කාලෙකට පස්සෙ අපි දහදෙනාම සෙන්ට්‍රල් භූමියට සම්ප්‍රාප්ත උනා. ප්‍රින්සිපල් පණිවිඩ දෙක තුනක්ම එවලා තිබුණා කලා උළෙල මේ සතියෙ නිසා. කලා උළෙලට දවස් ගානක් ඉතරුවෙලා තියෙද්දිත් මේ දොලහ වසරෙ අපතයො ටික බුක්මාක් විකුණලා ඉවර කරලා නෑ. ප්‍රෙස් එකට ගිහින් ඒ වැඩ සේරම කරලා මුන්ගෙ අතටම බුක් මාක් ටික දීලත් දැන් මාසෙකට වැඩියි.
"මොකක්ද බං මේකෙ තේරුම..? අපි නැතුව මුන්ට මුකුත් කරගන්න බෑනේ.."
ඔෆිස් එකේ තිබුණ බුක් මාක් ටික දැකලා සාරංග කෑගැහුවා.
"ගනිං බං ඔය ටික. අද හොදන් හරි නරකින් හරි මේක විකුණමු."
මං සාරංගලා විහගලා එක්ක ඒ ටික අරන් ඔෆිස් එකෙන් එළියට ආවා.
"මචං උඹ එක්ස්පීරියන්ස් පොරනේ. තෙල බෙදන වැඩේ උඹ බාරගනින්. අපි ෆුල් සප් එක දෙන්නම්.."
අද තෙල නම් රත් කරලා හරි බෙදන්න ඕන. නැතුව මේකෙන් බාගයක්වත් විකුණගන්න බැරි වෙනවා. අපි මුලින්ම ගියේ දොළහ කොමර්ස් ක්ලාස් වලට. පන්තියෙ හැමෝටම බලෙන් හරි එක ගානෙ විකුණලා අපි පරණ උන්ට ටික ටික දුන්නා විකුණලා ගේන්න කියලා. උන් වැඩි අවුලක් නැතුව වැඩේ බාරගත්තා.
ආර්ට් ක්ලාස් පැත්තෙ යන්න නම් කට්ටිය එක පයින් කැමති. අපි අන්තිමට ගියේ නෙත්මිලගෙ පංතියට. ඒ යද්දි ෂෝටගෙ නංගියි, දුෂානි හෙවත් බැරල් භාගෙයි අපේ රාණියි බර ටෝකක්.
"සෙන්ට්‍රල් භූමියේ මහා කාලා මංගල්‍ය වෙනුවෙන් අපි මේ සුකුමාල ලද බොළද රුවැත්තියන්ගෙන් නොමසුරු පරිත්‍යාගය බලාපොරොත්තු වෙන්නෙමු."
කෙල්ලො තුන්දෙනා ඉස්සරහ තිබුණ පුටුවකුත් ඇදලා ඉදගන්න ගමන් මං කිව්වා.
"අපි බුක් මාක්ස් ගත්තනේ අයියේ.."
ඒක කිව්වෙ ෂෝටගෙ ගම්මිරිස් ඇටේ පවිත්‍රා. නෙත්මි කතා පෙට්ටිය වහගෙන මගේ දිහා බලන් ඉන්නවා. ඒකි මං දිහා බලාගෙන පිළිකුල් භාවනාව කරනවද දන්නෑ.
"හේෂාන් අයියෙ මට ටිකක් දෙන්න. මං විකුණලා දෙන්නම්.."
දුෂානි මගෙන් බුක්මාක් පනහක් ඉල්ලගත්තා. මේ ඉටිරූපෙ වගේ ඉන්න නැහැදිච්ච කෙල්ල මාව තුට්ටුවකට මායිම් කලේ නෑ. මං ඒකිගෙ ඉස්සරහට සීයෙ බණ්ඩලයක් දාලා කතා නොකරම හැරිලා ආවා.
"උඹ ඕක බලෙන් දුන්නට කෙල්ල විකුණන්නෙ නෑ බං.."
විහක කින්ඩි හිනාවක් දාලා කියන්න මටත් හිතුනා ඒක එහෙම වෙයිද දන්නෑ කියලා. මං ගැන නෙමේ ඉස්කෝලෙ ගැන ආදරයක් තියෙනවා නම් කෙල්ල දහයක්වත් විකුණයි.
"බලපංකො හෙට වෙන දේ. ඕකි අර බස් වල බෙදන බෝධි පූජා පොත් වගේ හෙට උදේට ඔය මිටියම රිටන් කරයි."
"රයිට..! එහෙම වෙන්නෑ.. මොනවද ඔට්ටු..?"
"කෙල්ල ඕක විකුණුවොත් මං උන්ගෙ පන්තිය මැද්දෙ කවියක් කියනවා.."
මායි විහගයි බුක් මාක් විකුණන එක නතර කලේ චැලේන්ජ් එකකුත් දාලා.
මේ ටිකේ කලා උළෙල නිසා ඉස්කෝලෙ හරියට වැඩක් කළෙත් නෑ. සමහර නටනවා, සිංදු කියනවා, සරසනවා, ඇදුම් ලෑස්ති කරනවා. වැඩ කෝටියයි. අපිත් විභාගෙ ටිකකට අමතක කරලා අපේ අන්තිම කලා උළෙල වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා.
හවස ගෙදර ගිහිල්ලත් මං කල්පනා කලේ විහග කිව්වා වගේ නෙත්මි බුක්මාක් ටික රිටන් කරයිද කියලා. එහෙම උනොත් චාටර් ගෝනියයි. මං නිකමට වගේ ෂෝටට කෝල් කලා නංගිගෙන් විස්තරයක් දැන ගන්න පුළුවන්ද බලන්න..
"උඹ බයවෙන්නෙපා බං. උඹ කියන්නත් කලින්ම මං නංගිගෙන් ඕක ගැන ඇහුවා.."
"ඉතිං නෙත්මි මොනවද කියලා තියෙන්නේ..?"
"ඒකි රත්නපුරේ මැණික් කාරයෙක්ගෙ දුවෙක් බං. කෙල්ල කිව්වලු ඕක විකුණගන්න පුළුවන් උනත් නැතත් හෙට උඹට සල්ලි දෙනවා කියලා."
ඌ කියපු අන්තිම වචන ටික මගේ කණට මී පැණි වත්කලා වගේ. ඒ කියන්නෙ හෙට විහගට කවියක් කියන්නම වෙනවා. එළකිරි..!
******************************
පහුවෙනිදා උදේ මං ඉස්කෝලෙ යද්දි අපේ පන්තියෙ කෙල්ලො ඔටෝ ග්‍රාෆ් දෙක තුනක් මාරු කර කර බලනවා. සචී එයාගෙ ඔටෝ එක මට දුන්නා යාළුවන්ට කියලා ලියලා දෙන්න කියලා. එක වසරෙ ඉදලා දහතුන වසර වෙනකල් එකට හිටපු අපි සෙට් එක මතක් වෙන්න ඔය පොත්වල කුරුටු ගාන්නම ඕනයැ. මේ කෙල්ලන්ට මොලේ අමාරුව.
"දැන් ඕක දුන්නෙ අපිට ලියන්න කියලනේ.. මෙන්න මෙහෙදියන් මං ලියාගන්නම්.."
විහගයා මටත් කලින්ම ඒක උදුරලා ගත්තා. ඌ පෑන අරන් ඒකෙ මොනවද ලියලා මගේ අතට දුන්නම මං මුළු පංතියටම ඇහෙන්න ඒක හයියෙන් කියෙව්වා.
"කවියක් කියන්නම් සචිනියො මරේ මරු
කලිසං කාරයෝ ඔක්කොම ලෝක හොරූ
නැෂනල් කාරයෝ සේරම පොතේ ගුරූ
විහග වගේ හැන්ඩි බුවෙක් උඹට මරු"
මං ඒක කියවලා ඉවරවෙද්දි කොල්ලො ටික විහගට හූ කියලා කෑගැහුවා.
"අඩෝ උඹ කලිසං නැතුව අමුඩෙද අදින්නේ..?"
"මේ විහග උඹට මේ කවියෙන් ෂේප් වෙන්න බෑ. අද උඹට තව කවියක් කියන්න වෙනවා.. යමං.."
මං ඌව ඇදගෙන ආර්ට් ක්ලාස් එක පැත්තට යද්දි අනිත් අයත් සෙට් උනා.
"බලපං උඹට තමයි කවි කියන්න වෙන්නෙ. කෙල්ල සල්ලි දෙන්නෙ නෑ.."
මේකා බිරුවට මං සැලෙන්නෙ නෑ. නෙත්මි සල්ලි දෙනවා කියලා මට ෂුවර්නේ. අපි පංතියට යද්දි නෙත්මිලා ප්‍රැක්ටිස් වලට මේන් හෝල් එකට ගිහින්. පවිත්‍රා නංගිත් අපි එකක්ම මේන් හෝල් එක පැත්තට යන ගමන් මට ඉගියක් දුන්නා වැඩේ හරි කියලා.
"ආ... අර ඉන්නෙ රාණි ස්ටේජ් එකේ. උඹ ගිහින් සල්ලි අහපංකෝ මුලින්ම.."
මාව ඉස්සරහට දාලා මගේ පස්සෙන්ම විහගත් නැග්ගා ස්ටේජ් එකට. අපිව දැක්කා විතරයි දුෂානියි නෙත්මියි උන් දේනනගෙ පර්ස් දෙකත් අරන් ඉස්සරහට ආවා.
"නංගි ඔයාලට බුක්මාක් කීයක් විතර විකුණගන්න පුළුවන් උනාද..?"
"අයියා මට දීපු ටිකේ සල්ලි මෙන්න.."
දුෂානි පන්සීයෙ කොලයක් මගේ අතට දෙද්දි විහගගෙ රබර් ඇහැ කැරකුණේ නෙත්මි වටේ.
"මෙන්න අයියෙ මට දීපු සීයෙ සල්ලි.."
විහගගෙ ඇස්ගෙඩි දෙක එළියට පනින්න ඔන්න මෙන්න තියෙද්දි නෙත්මි මගේ අතට කිරි කිරි මොණරෙක් පූජ කලා.
"මචං මේ.... උඹට පේනවා නේද..?"
මං දාහ උගේ මූණ ඉස්සරහට දෙපාරක් විතර එහෙට මෙහෙට ගෙනියද්දි කෙල්ලො දෙන්නා පුදුම වෙලා වගේ බැලුවා.
"එහෙනම් මල්ලි කියමු නේද..?"
ඌ මේන් හෝල් එක වටේම හොදට බැලුවෙ මෙනත කී දෙනෙක් විතර ඉන්නවද බලන්න. ඒ වෙද්දි එක එක පන්ති වල ළමයි පනහක් විතර තැන් තැන් වල ප්‍රැක්ටිස් කරනවා.
"මං ඔට්ටුව ඇල්ලුවෙ පන්තියෙ කියන්නම් කියලා.."
මුලද සද්දෙ දාපු මූ දැන් නම් ඇඹරෙනවා..
"මොකද මචං පුරුෂ ධෛර්‍යය අරන් එන්න අමතක උනාද..?"
සාරංග පල්ලෙහා ඉදලා කෑ ගහද්දි මූට තදවෙලා. 'මට උලත් එකයි පිලත් එකයි' කියලා මූ ස්ටේජ් එක මැද්දට ගිහින් හයියනේ සිංදුව කියන්න ගත්තා.
"පියාටත් හොරා මම ඔබ
සොයා එමි ළදේ...
නවාතැන මගේ ඔබෙ ඇද
යටයි සොදුරියේ..."
"මචං උඹ පොරොන්දු උනේ සිංදු නෙමෙයි කවියක් කියන්න.. නව් ස්ටා......... ට්"
අපේ සද්දෙට සේරම ළමයි කර කර හිටපු වැඩ නවත්තලා මේ පැත්ත බලාගෙන. විහගත් සිංදුව නතර කරලා කවියකට බැස්සා.
"මා වැනි බිලින්........දා...
කොට කලිසමක් ඇන්දා...
ඒකෙ හිලක් හින්.......දා..."
"අඩෝ ඇති ඇති නවත්තපං..."
අපි එක සැරේටම කෑගැහුවෙ මුගේ බ්‍රෙක් නැති කටෙන් ඊගාවට පිටවෙන පදේ එච්චර හොද නැති නිසා. මූ කල්පනා කරලා ඒ කවියම ආපහු කිව්වා.
"මා වැනි බිලින්දා...
කොට කලිසමක් ඇන්දා...
ඒකෙ හිලක් හින්දා...
උඩින් තව කලිසමක් ඇන්දා..."
මුළු හෝල් එකම එක සැරේට හූ කියලා කෑ ගහද්දි සංගීත සර් අපි ළගට ආවා.
"ළමයි ඔයාලා කලා උළෙල දවසට ඕකත් කියනවද..?"
සර්ගෙ පුදුම වෙච්ච මූණ දකිද්දි අපි කට්ටියට හිනාව නවත්තගන්න බැරි උනා.
"නෑ නෑ සර් ඒක පොඩි ඔට්ටුවක්.."
අපි හිමීට එතනින් නැගිටලා පන්තියට එද්දි විහග කලින් කියන්න දුන්නෙ නැති අන්තිම පදෙත් දාලා කවිය සම්පූර්ණ කලා.
*************************
කලා උළෙලට දවස් දෙකක් තියෙද්දි අපේ ප්‍රින්ස් නැටුම් මිස්ගෙ උදව්වට කියලා හංසිවත් ගෙන්නගෙන. අපි ටිකත් හයියෙන් සද්දයක් දාපු ගමන් හංසිගෙ ඇස් දෙක මගේ ළග. මේ කෙල්ල වෙලාවකට අපේ අක්කට හපන්.
"මචං ප්‍රින්ස් කිව්වා ගොක් අතුයි, කෙහෙල් කොටයි ටික හොයන වැඩේ බාර ගන්න කියලා.. අපි යන්ද එළියට.."
"මරුනේ යමං.. යමං.."
මං අපේ පස්දෙනාවත් කැන්දගෙන ගේට් එකෙන් එළියට ආවා. ඉස්කෝලෙට ටිකක් එහායින් පාළු පාරක් තියෙනවා. ඒ පැත්තට ගියානම් කෙහෙල් කොට වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
"බලපංකො මේ වගේ ජනාකීර්ණ පැත්තක මෙහෙම පාළු පාරක් තියෙවා කියලා හිතන්නවත් බෑනේ.."
මං කිව්වෙ වටේ පිරිලා තිබුණ කැලෑව දිහා බලාගෙන.
"මේ පාර වැටෙන්නෙ කනත්තට බං. හවස හයෙන් පස්සෙ මෙහෙන් වැඩිය කට්ටිය යන්නෙ නැහැලු."
විහග ඌ දන්න ජනප්‍රවාදෙ කිව්වා විතරයි සාරංගයා බකස් ගාලා නෝන්ඩි හිනාවක් දැම්මා.
"ඕවා මනස්ගාත බං.. මැරුණ එවුන්ට මොකටද බයවෙන්නේ..? උඹත් ගෑණු වගේ ඕවා විශ්වාස කරනවනේ.."
"හරි හරි උඹ ඉතිං පොරනේ.. මේ වගේ පාරක මහ රෑ තනියෙම යන්න කිව්වොත් උඹට පුළුන්ද..?"
සාරංගයි විහගයි යුද්ධ ප්‍රකාශ කරන්න හදන්නේ. එදා නාවල බස් ස්ටෑන්ඩ් එකේදි කාපු චාටරේ නිසා විහග කොහොමත් සාරංග එක්ක ඔරොප්පුයි.
"මේ හරියෙන් කෙහෙල් කොට ටිකක් කපා ගමු බං.. කනත්තෙ තියෙන එවා කපන්න එපා කියන්න කවුරුවත් නෑනේ.."
අපි කැන්ටින් එකේ අන්කල්ගෙන් ඉල්ලන් ආපු මන්න දෙක අරගෙන කෙහෙල් කැන් තිබුණෙ නැති ගස් හතරක්ම කපාගත්තා.
"මේ ටික කැපුවා වගේ නෙමෙයි.. කරේ තියන්ද ගෙනියන්නේ..?"
කෙහෙල් කොට ටික පාරටඇදගෙන ඇවිත් අපි ටිකක් වෙලා බිම වාඩිඋනා.
"බලපංකො කනත්ත දැක්කා විතරයි බං මහලොකු චණ්ඩියගෙ කට වැහිලා."
"ඇයි උඹලා හිතුවෙ මම චීත්ත අදින ජාතියෙ එකෙක් කියලද..? මං බය නෑ ඩෝ.."
සාරංගයා තදයා වගේ විහග ළගට ළං උනා. මේ කතාවත් නතර වෙන්නෙ තවත් ජරමරයකින් කියලා මට නම් ෂුවර්..
"හරි.. රෑ දොළහට ඕනෙ නෑ.. අද රෑ අටට විතර උඹට මේ පාර දිගේ තනියෙම ඇවිදගෙන යන්න පුළුවන්ද..?"
ඔන්න විහගයා ලැජ්ජ නැතිව තවත් ඔට්ටුවක් දැම්මා අද කවි කියන්න ගිහින් චාටර් උනා මතක නෑ වගේ. විහගගෙ අදහසට සාරංග කැමති උනේ දෙපාරක් හිතන්නෙ නැතුව. වැඩේ නිකම්ම ක්ලෝස් උනොත් මෙලෝ රහක් නෑ. මට පොඩි අයිඩියා එකක් ආවා..
"අපේ මට නම් ඔය නයිට් රන් එකට එනන් බැරිවෙයි. අපේ තා්තතා මට වේලාසන එන්න කියලා කිව්වා."
මං කට්ටියට ඇහෙන්න දාර නයෙක් ඇරියෙ මුං සේරම බර බරේ දැම්මට මගේ හිතට නං පොඩි ජොලියක් නිසා.
"අන්න බං ට්‍රැක්ටරයක් එනවා. ඔය මසුන්නයට කියලා මේ ටික ඉස්කෝලෙය යවා ගන්න බලමු.."
ඒ මනුස්සයව දැක්ක විතරයි අපේ කතාව නතර වුනා. අපි ඒ අන්කල්ට පොඩි ෂේප් එකක් දාලා ඉස්කෝලෙට යන්න කැමති කරගත්තා.
"අන්කල් මේ හරියෙ ගොක් අතු කපාගන්න තැනක් නැද්ද..?"
කෙහෙල් කොට ටික පටවලා ඉවර වෙලා මං ඇහුවෙ අපේ ඊළග අදිරය ගැන.
"ගොක් අතු කොච්චර විතර ඕනද මහත්තයෝ.? මං හවසට ඉස්කෝලෙට ගෙනත් දෙන්නම්.."
අන්කල් අපිට වැඩේ ලේසි කරපු නිසා අපි කට්ටියත් ට්‍රැක්ටරේ පිටිපස්සට නැගගත්තා ඉස්කෝලෙට යන්න..
"මහත්තයලා ගොක් කොල හොයන්න කියලා හැන්දැ කොරේ මේ පැත්තට එනවා එහෙම නෙමෙයි.."
"ඒ මොකෝ අන්කල් ඒ..?"
"හවස මේ පාර මහ පාළුයි මහත්තයෝ.. වැඩිය සෙනග ගැවසෙන්නෙ නෑ නොවෑ.."
මං හොරෙන් සාරංග දිහා බලද්දි උගේ මූණ ටිකක් වෙනස් වෙලා වගේ.
"ඇයි අන්කල් කනත්තෙ හොල්මන් තියෙනවද..?"
ෂෝටා ටක්ගාලා ඇහුවෙ අපි හැමෝම දිහා බලලා..
"මිනිස්සුනං ඔය කියන්නේ.. හැබැයි මට නමං තාම මුලිච්චි වෙලා නෑ. කොයිකටත් මහත්තයලා නේන තරමට හොදා.."
අන්කල් අපිව ඉස්කෝලෙට දැම්මට පස්සෙ අපි අන්කල්ට රුපියල් දෙසීයකුත් දීලා ගොක් කොල වැඩෙත් බාර දුන්නා.
"අනේ රන්දු ඔයා කොහෙද ගියේ..? මං ඔයාව හැමතැනම හෙව්වා.."
සචී දුවගෙන ආවෙ මූණත් බෙරි කරගෙන. මොකක්ද දන්නෑ කේස් එක..
"ඇයි සචී..?"
ම්හ්.. මේකිගෙන් උත්තරයක් නෑ..
"අපි කෙහෙල් කොට කපන්න ගිහින් දැනුයි ආවේ.."
"අපිට හවස නැටුම් ප්‍රැක්ටිස් ඉන්න කිව්වා. හවස රිවිෂන් එකට යන්න බැරිවෙයි.. ඔයාලා යනවද..?"
"අපිටත් සිංදු වගයක් තියෙනවා ප්‍රැක්ටිස් වෙන්න.. හවස මේන් ගේට් එක පැත්ත සරසන්නත් කිව්වා. ඉතිං මොන ක්ලාස් ද.."
සචී හිනාවෙලා හැරිලා ගියා. ඒ යන අතරෙත් හොරෙන් වගේ හැරිලා අමුතුම බැල්මක් දැම්මේ. අනේ මන්දා මේ කෙල්ලො..
ඉස්කෝලෙ ඇරුනා විතරයි අපි ගෙදර ගියේ ඇදුම් මාරු කරලා ආයෙත් එන්න බලාගෙන. සාරංගයි දිනුකයි එක ළග නිසා උන් දෙන්නා ගියාට පස්සෙ විහගයි ෂෝටයි, නිරෝධයි තුන්දෙනාම මගෙත් එක්ක අපේ ගෙදර ආවා. අපි ඇදුම් මාරු කරලා කන ගමන් කතා කලේ රෑට තියෙන කනත්තෙ සීන් එක.
"දැන් උඹ මොකද රෑට එන්න බෑ කිව්වේ..?"
"ඒක කියන්න තමයි මං අරූට හොරෙන් උඹලට මෙහෙ එන්න කිව්වේ.."
තුන් දෙනාම මගේ ළගට ඔළු දික් කරගෙන කුමන්ත්‍රණයට සෙට් වෙලා.
"මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි හවස සරසලා ඉවර උනාම මං ෂෝටා එකක් ගෙදර යනවා කියලා එතනින් කැපෙනවා.."
"ම් මමත්..?"
ෂෝටා පුදුම වෙලා වගේ ඇහුවා..
"අහපංකො ඉස්සෙල්ලා කියන දේ.. අපි දෙන්නා එතනින් කැපිලා බඩු ටිකත් අරගෙන කතන්න ළගට යනවා. අටට විතර උඹලා තුන්දෙනා සාරංගව එහා පැත්තෙන් පාර පටන් ගන්න හරියෙන් බස්සලා මෙහා පැත්තෙ පාරෙ කනත්ත පේන දුරින් හිටපං.."
"දැන් එතකොට උඹ වේලාසන ගිහින් මොකද කරන්නේ..?"
විහග එකපාරටම ඇහුවා. ඌනේ මේ ඔට්ටුව දැම්මේ. ඉතිං පොර මාර උනන්දුයි වැඩේ ගැන.
"මං තමයි මහසෝනා. මං යකා වගේ ඇදලා එතන පාර අයිනෙම තියෙන කොස් ගහේ අත්තකට නැගලා සාරංග එතනින් යද්දිම උගේ ඇගට පනින්නම්..."
"එළිකිරි ඕයි.. උඹලටත් මාර අයිඩියා තමයි පහල වෙන්නේ.."
ඇවිත් විහග මාව බදාගත්තා..
"එතකොට උඹ මොකටද ෂෝටව එක්කං යන්නේ..? උඹ අනුන්ව බය කරන්න ගියාට තනියම යන්න උඹත් බයයි නේද..?"
"පිස්සුද මල්ලි.. මං මූව එක්කගෙන යන්නෙ වේශ නිරූපනය සදහා.."
පචයක් ගහලා මං යන්තම් ෂේප් උනා. දවල් අර අන්කල් කියපු කතා මතක් වෙද්දි බය හිතෙන්නැද්ද..?
"උඹට දාන්න වෙස් මූණක් වගේ මොකක් හරි තියෙනවද..? අපේ අයියා බිග් මැච් වලට දාපු මැක්සා බඩුවක් තියෙනවා අපේ ගෙදර.. මං ඒක අරන් එන්නම්.."
විහග ඉක්මනට කාලා රබර් ඔලු බක්කව අරන් එන්න කියලා බයික් එකේ ගෙදර ගියා. මං කළු දිග කලිසමකුයි කළු අත්දිග ටී ෂර්ට් එකකුයි කළු සපත්තු දෙකකුයි ලෑස්ති කරගත්තා.
"මචං කළු පාට සායක් වගේ එකක් තිබ්බා නම් මරු..."
නිරෝධ ඒක කියද්දි මට මතක් උනේ අපේ අම්මා කාටහරි දෙන්න කියලා ඇදුම් වගයක් අයින් කරපු එක. එතන නම් කළු දිග සායක් තිබුණා. අපි ඒක අරගෙන දණහිස් ගානට විතර වෙනකල් තීරු වෙන්න ඉරුවා. දැන් යකාගෙ කිට හරි.. විහග එනකල් අපි සෙට් එක පාරට ආවා.
අපි ඉස්කෝලෙට යද්දි අර අන්කල් ගොක් අතු ගෙනත් දාලා. හවස පහමාර විතර වෙනකල් සිංදු ප්‍රැක්ටිස් කරලා හවස අපි සරසන්න කියලා නතර උනා.
"මල්ලි මං අද ඔයාලගෙ ගෙදර යන්නෑ.. ඔයා රෑ වෙන්නෙ නැතුව එනවා නේද..?"
හංසි අක්කා යන්න කලින් මං ළගට ඇවිත් ඇහුවා..
"මං මේ වැඩ ඉවර වෙලා නවය විතර වෙද්දි ගෙදර යනවා.."
මං කිව්වෙ අපේ ෂෝ එකටත් වෙලාව වෙන් කරලයි. කොහොමටත් හංසි ගෙදර ගිහින් මං ඉස්කෝලෙ ඉන්නවා කිව්වාම අවුලක් නෑනේ. සචීලත් හංසි අක්කා යන වෙලාවෙම වගේ ගෙදර ගියා. සචී මේ ටිකේ ගොඩක් අමුතුයි කියලා මට කෙල්ලගෙ ඇස් දෙක දකින හැම වෙලාවෙම හිතෙනවා. කොහොම හරි හත විතර වෙනකල් වැඩ කලේ අපි ටිකයි සර්ලා දෙන්නෙකුයි දොළහ වසරෙ මල්ලිලා සෙට් එකකුයි විතරයි..
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=12421080


oya kathawe gdk characterz mata gdk kittui
godak lassana thaathwika story 1k! GUD LUCK
kawda e kittu charitha 


