සඳු 1 කොටුවේ ඉන්න අයගේ විස්තරේ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සඳු 1 කොටුවේ ඉන්න අයගේ විස්තරේ

    577409_279677138829329_1377800575_n.jpg

    catch me on facebook ;)


    චන්ද්‍රයා ලග්නේ (in the 1st House in your horoscope )


    මුලින්ම කේන්දරේ 1 කොටුව.ජ්‍යෝතිෂ්‍ය භාෂාවෙන් කියතොත් ලග්න භාවය.

    ලග්න භාවයෙන් කියවෙන්නේ මොනවාද?

    ඔබේ ශරීර ස්ව්භාවය.පෞර්ෂත්වය.ගතිගුණ,වාසනා අවාසනාව,සෘජු චපල බව ආදිය තමයි කේන්දරේ එකේ කොටුවෙන් කියවෙන්නේ.කොටින්ම කියතොත් තම මුලු ජීවිතේම සැලැස්ම ලියවෙලා තියෙන්නේ ලග්න භාවයේ.

    අනිත් කරුණ අපේ පංචස්කන්ධයේ හිස කියන කොටස නියෝජනය කරන්නෙත් කේන්දරේ 1 කොටුවෙන්.ඒ කියන්නේ සිතීමේ හැකියාව අපිට මනින්ඩ පුලුවන් ලග්න භාවය දිහා නිරීක්ෂණය කිරීමෙන්.

    උදාහරණ විදිහට බුධ ඔබගේ කේන්දරේ 1 කොටුවේ හිටියයි කියමු.ඔන්න අපිට හිතන්ඩ පුලුවන් මූ ඇවිල්ල බුද්ධිමත් පුද්ගලයෙක් කියල.

    හිතන්ඩ කුජ හිටිය කියල.කුජ පාප කාරී ග්‍රහයෙක් හැටියට තමා ජ්‍යෝතිෂ්‍යයේදී සැලකෙන්නේ.වලියටමයි බර.තරමක් ආවේග ශීලී ගති ලක්ෂන තියෙන්ඩ පුලුවන්. ඔය හදිස්සිය මුල් කරගෙන කොරගත්තු ඇබැද්දි බලන්ඩ පුලුවන් මූණේ නලල දිහා බැලුවොත්.නලල දිහා පැලුම් පාරක් හරි කැපුම් පාරක් වගේ කැලලක් තියෙනවනම් ඔන්න අපිට හිතන්ඩ පුලුවන් මෙයාගේ කේන්දරේ කුජ ලග්නෙම හෝ ලග්නේ දිහා බලාගෙන හරි ඇති කියල.

    ඔය උඩින් පොඩි ගුරු මුට්ටියකුත් එක්ක උදාහරණයක් දුන්න.


    හරි දැන් බලමු ලග්නයේ ( ඒ කියන්නේ කේන්දරේ 1 කොටුවේ ) චන්ද්‍රයා ඉන්න අයගේ තත්වේ කොහොමද කියල.

    මුලින්ම බලමු චන්ද්‍රයා කියන්නේ කවුද කියල.චන්ද්‍රයා නියෝජනය කරන්නේ අපේ සිත.ඔබගේ සිත වටා තමයි ඔබේ චරිත ලක්ෂණ ගොඩ නැගිලා තියෙන්නේ.

    ඔබ අවට සමාජය සමඟ හැසිරීමේදී,ගණුදෙනු කිරීමේදී ඔබේ හැඟීම් සහ ප්‍රතිචාර (Emotional connection and the relationship) තීරණය කරන්නේ සහ පාලනය කරන්නේ ඔබේ හිතයි.මෙන්න මේ කියන සිත ජ්‍යෝතිෂ්‍යයේදී නියෝජනය කරන්නේ සඳු ග්‍රහයායි.

    .................................***********......................................................
    ලග්න කොටුවේ චන්ද්‍රයා පිහිට්යාම ඔබ ශරීරය ක්‍රමවත්ව පවත්වා ගැනීමට කැමැත්ත සැලකිල්ල දක්වනව.(physical fitness ).හැබැයි අනිත් අය කරනව වගේ අන්තෙට යන්නේ නෑ.ලිමිට් එකක් තියා ගන්නව.

    ඒ වගේම හොඳ සිත් ගන්නා සුලු පෙනුමක් ඇති කරනව.(අසුබ ග්‍රහයන්ගේ දෘෂ්ඨි නැතිනම් සහ දුර්වල සඳු නොවේ නම්) ලස්සන මූණු පොඩ්ඩක් ජන්මියාගෙන් බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්.මෙහෙම අය බොහෝ විට වයසට ගියත් තරුණ බවක් තමා පිටින් පේන්නේ.

    හුඟක් සංවේදී චරිතයක් වෙන්ඩ පුලුවන්.නිතරම හිතේ සතුටින් තමා ඉන්ඩ බලන්නේ.ඔන්න ඔතනදි දුකක් ආපු ගමන් අවුට් යනව.දුකට හේතු වූ කාරණා සහ ඒ හා බැඳුණු සිදුවීම් ගැන නිතර නිතර හිතන්ඩ ගන්නව.හරියට මූදු රල වගේ.හැබැයි ඉවසිලි වන්තයි.

    හුඟක් ප්‍රවේසම් සහගතයි.යමක් වෙන්ඩ කලින් දුරදිග සිතල බලල අවදානම ගැන වැඩි දුරට තියල ඒ දේ නොකර ඉන්ඩ පුලුවන්

    ඒ වුනත් ලග්නයේ සඳු ඉන්න අය නිතරම තමාගේ සහකරු හෝ සහකාරිය ගැන හොඳට හොයලා බලනව.ඕනෑ එපා කම් සපයල දෙන්ඩ මහන්සි ගන්නව.ඒ වගේම සහකාරිය හෝ සහකරුවාත් ඔහු හෝ ඇය කෙරේ සංවේදීව කටයුතු කරන්ඩ උත්සාහ ගන්නව කිව්වොත් හරි.

    ඒ විතරක් නෙමේ.තමාගේ මිතුරන් , මිතුරියන් සහ ජන්මියා සමඟ ගණුදෙනු කරන අවට සමාජය කෙරේත් ඔවුන්ගේ උවමනාවන් සිතුම්පැතුම් කෙරේත් සැලකිල්ලට අරන් කටයුතු කිරීමට ජන්මියා නිතරම උත්සාහ ගන්නව .

    සඳු නියෝජනය කරනව තමාගේ සිත වගේම මවත්.

    චන්ද්‍රයා කේන්දරේ 1 කොටුවේ ඉන්න අයගේ මව බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ ජීවිත සැලැස්මේ ප්‍රධාන පංගු කාරියක් වෙනව.ඇය ඔබේ ප්‍රධාන මග පෙන්වන්නියක් කිව්වොත් හරි.මොකද පලවෙනි කොටුවෙන් ඔබේ ජීවිතේ සැලැස්ම තීරණය වෙද්දි එතන මව නියෝජනය කරන සඳු සිටී නම් ඇය ඔබේ ජීවිත සැලැස්මේ ප්‍රධාන මග පෙන්වන්නියක්.

    ලග්නේ ඉන්නේ නීච සඳු නම් මේ තත්වය අනෙක් අතට පෙරලෙන්ඩ පුලුවන්.
    "අම්ම කියන්නේ මට බෑ කියලනේ.හරි බලමු මොකෝ වෙන්නේ කියල.මම කරල පෙන්නන්නම්."

    නීච හෝ පාප පීඩිත නොවූ චන්ද්‍රයා නම් ලග්නේ ඉන්නේ ලෞකික සැප සම්පත් ලැබීමේ වාසනාව තියෙනව.(හොඳ නිවසක්,කාර් එකක් )

    වෘශභ , කටක වැනි ලග්නයක් නම් චන්ද්‍රයා ලග්නේ ඉන්න එක ඉතා හොඳ පිහිටීමක්.හිතීමේ හැකියාව අතින් ටොප්.හැබැයි සමහර කටක ලග්නේ අයව ශරීර පැහැය කලු කරල දාන්නෙත් මේ සඳුම තමයි.

    ඒ වගේම ලග්නයේ සඳු ඉන්න අයට මානසික ආතතිය,නින්ද නොයාමේ ගැටලු ආදිය ඇතිව්විමේ හැකියාව වැඩී.


    මාගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..:no: