සබ්‍රී ගුගුලයි ටෲඩෝ පැනයයි

Becca99

Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂිත තෝතැන්නක් ලෙස කැනඩාව සොයා ගෙන ඇති බවත් කැනඩා අගමැති වරයා කිසිදු සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

    කැනඩා අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම සනාථ නොකරන චෝදනා ඉදිරිපත් කරන බවත් ඔහුගේ ප්‍රකාශයන් ගැන තමා පුදුම නොවන බවත් විදේශ අමාත්‍ය වරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර ඇත.

    කැනඩාව හා ඉන්දියාව අතර ඇතිවී තිබෙන රාජතාන්ත‍්‍රික ගැටුම ගැන කල විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව පවසා ඇත.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද කැනඩා අගමැති විසින් කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් ශ්‍රී ලංකාවේ කිසිදු ජන සංහාරයක් සිදුව නැති බවත් විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

    ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්නැයි කැනඩා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පවසන ඔහු වෙනත් කිසිවකු අපේ රට පාලනය කළ යුතු ආකාරය කිව යුතු නැති බවද සඳහන් කරයි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka

    Gammac thamai.. :lol::lol: