සබ්බ පාපස්ස! අවසන් 18 අනුදි නැත! රෙවීම අද රාත්‍රී!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,549
    7,958
    113
    ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    ලොව පුරා රූප රාජිනියන් 100කට අධික දෙනෙකු '2025 ලෝක රූ රැජින' කිරුළ තමන් සතු කරගැනීමේ අරමුණින් අද තරග වඳිනු ඇත.

    මාසයක් පුරා විවිධ තේමා යටතේ මෙහි එක් එක් අදියර පැවැත්විණි.

    අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

    පසුගිය මැයි 10වනදා සිට ක්‍රියාත්මක වන මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබයි.

    ඉන් 18 දෙනෙකු දැනටමත් එම අවස්ථාව හිමිකරගෙන සිටියි. ඒ පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත.

    කෙසේ නමුත් එම 18දෙනා අතර අනුදි නොමැති අතර, අද පැවැත්වෙන අදියරේ දක්වන දක්ෂතා අනුව ඇගේ අර්ධ අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලැබීම තීරණය වනු ඇත.

    අර්ධ අවසන් පූර්ව වටයේදී සෑම මහාද්වීපික කලාපයකින්ම 10 දෙනෙකු තෝරාගනු ලබයි.

    ඉන් 5 දෙනෙකු තෝරාගෙන ඔවුන් අතරින් ලෝකයම අපේක්ෂාවෙන් බලා සිටින ලෝක රූ රැජින තෝරාගනු ඇත.

    අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දියානු නිවේදකයෙක් වන සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ඇත.

    එමෙන්ම සුරූපී බොලිවුඩ් තාරකාවක් මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සහ ජනප්‍රිය නළු ඉෂාන් කට්ටර් මෙහිදී ආකර්ශනීය රංගනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Angry Inside Out GIF by Disney Pixar
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,982
    113
    මට නම් එතන ඉන්න වෙන කෙල්ලෙක් ලස්සන