සබ්මැරීනය
ඩේවිඩ් බුෂ්නෙල් - 1776
ලොව ප්‍රථම සබ්මැරීනය අමෙරිකා එක්සත් ජනපදය තරමට ම පැරැණිය. 1776 වර්ෂයේදී එය නිපදවූයේ ද කීර්තිමත් අමෙරිකානු ජාතිකයෙකු වන ඩේවිඩ් බුෂ්නෙල් විසිනි. යේල් සරසවියේ උපාධිධාරියෙකු වූ ඩේවිඩ් බුෂ්නෙල් පළමු සබ්මැරීන ආකෘතිය හැඳින්වූයේ සබ්මැරීන ටෝපිඩෝ බෝට්ටුවක් යනුවෙනි.
තනි මිනිසෙකුට ගමන් කළ හැකි එය, යානයේ බඳ තුළට ජලය පොම්ප කරගැනීමෙන් ජලය තුළ ගිලෙයි. එම ජලය පිටතට පොම්ප කිරීමෙන්, අවශ්‍ය විටෙක ජලය මතුපිටට පැමිණෙයි. පෙඩලයක ආධාරයෙන් ක්‍රියාත්මක වන ප්රචාලන යන්ත්‍රයක් එයට ජවය සැපයීය. බුෂ්නෙල්ගේ සබ්මැරීනය වඩාත් සමීප වූයේ බිත්තර හැඩයේ කැස්බෑවෙකු ටය.
එය අමෙරිකාවේ විප්ලවීය හමුදාවේ මතු බලාපොරොත්තු ද චිත්ත ධෛර්යය ද වැඩි දියුණු කළේය. නිව්යෝක් වරායේ නැංගුරම්ලා තිබෙන බ්‍රිතාන්‍ය යුද නෞකාවලට පහරදීම සඳහා බුෂ්නෙල්ගෙ සබ්මැරීනය රහස් ආයුධයක් සේ භාවිත කළ හැකි විය. එහෙත්, ඒ සඳහා සබ්මැරීනය භාවිත කෙරුණේ අදට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රමයකට ය.
සැලසුම් වූයේ සතුරු නෞකාවක බඳට කැස්බෑ බිත්තරය සවිකර එය පුපුරුවා හැරීමය. 1776 සැප්තැම්බර් 7 වැනිදා මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සාජන්ට් එස් රාලී බ්‍රිතාන්‍යයට අයත් එච්.එම්.එස්. ඊගල් නෞකාවට එසේ පහරදීමට උත්සාහ කළේය. එහෙත් සබ්මැරීනයේ අභ්‍යන්තරයට සවිකර තිබූ විදුම් යන්ත්‍රය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ නිසා, ඉලක්ක නෞකාවේ බඳ ආරක්ෂා කළ ආකාරයට සිදුරුකළ නොහැකි විය. එයට හේතුවී තිබුණේ ඕක් ලීයෙන් කළ නෞකා බඳ තුළ බෝල්ට් මුරිච්චි ඇණ යොදා තිබීම විය හැකිය.
තම වෑයම අසාර්ථක වනු දුටු සාජන්ට් ලී නෞකාවේ බඳට පහළින් සිදුරු කර, සබ්මැරීනය සවිකර ගැනීමට දෙවැනි උත්සාහයක යෙදුණේය. එවරද එය අසාර්ථක වූ තැන සාජන්ට් ලී ටෝපිඩෝව හැරදමා පණ බේරාගෙන පලාගියේ, පැයක කාලයකින් සබ්මැරීනය පුපුරුවා හැරීමට සියල්ල සැලසුම්කර තිබූ නිසා ය.
මේ සිදුවීම ගැන බ්‍රිතාන්‍ය යුද නාවික ඉතිහාසයේ ලොග් පොතක පවා සඳහන් නොවන්නේ ඔවුන් එය පැහැදිලි කිරීමට අසමත් වීම නිසා විය හැකිය. කෙසේ නමුත් තවත් අමෙරිකානුවෙකු වූ රොබට් ෆුල්ටන් 1801 දී සබ්මැරීනයක් සාර්ථක ලෙස සාදා එය ප්‍රංශයේදී ක්‍රියාත්මක කිරීමට ද සමත් විය. දුම්වැටියක හැඩයෙන් යුතු අත්යන්ත්‍ර ප්රවාලන බලයෙන් ක්‍රියාකරන එහි නම නෝට්ලස් ය මතුපිට ජලය මත සරුංගලයක ආකාරයට දිගුවලිගයක් ප්‍රචාලනය කරමින් පිහිනා යාමට එයට හැකියාව තිබිණි.
1850 වර්ෂයේ දී ජර්මානු ජාතික විලියම් බෝමර් ද කීල් නමින් ෙඓතිහාසික සබ්මැරීනයක් තැනුවේය. අඩි 55 ක් ජලය යටදී එය නොඩකවා කිඳා බැසීමට පටන් ගත්තේය. එවිට වහාම ක්‍රියාත්මක වූ ඔහු, කපාට විවර කර, සබ්මැරීනයේ ඇතුළත සහ පිටත ජලයේ පීඩනය සම කළේය. එවිට හදිසි අවස්ථාවකදී ගැලවීම සඳහා තනා තිබූ කවුළුව විවෘත විය. බෝමරගේ සබ්මැරීනය වාණිජ වශයෙන් විශාල සාර්ථකත්වයක් ළඟාකර නොගත්තද, නූතන සබ්මැරීනවල හදිසි අවස්ථා උපක්‍රමයක් ලෙස අදත් භාවිත කරන්නේ දෙපස පීඩන සම කිරීම මගින් පලායාමට මඟ සලසා ගැනීමේ සරල බෝමර් උපක්‍රමයයි.
Source : Dinamina