.?
ඔබ දනී, එ ඔබටයි, ඔබ වෙනුවෙනුයි....

:(
 
chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :D:D:Dnice work
    Thanks people :D

    මේ ප්‍රශ්න වැලට මා ලග පිළිතුරු නැත සොයුර :sorry:
    කතා කියවන්න දස්ස නෑ බන් :nerd:
    Rep ++++++++++++++ :cool:
    ඇයි උඹට අකුරු බැරිද? :baffled:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :love: සඳුනි - දෙවන කොටස :love:

    දින කීපයකට පසු...

    පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ඇතුලත බංකුවට හේත්තුවී ඔහු හිස් බැල්මකින් රේල් පීලි දෙස බලාසිටී.

    සතියක් ගතවිය. දින 7ක්. පැය 168ක්. ජීවිතය නමැති වියැලුණු කතරේ දිය බිඳුවවූ ඈ නැතිව ගතවන තත්පරයත් ඔහුට කල්පයකි. ගියදායින් පසු ඇ‍‍ගෙන් කිසිම ආරන්චියක් නැත. ඈ මොනවා කරනවා ඇත්ද? සතියේ දින වල පැවති පන්ති වලට ඔහු සහභාගි වු නමුත් ඔහුට ඉගැන්වූ කිසිම දෙයක් මතක නැත.

    විභාගය අත ලඟ. අත පොත ලඟ. පොත හිත ලඟ. හිත ඈ ලඟ. ඈ ඌ ලඟ.

    ඔහු එකපාරටම ගැස්සී යන්නේ දුම්රියේ නලා නාදය ඇසීමෙනි.

    විදුලි වේගයෙන් ඇදී ආ බදුල්ල දුම්රිය ඔහු සිටි ස්ථානය පසු කර ‍නතර විය. දහසක් සෙනඟ පීරමින් ඉදිරියට ඇදුනු ඔහු ඒ දෑසම සොයන්නට විය.

    “සාරංග!”

    පසුපසින් ඇසුනු ඒ හඬ හඳුනාගන්නට ඔහුට අපහසු වුයේ නැත. වසර ගණනාවක් සවනේ දෝංකාර දුන් ඒ සුමිහිරි හඬ ඔහුට කෙලෙසින් අමතක වන්නද?

    සාරංග සඳුනිගේ පෙම්වතායි. පාසල් සමයේ ඇරඹුනු ඔවුන්ගේ පෙමට දැන් සය
    වසරකි. පසුගිය වසරේ උසස් පෙළ විභාගයට දෙදෙනාම පෙනී සිටියේ එකට සරසවි යන්නට බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඔවුන්ගේ ඒ සොඳුරු ‍සිහිනය බිඳ වැටෙන්නේ සාරංගට වෛද්‍ය විද්‍යාලයට යන්නට ලකුණු මදිවීමත් සමඟය. සඳුනි වෛද්‍ය විද්‍යාලයට යන්නට සුදානම් වන විට සාරංග දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් විය.

    “හොඳටම මහන්සී. අපි ගෙදර යමු.” සාරංගගේ අතේ එල්ලුනු ඈ ඔහු‍වත් ඇ‍දගෙනම දුම්රිය ස්ථානයෙන් පිටතට ආවා‍ය. බයිසිකලයට සඳුනිව නංවාගත් ඔහු නිහඬව ඇගේ නිවස බලා ගමන් ඇරඹීය.

    අතරමගදී සඳුනි තොරතෝංචියක් නැතිව සතියේ වගතුග කියවන්නට විය.
    “මුල් දවසේ උඩ බැච් එකේ අයියලයි අක්කලයි අපිව පිළිගත්ත. අපිව ඊට පස්සේ ගෘප් වලට වෙන්කළා. මගේ යාලුවා නිපුනිත් අ‍පේ ගෘප් එකේ. මුල් අවුරුදු දෙකේ ෆැකල්ටියේ. ඊට පස්සේ හොස්පිටල් වලට දානව.”

    ඔහු තාමත් නිහඬය.

    “මේ...එ‍්ක නෙවෙයි. මට අපේ කැම්පස් එකේ සීනියර් අයියා කෙනෙක් හම්බවුනානේ ට්‍රේන් එකේදි.”

    ක්‍රීක්‍රීක්‍රීක්‍රීක්‍රීක්‍රීස්!

    බයිසිකලයේ තිරිංග තදින් මිරිකූ සාරංග බයිසිකලය නතර කලේය. මැදපොල්ලේ අසුන් ගෙන සිටි සඳුනි ඉන් බැස්සාය.

    “මොකද්ද කිව්වේ?”

    “ඔයා මං කියන දේවල් එකක් වත් අ‍හහෙන හිටියේ නෑනේ. ඔයාව අවුසන්න කීවේ.” බිම බලාගෙන ඈ තෙපලන්නට විය. නැවත සාරංග දෙස බැලූ ඈ ඔහුගේ ‍‍තරහින් පුපුරන ඇස් දෙක දුටු ‍විගස නැවතත් බිම බලාගත්තේය.

    “තරහ ගි‍යාද ඔයාට? හරි හරි මට අයිය කෙනෙක් හම්බවුනා. ට්‍රේන් එකේදි අපිට කොච්චර නම් අය හම්බවෙනවද.”
    “යමු.”

    බයිසිකලයට ඈ නංවාගත් ඔහු ඇගේ නිවසට යන අතුරු පාර අසළින් ඈව බස්සවා ආපසු යන්නට හැ‍රුනේය.

    “මේ...කොහෙද යන්නේ?”

    ඔහු නතරවිය. නැවත හැරෙන්නට සිත දුන්නේ නැත.
    “හෙට මාව ඇරලවන්න එනවා නේද?”
    ඔහු කිසිවක් නොකීය.
    “එනවා නේදෝ?”
    “හ්ම්. එන්නම්”
    “මං ඔයාට ආදරෙයි!”
    “හ්ම්. මාත්”

    -----------------------------------------------------------------------------------

    “උඹ නං එළ හ‍රකෙක් බං. ‍කොහෙද උඹලට කෙල්ලෙක් දැක්කොත් උන් හිටි තැනුත් අමතකයි. යකෝ මෙඩිකල් ෆැකල්ටියෙ කෙල්ලෝ කීයක් නං ඇත්ද. උඹ එකි කොහෙද ඉන්නෙ දන්නෙ නෑ. එකිගේ බැච් එක දන්නෙත් නෑ. කොටින්ම උඹ නමක් අහගෙන ඇවිල්ලත් නෑ. ලංකාවේ මල් ගවුම් අඳින්නෙ එකි විතරයි කියලද උඹ හිතන් හිටියේ?”

    සහන්ගේ ගෝරණාඩුව. “කාටද බං ‍ඕව අහන්න මතකවෙන්නෙ.” අනුරාධ හිස අතේ ගසාගෙන නිහඬව ජනේලයෙන් ඉවත බලාගෙනය.

    “උඹ ගොනා උනාට උඹ මගේ යාලුවනේ. බලමු මොනවා හරි කරන්න.” සහන් කාමරයේ එහාට මෙහාට ඇවිදමින් කීය.

    “අනේ මචන්. ලොකු උදව්වක්. මට ඒ කෙල්ලව කොහෙන් හරි හොයල දියං. අපේ කැම්පස් එකේනේ බං. හොයාගන්න අමාරුවෙන එකක් නෑ. උඹ අඳුරන කෙල්ලො නැද්ද මෙඩිකල් ෆැකල්ටියේ? ම‍ට මතක ‍විදියට ඒකි ෆෙෂර්ස් සීන් එකක් කිව්වා. මේ සතියේ පටන්ගන්නව කීවා. පොල්ගහවෙලින් නැග්ගෙ. මල් ගවුමක් ඇඳගෙන හිටියේ.”

    “උඹට ඔය මල් ගවුම ඇරෙන්න වෙන මොකුත් මතකම නැද්ද බං?” සිනහව තද කරගෙන සහන් කීවේය. “හරි මම හෙට ඉඳල මල් ගවුම් ඇඳගෙන කැම්පස් එන කෙල්ලන්ගේ නම් ලිස්ට් එකක් උඹට ගෙනත් දෙන්නම්කෝ.”

    “අනේ බං තේරුම් ගනින්. කොල්ලෙක් විදියට තව කොල්ලෙක්ට උදව් කරපන්කෝ.” අනුරාධ ඒ වචන ටික කී‍වේ සිරියස් පිට බව සහන්ට තේරුම් ගියේය.

    “හරි. අපේ බැච් එකට පැරලල් මම දන්න කෙල්ලෙක් ඉන්නවා. උදාරි. මම ඒකිට කියන්නම් ‍විස්තරේ. ඒකි ‍හොයල කියයි.”

    “උඹ නං දෙයියෙක් බං.” අනුරාධ සහන්ව බදාගත්තේය.
    “ඒක නෙවෙයි බං. සීන් එක කාටවත් ලික් නොවෙන්න වැඩේ කරපං හො‍ඳේ. දන්නවනේ උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ!”
    “හරි හරි බං අපිට වැඩක් දුන්නොත් ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ!”
    “මොකක්”
    “විහිලුවක් බං කලේ.” යමන් ඉක්මනට ගෙදර යන්න පරක්කුවෙනව.

    -----------------------------------------------------------------------------------

    “ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ ~ විදගන්න ඒ සිසිල මා සිත්සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ ~ පිණි බිංදු මල් වැහි අරන්
    සඳ මිතුරි....සිත මිහිරි....කළ මැනවි....
    බිඳු කදුලු....පිණි පොකුරු....කළ මැනවි...”
    සෙනසුරාදා සවස්යාමයේ ඉර බැසයමින් තිබුනි.

    කුරුණෑගල බලා වේගයෙන් ධාවනය වන සුඛෝපබෝගී බස්රථයක පසුපස අසුන්ගෙන සිටි අනුරාධ වේගෙන් පසු පසට ඇදෙන ගස් දෙස කවුලුව තුළින් බලාගෙන සිටියේය. ජීවිතය හරිම පුදුමාකාර දෙයකි. වරක ඉතා වේගයෙන් ගලා යන එය විටෙක ඉතා සෙමෙන් ගලයි. අරමුණක් රහිතව ගලාගෙන ගිය ඔහුගේ ජීවිතයට නව පැතුමක් එක්වී අවසානය. ලංකාවේ කොයි කෙලවරක සිටියත් ඈ කෙසේ හෝ සොයා ගැනීම දැන් ඔහුගේ එකම අරමුණ බවට පත්ව අවසන්.

    -මතු සම්බන්ධයි-
    සත්‍ය සිදුවීමකි. මුල් චරිත වල අනන්‍යතාවය සුරැකීම පිණිස අවශ්‍යතාවය අනුව නම් ගම් වෙනස් කර ඇත.
    චන්දිම [12-12-2015]