සපත්තුවක් වෙනුවෙන් කරන අරගලය සහ කකුලක් ව&#3545

obama2

Member
Apr 18, 2012
424
30
0
සපත්තුවක් වෙනුවෙන් කරන අරගලය සහ කකුලක් ව&#3545

සපත්තුවක් වෙනුවෙන් කරන අරගලය සහ කකුලක් වෙනුවෙන් කළ අරගලය

Posted on 06 October 2012.
Rating: 0.0/7 (0 votes cast)



විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වන විටත් විසඳුමක් නොමැතිව තෙමසකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් පවතියී. පසුගිය දා එක්තරා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වූ මාහාචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ කුමුදු කුසුම් කුමාර යන මහත්වරුගේ සංවාදයෙන් අප තේරුම් ගත යුත්තේ පහත කරුණුය.
සුපුරුදු පරිදිම මෙම වැඩසටහනේ දීත් කෝකටත් තෛලය වශයෙන් මේ ප්‍රශ්නයත් දෙමළ බෙදුම්වාදී අරගලයේ ප්‍රශ්නයක් බවට නලින් ද සිල්වා විසින් ඌණනය කරණු ලැබීය. මෙහිදී නිර්මාල් හෝ කුමුදු ජාතිවාදයට එරෙහිව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීම සියුම් ආකාරයෙන් මගහැර ගියහ. ඔවුන් නියෝජනය කරන සංගමය තුළත් විශාල ජාතිවාදීන් පිරිසක් සිටින නිසා ප්‍රසිද්ධියේ ජාතිවාදයට එරෙහිව පෙනී සිටින්නට ඔවුන් බයය. මේ නිසා අවසානයේ ජාතිවාදය ජයග්‍රහනය කරවන්නට නිහඩව අනුබල දෙන්නට මේ ආචාර්යවරුන්ට සිදු විය.
අපේ උත්සහය වන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිමිති සම්මේලණයේ අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෙනත් මානයකින් පුලුල් විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. ඒ සදහා පහත ලිපිය කියවන්න.

I


දින පහක් ගාල්ලේ සිට කොළඹ දක්වා දීර්ඝ පා ගමනක යෙදුණු විශ්ව විද්‍යාල ආචාර්යවරු සැප්තැම්බර් 28 දින කොළඹ හයිඩ් පිටියේදී විශාල ජන සහභාගිත්වයකින් සාර්ථක රැළියක් පැවැත්වූහ. ආචාර්යවරුන්ගේ මෙම සටනට දැනටමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, අනධ්‍යන සේවකයන්, විවිධ වෘත්තීය සමිති, නීතිඥයන්, කලාකරුවන්, ගුරු සංගම්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ආගමික පූජකයන්, සිවිල් සංවිධාන පමණක් නොව අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා වැනි පුද්ගලයන් පවා ඒකාබද්ධ වී ඇත. ආණ්ඩුවට සම්බන්ධ වාමාංශිකපක්ෂ මෙන්ම ආණ්ඩුවේ කොටස්කාරයන් වන ජාතික හෙළ උරුමයේ සමහර නියෝජිතයන්ද සෘජුව හා වක්‍රව විශ්ව විද්‍යාල අරගලයට සහාය දෙමින් සිටී. වඩාත් සරලව කිව්වොත් දෙමළ අරගලයට එරෙහිව ජාතිය නම් පරමාදර්ශය වටා ඒකරාශී වී සිටි විවිධ පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් ද අධ්‍යාපනය නම් පරමාදර්ශය වටා ඒකරාශී වෙමින් ආණ්ඩුවට අභියෝගයක් එල්ල කර ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පැත්තෙන් තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කර ඇත.


ආණ්ඩුවේ පැත්තෙන් මේ වන තෙක් ආචාර්යවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබා දී නැත. ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම, විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, දේශපාලන ඇගිලි ගැසීම් නතර කිරීම යන කිසිවක් ඉටු කිරීමට ආණ්ඩුවේ කැමැත්තක් නොමැති බව පෙනී යයි. ආණ්ඩුව හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර පැන නැගී ඇති ප්‍රශ්නය විසඳීම මැදිහත්කරුවන් වශයෙන් පැමිණි ධම්ම දිසානායක, චරිත හේරත් යන අයත් මේ වන විට ආගිය අතක් නැති බව පෙනී යයි.


ආණ්ඩුව ප්‍රශ්නය විසඳනවා වෙනුවට තමන්ට එරෙහිව පැන නැගෙන අභියෝගයක් කළමනාකරණය කරගැනීමේ සුපුරුදු උපක්‍රම අත්හදා බලමින් සිටී. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව තාවකාලිකව විවිධ ආකාරයේ දේශ හිතෛෂි’ ‛මධ්‍යස්ථආචාර්ය සංගම් ඇටවීම, ඒවා ලවා ආණ්ඩුවට පක්ෂ ප්‍රකාශන ඉදිරිපත් කරවා ගැනීම, ආචාර්ය සමිති සම්මේලනයේ නායකයන් ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම, ඔවුන්ගේ අතීත දේශපාලන භාවිතයන් ගැන ප්‍රචාරය කිරීම, ආචාර්ය සමිති සම්මේලනයට රාජ්‍ය නොවන සංවිධානවලින්, දෙමළ ඩයස්පෝරාවෙන් ඩොලර් ලැබෙන බව ප්‍රකාශ කිරීම, ආචාර්ය සමිති සම්මේලනයේ ක්‍රියාකාරීන් දෙමළ බෙදුම්වාදයට’ ‛කොටි ත්‍රස්තවාදයටපක්ෂ අය බව පෙන්වා දීම, එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ අතකොලුවක් බවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සංගමය පත්වී ඇති බව ප්‍රචාරය කිරීම, උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණය වර්ජනය කිරීම ශිෂ්‍යයන්ගේ ජීවිත බිල්ලට ගැනීමක් බව ප්‍රකාශ කිරීම, ඒ වෙනුවෙන් තමන්ගේ අප්‍රසාදයහා කණගාටුවප්‍රකාශ කිරීම, මෙයට එරෙහිව දෙමාපියන් හා සිසුන්ව ආචාර්යවරුන්ට එරෙහිව උසි ගැන්වීම, එස්.බී. දිසානායක හා මර්වින් සිල්වා හරහා ආචාර්යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම ආණ්ඩුවේ උපක්‍රම වී ඇත. පසුගිය කාලයේ බොහොමයක් ප්‍රශ්න ආණ්ඩුව විසින් කලමනාකරණය කරගත්තේ මේ හා සමගාමී උපක්‍රම අනුගමනය කිරීමෙනි.


ආචාර්යවරුන්ට මාස තුනක් වැටුප් නොලැබීම නිසා හා එයින් ජනිත වන ප්‍රශ්න හරහා ඔවුන්ම හෙම්බත් වී ඉබේම වෘත්තීය සමිති අරගලය අත්හැර නැවත සේවයට පැමිණෙතැයි ආණ්ඩුව අපේක්ෂා කරයි. එහෙත් තවමත් එය සාර්ථක වී නැත. ආචාර්යවරු තවදුරටත් සිය ආර්ථික අපහසුව දරාගෙන සිටිති. ආචාර්යවරුන්ගේ පැත්තෙන් ගත්තොත් දීප ව්‍යාප්ත මට්ටමින් කෙරෙන මෙම අරගලය ඔවුන්ටත් අලුත් අත්දැකීමකි. කිසිදා සටන් නොකළ අය සටනට පෙළඹී ඇත. කිසිවෙක් සටන් නොකරන මොහොතක, ඔවුන් සටනක් අරඹා ඇත. විපක්ෂය භේද බින්නවී ඇති මොහොතක, ඔවුන්ගේ ඡන්ද පදනම් අහෝසිවී ඇති අවස්ථාවක ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ බලය දියවී ඇති මොහොත විපක්ෂයේ කාර්යභාරයත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට කිරීමට සිදුවී ඇත. කිසිදු කාරණයක් මත විපක්ෂ බලවේග හා කණ්ඩායම් එක වේදිකාවකට ගැනීමට නොහැකිවූ මොහොතක අධ්‍යාපනයේ ප්‍රශ්නය මත ඔවුන්ව ඒකරාශී කිරීමට හැකියාවක් ලැබී ඇත.


නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේ ක්‍රියාවලියේදී ලංකා සම සමාජ පක්ෂය, වල්පොල රාහුල හිමියන් වැනි අය මෙහෙය වූ භික්ෂු සංවිධාන එයට මතවාදී සහය දැක්වුවත් අද නිදහස් අධ්‍යාපනය රැක ගැනීම නම් ක්‍රියාවලිය තුළදී එවැනි කණ්ඩායම් නැති අවස්ථාවක මෙම සටන ඇවිලී යමින් ඇත. මේ සටන ඇදෙමින් පවතින්නේ බොහෝ රැඩිකලුන් ජාතිවාදයට, ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති තුළට විකිණී ඇති මොහොතකය.
මෙම අරගලයේ ප්‍රභවය හා ව්‍යාපෘතිය දෙස බලන විට ආචාර්යවරුන්ගේ පැත්තෙන් කිසිදා ඔවුන් තුළ ප්‍රදර්ශනය නොවුණු සටන්කාමී හා සංවිධානමය ගුණයක් අඛණ්ඩව දරාගෙන සිටීමේ ශක්තියක් වර්ධනය කෙරී ඇත. අනාගත මැතිවරණ තුළදී කිසිදු ආකාරයක සහයත් මෙම ආණ්ඩුවට නොදිය යුතුය යන ආකල්පයක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර වර්ධනය වෙමින් ඇත.

දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ අනාගතයේදී මෙම අරගලය ජයග්‍රහණය තෙක් වර්ධනය කරන්නේ කෙසේද යන්නයි. වැටුප් නොලබමින් අරගලයෙහි සිටින ආචාර්යවරුන් අතර ඇතිවන ආතතිය හා ආණ්ඩුවේ තර්ජනකාරී, මර්ධනකාරී පීඩනය අතරින් අරගලය ඉදිරියට ගෙනියන්නේ කෙසේද යන්නයි.

සම්මන්ත්‍රණ, රැස්වීම් හා පෙළපාලිවලින් පසුව සත්‍යග්‍රහ, උපවාස, මාරාන්තික උපවාස හරහා අරගලය වර්ධනය කරන්නේද? සැප්තැම්බර් 28 දින හයිඩ් පිටියේ පැවති රැළියේදී එවැනි අදහසක් පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ප්‍රකාශ කළහ. මෙහි තවත් විකල්පයක් වන්නේ අනෙකුත් වෘත්තීය අරගල සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය බද්ධ කරන්නේද යන්නය. 2012 සැප්තැම්බර් 30 ලංකා පුවත්පතෙහි ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරි අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රු. 13 442.50 කින් වැඩි නොකළහොත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සංගම් 366 ක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සූදානම් වන බවය. මේවා සමග ඒකාබද්ධ අරගලයට ආචාර්යවරු සැරසෙන්නේ නම් නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවාගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙන්ම වතු කම්කරුවාගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙනුත් සවිඥානක වීමට ආචාර්යවරයාට සිදුවනු ඇත. එවන් තත්ත්වයක් හමුවේ ආචාර්යවරුන්ට විශාල සමාජ වෙනසක් දැරීමට සිදුවනු ඇත. ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු සඳහා සාපේක්ෂ නිදහසක් අත් වින්ද ආචාර්යවරුන්ට තම රැකියාවන්හි තත්ත්වයන් රැකගැනීමට අමතර වෙහෙසක් දැරීමට සිදුවනු ඇත.
මෙහි තවත් ප්‍රවේශයක් වන්නේ ආචාර්යවරුන් සහ සමගාමී අනෙකුත් වෘත්තීන්වල තත්ත්වයට හා අභිමානයට මේ ආණ්ඩුව යටතේ එල්ලවී ඇති අභියෝගය සමාජ ගැටලුවක් වශයෙන් මතු කිරීමට උත්සාහ ගැනීම හා ඒ ඒ වෘත්තීන්ට අදාළව මතුවිය හැකි ඉල්ලීම් සමග ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඒකාබද්ධ කිරීමය. මේ ආණ්ඩුව යටතේ නීතීඥයා, වෛද්‍යවරයා, පූජකයා, මාධ්‍යවේදියා, කලාකරුවා, බැංකු නිලධාරියා, ගුරුවරයා, ක්‍රීඩකයා, අධිකරණ විනිශ්චයකාරයා, සිවිල් සේවකයා පමණක් නොව උසස් පොලිස් හා හමුදා නිලධාරියාගේ වෘත්තියේ පැවතුණු ප්‍රභා මණ්ඩලයත් කැඩී බිඳී ඇත. වෘත්තියෙහි පැවතුණු උත්කෘෂ්ටත්වය දිය කර දැමී ඇත. මෙම නිලධාරීන් හා සේවකයන්ව වහලුන්, නරුමයන්, නපුංසකයන්, වන්දිභට්ටයන්, අන්ධයන්, බිහිරන් පත්කර ඇත. මෙම වෘත්තීන්හි මට්ටම් පදනමින්ම විකෘති කර ඇත. මෙහිදී අපට ලැබෙන ආසන්නම උදාහරණය වන්නේ අධිකරණ කොමිෂන් සභාවේ වැඩකටයුතු නිදහසේ කරගෙන යාමට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් බාධාකරන බවට කොමිෂන් සභාව කරන චෝදනාවය. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔවුන් කරන හඬ නැගීම ආචාර්යවරුන් අධ්‍යාපනය වෙනුවෙන් කරන හඬ නැගීම හා සමගාමීය. නීතීඥවරුන්ද තම තමන්ගේ පුද්ගලික ජීවිතයේ ගැටලු විසඳා ගැනීම වෙනුවට අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ සාධාරණත්වය වැනි සාර්වත්‍රික මූලධර්මයන් වෙනුවෙන් අරගල කිරීමට පෙළඹෙන්නේ නම් එය ඔවුන් තුළ ඇතිවන්නාවූ ආකල්පමය පෙරළියකි.


මේ යුගයේදී පවත්නා ක්‍රමයෙන් වැඩි වාසි ලබන්නන් බවට වෛද්‍ය වෘත්තීය පත්වී ඇත. ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයක් හෝ පුද්ගලිකව ඔවුන්ට අසාධාරණයක් සිදුවූ විට සංකේත වැඩ වර්ජනයක් කර තම ඉල්ලීම් දිනා ගැනීම සුලභව සිදුවන්නකි. සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් අධ්‍යාපනයට සේම දළ ජාතික නිෂ්පාදනයෙන් කෙරෙන වියදම වසරින් වසර අඩුවී ඇත. මහාචාර්ය සේනක බිබිලේ වැනි අය ඖෂධ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කළ අරගලය බොහොමයක් වෛද්‍යවරුන්ට අමතකව ඇත. නිදහස් සෞඛ්‍ය සේවයක් මෙරට පවතිනවා යැයි කීවත් සිරිංජය, බෙහෙත් පෙත්ත, ඇඳ ඇතිරිල්ල පවා පිටින් ලබාගැනීමට රෝගීන්ට සිදුවී ඇත. පෞද්ගලික රෝහල්වල හෘද රෝග, වකුගඩු රෝග වැනි අතිශයින් මුදල් වැය වන රෝග සඳහා පහසුකම් සීස්‍රයෙන් වර්ධනය වන විට රජයේ රෝහල්වල අනෙකුත් සුලු රෝග සඳහා ඇති පහසුකම් සීස්‍රයෙන් පහත යමින් පවතී. ජර්මනිය, ඩෙන්මාර්කය, ස්වීඩනය වැනි රටවලින් ගෙන්වන මිල අධික ගුණාත්මක ඖෂධ වෙනුවට ලෙඩ රෝග සුව නොවන බාල ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් විරෝධයක් දක්වා නැත. ඖෂධ සමාගම්වලින් වෛද්‍යවරුන් පාලනය කරන තත්ත්වයක් ඇතිවී ඇත. මෑතකදී ආරංචි වූයේ වෛද්‍යවරුන් හා විශේෂඥයන් පිරිසක් විසින් සෑදූ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ මුල් ලියවිල්ල අස්ථානගතවී ඇති බවය. ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කෙරෙන්නේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවලිනි. දැනට සිටින වෛද්‍යවරුන්ගෙන් බොහොමයක් බිහි කෙරී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය හරහාය. නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් මේ එකදු පුද්ගලයෙකුට වෛද්‍යවරයෙකු වීමට නොහැකිය. ඔවුන්ගේ දෙමාපියන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ පිටරට වෛද්‍ය විද්‍යාලවලට යවා අධ්‍යාපනයක් ලබාදීමට තරම් වත්කමක් නැත. දැනටමත් දුෂ්කර පළාත්වලින් වෛද්‍ය පීඨවලට සිසුන් පැමිණීම අඩුවෙමින් පවතින අතර ඉංග්‍රීසි දැනුම වැඩි අනෙකුත් තාක්ෂණ පහසුකම් ඇති, ටියුෂන් ගුරුවරුන්ට වියදම් කළ හැකි පවුල්වල සිසුන් වෛද්‍ය පීඨවලට වැඩියෙන් පැමිණෙමින් සිටියි. මේ සාර්වත්‍රික ප්‍රශ්න ආමන්ත්‍රණය කෙරෙන වෛද්‍යවරුන් පිරිසක් බිහිවන්නේ නම් එය වෛද්‍යවරුන් අතර ඇතිවන ආකල්පමය පෙරළියක් ඇති කිරීමට තරම් හැකියාවක් ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරයා, නීතිඥයා, වෛද්‍යවරයා සාර්වත්‍රික මූලධර්මයන් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඬ නැගීමට එක්වීම සමාජ කම්පනයක් ඇති කළ හැකි කටයුත්තකි.

මෙම අරගලය වර්ධනය කිරීමේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තේරුම් ගත යුතු යථාර්ථයන් කිහිපයක් තිබෙන අතරම ඔවුන් ගැළවිය යුතු දෘෂ්ටිවාදයන් කීපයක්ද ඇත.

1. ආර්ථික ප්‍රගතිය ගැන මෙම ආණ්ඩුව කොතරම් පුරසාරම් දෙඩුවත් අවසන් විග්‍රහයේදී විදේශ මුදල් උපයා ගැනීම කරන්නේ මැද පෙරදිග ගොස් කාන්තාවන් උපයන මුදල් මගිනි. එමෙන්ම සංචාරක ව්‍යාපාරය හරහා කරන පරිසරය විකිණීම මගින් උපයන මුදල් මගිනි. මැද පෙරදිගට යැවීම සඳහා ශ්‍රමිකයන් සෑදීමට හා සංචාරක හෝටල්වල වේටර්වරුන් සෑදීම සඳහා මෙරටට විශ්ව විද්‍යාල අවශ්‍යද, පශ්චාත් උපාධි ආයතන අවශ්‍යද? දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම අවශ්‍යද? විදේශවලට ගොස් පුහුණුව ලැබූ ආචාර්යවරුන් අවශ්‍යද? මේ යථාර්ථය දන්නා ආණ්ඩුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මුදල් වියදම් කිරීම බලාපොරොත්තු විය නොහැකිය.

2. ත්‍රස්තවාදය පරදවා ලෝකයට ආදර්ශයක් දුන්නා යැයි කියා ලෝක අවධානය දිනා ගැනීමට උත්සාහ කරන ආණ්ඩුවත්, ක්‍රිකට්වලින් ලොව ජයගෙන ලෝක ආකර්ෂණය දිනාගැනීමට උත්සාහ කරන ආණ්ඩුවත් ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාල 500 අතරට මෙරට විශ්ව විද්‍යාලයක් ඇතුළත් කරගෙන කීර්තියක් දිනා ගැනීමට උත්සාහ කරන්නේ නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ශිෂ්‍යත්ව ලබා දී ඔවුන්ව පිටරටවලට යවා පශ්චාත් උපාධි කරවා නැවත මෙරටට ගෙන්වා ඔවුන් මාර්ගයෙන් විශ්ව විද්‍යාලවල ගුණාත්මක බව වර්ධනය කිරීමට මෙවැනි ආණ්ඩුවකට කිසිදු වුවමනාවක් නැති බව අප තේරුම් ගත යුතුය.

3. ඉන්දියාවෙන් හා චීනයෙන් භාණ්ඩ ආනයනය කර මෙරට විකුණා ලාභ ගන්නා සහ එම භාණ්ඩ මත බදු අය කර රාජ්‍යයේ ආදායම් කොටස සාදා ගන්නා ආණ්ඩුවකට විශ්ව විද්‍යාලවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න ප්‍රශ්න කළ යුතුය. නිෂ්පාදන සබඳතා වෙනුවට වෙළඳ සබඳතා අධිනිශ්චය වී ඇති රටක විශ්ව විද්‍යාලවලට හිමි තැන කුමක්ද? ලුවී අල්තුෂර් ධනේශ්වර නිෂ්පදන සබඳතාවයන් සහිත රටක පාසැල්, විශ්ව විද්‍යාල, ජනමාධ්‍ය ඇතුලු දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ (Ideological State Apparatuses) ගැන කීවේ කුමක්ද?

That no production is possible which does not allow for the reproduction of the material conditions of production: the reproduction of the means of production.
-Lenin and Philosophy, 128 page-

දෘෂ්ටිවාදී උපකරණ මගින් කෙරෙන්නේ නිෂ්පාදන මාර්ගයන් ප්‍රතිනිෂ්පාදනය කිරීමය. නිෂ්පාදනයක් නොකෙරෙන වෙළඳාම පමණක් කෙරෙන රටක විශ්ව විද්‍යාලවලින් ලබාගත හැකි ප්‍රයෝජනයක් නැත. රාජපක්ෂ ආණ්ඩුවකට විශ්ව විද්‍යාල අවශ්‍ය වන්නේ තමන්ගේ දේශපාලන කළමනාකරණය කරගැනීමට පමණි. ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතීන් සාධාරණීකරණය කරගැනීමට හා මැතිවරණවලදී තමන්ට පක්ෂව ප්‍රකාශන නිකුත් කර ගැනීමට වඩා වැඩි වටිනාකමක් විශ්ව විද්‍යාල හා ආචාර්යවරුන් සම්බන්ධයෙන් ඔවුන්ට නොමැත.

4. රැකියා නිෂ්පාදනය නොවෙන ආර්ථිකයක් සහිත මෙම ආණ්ඩුවට වාර්ෂිකව එකතුවන උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා වැඩපිළිවෙලක් නොමැත. ඒ අර්ථයෙන් ගත්විට උපාධිධාරීන් මේ ආණ්ඩුවට බරකි. වෛද්‍යවරුන්, නීතීඥයන්, ඉන්ජිනේරුවන් රටට අවශ්‍ය නමුත් මේ අයව පිටරටවලින් ගෙන්වා ගැනීමට තරම් වැටුප් ලබාදීමට ආණ්ඩුවට ශක්තියක් නැත. නිදහස් අධ්‍යාපනය තවදුරටත් නඩත්තු කර එය හරහා මෙම වෘත්තීයවේදීන් බිහිකර ගැනීම ආණ්ඩුව දකින්නේ පාඩුවක් ලෙසටය. ආණ්ඩුවේ ඇත්ත වුවමනාව වන්නේ අධ්‍යාපනය වෙළඳපලක් කරගැනීමය. දැනට පවත්නා විශ්ව විද්‍යාල හරහා මුදල් සෙවීමේ ව්‍යාපෘති හා පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, නීතීඥයන් බිහිකර ගැනීමෙන් ආදායම් සෙවීමය. උසස් අධ්‍යාපන ඇමතිවරයා කුලප්පු වී දඟලන්නේ අධ්‍යාපනය තවමත් වෙළඳපලක් කර ගැනීමට නොහැකිවිීමේ කල් පමාව නිසාය.

5. යම් රටක විශ්වවිද්‍යාල ගුණාත්මක බව, ආචාර්යවරුන්ගේ ගුණාත්මක බව, පාඨමාලාවන්හි ගුණාත්මක බව, විශ්ව විද්‍යාලයන්හි පරිපාලනයෙහි සාර්ථක බව, උසස් පර්යේෂණ නව තාක්ෂණික නිර්මාණ, කලාත්මක නිර්මාණ බිහිවන්නේ එම රටෙහි රාජ්‍යය අනුගමනය කරන්නාවූ ප්‍රතිපත්ති අනුවය. බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව පාලනය කළ සමයේ විශ්ව විද්‍යාලයන්හි තත්ත්වය හා චීනය විසින් පාලනය කරන ආණ්ඩුවක් යටතේ විශ්ව විද්‍යාලවල තත්ත්වය තුළ වෙනසක් ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට තම දැනුම, කුසලතාවය, කැපවීම තමන් තුළ වර්ධනය කරගත හැකිය. නමුත් ඊට අදාළ සද්භාවාත්මක උනන්දුව ජනිත වන්නේ එම රටෙහි රාජ්‍යය සිවිල් සමාජ ආයතනයක් වන විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් දරන මතය අනුවය. හේගල්ට අනුව රාජ්‍යය ශක්තිමත් තැනක සිවිල් සමාජ ආයතන ශක්තිමත්ය. රාජ්‍යය දියාරු තැනක විශ්ව විද්‍යාලත් දියාරුය.


 
Last edited:

obama2

Member
Apr 18, 2012
424
30
0
6. සමහරුන් පැටලී සිටින දෘෂ්ටිවාදයක් වන්නේ අරගල නොකර සිටීමෙන් හා ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට කීකරුව සිටීමෙන් තමන්ගේ වැටුප් තත්ත්වයන්, ජීවන තත්ත්වයන්, රැකියාවන්හි අභිමානයන් රැකගත හැකි බවටය. මෙහි ඇත්ත තත්ත්වය වන්නේ සමාජ සුබසාධනය ඇතුලු කිසිදු දෙයක් මේ ආණ්ඩුවට ආරක්ෂා කළ නොහැකි බවය. මේ ආණ්ඩුව යන මාර්ගය දෙස බැලීමේදී අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල් ක්‍රමයෙන් අඩු කිරීම අනිවාර්යයක් බවය.

7. තවත් සමහර දෙනෙක් පැටලී සිටින දෘෂ්ටිවාදයක් වන්නේ එස්.බී. ඇමති වෙනුවට වෙනත් කෙනෙක් උසස් අධ්‍යාපන ඇමතිවරයා බවට පත්වීම හොඳ බවත්, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සමග සාකච්ඡාවෙන් යම්කිසි විසඳුමකට යා හැකි බවත්, බැසිල් ඇමතිවරයා සමග ගිය සාකච්ඡා, එස්.බී. ඇමතිවරයා කඩාකප්පල් කළ බවත්, පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හරහා වැටුප් ප්‍රශ්නය සමග පිළිගත හැකි විසඳුමකට යා හැකි බවත්ය. මේවා සියල්ලම දෘෂ්ටිවාදයන්ය. එස්බී ඇමතිවරයා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආමන්ත්‍රණය කරන හොරු, තක්කඩි, කොටි ආදී වචන ආණ්ඩුවේ නිල මතය බව පිළිගත යුතුය. වෙනත් ලෙසකින් කීවොත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව පිළිගත යුතුය. වරෙක එස්බීගේ හඬත්, තවත් වරෙක පී.බී. ගේ හඬත් තවත් වරෙක බැසිල්ගේ හඬත් වශයෙන් අවදිවීම පාලනය වන්නේ එකම තැනකින් බව අප තේරුම් ගත යුතුය.

8. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින ඉල්ලීම් එකක් හෝ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුවේ දේශපාලන තීන්දුවක් බව තේරුම් ගත යුතුය. ආණ්ඩුවේ මතය වන්නේ එක් තැනකින් වක්කඩ කැඩුණොත් තවත් තැන්වලින් ද කැඩී වතුර සියල්ල යන බවය. මේ ආණ්ඩුවේ ඒකමිතිය ගොඩනගා තිබෙන්නේ දෙමළ විරෝධය හා මිලිටරි ශක්තිය ආධාර කරගෙනය. නැගෙනහිර පළාත් සභාවේදී තමන්ට ලැබුණු පරාජය පවා ආණ්ඩුව සෙලවී යාමට හේතුවිය. කුමන දෙයක් හෝ කර නැවතත් පළාත් සභාවේ බලය තමන් අතට ගත්තේ මේ නිසාය. උතුරු පළාත් සභා ඡන්ද තවමත් නොතියන්නේත් එවැන්නකින් ආණ්ඩුව දෙදරා යා හැකි නිසාය. මෙවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවෙන් පිට කිසිවෙකුට ජයග්‍රහණයක් හිමිවීම ආණ්ඩුව ඉවසන්නේ නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදීම ආණ්ඩුව දකින්නේ තමන්ගේ පරාජයක් ලෙසටය. එනිසා ඒවා නොදී සිටීම ආණ්ඩුවේ ප්‍රතිචාරය වේ.

9. මෙවන් තත්ත්වයක් හමුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නැවතත් සේවයට වාර්තා කරනවාද නැද්ද, අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය කරනවාද නැද්ද යන ප්‍රශ්නවලටත් වඩා වටින්නේ ආචාර්ය සමිති සම්මේලනය වර්ධනය කරගත් ශක්තිය අඛණ්ඩව පවත්වා ගැනීමය. ප්‍රශ්නය අභිමුඛ වී තිබෙන්නේ ආණ්ඩුව පවත්වා ගනිමින් තම ඉල්ලීම් දිනාගැනීමේ අවස්ථාව ඉක්මවා යන තැනකය.

10. මෙම අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ ප්‍රතිචාරයන් අතර X කණ්ඩායම විසින් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් කළ විවේචනයක් ද තමන්ට අවශ්‍ය ආකාරයට කපා කොටා ඉදිරිපත් කිරීම උත්ප්‍රාසාත්මකය. ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා කලින් X කණ්ඩායමේ සිටියදී දැරූ අදහස් හා අද ඔහු දරන අදහස් අතර වෙනස පෙන්වා දීමට ආණ්ඩුවේ ජනමාධ්‍යයන් ඉදිරිපත් වී ඇත. X කණ්ඩායම 1997 සැප්තැම්බර් මාතොට සඟරාවේ විශ්ව විද්‍යාල අතාර්කික වීමනම් තේමාව යටතේ විශ්ව විද්‍යාල හා එහි ආචාර්යවරුන් සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කෙරී තිබෙන අතර 2009 ජූලි-අගෝස්තු ත්‍රිමාන සඟරාවේ පශ්චාත් බුද්ධිමතෙකුගේ සමුගැනීමයන තේමාව යටතේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කෙරී ඇත. විශ්ව විද්‍යාලයන්හි බුද්ධි පරිහානිය හා සමහර ආචාර්යවරුන්ගේ සදාචාර පරිහානිය සම්බන්ධයෙන් කෙරුණු එම විවේචනය අදටත් වලංගු වන අතර ආචාර්යවරුන් තමන් සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් කරගැනීමේදී අප මතු කළ කාරණාවන් වඩාත් අදාළ වනවා යැයි සිතමු. මෙය දාර්ශනික විවේචනයක් වන අතර එය වැටුප් ප්‍රශ්නය හා අධ්‍යාපනයට කරන වියදම් වැඩි කරගැනීම සඳහා පටලවා ගත යුතු නැත. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහයෙන් කෙරෙන වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ X කණ්ඩායම ගොඩනැගීමට මුල්වූ අය අතර දීප්ති කුමාර ගුණරත්න, ධම්ම දිසානායක හා චරිත හේරත් සිටි බවය. චරිත හේරත් X කණ්ඩායම සමග කිසිදු සම්බන්ධයක් නැති අතර ඔහුගේ දේශපාලන ඉතිහාසය නලින් ද සිල්වාගෙන් චම්පික රණවකගෙන් විමල් වීරවංශට දැනගත හැකිය. කලක් X කණ්ඩායමේ සිටි ධම්ම දිසානායක ලියූ ලිපි ලේඛනත් ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන්නේ නම් එය ධම්ම දිසානායකට කරන යහපතක් බව මෙහිදී දැක්විය හැකිය.

11. ලංකාවේ මේ දේශපාලන යථාර්ථය බිහිවී තිබෙන්නේ උතුරේ අරගලය මර්දනය කිරීමෙන් පසුවය. උතුරේ අරගලය වෙනුවෙන් පෙනී සිටින සුමන්දිරම් මන්ත්‍රීවරයා ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සිය පක්ෂපාතිත්වය ලබාදී ඇත. නමුත් දෙමළ මිනිසුන්ගේ අරගලයට බහුතර සිංහල විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කිසිදු සහයක් ලබාදුන්නේ නැත. එහෙත් අද අධ්‍යාපනය වෙනුවෙන් කරන අරගලය ජයගත්තොත් එය උතුරේ ජනයාගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ යාමටත් හේතුවෙනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරයා සපත්තුවක් වෙනුවෙන් අරගල කරන විට උතුරේ ජනයා අරගල කරන්නේ කකුලක් වෙනුවෙන් බවත් අප මතක තබාගත යුතුය.


II
ලංකාවේදී ඕනෑම දාර්ශනික හෝ විද්‍යාත්මක ප්‍රශ්නයක් කතා කිරීමේදී බුද්ධාගම ඊට අභිමුඛ වන අතර ඕනෑම සමාජ දේශපාලන ප්‍රශ්නයක් කතා කිරීමේදී සිංහල ජාතිවාදය එයට අභිමුඛ වේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය සමිති අරගලයටත් සිංහල බෞද්ධ ජාතිවාදී දෘෂ්ටිවාදය දැන් මුණ ගැසී ඇත. කලින් ජාතිවාදී වූයේ සමාජයේ සුලු පිරිසක් වුවත් අද සමස්ත ආණ්ඩුවම ජාතිවාදී බවට පත්වී ඇත. මේ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අරගල කිරීමට සිදුවී තිබෙන්නේ ජාතිවාදී ආණ්ඩුවකට එරෙහිව බව සියලු දෙනාම තේරුම් ගත යුතුව ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් දැන් මතුවෙමින් තිබෙන්නේ ජාතිවාදී දෘෂ්ටිවාදයෙන් එන තර්කයන්ය.
මෙම කාරණය ඉතාමත් විවෘතව ප්‍රකාශයට පත්වුණු මොහොත වන්නේ 2012 ඔක්තෝම්බර් 4 දින රාත්‍රී 10.20 ට ජාතික රූපවාහිනියෙන් විකාශනය කෙරුණු නලින් ද සිල්වා, නිර්මාල් රංජිත් දේවසිරි මුහුණට මුහුණ සංවාදයයි. මෙම සංවාදයට නලින් ද සිල්වා එනවා යැයි කියන විටම ඉන් ගම්‍ය කරගත යුතු කරුණු ප්‍රමාණයක් ඇත. නලින් ද සිල්වා වනාහි සිංහල-බෞද්ධ ජාතිවාදී ස්ථාවරය ඉතාමත් සංයුක්තව, විවෘතව අමු නිරුවත් ආකාරයෙන් ප්‍රකාශ කරන්නාය. ඔහු අතරමැදි විසඳුම්වලට යන්නෙකු නොවේ. ඔහු ලෝකය බෙදාගන්නේ දේශප්‍රේමී-දේශද්‍රෝහී කඳවුරු දෙකක් වශයෙනි. නලින් ද සිල්වාගේ විධික්‍රමය වෙන කාටත් වඩා මේ මොහොතේදී තේරුම් ගත යුත්තේ ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරිය. මෙම සංවාදයේදී නලින් ද සිල්වා ආකාරයටම විවෘතව, සෘජුව ප්‍රකාශ කළ යුතු කාරණාවන් කීපයක් ඔහුඅතින් ප්‍රකාශයට පත් නොවීම කණගාටුවට කරුණකි. රූපවාහිනී සංවාදයේ තේමාව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති අරගලය නම් නලින් ද සිල්වා මතුකළ බොහොමයක් කාරණා ඊට අදාළ නැත. එම කාරණය නලින් ද සිල්වා නොපිළිගත්තේ නිර්මාල් විසින් සංවාදය නරඹමින් සිටින්නන්ට එය පහදා දිය යුතුව ඇත. ජාතික ප්‍රශ්නය හා සම්බන්ධ කාරණා ඔවුන්ට වෙනම සංවාදයකදී විසඳා ගත හැක. නිර්මාල් වනාහි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීමට, තමන්ව නියෝජනය කිරීමට ආචාර්යවරුන් විසින් පත් කළ නියෝජිතයාය. නලින් ද සිල්වා විසින් නිර්මාල්ගේ දේශපාලනය ප්‍රශ්න කරමින් අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නා කියා ගැටලුවක් නැත. නමුත් ඔහු නලින් ද සිල්වා සමග දේශපාලන සංවාදයක පැටලෙනවා නම් ඔහු එයට පිළිතුරු දිය යුතු ආකාරයක් හා ඔහු අනිවාර්යයෙන්ම කිව යුතු කාරණා කීපයක් ඇත. එය නිවැරදිව හා නිර්භයව ඔහු ප්‍රකාශ නොකිරීම මෙහිදී ගැටලුවක් මතුකරයි.


නලින් ද සිල්වා වනාහි තමන්ගේ ආචාර්ය තනතුර හා විශ්ව විද්‍යාලයන් වැනි ආයතනයන් පාවිච්චි කර වෙන කාටත් වඩා දේශපාලනය කරන පුද්ගලයාය. බටහිර ප්‍රමිතීන් සහිත දෙපාර්තමේන්තුවක පඩි ලබමින් දේශීය ව්‍යාපෘති කරන පුද්ගලයාය. ඊට අමතරව අවුරුදු 25 කට ආසන්න කාලයක් සිංහල-බෞද්ධ ජාතිවාදය පෝෂණය කළ පුද්ගලයාය. 40 000 ක් දෙමළ මිනිසුන් ඝාතනය කිරීම සඳහා දෘෂ්ටිවාදය සෑදූ මිනීමරුවෙකි. දැන් ජාතිවාදීන් වී සිටින ආණ්ඩුවේ ප්‍රධානීන්ට කලින් ජාතිවාදය පෝෂණය කළ පුද්ගලයාය. තමන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක්ව සිටියදී සමහර දෙමළ මහාචාර්යවරුන්ව පැහැරගෙන ගොස් මරා දැමීමේදී ඊට එරෙහිව කිසිවක් ප්‍රකාශ නොකළ පුද්ගලයාය. තමන් සංවාද කරන්නේ එවැනි මිනීමරු මහාචාර්යවරයෙකු සමග බව නිර්මාල් කලින්ම ප්‍රකාශ කළ යුතුව ඇත. සදාචාර විරෝධී ආකාරයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය මගින් සේවා දිගුවක් ලබාදී තිබෙන්නේත් ජාතිවාදය පෝෂණය කිරීමෙන් ඔහුට ලබාදුන් ත්‍යාගයක් ලෙසට සහ එම ජාතිවාදය විවිධ ආකාරයෙන් ආරක්ෂා කිරීමට බව නිර්මාල් කිව යුතුය.


එමෙන්ම නිර්මාල් විසින් මෙම ජාතිවාදය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැනුවත් කළ යුත්තේ තමන් ජාතිවාදී නොවීමනිසා හෝ පෞද්ගලිකව තමන් මෙම ආණ්ඩුවට කැමති නැති නිසා නොව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලය ඉදිරියට ගෙනයාමේදී හා මේ මොහොතේ වැටුප් සම්බන්ධයෙන් යම් පාර්ශ්වීය විසඳුමකටත් අනාගතයේදී අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් වෙන් කිරීම හා විශ්ව විද්‍යාල නිර්දේශපාලනය කිරීම නම් ප්‍රතිපත්තිමය ගැටලු විසඳා ගැනීමේදීත් නලින් ද සිල්වා මතුකරන ජාතිවාදී දෘෂ්ටිවාදය අනිවාර්ය බාධාවක් වන නිසාය. එම දෘෂ්ටිවාදය ආණ්ඩුවේද දෘෂ්ටිවාදය වන නිසාය. විශ්ව විද්‍යාල, පාසැල් මිලිටරිකරණය කිරීම, ජාතිවාදීන් පරිපාලන තනතුරුවලට පත්කිරීම, වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් හෝ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දේශද්‍රෝහී, රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන, ඩොලර් ලැබෙන, දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ආධාර ලැබෙන, අරාබි වසන්තයට පාර කපන්නන් බවට චෝදනා එල්ල වීම වෙන අන් යමක් නොව නලින් ද සිල්වා වැනි අය පෝෂණය කළ ජාතිවාදී දෘෂ්ටිවාදයේ අතුරුඵලයන්ය.


ආණ්ඩුව තම අනාගත දේශපාලන පැවැත්ම වෙනුවෙන් හෝ සිතා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග යම් එකඟත්වයකට පැමිණීමට උත්සාහ ගැනීමේදී එයට එරෙහි වන්නේ නලින් ද සිල්වා පෝෂණය කළ දෘෂ්ටිවාදය බව අප මතක තබා ගත යුතුය. චරිත හේරත් සහ ධම්ම දිසානායක යන අය නලින් ද සිල්වා මෙන්ම ආණ්ඩුවේ කොටස්කාරයන්ය. නමුත් ප්‍රශ්නයට පාර්ශ්වීය හෝ විසඳුමක් ලබාගැනීමේදී ඔවුන්ට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමග මෙන්ම ආණ්ඩුව සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් තිබීම ස්වභාවික තත්ත්වයක්. නමුත් නලින්ගේ ප්‍රතිචාරය වන්නේ අතරමැදියන් එපා!ඔවුන් වනාහි ආණ්ඩුවේ ඉඳිමින් ආණ්ඩුව විනාශ කරන්නවුන්ය ! ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ව්‍යාජ ඉල්ලීම්ය!එනිසා මෙතැන විසඳීමට තරම් ප්‍රශ්නයක් නැත! එනිසා ආචාර්ය සමිති සම්මේලනය චප්ප කර දමනු!


මෙම ප්‍රවේශය වනාහි දෙමළ මිනිසුන්ගේ අරගලය විනාශ කිරීමට ගත් උපාය මාර්ගයමය. එහිදී කියවුණේත් ආණ්ඩුව හා දෙමළ ව්‍යාපාරය අතර අතරමැදියන් එනම් පාලම් කලින්ම විනාශ කරනු! දෙමළාට දෙමළ වීම නිසාම සුවිශේෂ ප්‍රශ්නයක් නැත! ඔවුන්ගේ ඉල්ලීම් ව්‍යාජ ඉල්ලීම්ය. විසඳන්න ප්‍රශ්නයක් නැත. එනිසා දෙමළ අරගලය විනාශ කර දමනු!


දැන් කාරණය මෙසේ ගොනු කළ හැකිය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට තමන්ගේ වැටුප් ප්‍රශ්නය හා අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කිරීම, විශ්ව විද්‍යාල නිර්දේශ පාලනය කිරීම යන ඒවා පමණක් නොව මෙම අයිතීන් දිනා ගැනීමට නම් ආචාර්ය සමිති සම්මේලනයේම සිංහල ජාතිවාදයට පක්ෂපාතිත්වය දක්වන අය සිටී නම්, ඔවුන්ට එරෙහිව අරගල කිරීමත්, නලින් ද සිල්වා වැන්නන් පෝෂණය කළ ආණ්ඩුව අද දරන අධිපති දෘෂ්ටිවාදය වන සිංහල ජාතිවාදයට එරෙහිව අරගල කිරීමත් තමන්ගේම න්‍යාය පත්‍රයේ කොටසක් කරගැනීමට සිදුවීමය.


අප සංවිධානය විසින් වසර ගණනාවක් තිස්සේ මෙම ජාතිවාදයට එරෙහිව න්‍යායාත්මක දාර්ශනික සංකල්ප පෝෂණය කළේ මෙම අනතුර කලින්ම සිට තක්සේරු කළ නිසාය. නමුත් ඒවායින් බොහොමයක් දෙනා ඉගෙන ගත් බවක් නොපෙනේ.


මෙයට අමතරව මෙම සංවාදවලදී පැහැදිලිව මතු නොකෙරුණු තවත් කාරණාවක් ඇත. ආණ්ඩුවේ පාර්ශ්වයෙන් විශ්ව විද්‍යාල වනාහි ලාභ නොලබන ආයතනයන් බවත් මහ බැංකුව වැනි ආයතන ලාභ ලබන ආයතන බවත් එනිසා මහ බැංකු සේවකයන්ට සමගාමීව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නොකළ යුතු බවත් කියවේ. නමුත් ඇත්ත තත්ත්වය නම් මහ බැංකුව ලාභ උපයන ආයතනයක් හෝ නිෂ්පාදනීය කටයුත්තක් නොකරන ආයතනයක් බවයි. බැංකු වනාහි මිනිසුන්ගේ තැන්පතු යොදාගෙන ව්‍යාපාර කටයුත්තක් කරන, සූදු කෙළීමක් කරන, සමපේක්ෂණ කටයුතු කරන හා බොහොමයක් සමපේක්ෂණවලින් පාඩු ලබන ආයතන බවත්ය. එමෙන්ම ඉහළ වැටුප්වලට හිමි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතන බවත්ය. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්ගේ ව්‍යුහයම ලාභ ඉපැයීම නොවන බවත්ය. ඒවා සුභ සාධන ආයතනයන් බවත්ය.


තවත් කාරණයක් වන්නේ අධ්‍යාපනයට කරන වියදම් වෙනත් ආයතන හා අමාත්‍යාංශ මගින්ද කෙරෙන බවයි. එනිසා සියයට හයකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අධ්‍යාපනයට වියදම් කරන බවයි. නමුත් මෙහිදී සිදුවී තිබෙන්නේත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කීප දෙනෙක් තම විෂය පථයෙන් පිට පැන තම දේශපාලන ප්‍රතිරූප නංවා ගැනීමට වියදම් කිරීම්ය. ආර්ථික, දේශපාලන හා ආරක්ෂක බලය තම අතට ගැනීමට පවුලක් කරන වෑයම මෙහිදී තේරුම් ගත යුතුය. විශ්ව විද්‍යාලවල ආරක්ෂක කටයුතු කරන රක්නා ලංකා ආරක්ෂකයන්ට ගෙවන්නේ අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් විනා රාජ්‍ය ආරක්ෂාව සඳහා වෙන්කළ මුදලින් නොවේ. ආරක්ෂාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශවලිනුත් මුදල් වෙන් කරනවා යන්න තර්කයක් නොවේ. මේ කරුණුවලින් පෙනී යන්නේ ජාතිවාදයට සහ එයින් නගන විවිධ තර්කයන්ට පිළිතුරු දීමට සුවිශේෂ පුහුණුවක් අවශ්‍ය බවයි.




ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,


 
Last edited: