සපත්තුවක් වෙනුවෙන් කරන අරගලය සහ කකුලක් වෙ
සපත්තුවක් වෙනුවෙන් කරන අරගලය සහ කකුලක් වෙනුවෙන් කළ අරගලය
Posted on 06 October 2012.
Rating: 0.0/7 (0 votes cast)
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වන විටත් විසඳුමක් නොමැතිව තෙමසකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් පවතියී. පසුගිය දා එක්තරා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වූ මාහාචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ කුමුදු කුසුම් කුමාර යන මහත්වරුගේ සංවාදයෙන් අප තේරුම් ගත යුත්තේ පහත කරුණුය.
සුපුරුදු පරිදිම මෙම වැඩසටහනේ දීත් කෝකටත් තෛලය වශයෙන් මේ ප්‍රශ්නයත් දෙමළ බෙදුම්වාදී අරගලයේ ප්‍රශ්නයක් බවට නලින් ද සිල්වා විසින් ඌණනය කරණු ලැබීය. මෙහිදී නිර්මාල් හෝ කුමුදු ජාතිවාදයට එරෙහිව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීම සියුම් ආකාරයෙන් මගහැර ගියහ. ඔවුන් නියෝජනය කරන සංගමය තුළත් විශාල ජාතිවාදීන් පිරිසක් සිටින නිසා ප්‍රසිද්ධියේ ජාතිවාදයට එරෙහිව පෙනී සිටින්නට ඔවුන් බයය. මේ නිසා අවසානයේ ජාතිවාදය ජයග්‍රහනය කරවන්නට නිහඩව අනුබල දෙන්නට මේ ආචාර්යවරුන්ට සිදු විය.
අපේ උත්සහය වන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිමිති සම්මේලණයේ අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෙනත් මානයකින් පුලුල් විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. ඒ සදහා පහත ලිපිය කියවන්න.
I
දින පහක් ගාල්ලේ සිට කොළඹ දක්වා දීර්ඝ පා ගමනක යෙදුණු විශ්ව විද්‍යාල ආචාර්යවරු සැප්තැම්බර් 28 දින කොළඹ හයිඩ් පිටියේදී විශාල ජන සහභාගිත්වයකින් සාර්ථක රැළියක් පැවැත්වූහ. ආචාර්යවරුන්ගේ මෙම සටනට දැනටමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, අනධ්‍යන සේවකයන්, විවිධ වෘත්තීය සමිති, නීතිඥයන්, කලාකරුවන්, ගුරු සංගම්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ආගමික පූජකයන්, සිවිල් සංවිධාන පමණක් නොව අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා වැනි පුද්ගලයන් පවා ඒකාබද්ධ වී ඇත. ආණ්ඩුවට සම්බන්ධ ‛වාමාංශික’ පක්ෂ මෙන්ම ආණ්ඩුවේ කොටස්කාරයන් වන ජාතික හෙළ උරුමයේ සමහර නියෝජිතයන්ද සෘජුව හා වක්‍රව විශ්ව විද්‍යාල අරගලයට සහාය දෙමින් සිටී. වඩාත් සරලව කිව්වොත් දෙමළ අරගලයට එරෙහිව ජාතිය නම් පරමාදර්ශය වටා ඒකරාශී වී සිටි විවිධ පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් ද අධ්‍යාපනය නම් පරමාදර්ශය වටා ඒකරාශී වෙමින් ආණ්ඩුවට අභියෝගයක් එල්ල කර ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පැත්තෙන් තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කර ඇත.
ආණ්ඩුවේ පැත්තෙන් මේ වන තෙක් ආචාර්යවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබා දී නැත. ආචාර්යවරුන්ගේ වැටුප් ප්රශ්නය විසඳීම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම, විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, දේශපාලන ඇගිලි ගැසීම් නතර කිරීම යන කිසිවක් ඉටු කිරීමට ආණ්ඩුවේ කැමැත්තක් නොමැති බව පෙනී යයි. ආණ්ඩුව හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර පැන නැගී ඇති ප්රශ්නය විසඳීම මැදිහත්කරුවන් වශයෙන් පැමිණි ධම්ම දිසානායක, චරිත හේරත් යන අයත් මේ වන විට ආගිය අතක් නැති බව පෙනී යයි.
ආණ්ඩුව ප්රශ්නය විසඳනවා වෙනුවට තමන්ට එරෙහිව පැන නැගෙන අභියෝගයක් කළමනාකරණය කරගැනීමේ සුපුරුදු උපක්‍රම අත්හදා බලමින් සිටී. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව තාවකාලිකව විවිධ ආකාරයේ ‛දේශ හිතෛෂි’ ‛මධ්‍යස්ථ’ ආචාර්ය සංගම් ඇටවීම, ඒවා ලවා ආණ්ඩුවට පක්ෂ ප්‍රකාශන ඉදිරිපත් කරවා ගැනීම, ආචාර්ය සමිති සම්මේලනයේ නායකයන් ඉලක්ක කරගෙන මඩ ප්‍රහාර එල්ල කිරීම, ඔවුන්ගේ අතීත දේශපාලන භාවිතයන් ගැන ප්‍රචාරය කිරීම, ආචාර්ය සමිති සම්මේලනයට රාජ්‍ය නොවන සංවිධානවලින්, දෙමළ ඩයස්පෝරාවෙන් ඩොලර් ලැබෙන බව ප්‍රකාශ කිරීම, ආචාර්ය සමිති සම්මේලනයේ ක්‍රියාකාරීන් දෙමළ ‛බෙදුම්වාදයට’ ‛කොටි ත්රස්තවාදයට’ පක්ෂ අය බව පෙන්වා දීම, එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ අතකොලුවක් බවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සංගමය පත්වී ඇති බව ප්‍රචාරය කිරීම, උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණය වර්ජනය කිරීම ශිෂ්‍යයන්ගේ ජීවිත බිල්ලට ගැනීමක් බව ප්‍රකාශ කිරීම, ඒ වෙනුවෙන් තමන්ගේ ‛අප්‍රසාදය’ හා ‛කණගාටුව’ ප්‍රකාශ කිරීම, මෙයට එරෙහිව දෙමාපියන් හා සිසුන්ව ආචාර්යවරුන්ට එරෙහිව උසි ගැන්වීම, එස්.බී. දිසානායක හා මර්වින් සිල්වා හරහා ආචාර්යවරුන්ට එරෙහිව තර්ජනය කිරීම ආණ්ඩුවේ උපක්‍රම වී ඇත. පසුගිය කාලයේ බොහොමයක් ප්‍රශ්න ආණ්ඩුව විසින් කලමනාකරණය කරගත්තේ මේ හා සමගාමී උපක්‍රම අනුගමනය කිරීමෙනි.
ආචාර්යවරුන්ට මාස තුනක් වැටුප් නොලැබීම නිසා හා එයින් ජනිත වන ප්‍රශ්න හරහා ඔවුන්ම හෙම්බත් වී ඉබේම වෘත්තීය සමිති අරගලය අත්හැර නැවත සේවයට පැමිණෙතැයි ආණ්ඩුව අපේක්ෂා කරයි. එහෙත් තවමත් එය සාර්ථක වී නැත. ආචාර්යවරු තවදුරටත් සිය ආර්ථික අපහසුව දරාගෙන සිටිති. ආචාර්යවරුන්ගේ පැත්තෙන් ගත්තොත් දීප ව්‍යාප්ත මට්ටමින් කෙරෙන මෙම අරගලය ඔවුන්ටත් අලුත් අත්දැකීමකි. කිසිදා සටන් නොකළ අය සටනට පෙළඹී ඇත. කිසිවෙක් සටන් නොකරන මොහොතක, ඔවුන් සටනක් අරඹා ඇත. විපක්ෂය භේද බින්නවී ඇති මොහොතක, ඔවුන්ගේ ඡන්ද පදනම් අහෝසිවී ඇති අවස්ථාවක ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ බලය දියවී ඇති මොහොත විපක්ෂයේ කාර්යභාරයත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට කිරීමට සිදුවී ඇත. කිසිදු කාරණයක් මත විපක්ෂ බලවේග හා කණ්ඩායම් එක වේදිකාවකට ගැනීමට නොහැකිවූ මොහොතක අධ්‍යාපනයේ ප්රශ්නය මත ඔවුන්ව ඒකරාශී කිරීමට හැකියාවක් ලැබී ඇත.
නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමේ ක්‍රියාවලියේදී ලංකා සම සමාජ පක්ෂය, වල්පොල රාහුල හිමියන් වැනි අය මෙහෙය වූ භික්ෂු සංවිධාන එයට මතවාදී සහය දැක්වුවත් අද නිදහස් අධ්‍යාපනය රැක ගැනීම නම් ක්‍රියාවලිය තුළදී එවැනි කණ්ඩායම් නැති අවස්ථාවක මෙම සටන ඇවිලී යමින් ඇත. මේ සටන ඇදෙමින් පවතින්නේ බොහෝ රැඩිකලුන් ජාතිවාදයට, ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති තුළට විකිණී ඇති මොහොතකය.
මෙම අරගලයේ ප්රභවය හා ව්‍යාපෘතිය දෙස බලන විට ආචාර්යවරුන්ගේ පැත්තෙන් කිසිදා ඔවුන් තුළ ප්‍රදර්ශනය නොවුණු සටන්කාමී හා සංවිධානමය ගුණයක් අඛණ්ඩව දරාගෙන සිටීමේ ශක්තියක් වර්ධනය කෙරී ඇත. අනාගත මැතිවරණ තුළදී කිසිදු ආකාරයක සහයත් මෙම ආණ්ඩුවට නොදිය යුතුය යන ආකල්පයක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර වර්ධනය වෙමින් ඇත.
දැන් තිබෙන ප්රශ්නය වන්නේ අනාගතයේදී මෙම අරගලය ජයග්‍රහණය තෙක් වර්ධනය කරන්නේ කෙසේද යන්නයි. වැටුප් නොලබමින් අරගලයෙහි සිටින ආචාර්යවරුන් අතර ඇතිවන ආතතිය හා ආණ්ඩුවේ තර්ජනකාරී, මර්ධනකාරී පීඩනය අතරින් අරගලය ඉදිරියට ගෙනියන්නේ කෙසේද යන්නයි.
සම්මන්ත්රණ, රැස්වීම් හා පෙළපාලිවලින් පසුව සත්යග්රහ, උපවාස, මාරාන්තික උපවාස හරහා අරගලය වර්ධනය කරන්නේද? සැප්තැම්බර් 28 දින හයිඩ් පිටියේ පැවති රැළියේදී එවැනි අදහසක් පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ප්‍රකාශ කළහ. මෙහි තවත් විකල්පයක් වන්නේ අනෙකුත් වෘත්තීය අරගල සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය බද්ධ කරන්නේද යන්නය. 2012 සැප්තැම්බර් 30 ලංකා පුවත්පතෙහි ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරි අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රු. 13 442.50 කින් වැඩි නොකළහොත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සංගම් 366 ක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සූදානම් වන බවය. මේවා සමග ඒකාබද්ධ අරගලයට ආචාර්යවරු සැරසෙන්නේ නම් නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවාගේ වැටුප් ප්රශ්නය සම්බන්ධයෙන් මෙන්ම වතු කම්කරුවාගේ වැටුප් ප්රශ්නය සම්බන්ධයෙනුත් සවිඥානක වීමට ආචාර්යවරයාට සිදුවනු ඇත. එවන් තත්ත්වයක් හමුවේ ආචාර්යවරුන්ට විශාල සමාජ වෙනසක් දැරීමට සිදුවනු ඇත. ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු සඳහා සාපේක්ෂ නිදහසක් අත් වින්ද ආචාර්යවරුන්ට තම රැකියාවන්හි තත්ත්වයන් රැකගැනීමට අමතර වෙහෙසක් දැරීමට සිදුවනු ඇත.
මෙහි තවත් ප්‍රවේශයක් වන්නේ ආචාර්යවරුන් සහ සමගාමී අනෙකුත් වෘත්තීන්වල තත්ත්වයට හා අභිමානයට මේ ආණ්ඩුව යටතේ එල්ලවී ඇති අභියෝගය සමාජ ගැටලුවක් වශයෙන් මතු කිරීමට උත්සාහ ගැනීම හා ඒ ඒ වෘත්තීන්ට අදාළව මතුවිය හැකි ඉල්ලීම් සමග ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඒකාබද්ධ කිරීමය. මේ ආණ්ඩුව යටතේ නීතීඥයා, වෛද්‍යවරයා, පූජකයා, මාධ්‍යවේදියා, කලාකරුවා, බැංකු නිලධාරියා, ගුරුවරයා, ක්‍රීඩකයා, අධිකරණ විනිශ්චයකාරයා, සිවිල් සේවකයා පමණක් නොව උසස් පොලිස් හා හමුදා නිලධාරියාගේ වෘත්තියේ පැවතුණු ප්‍රභා මණ්ඩලයත් කැඩී බිඳී ඇත. වෘත්තියෙහි පැවතුණු උත්කෘෂ්ටත්වය දිය කර දැමී ඇත. මෙම නිලධාරීන් හා සේවකයන්ව වහලුන්, නරුමයන්, නපුංසකයන්, වන්දිභට්ටයන්, අන්ධයන්, බිහිරන් පත්කර ඇත. මෙම වෘත්තීන්හි මට්ටම් පදනමින්ම විකෘති කර ඇත. මෙහිදී අපට ලැබෙන ආසන්නම උදාහරණය වන්නේ අධිකරණ කොමිෂන් සභාවේ වැඩකටයුතු නිදහසේ කරගෙන යාමට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් බාධාකරන බවට කොමිෂන් සභාව කරන චෝදනාවය. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔවුන් කරන හඬ නැගීම ආචාර්යවරුන් අධ්‍යාපනය වෙනුවෙන් කරන හඬ නැගීම හා සමගාමීය. නීතීඥවරුන්ද තම තමන්ගේ පුද්ගලික ජීවිතයේ ගැටලු විසඳා ගැනීම වෙනුවට අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ සාධාරණත්වය වැනි සාර්වත්රික මූලධර්මයන් වෙනුවෙන් අරගල කිරීමට පෙළඹෙන්නේ නම් එය ඔවුන් තුළ ඇතිවන්නාවූ ආකල්පමය පෙරළියකි.
මේ යුගයේදී පවත්නා ක්‍රමයෙන් වැඩි වාසි ලබන්නන් බවට වෛද්‍ය වෘත්තීය පත්වී ඇත. ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයක් හෝ පුද්ගලිකව ඔවුන්ට අසාධාරණයක් සිදුවූ විට සංකේත වැඩ වර්ජනයක් කර තම ඉල්ලීම් දිනා ගැනීම සුලභව සිදුවන්නකි. සෞඛ්‍ය ක්ෂේත්රයටත් අධ්‍යාපනයට සේම දළ ජාතික නිෂ්පාදනයෙන් කෙරෙන වියදම වසරින් වසර අඩුවී ඇත. මහාචාර්ය සේනක බිබිලේ වැනි අය ඖෂධ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කළ අරගලය බොහොමයක් වෛද්‍යවරුන්ට අමතකව ඇත. නිදහස් සෞඛ්‍ය සේවයක් මෙරට පවතිනවා යැයි කීවත් සිරිංජය, බෙහෙත් පෙත්ත, ඇඳ ඇතිරිල්ල පවා පිටින් ලබාගැනීමට රෝගීන්ට සිදුවී ඇත. පෞද්ගලික රෝහල්වල හෘද රෝග, වකුගඩු රෝග වැනි අතිශයින් මුදල් වැය වන රෝග සඳහා පහසුකම් සීස්රයෙන් වර්ධනය වන විට රජයේ රෝහල්වල අනෙකුත් සුලු රෝග සඳහා ඇති පහසුකම් සීස්රයෙන් පහත යමින් පවතී. ජර්මනිය, ඩෙන්මාර්කය, ස්වීඩනය වැනි රටවලින් ගෙන්වන මිල අධික ගුණාත්මක ඖෂධ වෙනුවට ලෙඩ රෝග සුව නොවන බාල ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් විරෝධයක් දක්වා නැත. ඖෂධ සමාගම්වලින් වෛද්‍යවරුන් පාලනය කරන තත්ත්වයක් ඇතිවී ඇත. මෑතකදී ආරංචි වූයේ වෛද්‍යවරුන් හා විශේෂඥයන් පිරිසක් විසින් සෑදූ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ මුල් ලියවිල්ල අස්ථානගතවී ඇති බවය. ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කෙරෙන්නේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවලිනි. දැනට සිටින වෛද්‍යවරුන්ගෙන් බොහොමයක් බිහි කෙරී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය හරහාය. නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් මේ එකදු පුද්ගලයෙකුට වෛද්‍යවරයෙකු වීමට නොහැකිය. ඔවුන්ගේ දෙමාපියන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ පිටරට වෛද්‍ය විද්‍යාලවලට යවා අධ්‍යාපනයක් ලබාදීමට තරම් වත්කමක් නැත. දැනටමත් දුෂ්කර පළාත්වලින් වෛද්‍ය පීඨවලට සිසුන් පැමිණීම අඩුවෙමින් පවතින අතර ඉංග්‍රීසි දැනුම වැඩි අනෙකුත් තාක්ෂණ පහසුකම් ඇති, ටියුෂන් ගුරුවරුන්ට වියදම් කළ හැකි පවුල්වල සිසුන් වෛද්‍ය පීඨවලට වැඩියෙන් පැමිණෙමින් සිටියි. මේ සාර්වත්රික ප්‍රශ්න ආමන්ත්‍රණය කෙරෙන වෛද්‍යවරුන් පිරිසක් බිහිවන්නේ නම් එය වෛද්‍යවරුන් අතර ඇතිවන ආකල්පමය පෙරළියක් ඇති කිරීමට තරම් හැකියාවක් ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරයා, නීතිඥයා, වෛද්‍යවරයා සාර්වත්රික මූලධර්මයන් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඬ නැගීමට එක්වීම සමාජ කම්පනයක් ඇති කළ හැකි කටයුත්තකි.
මෙම අරගලය වර්ධනය කිරීමේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තේරුම් ගත යුතු යථාර්ථයන් කිහිපයක් තිබෙන අතරම ඔවුන් ගැළවිය යුතු දෘෂ්ටිවාදයන් කීපයක්ද ඇත.
1. ආර්ථික ප්‍රගතිය ගැන මෙම ආණ්ඩුව කොතරම් පුරසාරම් දෙඩුවත් අවසන් විග්රහයේදී විදේශ මුදල් උපයා ගැනීම කරන්නේ මැද පෙරදිග ගොස් කාන්තාවන් උපයන මුදල් මගිනි. එමෙන්ම සංචාරක ව්‍යාපාරය හරහා කරන පරිසරය විකිණීම මගින් උපයන මුදල් මගිනි. මැද පෙරදිගට යැවීම සඳහා ශ්‍රමිකයන් සෑදීමට හා සංචාරක හෝටල්වල වේටර්වරුන් සෑදීම සඳහා මෙරටට විශ්ව විද්‍යාල අවශ්‍යද, පශ්චාත් උපාධි ආයතන අවශ්‍යද? දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම අවශ්‍යද? විදේශවලට ගොස් පුහුණුව ලැබූ ආචාර්යවරුන් අවශ්‍යද? මේ යථාර්ථය දන්නා ආණ්ඩුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මුදල් වියදම් කිරීම බලාපොරොත්තු විය නොහැකිය.
2. ත්‍රස්තවාදය පරදවා ලෝකයට ආදර්ශයක් දුන්නා යැයි කියා ලෝක අවධානය දිනා ගැනීමට උත්සාහ කරන ආණ්ඩුවත්, ක්‍රිකට්වලින් ලොව ජයගෙන ලෝක ආකර්ෂණය දිනාගැනීමට උත්සාහ කරන ආණ්ඩුවත් ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාල 500 අතරට මෙරට විශ්ව විද්‍යාලයක් ඇතුළත් කරගෙන කීර්තියක් දිනා ගැනීමට උත්සාහ කරන්නේ නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ශිෂ්‍යත්ව ලබා දී ඔවුන්ව පිටරටවලට යවා පශ්චාත් උපාධි කරවා නැවත මෙරටට ගෙන්වා ඔවුන් මාර්ගයෙන් විශ්ව විද්‍යාලවල ගුණාත්මක බව වර්ධනය කිරීමට මෙවැනි ආණ්ඩුවකට කිසිදු වුවමනාවක් නැති බව අප තේරුම් ගත යුතුය.
3. ඉන්දියාවෙන් හා චීනයෙන් භාණ්ඩ ආනයනය කර මෙරට විකුණා ලාභ ගන්නා සහ එම භාණ්ඩ මත බදු අය කර රාජ්‍යයේ ආදායම් කොටස සාදා ගන්නා ආණ්ඩුවකට විශ්ව විද්‍යාලවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න ප්‍රශ්න කළ යුතුය. නිෂ්පාදන සබඳතා වෙනුවට වෙළඳ සබඳතා අධිනිශ්චය වී ඇති රටක විශ්ව විද්‍යාලවලට හිමි තැන කුමක්ද? ලුවී අල්තුෂර් ධනේශ්වර නිෂ්පදන සබඳතාවයන් සහිත රටක පාසැල්, විශ්ව විද්‍යාල, ජනමාධ්‍ය ඇතුලු දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ (Ideological State Apparatuses) ගැන කීවේ කුමක්ද?
That no production is possible which does not allow for the reproduction of the material conditions of production: the reproduction of the means of production.
-Lenin and Philosophy, 128 page-
දෘෂ්ටිවාදී උපකරණ මගින් කෙරෙන්නේ නිෂ්පාදන මාර්ගයන් ප්රතිනිෂ්පාදනය කිරීමය. නිෂ්පාදනයක් නොකෙරෙන වෙළඳාම පමණක් කෙරෙන රටක විශ්ව විද්‍යාලවලින් ලබාගත හැකි ප්‍රයෝජනයක් නැත. රාජපක්ෂ ආණ්ඩුවකට විශ්ව විද්‍යාල අවශ්‍ය වන්නේ තමන්ගේ දේශපාලන කළමනාකරණය කරගැනීමට පමණි. ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතීන් සාධාරණීකරණය කරගැනීමට හා මැතිවරණවලදී තමන්ට පක්ෂව ප්‍රකාශන නිකුත් කර ගැනීමට වඩා වැඩි වටිනාකමක් විශ්ව විද්‍යාල හා ආචාර්යවරුන් සම්බන්ධයෙන් ඔවුන්ට නොමැත.
4. රැකියා නිෂ්පාදනය නොවෙන ආර්ථිකයක් සහිත මෙම ආණ්ඩුවට වාර්ෂිකව එකතුවන උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා වැඩපිළිවෙලක් නොමැත. ඒ අර්ථයෙන් ගත්විට උපාධිධාරීන් මේ ආණ්ඩුවට බරකි. වෛද්‍යවරුන්, නීතීඥයන්, ඉන්ජිනේරුවන් රටට අවශ්‍ය නමුත් මේ අයව පිටරටවලින් ගෙන්වා ගැනීමට තරම් වැටුප් ලබාදීමට ආණ්ඩුවට ශක්තියක් නැත. නිදහස් අධ්‍යාපනය තවදුරටත් නඩත්තු කර එය හරහා මෙම වෘත්තීයවේදීන් බිහිකර ගැනීම ආණ්ඩුව දකින්නේ පාඩුවක් ලෙසටය. ආණ්ඩුවේ ඇත්ත වුවමනාව වන්නේ අධ්‍යාපනය වෙළඳපලක් කරගැනීමය. දැනට පවත්නා විශ්ව විද්‍යාල හරහා මුදල් සෙවීමේ ව්‍යාපෘති හා පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, නීතීඥයන් බිහිකර ගැනීමෙන් ආදායම් සෙවීමය. උසස් අධ්‍යාපන ඇමතිවරයා කුලප්පු වී දඟලන්නේ අධ්‍යාපනය තවමත් වෙළඳපලක් කර ගැනීමට නොහැකිවිීමේ කල් පමාව නිසාය.
5. යම් රටක විශ්වවිද්‍යාල ගුණාත්මක බව, ආචාර්යවරුන්ගේ ගුණාත්මක බව, පාඨමාලාවන්හි ගුණාත්මක බව, විශ්ව විද්‍යාලයන්හි පරිපාලනයෙහි සාර්ථක බව, උසස් පර්යේෂණ නව තාක්ෂණික නිර්මාණ, කලාත්මක නිර්මාණ බිහිවන්නේ එම රටෙහි රාජ්‍යය අනුගමනය කරන්නාවූ ප්‍රතිපත්ති අනුවය. බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව පාලනය කළ සමයේ විශ්ව විද්‍යාලයන්හි තත්ත්වය හා චීනය විසින් පාලනය කරන ආණ්ඩුවක් යටතේ විශ්ව විද්‍යාලවල තත්ත්වය තුළ වෙනසක් ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට තම දැනුම, කුසලතාවය, කැපවීම තමන් තුළ වර්ධනය කරගත හැකිය. නමුත් ඊට අදාළ සද්භාවාත්මක උනන්දුව ජනිත වන්නේ එම රටෙහි රාජ්‍යය සිවිල් සමාජ ආයතනයක් වන විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් දරන මතය අනුවය. හේගල්ට අනුව රාජ්‍යය ශක්තිමත් තැනක සිවිල් සමාජ ආයතන ශක්තිමත්ය. රාජ්‍යය දියාරු තැනක විශ්ව විද්‍යාලත් දියාරුය.

Last edited: