ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහනයේ ප්‍රතිශතය සාමාන්‍යයෙන් 52% කි. සාක්ෂරතාව අතින් ද ශ්‍රී ලංකාවෙහි ඉහළින්ම සිටින්නේ කාන්තාවන් ය. එසේම පුරවැසියන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කෙරෙන පාර්ලිමේන්තුවෙහි අවම සියයට 6 ක් ඉක්ම වූ කාන්තා නියෝජනයක් හෝ ප්‍රතිශතයක්වත් මෙතෙක් ඉතිහාසයෙහි තිබී නොමැත.
දේශපාලන ක්ෂේත්රයේ කාන්තාවන්ට තැනක් ලැබුණේ දශක පහකට පමණ පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්වී ගිනස් වාර්තාවකුත් පිහිටුවීමෙන් පසුවය.
එය සිදු වූයේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු මන්ත්‍රීවරියන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන්ය. එය තවත් අතකින් ඉතිහාසගත වන්නකි. එනම් එක් පක්ෂයකින් එක්වර වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුවක් බිහිවීමක් ලෙසය.
"ගැහැණු අපි එක මිටට" යන තේමා පාඨය යටතේ කාන්තාවන් සංවිධානය වූයේ වසර 76 ක කෙසේ වෙතත්, 1994 සිට වසර 30 ක කාලයක් පුරා දළු ලා වැඩුණු දූෂිත දේශපාලන සංස්කෘතියක් සහ ඉතා ඝණකමට පැලපදියම් වූ දූෂිත රාජ්‍ය තන්ත්රයක් නිමා කිරීමටය.
ඒ සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතාවය වූ දේශපාලන බලය අත්පත් කර ගැනීමට ගැහැණුන් ඔවුන්ගේ දායකත්වය සපයා දී තිබේ. දැන් ඇත්තේ අත්පත් කර ගත් දේශපාලන බලය යොදාගෙන දේශපාලකයන් විසින් අදාල දූෂිත දේශපාලන සංස්කෘතිය සහ දූෂිත රාජ්‍ය තන්ත්රය අහෝසි කිරීමේ කටයුත්ත සිදුකිරීම ය.
ඊට සමීපතම උදාහරණය සපයන්නේ අද (19/02/2025) දින අලුත්කඩේ අධිකරණයේදී අපරාධකරුවෙකු ලෙසට චෝදනා ලැබ සිටි ගනේමුල්ල සංජීව නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවා යැයි සඳහන් පුද්ගලයා පිලිබඳව ගැහැණුන් තබන සටහන්ය.
ඝාතකයා යැයි සැලකෙන පුද්ගලයාගේ ඡායා රූපය දැක, ගැහැණුන් ඔහුගේ සිනහව ගැනත් , ඔහුගේ රූපයේ ලස්සන ගැනත් වශිකෘත වී ඇත. ඒ අනුව ගැහැණු පළ කරන අදහස් මුහුණු පොත පුරා ලියැවෙමින් පවතී.
එසේම මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට අදාල ඝාතකයාට අවශ්‍ය ගිණි අවිය අධිකරණය තුළට රැගෙන ඇවිත් ඇත්තේ ද ගැහැණියක් බව සඳහන්ය.
යම් සමාජයක අති සංවේදී කොට්ඨාශය ගැහැණුන් යැයි බොහෝ දෙනා තර්ක විතර්ක කළද එය අර්ධ සත්‍යයක් මිස හැම විටම නිරපේක්ෂ සතත්යක් නොවන බව මේ සිද්ධියෙන්ද නැවත පසක් කර තිබේ.
ප්රජාතන්ත්රවාදී සමාජයක් ගොඩ නැගීම අප අපේක්ෂා කරන තරමටම පහසු නොවන්නේ මෙවැනි හේතූන් බහුල නිසා ය.
දේශපාලන ක්ෂේත්රයේ කාන්තාවන්ට තැනක් ලැබුණේ දශක පහකට පමණ පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්වී ගිනස් වාර්තාවකුත් පිහිටුවීමෙන් පසුවය.
"ගැහැණු අපි එක මිටට"
නමුත් මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයක දී වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුව ලෙස දස වැනි පාර්ලිමේන්තුව ඉතිහාසගත විය.එය සිදු වූයේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු මන්ත්‍රීවරියන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන්ය. එය තවත් අතකින් ඉතිහාසගත වන්නකි. එනම් එක් පක්ෂයකින් එක්වර වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුවක් බිහිවීමක් ලෙසය.
"ගැහැණු අපි එක මිටට" යන තේමා පාඨය යටතේ කාන්තාවන් සංවිධානය වූයේ වසර 76 ක කෙසේ වෙතත්, 1994 සිට වසර 30 ක කාලයක් පුරා දළු ලා වැඩුණු දූෂිත දේශපාලන සංස්කෘතියක් සහ ඉතා ඝණකමට පැලපදියම් වූ දූෂිත රාජ්‍ය තන්ත්රයක් නිමා කිරීමටය.
ඒ සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතාවය වූ දේශපාලන බලය අත්පත් කර ගැනීමට ගැහැණුන් ඔවුන්ගේ දායකත්වය සපයා දී තිබේ. දැන් ඇත්තේ අත්පත් කර ගත් දේශපාලන බලය යොදාගෙන දේශපාලකයන් විසින් අදාල දූෂිත දේශපාලන සංස්කෘතිය සහ දූෂිත රාජ්‍ය තන්ත්රය අහෝසි කිරීමේ කටයුත්ත සිදුකිරීම ය.
සපුරාම වෙනස් වූ මනෝභාවයකින් හැසිරෙන ගැහැණුන්..
ශ්‍රී ලංකාවේ කාන්තාවෝ එවැනි යහපත්වු බලාපොරොත්තු සහිතව දෑස් දල්වාගෙන සිටින මොහොතක, ඊට සපුරාම වෙනස් වූ මනෝභාවයකින් හැසිරෙන ගැහැණුන්ද සැලකිය යුතු ප්‍රතිශතයක් සිටින බව ඉතා පැහැදිලිය.ඊට සමීපතම උදාහරණය සපයන්නේ අද (19/02/2025) දින අලුත්කඩේ අධිකරණයේදී අපරාධකරුවෙකු ලෙසට චෝදනා ලැබ සිටි ගනේමුල්ල සංජීව නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවා යැයි සඳහන් පුද්ගලයා පිලිබඳව ගැහැණුන් තබන සටහන්ය.
ඝාතකයා යැයි සැලකෙන පුද්ගලයාගේ ඡායා රූපය දැක, ගැහැණුන් ඔහුගේ සිනහව ගැනත් , ඔහුගේ රූපයේ ලස්සන ගැනත් වශිකෘත වී ඇත. ඒ අනුව ගැහැණු පළ කරන අදහස් මුහුණු පොත පුරා ලියැවෙමින් පවතී.
එසේම මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට අදාල ඝාතකයාට අවශ්‍ය ගිණි අවිය අධිකරණය තුළට රැගෙන ඇවිත් ඇත්තේ ද ගැහැණියක් බව සඳහන්ය.
මෙය ශ්‍රී ලාංකීය සමාජයේ නිරුවත් යථාර්ථයයි..
සැබවින්ම මෙය ශ්‍රී ලාංකීය සමාජයේ නිරුවත් යථාර්ථය පිළිබිඹු කරන්නකි. මෙවැනි සමාජයක් අනෙකා පිලිබඳව සහකම්පනයෙන් යුතු සමාජයක් බවට පරිවර්තනය කිරීම අතිශය දුෂ්කර වූ කාරියක් බව සියල්ලෝම තේරුම් ගත යුතුව තිබේ.යම් සමාජයක අති සංවේදී කොට්ඨාශය ගැහැණුන් යැයි බොහෝ දෙනා තර්ක විතර්ක කළද එය අර්ධ සත්‍යයක් මිස හැම විටම නිරපේක්ෂ සතත්යක් නොවන බව මේ සිද්ධියෙන්ද නැවත පසක් කර තිබේ.
ප්රජාතන්ත්රවාදී සමාජයක් ගොඩ නැගීම අප අපේක්ෂා කරන තරමටම පහසු නොවන්නේ මෙවැනි හේතූන් බහුල නිසා ය.