සමනල සමනලියන් මැද්දේ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සමනල සමනලියන් මැද්දේ



    සමනල සමනලියන් මැද්දේ අද
    සඳක් වගේ මුහුනේ
    විසිරෙන හසරැල් යුවතිපතින්නේ
    දොලොස් මහේ පහනේ //

    භවයෙන් භවයට සසරින් සසරට
    පැතු පැතුම් දහසයි
    සුරතින් සුරතට අත්පැන් වක්කොට
    ලැබු උදම් දහසයි
    එකම කැදැල්ලක ලැඟුම් ලබන්නට
    වරම් ලැබු දවසයි
    වරම් ලැබු දවසයි

    ඔබ ඔහුගේ වෙයි
    ඇය ඔබගේමයි
    දෙහදක් අද එක්වෙයි
    මදුමල් මංගල මල්ලෝවිල්ලක
    අද පුර සඳ පායයි
    දිගු කල් අත්වැල් බැඳ
    වැජඹෙන්නට
    හැම දෙවි රැකවරණයි
    හැම දෙවි රැකවරණයි

    සමනල සමනලියන් මැද්දේ ......//