සඳ_මත_ඇවිද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සඳ මත ඇවිද ගිය නව වැනි මිනිසා මිය යයි

John_Watts_Young.jpg


ඇමරිකානු අභ්‍යාවකාශගාමියකු වූ ජෝන් යංග් මිය ගිය බව NASA ආයතනය විසින් සෙනසුරාදා නිවේදනය කෙරුණා.

මිය යන විට යංග් 87 වන වියේ පසු වුණා.


ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් බලකායේ නියමුවකු වූ යංග්, 1962 දී NASA ආයතනය සමඟ එක් වුණා. ඔහු ජෙමිනි අභ්‍යාවකාශ වැඩසටහන යටතේ දෙවරක්, ඇපලෝ වැඩසටහන යටතේ දෙවරක් සහ අභ්‍යාවකාශ ෂටල වැඩසටහන යටතේ දෙවරක් වශයෙන් සය වරක් අභ්‍යාවකාශගතව තිබෙනවා.


1965 දී ජෙමිනි 3 යානයෙන් පළමු වරට අභ්‍යාවකාශයට ගිය යංග්, එම ගමනේදී හරක් මස් සැන්ඩ්විචයක් සඟවාගෙන යාමට සමත් වූ අතර ඒ පිළිබඳ NASA ආයතනයේ දෝෂාරෝපණයට ද ලක් වුණා.

ඇපලෝ 10 යානයෙන් ඔහු සඳ අසළටම ගමන් කළ අතර නීල් ආම්ස්ට්‍රෝං ගමන් කළ ඇපලෝ 11 යානයේ ගමනට අවසන් පෙරහුරුව වූයේ යංග් සහභාගී වූ ඇපලෝ 10 මෙහෙයුමයි.

1972 දී යංග් ඇපලෝ 16 යානයෙන් සඳ මත ගොඩ බැස්සා. මේ අනුව ඔහු සඳ මත ගොඩ බැස්ස නව වැනි මිනිසා බවට පත් වුණා.

ඔහු 2004 දී NASA ආයතනයෙන් විශ්‍රාම ගත්තා.

young.png

 
Last edited:
  • Like
Reactions: snm1990