සබීතට_හුළං

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කෘෂිකර්මය කෝටි දෙකේ කුලී බිල්ඩිමෙන් ඉවතට​

    collage.jpg

    රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුලී මුදල් විශාල වශයෙන් ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ හා රජයේ ආයතන ඒ ස්ථානවලින් ඉවත්කර නැවතත් රජයේ ගොඩනැගිලිවලට ගෙනයෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය එම පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කෙරෙන්නේද ඒ අනුවයි.

    කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයෙන් ඉවත් කර රාජගිරියේ මෙම පෞද්ගලික ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබුණේ 2016 වර්ෂයේදීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ මේ ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට ගෙවන කුලී මුදල රුපියල් දෙකෝටි හතළිස් දෙලක්‍ෂයකි.

    මේ අනුව මේ දක්වා වූ කාලයේදී එම පෞද්ගලික ගොඩනැගිල්ල වෙනුවෙන් ගෙවා ඇති කුලී මුදල රුපියල් අසූහය කෝටි හතළිස් ලක්‍ෂයකැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.


    කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලකට රැගෙන යෑමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ 2015 වර්ෂයේ සැපතැම්බර් මාසයේදීය.

    කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඒ ගොඩනැගිල්ල යථාවත් කර ගැනීමට සිදුවූ හෙයින් අමාත්‍යාංශය මාස අටක පමණ කාලයක් තිස්සේ ඒ ස්ථානයට රැගෙන යෑමට නොහැකි වූ අතර ඒ මාස අටක කාලය වෙනුවෙන් ද කුලී මුදල් ගෙවා තිබූ බව කියති.

    මේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ උපකරණ හා විදුලි සෝපානයක් මිලදී ගැනීම සඳහා ද රුපියල් කෝටි 50ක පමණ මුදලක් රජය වැයකර තිබිණැයි අනාවරණය විය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය කලින් පවත්වාගෙන ගිය බත්තරමුල්ල ගොවින මන්දිරයේ මේ වනවිට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කාරක සභා පවත්වාගෙන යන අතර ඒ කාරක සභා මේ අනුව නැවතත් පාර්ලිමේන්තුවට රැගෙන යෑමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

    ආංශික අධීක්‍ෂණ කාරක සභා එහි රැගෙන ඒමට ප්‍රථම ගොවිජන මන්දිරය පිලිසකර කෙරුණු අතර ඒ පිළිසකර කටයුතු සඳහාද රුපියල් කෝටි ගණනක මුදලක් වැය කෙරිණ.


    ලංකාදීප
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,338
    113
    mona hulanda yaku oka dam buldose karath mokada.maseta 200 1 year 2400lks
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පි පොන්නයො රට කෑවෙ කොහොමද කියන්ඩ එක නිදර්ශනයක් ඔය සබීතගෙ බිල්ඩිම කුලියට ගත්ත එක..ගූ ඇන් පී පරයො වැලලිලා ගියෙත් ඕව නිසා තමයි..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,492
    8,680
    113
    ඒකිට කොහෙද බන් හුලන්? ඔක්කොම එකතු කරම බිලියන 1.3ක් මේ බිල්ඩින් එකට ගෙවල තියෙනවා.... උන්ට නෙවෙයි අපිට තම හුලං
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Duminda Dissnayaka is still a minister of this government

    දුමින්ද නෙමේ පොන්න රනිලයි කැබිනට් මණ්ඩල යෝජනා ගෙනල්ල ඕක බද්දට ගත්තෙ..වද පොන්නය තමයු ඔය විනාශෙ කරේ..