සබරගමුවේ හත්මාළුව ....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සබරගමුවේ හත්මාළුව ....

    2017-04-06-awurudu-28.jpg


    සබරගමු පළාතේ අලූත් අවුරුදු කෑම මේසයේ සුවිශේෂි අනන්‍යතාව වන හත්මා`ඵව වෑංජනය සබරගමුවේ සිංහල අවුරුදු උත්සවය දින සහ අවුරුදු සමයේ සෑම නිවසකම පාහේ පිළියෙල වන රසයෙන් ගුණයෙන් පිරිපුන් නිර්මාංශ ආහාරයකි. අලූත් අවුරුදු කෑම මේසයට හත්මා`ඵව පිළියෙල කරන අයුරු අපට විස්තර කළේ රත්නපුර කොස්පැලවින්න පදිංචි පී.ජී.ගමගේ මහත්මියයි.
    අවශ්‍ය ද්‍රව්‍ය

    • වට්ටක්කා දලූ ග‍්‍රෑම් 200ක්
    • තම්පලා ග‍්‍රෑම් 200ක්
    • කොස් ඇට 10 /15ක් පමණ
    • කජු ග‍්‍රෑම් 150ක් පමණ
    • වම්බටු ග‍්‍රෑම් 250ක් පමණ
    • මෑකරල් ග‍්‍රෑම් 200ක් පමණ
    • අඵ කෙසෙල් හෝ කිරිඅල ග‍්‍රෑම් 250ක් පමණ
    • දියලූණු අවශ්‍ය පමණට
    • සුදුලූනු, රම්පෙ, කරපිංචා, කුරුදු, රතුලූණු, අමුමිරිස්, අවශ්‍ය පමණ
    • කහ කුඩු හෝ අඹරාගත් කහ අවශ්‍ය පමණ
    • තුනපහ කුඩු ස්වල්පයක්
    • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    • අඹරාගත් අබ ස්වල්ප ප‍්‍රමාණයක්

    සාදන අකාරය
    හත්මාඵව හදනවිට පළමුව යොදාගන්නා වට්ටක්කා දලූ සහ තම්පලා සහ වම්බටු අඵ කෙසෙල් මෑකරල් කජු සහ කොස්ඇට පිරිසුදු ජලයෙන් හොඳින් සෝදාගන්න. ඉන් පසුව අ`ඵකෙසෙල් සහ වම්බටු සිහින්ව කපාගන්න. කපන ලද වම්බටු අවපැහැගැනීම වැළැක්වීමට භාජනයකට කහකුඩු සහ ලූණු මිශ‍්‍ර ජලය යොදා එම ජලමිශ‍්‍රණ බඳුනේ සිහින්ව කපාගත් වම්බටු විනාඩි කීපයක් බහා තබන්න.
    ඒ අතරතුර කාලයේ මෑකරල් සිහින්ව කපා ගැනීම හෝ අවශ්‍ය පරිදි සිහින්ව කඩා සකසා ගන්න. අඵකෙසෙල්ද සුදුසු අකාරයට කපාගන්න. කොස් ඇට පොතු හැර පිරිසුදු කර ගන්න කොස් ඇටය කැබලි ආකාරයට කුඩා ප‍්‍රමාණවලින් එක් කරගන්න. කජු ග‍්‍රෑම් 150ද එකතු කරන්න. අවසානයේ සෝදා පිරිසුදු කරගත් තම්පලා සහ වට්ටක්කා දලූද ඊටම එක් කර ගන්න.
    මෙසේ පිළියෙල කරගත් අවශ්‍ය දේ සියල්ල නැවුම් මැටි වළඳකට එසේ නැතිනම් කට වහරෙන් කියන පරිදි ඇතිළිියකට දමාගන්න.
    එම වළඳට අවශ්‍ය ප‍්‍රමාණවලින් තුනපහ කහ කුඩු රම්පෙ කරපිංචා සුදු ලූනු රතු ලූනු අමුමිරිස් සහ අවශ්‍ය පමණ ලූණු ස්වල්පයක් යොදා එය පසෙක තබා පොල් කිරි කෝප්ප දෙකක් එයට එක්කර ලිප තබා මඳ ගින්නේ විනාඩි 20ක් පිසගන්න. කොස් ඇට ආදිය ඇති හෙයින් කෑමට සුදුසු ආකාරයෙන් මෘදුවනසේ පිසගැනීමට අවශ්‍යයි. අවශ්‍යනම් මෙසේ පිසගත් හත්මා`ඵව තෙම්පරාදු කරගන්න. අනතුරුව දීසියකට හත් මාඵව වෑංජනය දමා උදාවූ අලූත් අවුරුද්දේ අවුරුදු කෑම මේසයට තබන්න.
    ආහාර රුචිය වඩවන කුසගිනි වර්ධනය කරන නැවුම් සුවඳකින් යුතුව අලූත් අවුරුදු කෑම මේසය රසවත් කරයි. හත්මාඵව සඳහා අවශ්‍ය බොහෝදේ ඔබේ ගෙවත්තෙන්ම සපයාගැනීමට හැකිය. එසේම එය අඩු වියදමකින් වැඩි පෝෂ්‍ය ගුණයක් ගෙනදෙන ආහාරයකි.
    හත් මා`ඵව වෑංජනය සබරගමුවේ පැරණි රජකල පටන් පවතින ගැමි සම්ප‍්‍රදායික ජීවන රටාව ගුරුකොට ගත් ඓතිහාසික වටිනාකමක් ඇති නිර්මාංශ පෝෂ්‍යදායි ආහාරයකි. එහි ඇති සංස්කෘතික වටිනාකම නම් එකමුතුකම සමගිය සංකේතවත් කිරීමයි.

    රත්නපුර අප්සරා යෝසිත් විජේසූරිය
    2017-04-06-awurudu-29.jpg



    lankadeepa