සපෝට් එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සපෝට් එක

    එක් හරකකු නගුලට බැඳ ගුණසේන තම කුඹුරේ හාමින් සිටියේ නොනවත්වා මෙසේ කෑ ගසමිනි.

    ’හා... හා... ඇදපිය වයිරා... හරි.. හරි... උඹත් ඇදපන් පුල්ලියා. ඇදපන් පුතා... ඇදපන් හඳයා.’
    තම බයිසිකලයෙන් ගුණසේන බැලීමට වේයන්ගොඩ ගොස් ඔහු කුඹුරේ බැව් අසා කුඹුරට ගිය ප්‍රනාන්දු ගුණසේන ගේ අඬහැරය අසා සිට මවිත වී මෙසේ ඇසීය.
    ’ඈ බං ගුණේ උඹේ හරකාට නම් කීයක් තියෙනවද?’
    ’නෑ... නෑ... උගෙ නම වයිරා. මම අනිත් නම් දෙක කියල කෑගහන්නෙ, තව හරක් දෙන්නෙක් නගුල අදින්ඩ ඌට සපෝට් එක දෙනවා කියල බොරුවට පෙන්නන්ඩ.’ ගුණසේන තම දත් ඇන්දේ ඉදිරිපස කළුවූ දත පෙන්වා සිනාසෙමින් කීවේය.


    :lol::lol:

    ඒක දන්නෙ කොහොමද?


    ’අම්මි, මං අද මොන්ටිසෝරියෙදි ලියන්න ඉගෙන ගත්තා.’ කුඩා දියණිය මොන්ටිසෝරි පාසල හැරී ගෙදර එද්දී චම්පාට සුරතල් හඬින් කීවාය.

    ’හානේ! ඇත්ත ද? හරි ෂෝක් නෙ. මොනවද ඉතින් මගෙ දුව අද ලිව්වේ?’ චම්පා දියණියගේ හිස අතගා ඇසුවාය.
    ’ඒක නං දන්නෙ නෑ අම්මි. අපි තවම කියවන්ඩ ඉගෙන ගත්තෙ නැහැනෙ.’ දුව කීවාය.

    :P

    කතාවේ තරම


    ‘පුතා මං ඔයාට කියලා තියෙනවා නේද අම්මයි මායි කතා කරන කොට මැදට පැනලා කතා කරන්න එපා කියලා?’ හේමන්ත දබරැඟිල්ල දිගු කරමින් තම පුතුට තරවටු කළේය.

    ’ඉතින් තාත්තා මට කියන්නෙ මුළු ජීවිතේ ම කතා නොකර ඉන්න කියලද?’ පුතා චම්පා දෙස බලමින් ඇසීය
    .

    :angry:

    ආරෙට නෙමෙයි


    මැදිවිය නො ඉක්මවුවද කිංස්ලිගේ කොණ්ඩයේ අඩකටත් වඩා පැසී සුදු වී තිබුණි. ඩයි පාවිච්චියෙන් කොණ්ඩය කළු කිරීමක් සිදු නොකිරීමේ හේතුවෙන් ඔහු ගේ කොණ්ඩයේ සුද කැපී පෙනිණ.

    ’තමුසෙගෙ කොණ්ඩේ සුදු වෙන්නෙ තාත්ත ගෙ ආරෙටද?’ නාට්‍ය දර්ශනයකදී හමු වූ අවස්ථාවේ අමිත්ත කිංස්ලි දෙස බලා ඇසීය.
    ’නෑ, දරුවන්ගෙ චාරෙට.’ කිංස්ලි කීවේ කෝපයෙනි.

    :rolleyes:

    පොළිය කීයද?


    ශි‍්‍රයානි තම කාර්යාලය අසල පිහිටි ඉතිරි කිරීමේ බැංකුව වෙත ගියේ තම පුතා පන්තියට ඇරලවා ආපසු එමින් සිටියදීය.

    ’රුපියල් ලක්‍ෂයක් බැංකුවේ දැම්මා ම පොළිය කීයද?’ ඇය කවුන්ටරයේ සිටි, නොනවත්වා ඇහිපිල්ලන් ගසමින් සිනාසෙන තැනැත්තිය ගෙන් ඇසුවාය.
    ඇය නියමිත පොළිය ගණන් බලා වහා දැන්වූවාය.
    ’හොඳයි ලක්‍ෂ දෙකක් දැම්මොත්...?’ ශි‍්‍රයානි හිස ඇලකර සිනාසී ඇසුවාය.
    එයද ගණන් බලා කී නිලධාරිනිය අනතුරුව මෙසේ ඇසුවාය.
    ’මිස්, කීයක් දාන්නද කල්පනා කළේ?’
    ’නෑ, මං මේ කල්පනා කළේ ලොතරැයි එකක් ගන්නවද, දෙකක් ගන්නවද කියලා.’ බැංකුව ඉදිරිපිට මහපාරේ වූ ලොතරැයි කූඩුව දෙස බලමින් ශි‍්‍රයානි පැවසුවාය.

    :baffled:

    කොතනින් පටන් ගන්ඩද?


    මංගල උත්සවයේ ස්තූති කතාව කිරීම චන්ද්‍රසිරිට පැවරිණ. ඔහු මංගල සභාව සිසාරා බැල්මක් හෙළා, රැල් බුරුල් හැර මෙසේ කීවේය.

    ’මනාල යුවළ ප්‍රධාන මංගල සභාවෙන් අවසරයි. නෝනා වරුනි, මහත්වරුනි, අද මමත් හරියට අර අරාබි රටක, තම පියාගේ ඇවෑමෙන් රාජ්‍යය සහ අන්තංපුරය හිමිවූ සුල්තාන් වගෙ. මට තේරෙන්නෙ නෑ කොතනින් පටන් ගන්නද කිය
    ල.’

    :dull:

    එඩ්වඩ් චන්ද්‍රසිරි
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    පාන්දරම ත්‍රෙඩ් එක උඩට ගන්නවා ඔය යාලුවට උදව්වක් වශයෙනුයි නොදැක්ක අයට බලාගන්නයි :)