සබඳ නුඹටයි මේ නිසඳැස් කවි පෙළ

Dec 8, 2011
128
19
0
සබඳ නුඹටයි මේ නිසඳැස් කවි පෙළ

කිවිඳියක් නොවුනාට, මාත්‍රා නොතිබුනාට,
හැඟුම්බර වදන් පෙළක් කුරුටු ගෑවේ කොළයක නුඹ,
නොසිතූ ලෙස මසිත තුල,
සඟවනමුත් ඔබ ලොවට ස්නේහය,
ගෙන පන්හිඳ කරට,
පබැඳ වදනින් වදන අරුත ගෙන,
අකලංක බැඳීමක් අභිසෙස් කලා නුඹ,
චින්තනයේ අනන්තයට,
දිව ගොස් පද සිතුවම් කොට,
සෙනෙහෙ මුසු කොට වියා පද වැල,
සිප ගත්තා නුඹ,
දිව්‍ය මලක මෙලෙක් සිත,
ඔබේ පවර චිත්තය වෙත,
බෑ මේ දුභලයාට ලං වන්නට කිසි දිනෙක,
මලේ සුවඳ දැනුනා මටද,
ලං වන්නට හැදුවා මමත්,
නුඹේ උතුම් සෙනෙහස ලඟ,
දූවිල්ලක් පමණයි මම,

:):):)