සමනල_සංධ්වනිය

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මාත් බැලුවා බන් ඕක. sms යුගයට පෙර කියල දාලා gsm කුලුනක් පෙන්නවා(මන් හිතන්නේ එක gsm කුලුනක් තමා) අනික 1992 කියලා දාලා මේ ලගදි ආව බජාජ් ත්‍රිවිල් මොඩල් එකේ එකක් පෙන්නවා ලාවට. සමහර තැන් වල ඒ කාලේ තිබුනා කියල හිතන්නවත් බැරී වැන් හිටන් පෙන්නවා. තව තැනක (92 යුගයේ) පල්සර් වගේ බයික් එකකුත් යනවා පෙන්වා ඈත. අනේ මන්ද බන් මටනම් ඒවා දකිද්දී මොකද්ද වගේ.ඔය වාහන ටික එහාට මෙහාට කරල ඕක කරානම් පට්ට නෙහ්.අවුලක් නෑ ඉතින්. සින්දුවන්ම් ලස්සනයි එත් ටිකක් මැද්දට යනකොට ඒ සින්දුවේ, නළුවට ගැලපෙන කටහඩින් පොඩ්ඩක් අපගමනය වෙනවා වගේ තේරෙනවා මටනම්.

    කතාවනම් ලස්සනයි.:yes::yes:

    ලංකාවේ ගහන ෆිල්ම් වල ගොඩක් පොදු වැරදි තියෙනවා බන්. :( සමහර තැන් වල කාර් හයියෙන් යනවා කියල පෙන්නන්න ෆිල්ම් එක පොඩ්ඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා. හැම එකාම ගහ ගද්දි ඩිෂුන් ඩිෂුන් ගාල සද්දයක් එනවා.:rofl: හෙන ගොන් බන් වෙලාවකට. හිනා යනවා ඉතින්. සමහරුන්ට ගහද්දි උන් ගව්වක් දුරට පාවෙලා යනවා. :lol: අනේ මන්ද ඉතින්. මොනා කරත් මුන් ඔය ගොන් විදියටමනේ හදන්නේ. :growl: හෙන වැඩ්ඩො කියා ගත්ත පිරිසක් නිර්මාණශීලි උන්ව හලලා, උන් චිත්රපට ක්ෂේත්‍රය ආක්‍රමණය කරලද කියලත් හිතෙනවා බන් මට වෙලාවකට. :frown: මගේ අදහස බන් කිව්වේ. කාටවත් අපහාසයක් කරන්න නෙවේ. :)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහෙන්වත් කොපියක් ගැහුවේ නැහැ. හිතට දැනුන දේ කිවේ. සමහර විචාර මගේ විචාරත් එක්ක පැහුනා.
    අතේ සතේ නැ කිව්වට පික්චර් බලලා..
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උබ මේක බලල තියෙන්නේ විවේචනය කරන්න මිසක් විචාරය කරන්න නෙවෙය්. ෆිල්ම් එක හොදයි කියනවා නෙවෙයි උබට කිසිම හොදක් දැකල නෑ
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේකේ උබ කියල තියෙන්නේ විචාරෙකට වඩා විවේචනයක් කියල කිව්වොත් හරි...:D
    ඒත් මචන් මටත් හිතුනේ ඔය ටිකමයි...:sorry:බොලඳ විහිලු,නොගැලපෙන විදියට ගලායන්න හදපු සිද්ධි වගේ දේවල් නිසා චිත්රපටියේ කිසි අගයක් නෑ...ඔය වගේ වෙනස්ම කතන්දරයක් එන්නේ නෑ...ඒක එලියට ගෙනාපු හැටි මලම විකාරයක්...අපරාදේ අර සින්දු ටික...අමරසිරි පීරිස් මහත්තයාගේ සින්දුව චිත්‍රපටි ගීත ඉතිහාසයේ අමතක නොවෙන ගීතයක් වෙලා ඉවරයි...එත් ඒ ගීතයට සාදාරයක් කරන්න තරම් චිත්‍රපටිය සමත් වෙලා නෑ...උද්දික ප්‍රේමරත්නගේ රඟපෑම හොදයි...එච්චරයි...මේක දැකපු නිසා කියන්න හිතුනේ...මේ කතාවට ආපහු ගැලපෙන විදියට අලුත් චිත්‍රපටියක් උනත් හදන්න පුළුවන්...ඒ තරමට අඩුපාඩු...:dull: