~~//...සපත්තු LOVE..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
සපත්තු LOVE :baffled::rofl::P:love::love:
07-03-2012 ලංකාදීප

Ns2o5.jpg

ගුරුවරයාගේ උපහැරණයට ගෝලයාගෙන් අපූරු පිළිතුරක්
2012 මාර්තු මස 06 09:38:50 | විශ්ව ගැමුණු ප්‍රියන්කර

http://www.facebook.com/sharer.php?...ාගේ උපහැරණයට ගෝලයාගෙන් අපූරු පිළිතුරක්&src=sp උපහැරණ මගින් උදාහරණ පෙන්වා දුන් උපකාරක පන්ති ගුරු භවතකුගෙන් ගෝලයකු ඇසූ ප‍්‍රශ්නයකට උත්තර නැතිවූ කතාවකි මේ.
පෙනුමෙන් ප‍්‍රියමනාප ඔහු කාගේත් සිත් ගත්තෙකි. සිංහල භාෂාවෙහි නිපුණයකු වූ නිසාම ඔහු සිසුන් අතර ද කැපී පෙනුණේය. දිනක් පන්ති කාමරයේ පාඩම් ආරම්භයට පෙර අපූරු උපහැරණ කතාවක් ආරම්භ කළේය.
දරුවනේ අපේ මේ ජීවිතයේ මේ කාලේ ලබන අත්දැකීම් ආයෙ කවදාවත් ගන්න බෑ. මේ කාලේ තමයි ජීවිතයේ හොඳම කාලේ. ඔය දරුවන් අධ්‍යාපනය ගැනම සිත යොමු කර කාලය කැප කරනවා කියන්නේ මේ වයස, කාලය ආයෝජනයකට යොදවනවා කියන එකයි.
අපේ මේ අධ්‍යාපනය කියන්නේ පූජනීය දෙයක්. ඒ පූජනීය ස්ථානයට ඇතුළු වෙද්දි අපි ඉතා ගරු සරු ඇතිව පැමිණිය යුතුයි.
ඒ වගේම මේ අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී ඔය දරුවෝ දැන ගන්න ඕනෑ ”පේ‍්‍රම සම්බන්ධතා” කියන පාවහන් ගලවලා යන්න. අපිට එයින් ලැබෙන ප‍්‍රතිඵලය ඉතා වැදගත්.
ඉතා පැහැදිලි ලෙස ගුරුවරයාගේ කතාව අසා සිටි ගෝලයන් පිරිස අතරින් එක් අයෙක් නැගිට මෙසේ ඇසීය.
සර්.... අපි පේ‍්‍රම සම්බන්ධතා කියන පාවහන් අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී ගලවලා ආවයි කියමු. අපි ආයෙත් ඒ පුද බිම වන්දනා කර යනකොට ඒ පාවහන් වෙන කෙනෙක් දාගෙන ගිහිං හිටියොත් මොකද කරන්නෙ.
පන්තිය දැඩි නිහඬතාවක් ඇති විය. ගුරුතුමාට පිළිතුරු නැති විය. සර් ඔය ප‍්‍රශ්නයට උත්තරය මම දෙන්නද?
එක් ගෝලයෙක් ඇසීය. ගුරුවරයා මද සිනාවක් පෑවේය. එය හා කියන්නාක් මෙනි.
සර්.... ඔය විදියට අධ්‍යාපනය කියන පුද බිමට ඇතුළු වෙද්දී පේ‍්‍රම සම්බන්ධතා කියන පාවහන් ගලවා ගියාම ඒ පාවහන් වෙන කෙනෙක් දාගෙන ගිහිං නම්..... අපිත් ඒ වගේ තවත් කෙනෙක් ගලවලා ගිය පාවහන් දෙකක් දාගත්ත නම් හරිනේ....
ගුරුවරයා උදාහරණ උපහැරණ කතාව නවතා පාඩමට ප‍්‍රවිෂ්ට විය.
 
  • Like
Reactions: costaxxx and maxxaa